රජයේ වාණිජ බැංකුවක් වන මහජන බැංකුවේ අද (20) සවස වන විට ඩොලරයක මිල රු. 206.50 ක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. ඒ් සමඟම තවත් වාණිජ බැංකු කිහිපයක් විසින් අද දින නිකුත් කර ඇති ඩොලරයේ වටිනාකම් සඳහන් ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී. මෙහි දී වැඩිදුරටත් කරුණු…
රැකියා වෙළඳපොළෙහි වැඩි ඉල්ලුමක් පවතින වෘත්තීන්හි ගුණාත්මක බව වැඩි කිරීම සඳහා ඉහළ වෘත්තීය පිළිගැනීමක් හා නිපුණතාවක් සහිත ගෝලීය වශයෙන් තරඟකාරී මට්ටමක වෘත්තිකයින් බිහි කිරීම කාලීන අවශ්යතාවක් ලෙස හඳුනාගෙන ඇත. මෙරට තුළ උසස් පෙළ සමත්ව විශ්වවිද්යාල ප්රවේශයට සුදුසුකම් ලබන සිසුන්ගෙන් විශ්වවිද්යාල අධ්යාපනය සඳහා අවස්ථාව ලබනුයේ 20%ක පමණ ප්රතිශතයක් වන අතර එම අවස්ථාව හිමි නොවන කණ්ඩායම කාර්මික…
භෞමික රූපවාහිනී විකාශනය ප්රතිසම (Analog) ක්රමවේදයේ සිට අංකිත (Digital) ක්රමවේදය දක්වා වෙනස් වෙමින් පවතින අතර මෙම ගෝලීය ප්රවණතාවට අනුගත වීම අත්යවශ්ය කරුණක් වී ඇත. ඒ අනුව, භෞමික රූපවාහිනී විකාශනය අංකිත ක්රමවේදයට පරිවර්තනය කිරීම සඳහා අවස්ථා කිහිපයකදී අවශ්ය තීරණ ගෙන ඇති නමුත් එම තීරණ මෙතෙක් ක්රියාත්මක වී නොමැත. ජපාන ජාත්යන්තර සහයෝගිතා ආයතනය (JICA) විසින් සිදු කරන…
පාර්ලිමේන්තුවේ පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව ( කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) හමුවට මේ සතිය තුළ ආයතන හතරක් විමර්ශන කටයුතු සදහා කැදවා ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ අනුව පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව ( කෝප් කමිටුව) හමුවට අප්රේල් 22 වන දින ශ්රී ලංකා පාපන්දු සම්මේලනය ද…
එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම අද (20) දිනයේ දී ඉහළ යන ලදී. ඊයේ දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රු. 191.97 ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගිය ද මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින ඒය රු. 195.21 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර ඩොලරයේ ගැනුම් මිල ද රු. 187.93 සිට රු. 190.29…
ඊයේ (19) දිනයේ දී වාර්තාගත ලෙස ඒක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව ශ්රී ලංකා රුපියලේ අගයෙහි අතිප්රමාණයක් වාර්තා වුණි. අප්රේල් 15 දින රු. 204.62 ක් ලෙසින් වාර්තා වූ ඩොලරයේ විකුණුම් මිල, මහ බැකු දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (19) දිනයේ දී රු. 191.97 ක් දක්වා දැවැන්ත ලෙස අඩු වී තිබුණු අතර ඒය 2021 ජනවාරි 08 දිනෙන්…
ශ්රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හා ජර්මනියේ ENPACT E,V, ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබ තිබේ. යුරෝපයේ ව්යවසායක අගනුවර වන බර්ලිනය සහ ශ්රී ලංකාව අතර ව්යවසායක පරිසර පද්ධති අතර ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩ නැගීමේ අරමුණින් යුතුව, 2021 අප්රේල් 08 වන දින දියත් කළ බර්ලින් සෙනෙට් සභාවේ ආරම්භක වැඩසටහන වන “ඒෂියා බර්ලින්” (AsiaBerlin)…
මෙරට ප්රමුඛ පෙළේ සමාගම් කිහිපයකම නාමයන් සඳහන් කරමින්, ඔවුන්ගේ සාංවත්සරික ප්රවර්ධනයන් ලෙස සිය ගනුදෙනුකරුවන් හට නොමිලේ තෑගි ලබා දෙනු ලබන බවට පණිවුඩ රැසක් මේ වන විට සමාජ මාධ්ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී. කෙසේ වෙතත් මෙවැනි පණිවුඩ සිය අනුදැනුමෙන් තොරව සංසරණය වන ඒවා බව සමාගම් කිහිපයක් විසින්ම සිය නිල සමාජ මාධ්ය පිටු හරහා මහජනතාවට දැනුම්…
ශ්රී ලාංකික නිෂ්පාදනවලට චීනයේ වඩාත් ලාබදායී වෙළඳපොළට ඇතුළුවීම සඳහා පහසුකම් සලසනු ලබන දැවැන්ත බයිරොන්ග් තොග වෙළඳපොලේ ශ්රී ලංකා ජාතික මණ්ඩපයක් පිහිටුවීමට චීනයේ හෙනාන් පළාතේ නියෝජ්ය ආණ්ඩුකාරවර හේ ජින්පින් මහතා හා ජෙන්ජෝවු හි නියෝජ්ය නගරාධිපති ෆු මින් මහතා චීනයේ ශ්රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාට එකගතාව පළ කර තිබේ. කොහොන මහතා ඉකුත් 08 වනදා හෙනාන්…
ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලද නවතම විදේශීය අංශ ක්රියාකාරීත්ව වාර්තාවට අනුව පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2021 ජනවාරි සහ පෙබරවාරි මාස දෙක තුළ දී කුළුබඩු අපනයන ආදායම ඩොලර් මිලියන 38.1 සිට ඩොලර් මිලියන 75.2 ක් දක්වා 97.1%ක දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබේ. කුළුබඩු අපනයන සැලකීමේ දී ගම්මිරිස්, කුරුඳු, සාදික්කා සහ වසාවාසි…
Video Story