Top News

නව ආයෝජකයන්ට කර්මාන්තපුරවලින් ඉඩම්

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් “දිනන රට පුබුදන කර්මාන්ත වැඩසටහන” යටතේ නව ආයෝජකයන් සඳහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන කර්මාන්තපුරයන්හි ඉඩම් ප්‍රදානය කිරීම ඊයේ (31) සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පරිශ්‍රයේ ඕකිඩ් ශාලාව තුළ නිරෝධායන නීතිරීතිවලට අනුකූලව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ කර්මාන්ත අමාත්‍යාංශය මගින් දිගුකාලීනව සිදු…

(0)Comments | April 1, 2021 4:22 pm

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2021 මාර්තු මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළ ගියේ ය. 2020 මාර්තු මාසයේ පැවති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය…

(0)Comments | April 1, 2021 4:10 pm

කොල්ලුපිටිය පැරණි වෙළෙඳපොළ වෙනුවට මහල් 40කින් සමන්විත නවීන වෙළෙඳ පරිශ්‍රයක්

කොළඹ නගරයේ පැරණි වෙළඳපොළ පරිශ්‍ර පුළුල් මහජන සේවාවක් සැපයීමට හැකි වන පරිදි නවීන පහසුකම් සහිතව ප්‍රතිනිර්මාණය කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇත. එම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස 1976 වසරේ ආරම්භ කළ කොල්ලුපිටිය වෙළඳපොළ, සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ…

(0)Comments | April 1, 2021 3:52 pm

WindForce මුලික කොටස් නිකුතුවට රු. බිලියන 25.7ක අයදුම්පත් ඇවිත්. 8 ගුණයක ඉල්ලුමක්

2011 වසරෙන් පසු කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදුකෙරෙන විශාලතම මූලික මහජන කොටස් නිකුතුව වන WindForce ලිමිටඩ් හි මූලික මහජන කොටස් නිකුතුව සඳහා රු. බිලියන 25.7 ක වටිනාකමකින් යුත් අයදුම්පත් ප්‍රමාණයක් ලැබී ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි. මෙය සමාගම විසින් සම්පාදනය කරගැනීමට බලාපොරොත්තු වන රු. බිලියන 3.2 ක අරමුදල මෙන් 8 ගුණයකි. WindForce ලිමිටඩ් විසින් පසුගිය මාර්තු…

(0)Comments | April 1, 2021 2:42 pm

‘ජාතියේ මහා පහන්ටැඹ‘ ලෙසින් ඉදිරියටම ගමන් කරන ලංකා බැංකුව ආර්ථික පුනර්ජීවනයට පෙරමුණ ගනියි

මෙරට බැංකු ක්ෂේත්‍රෙය් දැවැන්තයා වන ලංකා බැංකුව දැයේ ආර්ථික පුනර්ජීවනයට දායකත්වය සපයන අතරම සිය නොසැලෙන නායකත්ව ස්ථාවරත්ළුය තහවුරු කරමින් පසුගිය අභියෝගාත්මක මූල්‍ය වර්ෂය සාර්ථකව අවසන් කරන ලදී. “සෞභාග්‍යා“ කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය යටතේ වැඩිම ණය ප්‍රමාණයක් (ගනුදෙනුකරුවන් 18,589 දෙනෙකුට රු. බිලියන 39.1 ක් වටිනා ණය ප්‍රමාණයක්) රු. බිලියන 589.4කට වැඩි ණය පහසුකම් සඳහා තාවකාලික…

(0)Comments | April 1, 2021 11:34 am

ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයකින් චීනයේ  සිට “සිනොෆාම්” එන්නත් තොගය දිවයිනට

කොවිඩ් මර්ධනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද  “සිනොෆාම්”  (Sinopharm BBIBP-CorV ) එන්නත් මාත්‍රා තොගය අද උදෑසනය (31)  UL869 දරණ ශ්‍රීලංකන් ගුවන් යානයෙන් චීනයේ බීජිං නුවර සිට  දිවයිනට රැගෙන එන ලදී. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශය විසින් මෙම එන්නත් තොගය හැසිරවීමේ කටයුතු සිදුකරන ලදී.

(0)Comments | March 31, 2021 9:41 pm

2021 මුල් මාස 03 දී කොටස් වෙළෙඳපොළේ සියයට 5ක වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (31) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 7,121.28 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 6.16 ක ඉහළ යාමකි. 2021 වසර ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,774.22 ක් ලෙසින් වාර්තා වූ අතර ඒ අනුව මෙම වසරේ මුල් මාස 03 අවසානයේ දී එහි 5.12%…

(0)Comments | March 31, 2021 5:28 pm

ජාතික ක්‍රිකට් පිලට කළමනාකරුවෙකු සොයයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ කළමනාකාර තනතුර සඳහා සුදුස්සෙකු තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හි මානව සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ දැන්වීමක් පළ කර ඇති අතර එම දැන්වීම පහතින් දැක්වේ.

(0)Comments | March 31, 2021 3:43 pm

වැලිබල් වන් සහ හේලීස් සමාගම් දෙකෙන් ධම්මික පෙරේරාට රු. මිලියන 727 ක ලාභාංශ ආදායමක්

මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරන ප්‍රධාන සමාගම් දෙක වන වැලිබල් වන් පීඑල්සී සහ හේලීස් පීඑල්සී සමාගම් විසින් 2020 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුව වෙනුවෙන් ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. මෙහිදී වැලිබල් වන් පීඑල්සී 2021 පෙබරවාරි 22 දින කොටසකට සත 50 ක් බැගින් වන පරිදි පළමු අතුරු ලාභාංශය ප්‍රකාශයට පත්…

(0)Comments | March 31, 2021 1:54 pm

පිරමිඩ් විල්මා (පුද්ගලික) සමාගම විසින් සිදු කරන ප්‍රකාශය

පිරමිඩ් විල්මා (පුද්ගලික) සමාගමේ (“පිරමිඩ් විල්මා”) කළමනාකාරීත්වය විසින්, මෑත කාලීනව සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය හරහා පැතිර යන, ආනයනික පොල්තෙල් වල අඩංගු ඉහළ මට්ටමේ ඇෆ්ලාටොක්සින් (Aflatoxin)  හා සම්බන්ධව පහත කරුණු අනාවරණය කර සිටියි. 1) පිරමිඩ් විල්මා යනු යහපත් මූලධර්ම සහ ව්‍යාපාරික ප්‍රතිපත්තීන් අනුගමනය කරමින්, සදාචාරාත්මක ලෙස සිය ව්‍යාපාරයේ සියලුම මෙහෙයුම් කටයුතු සිදු කරන ශ්‍රී ලංකාවේ…

(0)Comments | March 31, 2021 1:30 pm