Top News

චීන රජයේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘති 05 ක්

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය භෞතික පරිසරය සැකසීම සඳහා හඳුනාගත් විශේෂ ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීමට චීන රජයේ ද සහයෝගය ලබා ගනිමින් ඉදිරි පියවර ගැනීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ  කොන්සියුලර් ලී ගුආන්ග්ජුන් (Li Guangjun), තෙවන ලේකම්…

(0)Comments | April 8, 2021 2:01 pm

මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අප්‍රේල් මස 07 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන් සහ, අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා…

(0)Comments | April 8, 2021 1:34 pm

රුපියල වේගයෙන් පහළට – ඩොලරයේ විකුණුම් මිල රු. 203.50 යි

එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල මට්ටම්වල ඉතිහාසයේ වැඩිම අගය නැවත වරක් අලුත් කරමින් අද (08) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 199.21 ක් සහ විකුණුම් මිල රු. 203.50 ක් ලෙසින් වාර්තා විය. 2021 වසරේ මේ දක්වා කාලය තුළ එක්සත් ජනපද ඩොලරයට එරෙහිව රුපියලේ හැසිරීම පහත…

(0)Comments | April 8, 2021 1:30 pm

ඛනිජ වැලි කැණීම සහ අපනයනය පිළිබඳ අමාත්‍ය අනුකමිටුව රැස්වෙයි

ඛනිජ වැලි ගවේෂණය කිරීම, කැණීම සහ අපනයනය පිළිබදව ඉදිරි ක්‍රියාමාර්ග කැබිනට් මණ්ඩලයට වාර්තා කිරීම වෙනුවෙන් පත් කරන ලද අමාත්‍ය අනු කමිටුව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ , ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (07) වාරිමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම සාකච්ජාවේදී මෙරට භූගත ඛනිජ සම්පත් ගවේෂණය,…

(0)Comments | April 7, 2021 5:39 pm

ශ්‍රී ලංකාවේ කොස්වලින් සිංගප්පූරු සමාගමක් pork හදයි. බිලියන් ඩොලර් ව්‍යාපාරයකට මුලපිරීමක්

මස් වෙනුවෙන් වූ විකල්පයන් වෙත අද වන විට ලොව පුරා නැඹුරුවක් දැකිය හැකිවේ. මස් පරිභෝජනයේ පෝෂණ හා පාරිසරික බලපෑම් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමත් සමඟම, නිෂ්පාදකයින් සහ පාරිභෝගිකයින් ප්‍රෝටීන් සඳහා අඛණ්ඩ ඉල්ලුම සපුරාලීම සඳහා විවිධ ප්‍රභවයන් වෙත යොමුවෙමින් සිටී. Dan Riegler මොවුන්ගෙන් එක් අයෙකි. Karana හි සම නිර්මාතෘවරයායි. Karana යනු මුළුමනින්ම ශාක ආහාර මත පදනම්…

(0)Comments | April 7, 2021 3:49 pm

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත ආයෝජන සිදු කිරීමට සූදානම් බව පාකිස්තානු රජය දැනුම් දෙයි

දිගුකාලීන මිත්‍රශීලී ඉතිහාසයකට හිමිකම් කියන, කළාපීය සහයෝගීතාවය සහ සාමය ආරක්ෂා කරමින් කටයුතු කරන ශ්‍රී ලංකා රජයේ සංවර්ධන කටයුතු සදහා ලබාදිය හැකි උපරිම සහයෝගීතාවය, පාකිස්තානු රජය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් කතක් මහතා ප්‍රකාශ කරයි. පසුගිය 06 වැනි දින පැවති පාකිස්තානු නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නියෝජිතයන් අතර, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය පිළිබඳව…

(0)Comments | April 7, 2021 3:21 pm

ඩොලරය තවදුරටත් ඉහළට. අද විකුණුම් මිල රු. 202.88 යි

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (07) දිනයේ දී රු. 202.88 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. දිනපතා ප්‍රකාශයට පත්කරනු ලබන විනිමය අනුපාතික සටහන හරහා මහ බැංකුව මේ බව අනාවරණය කර සිටී. අද දිනයේ දී ඩොලරයක ගැනුම් මිල ද මෙතෙක් ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් රු. 198.56 ක් දක්වා වැඩි වී තිබේ. මීට පෙර…

(0)Comments | April 7, 2021 1:21 pm

ශ්‍රී ලාංකික මුල්‍ය සේවා ක්ෂේත්‍රයෙහි වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් AMF සහ Arpico Finance මූල්‍ය සමාගම් ඒකාබද්ධ වෙයි

ඒකාබද්ධවීමෙන් පසු AMF නාමය යටතේ ව්‍යාපාර මෙහෙයුම් පවත්වාගෙන යයි මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පැරණිතම සමාගම් දෙකක් වන ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පී.එල්.සී සමාගම (Associated Motor Finance Company PLC – AMF) සහ ආර්පිකෝ ෆිනෑන්ස් පී.එල්.සී සමාගම (Arpico Finance PLC – AFC) කොළඹ කොටස් හුවමාරුවේදී 2021 අප්‍රේල් 01 වැනි දින නිල වශයෙන් ඒකාබද්ධ විය. දීර්ඝ කාලීන උත්සාහයක ප්‍රතිඵලයක්…

(0)Comments | April 7, 2021 11:11 am

ශ්‍රී ලංකාවේ මිනිරන් හා සිලිකා කර්මාන්තයේ ආයෝජනයට චීනය සමඟ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ සිලිකා සහ මිනිරන් සම්පත් සඳහා  ආයෝජනය කිරීමේ හැකියාව සහ දේශීයව ඊට අගය එකතු කිරීම සම්බන්ධයෙන් තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ෂැංහයි හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් හමු වී සාකච්ඡා පවත්වා ඇත. ඉකුත් අප්‍රේල් 01 වනදා පැවැති මෙම සාකච්ඡා අතරට මීළඟ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ දී (CIIE) ශ්‍රී ලංකාව සමඟ විධිමත්…

(0)Comments | April 7, 2021 10:51 am

පාම් ඔයිල් තහංචි සමඟින් සමාගම් කිහිපයකම කොටස් මිල ගණන් පහළට

දැනට පවතින කටු පොල් වගාව අදියරෙන් අදියර වරකට 10% බැගින් ගලවා ඉවත් කර ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට එම සමාගම් හා ආයතන සමඟ නීතියෙන් බැඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (05) දින නිවේදනය කරන ලදී. මේ පසුබිම තුළ මෙරට පාම් ඔයිල් වගා කිරීමේ ,…

(0)Comments | April 6, 2021 5:35 pm