කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.2හි සිට 2021 ජනවාරි මාසයේ දී සියයට 3.0 දක්වා පහළ ගියේ ය. 2020 ජනවාරි මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දිනය තුළ දී ඒකක 143.94 ක දැවැන්ත පසුබැස්මක් වාර්තා කළේය. මෙහි දී දිනයේ ගනුදෙනු ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,000 සීමාව ඉක්මා ගියද දිනය අවසානයේ දී එය නතර වූයේ ඒකක 8,668.07 ක් ලෙසිනි. එය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 1.63% ක පහළ…
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (29) පස්වරු 12.07 ට ඇණහිට ඇත. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ තැරැව්කාර සේවා පද්ධතියක බිඳ වැටීමක් හේතුවෙන් මෙලෙස ගනුදෙනු පද්ධතිය බිඳ වැටී ඇති බවයි. ගනුදෙනු නැවත ආරම්භ කෙරෙන වේලාව ඉදිරියේ දී දැනුම් දෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. යාවත්කාලීන කිරීම – පස්වරු 12.45…
2021 දෙසැම්බර් 17 වන දින කඳපොල පාර්ක් වතුයායේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේශ්වරන් විසින් සිදු කළ ප්‍රචණ්ඩකාරී ක්‍රියාව කලාපීය වැවිලි සමාගම් 21 (RPCs) විසින් ඒකමතිකව දැඩි ලෙස හෙලා දකින බව ප්‍රකාශ කරමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත. මෙම දරුණු මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කොට කඩිනමින් සාධාරණය ඉටු කර දෙන මෙන් ලංකා වැවිලිකරුවන්ගේ…
කටුනායක, කලුදියවල රජයේ ඉඩමෙහි අක්කර 100කට අධික භූමිභාගයක හරිත කර්මාන්තපුරයක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබී ඇති බවත් කර්මාන්ත අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 2000කට අධික පිරිවැයක් යොදවා ජලය, විදුලිය හා ප්‍රවේශ මාර්ග පහසුකම් සහිතව එම භූමිය පරිසර හිතකාමීව සංවර්ධනය කර බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම පිණිස ඉල්ලුම් කර ඇති ආයෝජකයන්ට ලබා දීමට කඩිනමින්…
මෙරට ප්‍රධානතම වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව සහ තවත් ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන එල් බී ෆිනෑන්ස් යන සමාගම් විසින් කොටස් අනුබෙදුම් (sub division) සිදුකරනු ලබන බව අද (27) දින නිවේදනය කර සිටී. මේ අනුව සම්පත් බැංකුවේ දැනට පවතින සෑම සාමාන්‍ය කොටසක්ම කොටස් 3 ක් බවට පරිවර්තනය වන අතර ඒ අනුව සමාගමේ දැනට පවතින 381,457,985…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශක අගයේ ඉහළම අගය අද (27) දින වාර්තා විය. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,812.01 ක් ලෙසින් වාර්තා වූයේ පෙර දිනයට සාපේක්ෂව ඒකක 146.19 ක් හෙවත් 1.69% ක වර්ධනයක් වාර්තා කරමිනි. මේ අතර අද දින රු. බිලියන 14.41 ක ගනුදෙනු…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් ඉහළම ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන සමාගම බවට LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී අද (27) පත්විය. ඒ අද දින ගනුදෙනු අතරවාරයේ දී LOLC හෝල්ඩිංග්ස් හි කොටසක ගනුදෙනු මිල රු. 505.00 ක් ලෙසින් වාර්තා වීමත් සමඟිනි. ඊයේ (26) දින ගනුදෙනු අවසානයේ දී අංක 03 ස්ථානයේ සිටි LOLC හෝල්ඩිංග්ස් අද දිනයේ දී මෙම ලැයිස්තුවේ…
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික රුධිර පාරවිලයන සේවාව සහ Facebook විසින් ජනතාවට පහසුවෙන් රුධිරය දන්දීමේ අවශ්‍යතා දැකගත හැකි ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුළ දියත් කරයි. රට තුළ තිබෙන ප්‍රධාන ලේ බැංකු 24 ක් මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වී ඇත. ආරක්ෂාකාරී සහ තිරසාර රුධිර දායකත්වයක් පවත්වා ගැනීම තුළින් ලොවපුරා මිලියන ගණනක් ජනතාව සිය ජීවිත රැකගනී….
විදේශ විනිමය වෙළෙඳපොළෙහි අතිරික්ත අස්ථාවරත්වය වළක්වා ගැනීමේ අවශ්‍යතාවය සහ බැංකුවල අවදානම් කළමනාකරණය කෙරෙහි ඇති බලපෑම සැලකිල්ලට ගනිමින්, බලපත්‍රලාභී වාණිජ බැංකුවලට වහාම දැනුම් දෙන පරිදි මාස තුනක කාලයක් සඳහා විදේශ විනිමය ඉදිරි ගිවිසුම්වලට එළඹීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී.
Video Story