කොටස් වෙළඳ පොළේ ආයෝජකයින්ගේ සහ කොටස් තැරැව්කාර සමාගම්වල ආරක්ෂාව වෙනුවෙන් ‘Central Counterparty System’ (CCP) නැමති අරමුදලක් පිහිටුවීමට කොළඹ කොටස් වෙළඳ පොළ සූදානම් බවත් ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා මේ වනවිට සිදුවෙමින් තිබෙන බවත් කොළඹ කොටස් වෙළඳ පොළේ සභාපතිවරයා කියයි. කොළඹ කොටස් වෙළඳ පොළේ සභාපති, වජිර කුලතිලක මහතා පැවසුවේ මෙවැනි අරමුදල් ලෝකයේ බොහෝ කොටස් වෙළඳපොළවල තිබෙන බවත්…
රුපියල මත කිසිදු පීඩනයක් ඇතිවී නැති බවත් ඇතමුන් එවැනි පීඩනයක් ඇතැයි හුවා දැක්වීමට උත්සාහ ගනිමින් සිටින බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි. මුදල් අමාත්‍යවරයා අද උදෑසන මුදල් අමාත්‍යංශයේදී මාධ්‍යවේදීන්ට මේ බව පැවසීය. කෙසේවෙතත්, නව රජයේ අතුරු අයවැය මගින් බදු අඩුකරමින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හමුවේ රුපියල කෙරෙහි පීඩනයක් ඇතිවිය හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් විසින්…
නැගෙනහිර අප්‍රිකානු රටක් වන ජිබුජි (Djibouti) හිදි කාර්යාලයක් විවෘත කරමින් එරට ඉදිකිරීම් ව්‍යාපෘති සිදුකිරීමටත් ඉංජිනේරු සේවා ලබාදීමටත් මෙරට ප්‍රමුඛතම ඉදිකිරීම් සමාගමක් වන ලයිස්තුගත ඇක්සස් ඉංජිනියරිං සමාගම කටයුතු කර තිබේ. ජිබුජිහිදී ආරම්භ කර තිබෙන ශාඛා කාර්යාලය “Access Engineering PLC East Africa Branch“ යනුවෙන් නම්කර තිබෙන අතර ජිබුජි සහ එම රටින් පිට සිල්ලර ව්‍යාපාරික කටයුතු හැර සාමාන්‍ය…
ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ නියෝජ්‍ය ලේකම් පූජ්‍ය තීනියාවල පාලිත නාහිමියන්ව ලංකා හොස්පිට්ල්ස් පී.එල්.සී. ලයිස්තුගත සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට පත්කිරීම මෙරට ඉතිහාසයේ බෞද්ධ භික්ෂුවක් ලයිස්තුගත සමාගමක අධ්යක්ෂ මණ්ඩලයට පත්කර තිබෙන පළමු අවස්ථාව ලෙසින් ඉතිහාසයට එක් වේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අප සමග පැවසුවේ නව රජය විසින් ලංකා හොස්පිට්ල්ස් සඳහා පත්කර තිබෙන 13 දෙනෙකුගෙන් යුක්ත අධ්යක්ෂ…
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වීදුරු නිෂ්පාදන අපනයනකරුවෙකු (glass exporter) ලෙස කීර්තියක් දිනා තිබෙන අසෝක ග්ලාස් ඇන්ඩ් මිරර් සමාගමේ සභාපති මහින්ද ජිනසේන මහතා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ (IDB) නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ. කර්මාන්ත සහ වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් මෙම පත්වීම කර තිබෙන අතර ජිනසේන මහතා වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන අගය එකතුකළ…
ලංකා හොස්පිට්ල්ස් හි, නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සරත් පරණවිතාන මහතා පත්කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අප සමග සඳහන් කළේය. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ කීනියාවල පාලිත හිමි, දිලානි ලොකුහෙට්ටි ඇතුළු 13 දෙනෙකුගෙන් යුතු නව අධ්යක්ෂ මණ්ඩලයක්ද ලංකා හොස්පිට්ල්ස් සඳහා නම්කර තිබෙන බවත් ඉදිරි දින කිහිපයේදී එම අධ්යක්ෂ මණ්ඩලය නිවේදනය කළ හැකි බවයි. පසුගිය රජය සමයේ…
නව රජයේ අතුරු අයවැය මගින් පුද්ගලික අංශය මත පනවා තිබෙන ඇතැම් බදු අසාධාරණ බව පාත්ෆයින්ඩර් ආයතනය චෝදනා කරනවා. නව රජයේ අතුරු අයවැය සම්බන්ධයෙන් පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්යක්ෂ ලක්ෂ්මන් සිරිවර්ධන මහතා සමග අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙන්න
නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ධීවර කටයුතු නවතා දමන ලෙස දිගින් දිගටම අවවාද කළ යුරෝපා සංගමය එයට දඬුවමක් ලෙස ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම අත්හිටුවීමත් සමග ලංකාව හරහා ඉන්දියාවේ සහ මාලදිවයිනේ මත්ස්‍ය නිෂ්පාදන යුරෝපයට යැවීම වැඩිවී තිබෙන බව අනාවරණය වේ. අප වෙත අනාවරණය වන ආකාරයට ශ්‍රී ලංකාවේ ධජය සහිත යාත්‍රා අල්ලන මසුන් ශ්‍රී ලංකාවේ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකයා වීමේ අවශ්‍යතාවයක් ඇත්නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කොට එම අවස්ථාව ලබාගැනීමට හැකියාව ඇතැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කීය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඊයේ මේ බව පැවසීය. අගමැති අපේක්ෂකයා වීමට මහින්ද රාජපක්ෂ මහතා රැළි පැවැත්වීමේ අවශ්‍යතාවයක් නැතැයි අමාත්‍යවරයා මෙහිදී…
නව රජයේ අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් වාහන ආනයනය කිරීමේදී පනවා තිබෙන විශාල බදු හේතුවෙන් එවැනි වාහනවල මිල විශාල ලෙස වැඩිවන තත්ත්වයක් මේ වනවිට ඇතිවී තිබේ. මෙම බදු වලට විරෝධය දක්වමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ මේ නිසා සිය කර්මාන්තය කඩා වැටීමේ දැඩි අවධානමක් තිබෙන බවයි. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන සමග ලංකා…
Video Story