Top News

ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සිතියම් සංග්‍රහය – 2013/14

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද 2013/14 ආර්ථික සංගණනයේ ලැයිස්තු ගතකිරීමේ අදියරේ දත්ත සමුදායන් ඇසුරින් කරන ලද විශ්ලේෂණාත්මක විග්‍රහයන් ඉදිරිපත්කර ඇති “ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සිතියම් සංග්‍රහය – 2013/14” මෙම මෑතකදී එළිදක්වා ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථික සංගණනයේ (2014) කෘෂිකාර්මික නොවන ආර්ථික කටයුතු ගණන් ගැනීමේ අදියරට  මිලියන 1.02 ක…

(0)Comments | November 1, 2017 10:52 am

කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනවාරියේ දී ජනසතු වෙයි

ශ්‍රී ලංකාවේ ඉදිවන පළමු බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය වන කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙන අතර මෙය 2018 ජනවාරි මාසය පමණ වනවිට විවෘත කිරීමට රජය සැලසුම් කර ඇත. මෙම විවෘත කිරීමත් සමග ආරම්භයේදී මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය තුළ දුම්රිය සහ බස්රථ නතර කෙරෙන අතර මාලඹේ දක්වා දැනට ඉදිකිරීමට සැලසුම් කර තිබෙන…

(0)Comments | October 31, 2017 3:51 pm

2050 දී ශ්‍රී ලංකාවේ ජනගහනය ගැන භයානක පුරෝකථනයක්

එක්සත් ජාතීන්ගේ, ජනගහන අංශයේ, ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුගත කිරීම්වලට අනුව Worldometers විසින් සිදුකර ඇති පුරෝකථනයන් ප්‍රකාරව වසර 2050 වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 20,792,352 ක් ලෙසින් ඇස්තමේන්තු කර තිබේ. මෙහි ඇති විශේෂත්වය නම් අද දින පස්වරුවේ (2017 ඔක්තෝබර් 31, ප.ව. 2.20) වන විට එහි වෙබ් අඩවියේ සඳහන් සජීවී දත්තවල සටහන්ව ඇති ශ්‍රී…

(0)Comments | October 31, 2017 3:09 pm

කටාර් වෙළෙඳ ඇමැති අගමැති හමුවෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) අරලියගහ මන්දිරයේ දී, කටාර් රාජ්‍යයේ ආර්ථික හා වෙළෙද අමාත්‍ය ෂෙයික් අහමද් බින් ජසීම් අල්-තානි (Sheikh Ahmed Bin Jassim Al Thani) මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය. කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති රෂිඩ් ෂාෆී අල් ෆෙහයිඩා (Rashid Shafea Al Fehaida), කටාර් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී අක්බාර් අබ්බාස් අල් බාකීර් (Akbar Abbas Al…

(0)Comments | October 31, 2017 2:00 pm

ආයෝජන විශ්වාසය තවම ගොඩනැගී නැහැ – මහාචාර්ය සිරිමල් අබේරත්න

පසුගිය කාලය පුරාවට මෙරට තිබෙන ලොකුම ප්‍රශ්නය වනුයේ අයෝජන විශ්වාසය මෙතෙක් ගොඩ නැගී නොතිබීම බව කොළඹ විශ්ව විද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි. පසුගිය දා අද දෙරණ – අයවැය 2018 විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා මෙසේ පැවසීය. “පෞද්ගලික අංශය තොරම්…

(0)Comments | October 31, 2017 12:32 pm

කටාර් රැකියා වෙළෙඳපොළේ වටිනා අවස්ථා රැසක්

කටාර් රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවට වටිනා අවස්ථා රැසක් උදාවී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කටාර් හි පැවැති කටාර් – ශ්‍රී ලංකා ව්‍යාපාර සමුළුව අමතමිනි. කටාර් රාජ්‍ය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඉතා හොඳ අවස්ථා රැසක් උදා කර දී තිබෙන බවත්  ඉදිරියේදී කටාර් රැකියා වෙළෙඳපොළ සඳහා…

(0)Comments | October 31, 2017 10:19 am

කෘෂි අපනයන ඉහළ නැංවීමේ අවශ්‍යතාවය ජනපති පෙන්වා දෙයි

කෘෂි බෝග නිෂ්පාදනවල ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක ප‍්‍රවර්ධනයක් ඇති කරමින්, අපනයනය ඉහළ නැංවීම සඳහා ක්‍රියාශීලී වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි. ජනාධිපතිතුමා මේ බව පෙන්වා දුන්නේ ඊයේ (30) පෙරවරුවේ මහනුවර අර්ල් රිජන්සි හෝටලයේ පැවති ජාත්‍යන්තර ගම්මිරිස් ප‍්‍රජාවේ 45 වන ජාත්‍යන්තර සමුළුව අමතමිනි. අපේ රටේ කෘෂි ආර්ථිකය පිළිබඳව තිබෙන ඓතිහාසික තොරතුරු සමඟ නැවත රට කෘෂි…

(0)Comments | October 31, 2017 10:18 am

ලෝක ඉතිහාසයේ විශාලතම කොටස් මිල කඩා වැටීම චීනයෙන් වාර්තා වෙයි

චීනයේ විශාලතම තෙල් නිෂ්පාදකයා වන PetroChina සමාගම, සිය තෙවන කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමත් සමඟම එහි කොටස් මිල සීඝ්‍රයෙන් පහළ යාමට පටන් ගත් බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර සිටී. එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ ඩොලර් ට්‍රිලියනයක වටිනාකමකින් යුතු වූ පළමු සමාගම වන PetroChina හි තත්ත්වය 2007 වසරේ සිට අසතුටුදායක අතට පත්වෙමින් පවතින බවයි….

(0)Comments | October 30, 2017 12:27 pm

තනි පුද්ගල ණය ලක්ෂ 5 ට ආසන්නයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය 2017 දෙවන කාර්තුව අවසානයේ දී රුපියල් බිලියන 10,163.9 ක් ලෙසින් වාර්තා වී තිබේ. එය සමස්ත දේශීය ණය රුපියල් බිලියන 5,666.5 කින් සහ රුපියල් බිලියන 4,497.4 ක්වූ විදේශීය ණයවලින් සමන්විත වේ. 2016 වසර අවසානයේ දී රජයේ මුළු ණය රුපියල් බිලියන 9,387.3 ක් ලෙසින් වාර්තා…

(0)Comments | October 30, 2017 10:35 am

අගමැති මහබැංකුවේ ආර්ථික විද්‍යා සංගමයේ වාර්ෂික සම්මේලනයට එක්වෙයි

රාජගිරිය, ශ්‍රී ලංකා මහ බැංකු අධ්‍යයන කේන්ද්‍රයේදී  ආර්ථික විද්‍යා සංගමයේ වාර්ෂික සම්මේලනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. එම අවස්ථාවට විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී, ආසියානු සංවර්ධන බැංකුවේ උපසභාපති බැම්බැන්ග් සුසන්ටෝනෝ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.

(0)Comments | October 30, 2017 9:59 am