අවසන් වරට 1996 අංක 22 දරන පනත මඟින් සංශෝධනය කරන ලද 1916 අංක 33 දරන (182 අධිකාරිය වන) තුවක්කු ආඥාපනත තවදුරටත් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2007 ජුනි මස 13 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එහෙත්, වරින් වර ඉදිරිපත් වූ සංශෝධනයන් හේතුවෙන් පනත කෙටුම්පත් කිරීමේ කාර්යය ප්රමාද වී…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැසිස්තුගත සමාගමක් වන Piramal Glass Ceylon PLC හි ප්රධාන කොටස්කරුවා වන Piramal Glass Pvt Ltd සමාගම තමන් සතු සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය ඉන්දියාවේ PGP Glass Pvt Ltd වෙත අද (30) උදෑසන අලෙවි කරන ලදී. මෙහිදී Piramal Glass Pvt Ltd සතුව පැවති කොටස් 536,331,880 ක් හෙවත් 56.45% ක අයිතිය අලෙවි වූ අතර එහිදී එක්…
ශ්රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය සදහා සකස් කරන ලද නියාමන රාමුව එය ක්රියාත්මක කිරීමේ ආයතන වෙත නිල වශයෙන් භාර දීම අද දින වෙළඳ අමාත්යංශ පරිශ්රයෙදි වෙළඳ අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්රධානත්වයෙන් සිදුවිය. ගුදම් පහසුකම්, බහලූම් අංගන, වරාය සැපයුම් පහසුකම්, බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන, ගරු රාජ්ය අමාත්ය, ජයන්ත සමරවීර මැතිතුමාට මෙන්ම වරාය හා නාවික…
කර්මාන්ත පනතෙන් නියම කර ඇති පරිදි කර්මාන්ත අමාත්යාංශය යටතේ ක්රියාත්මක කරවිය යුතු කර්මාන්ත ක්ෂේත්ර 20 ආවරණය වන ලෙස උපදේශක කමිටු පිහිටුවීමේ වැඩසටහන යටතේ 19 වන උපදේශක කමිටුව ලෙස සම්භාණ්ඩ සහ රබර් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්රය ආශ්රිත ගැටළු පිළිබඳව සාකච්ජා කිරීමට ක්ෂේත්රයට අදාළ ආයතන සහ එම ක්ෂේත්රයට අදාළ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන්…
පළාත් පාලන ආයතන මගින් සිදුකරන ඉදිකිරීම් සැලසුම් අනුමතකිරීම සදහා නව මාර්ගස්ථ ක්රමයක් (ඔන්ලයින්) හදුන්වාදීමට මේ වන විට කටයුතු ආරම්භකර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එන්.පී.කේ රණවීර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය. නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබද අමාත්යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්රී මධුර විතානගේ මහතාගේ යෝජනාවකට අදහස් දක්වමින් අධ්යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ…
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (29) දිනයේ දී රු. 201.77 ක් බව ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහන පෙන්වා දේ. මෙය මෙතෙක් ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් වූ ඉහළම විකුණුම් මිල වේ. මහ බැංකුවට අනුව අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 197.28 කි. පසුගිය මාර්තු 17 දින එක්සත් ජනපද…
EVERGEEN සමාගමට අයත් තවත් දැවැන්ත භාණ්ඩ ප්රවාහන නෞකාවක් තායිවානයේ තායිපේ වරායේ දී භාණ්ඩ මෙහෙයුම් සිදුකරන අතරවාරයේ දී අනතුරට පත්ව ඇත. පසුගිය මාර්තු 27 දා මෙම අනතුර සිදුව ඇති බව විදේස් මාධ්ය වාර්තා කර සිටී. පසුගිය සතියේ දී සූවස් ඇළහරහා යාත්රා කරමින් සිටිය දී ඇති වූ අනපේක්ෂිත තත්ත්වයක් මත දින ගණනාවක් එම ගමන් මාර්ගය අවහිර කරමින්…
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ රජය සහ ශාන්ත කිට්ස් හා නෙවිස් ෆෙඩරල් රජයේ රජය, දෙරටේ ජනතාවගේ අවශ්යතා හා අභිලාෂයන්ට අනුකූලව, 2021 මාර්තු 22 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි දෙරට අතර රාජ්යතාන්ත්රික සබඳතා පිහිටුවා ගැනීමට තීරණය කර තිබේ. මෙම රාජ්යතාන්ත්රික සබඳතා පිහිටුවා ගැනීම, එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්රී ලංකාවේ නිත්ය නියෝජිත තානාපති මොහාන් පීරිස් මහතා සහ…
සූවස් ඇළේ නෞකාවක් හිරවීම හේතුවෙන් ගෝලීය වෙළෙඳාමට සිදුව ඇති බලපෑම, මෙරට ගෑස් මිල ඉහළ දැමීම සඳහා රජය විසින් හේතුවක් කරගෙන ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඊයේ (28) දින මාධ්ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. මෙහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා, “දැන්…
ප්රමුඛ පෙළේ ජාත්යන්තර ඇඟළුම් නිෂ්පාදන සමාගම් සමූහයක් වන ස්ටාර් ගාමන්ට්ස් සමූහය (‘Star’) අති නවීන තාක්ෂණයෙන් සවිබලගැන්වූ ඔවුන්ගේ නවතම කර්මාන්තශාලාව මොණරාගල දිස්ත්රික්කයේ බුත්තල දී පසුගියදා විවෘත කරන ලදී. ශ්රී ලංකාවේ ප්රාදේශීය ආර්ථිකයන් සංවර්ධනය වෙනුවෙන් සහයෝගය ලබා දීමේ දැක්ම මූලික කරගනිමින් මෙම ස්ටාර් ගාමන්ට් කර්මාන්තශාලාව විවෘත කිරීමට කටයුතු කර ඇත. ශ්රී ලංකාව තුළ පවත්වාගෙන යන ස්ටාර් ගාමන්ට්…
Video Story