Top News

11 ක් හැර සියලු රාජ්‍ය ආයතන ලාභ ලබනවා – සෞඛ්‍ය ඇමති කියයි

වත්මන් රජය යටතේ රාජ්‍ය ආයතන 11 ක් හැරුණු විට අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත්ව ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සහ මිල්කෝ ආයතනය එකාබද්ධව ඉදිකරන ලද  සුපෝෂ සහ කිරිබීම අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් ඊයේ (29) ජා-ඇල කදාන ප්‍රදේශයේ දී විවෘත විය. රාජ්‍ය ආයතන…

(0)Comments | October 30, 2017 9:57 am

කොටස් මිල ඉහළ යාමෙන් ඇමේසන් ලොක්කා ලොව අංක එකේ සල්ලිකාරයා වුණේ මෙහෙමයි

ඇමේසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Jeff Bezos යළිත් වරක් ලොව ධනවත් පුද්ගලයින්ගේ ලැය්ස්තුවේ අංක එකට පැමිණීමට ඊයේ (27) සමත් විය. ඒ බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව 8% ක ඉහළ මිලක් සිකුරාදා දිනයේ දී ඇමේසන් සමාගමේ කොටස් සඳහා නියම වීම හේතුවෙනි. Jeff Bezos මෙලෙසින් ලොව අංක එකේ  ධන හිමියා බවට පත්වූයේ එතෙක් එම ලැයිස්තුවේ පළමුවැනියාව සිටි මයික්‍රොසොෆ්ට් සමාගමේ…

(0)Comments | October 28, 2017 12:10 pm

SED Saloon – රූපලාවන්‍ය ක්ෂේත්‍රය නඟාසිටුවීමට නව ව්‍යාපෘතියක්

අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟාසිටුවීමේ සංකල්පයේ එක් පියවරක් ලෙස රට පුරා විසිරී සිටින රූපලාවන්‍ය හා කේෂාලංකරණ ශිල්පීන්ගේ සහ රූපලාවන්‍යාගාරයන්හි ගුණාත්මකභාවය වර්ධනය කිරීම අරමුණ කරගත් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිය අග‍්‍රාමාත්‍යතුමාගේ යටතේ ඇති ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හරහා  “SED Saloon” නමින් ක්‍රියාත්මක වේ….

(0)Comments | October 28, 2017 11:51 am

කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (27) දින නිමාවට පත් වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,612.91 ක් ලෙසින් වාර්තා විය. ඒ පසුගිය සතියට සාපේක්ෂව ඒකක 40.21 ක ඉහළ යාමක් වාර්තා කරමිනි. මේ අතර පසුගිය සතිය අවසානයේ දී ඒකක 3,831.42  ක් ලෙසින් වාර්තා වුණු S&P SL 20 දර්ශකය මෙම සතිය අවසානයේ දී ඒකක…

(0)Comments | October 27, 2017 6:15 pm

නිදහස් වෙළෙඳ ගිවිසුම්වලින් ඉන්දියානුවන්ට වීසා සහන නැහැ – ඇමති මලික් කියයි

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම්වලින්, ඉන්දියානු වෘත්තිකයින්ට හෝ කම්කරුවන්ට ශ්‍රී ලංකාව තුළ රැකියා කිරීම සඳහා වීසා සහන ලබා නොදෙන බව සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. බුඩාපෙස්ට් නුවර ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ලෝක අපනයන සංවර්ධන සංසදය 2017 අතරවාරයේ දී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්  අමාත්‍යවරයා මේ…

(0)Comments | October 27, 2017 1:42 pm

ශ්‍රී ලංකා – කටාර් අතර ගිවිසුම් 7ක් අත්සන් කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ කටාර් රාජ්‍ය නිල සංචංරයේදී ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, බලශක්ති, ජල කළමනාකරණ, සෞඛ්‍ය සහ මුල්‍ය ක්ෂේත‍්‍රවල සහයෝගීතාවය වර්ධනය කෙරෙන නව ගිවිසුම් 07 කට ඊයේ (26) අත්සන් තැබිණි. දෙරටේ තානාපති නිලධාරින්, රාජ්‍ය නිලධාරින් හා විශේෂිත ගමන් බලපත‍්‍රලාභීන්ට වීසා රහිතව රටවලට ඇතුළත්වීමට අවස්ථාව සලසා දීම සඳහා වූ අවබෝධතා…

(0)Comments | October 27, 2017 10:59 am

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය කාර්යක්ෂමතාව සහ සැපයුම වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති රැසක් දියත් කරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය කාර්යක්ෂමතාව සහ සැපයුම වැඩිදියුණු කිරීම සඳහා ක‍්‍රමෝපායික වශයෙන් වැදගත් වන ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීමට 2017 ජූනි මාසයේ සිට කටයුතු කර තිබේග ශ‍්‍රී ලංකාවේ සංවර්ධන මාවතේ දී පැනනගින අවශ්‍යතා කාර්යක්ෂම ලෙස සපුරාලීම මෙහි ප‍්‍රධානතම අරමුණ වී ඇත. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු අර්ජුන රණතුංග මැතිතුමන්ල ලංකා ඛනිජ තෙල් නීතිගත…

(0)Comments | October 27, 2017 10:42 am

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය නගාසිටුවීමට සදහා ලෝක බැංකු ආධාර

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය නගාසිටුවීම සදහා ලෝක බැංකුව සහයෝගය ලබාදීමට පොරොන්දු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ලෝක බැංකු නියෝජිත පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ අතර, එහිදී ප්‍රථමික සෞඛ්‍ය නගා සිටුවීම සදහා ජාතික මට්ටමේ සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය විය. ඒ සදහා…

(0)Comments | October 27, 2017 10:20 am

රටවටා නිමැවුම් ලොව වටා අලෙවියට

ප්‍රාදේශීය මට්ටමේ සිටින සුළු හා කුඩා පරිමාණ නිෂ්පාදකයන් සහ ජාතික මට්මේ සිටින මහා පරිමාණ ගැණුම්කරුවන් අතර සබඳතාවය ගොඩ නැංවීමේ අරමුණින් සංවිධානය කරන විශේෂ හමුවක් ලබන 31දා මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම වැඩසටහන එදින පෙරවරු 9.00 සිට මහනුවර රෝයල් කැන්ඩියන් උත්සව ශාලවේදී පැවැත්වේ. “රටවටා නිමැවුම් ලොව වටා අලෙවියට” යන තේමාව යටතේ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ…

(0)Comments | October 26, 2017 3:01 pm

මහ බැංකුව බලපත්‍රලාභී බැංකුවල අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ නංවයි

ශක්තිමත් සහ ගතික බැංකු අංශයක් තහවුරු කරලීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ නංවන ලදී. මේ සඳහා සලකා බැලෙන ප්‍රාග්ධනය, ප්‍රධාන වශයෙන්ම ඉහළ ගුණාත්මක බවකින් යුතු, අලාභ දරා ගැනීමේ ඉහළ ධාරිතාවයකින් යුක්ත ප්‍රාග්ධනය වේ. අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ නැංවීම, බැංකු සතු ඔරොත්තු…

(0)Comments | October 26, 2017 1:32 pm