ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්යාපාර පනතේ 31(1) වන වගන්තිය ප්රකාරව, 2021 අප්රේල් මස 12 වන දින ප.ව. 5:00 සිට බලපැවැත්වෙන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී යන ආයතනයෙහි ව්යාපාර කටයුතු අත්හිටුවීම සඳහා තීරණය කරන ලදී. ආයතනයේ මූල්ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම සහ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා…
ශ්රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්රවශීලතා ආධාරක යෝජනා ක්රමය යටතේ වැඩි කරන ලද වන්දි මුදල් ගෙවීම ද ෆිනෑන්ස් කම්පනි පී එල් සී ආයතනයේ තැන්පතුකරුවන්/නීත්යනුකූල තැන්පතු උරුමකරුවන් වෙත ශ්රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්රවශීලතා ආධාරක යෝජනා ක්රමය යටතේ වැඩි කරන ලද වන්දි මුදල් ගෙවීම කලින් නියම කොට තිබූ පරිදි ම අද දින ඒනම් 2021.04.12 දින ආරම්භ…
අප්රේල් 12 දා ඒනම් හෙට දිනය රජයේ නිවාඩු දිනයක් බව පසුගිය සිකුරාදා (09) රාජ්ය පරිපාලන අමාත්යාංශය විසින් දැනුම් දෙන ලදී. කෙසේ වෙතත් රාජ්ය පරිපාලන අමාත්යාංශයේ ලේකම්වවරයා පවසන්නේ හෙට දිනය රජයේ නිවාඩු දිනයක් පමණක් බවත් ඒය බැංකු නිවාඩු දිනයක් නොවන බවත්ය. මේ අනුව හෙට (12) දිනයේ දී සියලු රාජ්ය හා පෞද්ගලික බැංකු ශාඛා ගනුදෙනු සඳහා විවෘතව…
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (09) දින පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී ලංසු පිිළිගෙන ඇත්තේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්රමාණය මෙන් 26.21% ක් පමණක් බව වාර්තා වේ. මෙහිදී 2023 සැප්තැම්බර් 01 දිනට කල්පිරෙන රු. මිලියන 25,000 ක බැඳුම්කර ප්රමාණයක් වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණ ද ඊට ලැබී තිබුණු රු. මිලියන 27,645…
ජාතික විගණන කාර්යාලය 2015 දී සිදු කළ විගණනයකට අනුව වාර්ෂිකව එළවළු හා පලතුරු මෙට්රික් ටොන් 270,000 පමණ අපතේ යන බවත් එයින් මෙරට ආර්ථිකයට සිදුව ඇති අලාභය රුපියල් බිලියන 20ක් පමණ වන බවත් පසුගියදා පාර්ලිමේන්තුවේදී ගරු පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. එම වාර්තාවේ නිරීක්ෂණ අනුව, ශ්රී…
මහ බැංකුව සතුව පවතින සංචිත වත්කම් ආකාර 5 කින් පවතී. එනම්, 1. විදේශ විනිමය සංචිත (Foreign currency reserves) 2. ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ලද සංචිත කොටස (Reserve position in the IMF) 3. විශේෂ ගැනුම් හිමිකම් (SDRs) 4. රත්රං (Gold) සහ 5. වෙනත් සංචිත වත්කම් (Other reserve assets) වශයෙනි. මෙම වසර ආරම්භයේ දී ශ්රී ලංකා මහ බැංකුව…
අන්තර්ජාතික හා දේශීය වෙළෙඳපොළවල අතථ්ය මුදල් භාවිතය පිළිබඳ මෑතදී කරන ලද විමසීම් හේතුවෙන් අතථ්ය මුදල් (Virtual Currencies) වල ආයෝජනය කිරීම හා සම්බන්ධ අවදානම් පිළිබඳව මහජනයා දැනුවත් කිරීමට ශ්රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. පුද්ගලික ආයතන විසින් නිර්මාණය කරන ලද ඩිජිටල් ටෝකන (Digital tokens) අතථ්ය මුදල් ලෙස හදුන්වන අතර, පරිගණක තුලින් ජනනය කිරීම (mining) මගින් හෝ,…
ඊයේ (08) විවෘත කරන ලද ලංකා විදුලිබල මණ්ඩලයේ ණයකර නිකුතුව සඳහා අධි දායකත්වයක් පැවති බව එම නිකුතුවේ රෙජිස්ට්රාර් සමාගම වන SSP කෝපරේට් සර්විසස් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. එකක් රු. 100 බැගින් වූ ණයකර මිලියන 100 ක් දායකත්වය සඳහා ආරම්භක අදියරේ දී ඉදිරිපත් කෙරුණු අතර අධි දායකත්වයක් ලැබුණහොත් තවත් ණයකර මිලියන 100…
ශ්රී ලංකාවේ ප්රථම වතාවට කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපලේ (BIA) Google Indoor Maps හඳුන්වා දීම අද (8) දින සිදුකරන ලදී. ඒ අනුව ශ්රී ලංකාව තුළ ගෘහස්ත සිතියම් තාක්ෂණය හඳුන්වාදුන් පළමු ස්ථානය බවට BIA පත්විය. ශ්රීලංකන් ගුවන් සේවය සහ ගුවන්තොටුපල සහ ගුවන් සේවා (ශ්රී ලංකා) (පුද්ගලික) සමාගමේ තොරතුරු තාක්ෂණ කණ්ඩායම් එක්ව මෙම ගූගල් ගෘහස්ථ සිතියම් සක්රීය කරන…
2021 ජනවාරි මාසය තුළ දී මෙරටට ආනයනය කර තිබෙන සීනි හා පොල්තෙල් සඳහා වැඩි ආනයන වියදමක් දැරීමට සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බලන බව ශ්රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. විදේශ විනිමය පීඩනය හමුවේ ඩොලරයේ අගය සීඝ්රයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා ශ්රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 2020 වසරේ මාර්තු මාසයේ…
Video Story