Top News

අයවැය බලාපොරොත්තු හමුවේ වාහන ලියාපදිංචිය පහළ බසී

2017 සැප්තැම්බර් මාසය තුළ දී ලියාපදිංචි කර ඇති වාහන ප්‍රමාණයෙහි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. ‍JB සිකියුරිටීස් හි පර්යේෂණ අංශය විසින් සිදුකර ඇති අධ්‍යයනයකින් මේ බව අනාවරණය වී ඇත. මෙහිදී කාර් රථ ලියාපදිංචිය ඒකක 2,472 ක් දක්වා පහළ බැස ඇත්තේ අගෝස්තු මාසය තුළ ඒකක 3,372 ක් ලියාපදිංචි කර තිබෙන පසුබිමක දීය. අගෝස්තු මාසයේ…

(0)Comments | October 24, 2017 1:06 pm

සැප්තැම්බර් උද්ධමනය 8.6% දක්වා නගී

2017 සැප්තැම්බර් මාසයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 8.6%ක් ලෙස ගණනය කර ඇතැයි ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා  සඳහන් කරයි. 2017 අගෝස්තු මාසයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 7.9%ක් ලෙස වාර්තා විය. උද්ධමනය ඉහළ යාමට 2016 සැප්තැම්බර් මාසයේ පැවැති අඩු මිල මට්ටම් හේතු වී ඇත. මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය…

(0)Comments | October 24, 2017 10:34 am

ශ්‍රී ලංකාවේ දුප්පත්කම 4.1% දක්වා අඩුවෙලා – සමීක්ෂණ වාර්තාවක් කියයි

ශ්‍රී ලංකාවේ දුප්පත්කම අඩුවීමේ ප්‍රවණතාවයක් පසුගිය වසර 14 තුළදීම දක්නට ලැබුණු බවත් ඒ අනුව 2002 වර්ෂයේ දී 22.7%ක්ව පැවැති ජනගහන දරිද්‍රතා අනුපාතය 2016 වසරේදී 4.1% දක්වා අඩු වී ඇති බවත් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව මඟින් රටේ ඒකක ආදායම, වියදම හා ආදායම් විෂමතා පිළිබඳව සොයාබැලීම සඳහා 2016 සිදුකළ සමීක්ෂණයකදී මේ බව හෙළි…

(0)Comments | October 23, 2017 11:27 pm

ඉන්ධන ආනයන වියදම සියයට 73 කින් වැඩි වෙලා

2017 අගෝස්තු මාසයේ දී අන්තර් භාණ්ඩ ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 1,021 ක් දක්වා සියයට 23.9 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, ඉන්ධන ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 312 ක් දක්වා සියයට 73 කින් ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී…

(0)Comments | October 23, 2017 1:41 pm

ධම්මිකගේ ව්‍යාපාර මියන්මාරය දක්වා විහිදෙයි

එල් බී ෆිනෑන්ස් පීඑල්සී විසින් 99% ක කොටස් හිමිකාරීත්වයක් දරනු ලබන එල් බී මයික්‍රෝෆිනෑන්ස් මියන්මාර් කම්පැනි ලිමිටඩ් සිය ව්‍යාපාරික කටයුතු 2018 මාර්තු 31 දිනට පෙර ආරම්භ කරනු ලබන බව කොළඹ කොටස් වෙළෙපොළ වෙත දැනුම් දී සිටී. මේ අතර සමාගම වැඩිදුරටත් කියා සිටින්නේ මියන්මාරයේ බොගෝ කලාපයේ ක්ෂුද්‍ර මූල්‍ය කටයුතුවල යෙදීම වෙනුවෙන් අවශ්‍ය බලපත්‍රය 2017 ඔක්තෝබර් 10…

(0)Comments | October 23, 2017 10:37 am

ඉදිරි තුන් වසරට පරිපූර්ණ ආර්ථික උපාය මාර්ගයක්

ඉදිරි තුන් වසරට පරිපූර්ණ ආර්ථික උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරනවා. අපි වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 5,000 දක්වා වැඩි කරන්නට බලාපොරොත්තු වෙනවා.වාර්ෂික ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීම අපේ ඉලක්කයයි. පොහොසත් හා බලවත් ජනතාවක් මේ සංවර්ධන ක්‍රමෝපායන්හි ඉලක්කය වන්නේ සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වර්ධනය කිරීමයි.ශ්‍රී ලංකාව යළිත් ඉන්දීය සාගරයේ ආර්ථික හා වෙළඳ…

(0)Comments | October 20, 2017 3:46 pm

ප්‍රථම Passive House කර්මාන්තශාලා ගොඩනැගිල්ල විවෘත වෙයි

කටුනායක, ආයෝජන ප්‍රවර්ධන කලාපයේ, ස්ටාර් ගාමන්ට්ස්හි ඉදිවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම Passive House වර්ගයේ කර්මාන්තශාලා ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහ එම කර්මාන්ත ශාලාවේ නිරීක්‍ෂණ චාරිකාවට ඊයේ (19) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය. මෙම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අටුල් කෙෂාප්, කෝමාර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී…

(0)Comments | October 20, 2017 1:59 pm

ආසියානු රටවලට ඩොලර් ට්‍රිලියන 5ක වෙළෙඳ අවස්ථාවක් – UNIDO නිත්‍ය නියෝජිත

2030 තිරසර සංවර්ධන සැළැස්ම හරහා ආසියානු රටවලට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන  05ක වෙළෙඳ අවස්ථා හිමි වන බව UNIDO  නිත්‍ය නියෝජිත ආචාර්යය රෙනේ වෑන් (Rene Van Berkel) මහතා පවසයි. එක්සත් ජාතින්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) විසින් සංවිධානය කරනු ලැබූ තිරසාර සංවර්ධනය පිළිබඳව කර්මාන්තකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සතොස…

(0)Comments | October 20, 2017 10:33 am

කොළඹ ඉඩම් මිල අහස උසට නගී. වසරක් තුළ 36% කින් මිල ඉහළ ගිහින්

කොළඹ නගරය තුළ ඉඩම් මිල පසුගිය වසරක කාලයක් තුළ දී සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව අධ්‍යයනයකින් හෙළි වී ඇත. LankaPropertyWeb.com විසින් මෙහෙයවනු ලබන ජාතික නිවාස මිල දර්ශකට අනුව කොළඹ නගරය තුළ ඉඩම් මිල සාමාන්‍යයක් ලෙසින් 36% කින් වසරක කාලයක් තුළ දී ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. කොළඹ නගරයේ නිවාස හා මහල් නිවාස ඒකකවල මිල…

(0)Comments | October 19, 2017 2:41 pm

මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි

තායිලන්ත කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන Group Lease Public Co. Ltd හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී Mitsuji Konoshita අදාළ තනතුරුවලින් ඉවත් කිරීමට තායි සුරැකුම් හා විනිමය කොමිසම කටයුතු කර තිබේ. ඒ ඔහු වෙත එල්ල වී ඇති දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ අපරාධ චෝදනාවන් හේතුවෙනි. මේ අතර මෙම චෝදනා අනාවරණය වීමත් සමඟ පසුගිය සඳුදා තායිලන්ත…

(0)Comments | October 19, 2017 1:26 pm