Top News

පොලිසිය තාක්ෂණයෙන් සන්නද්ධ වෙයි – නිලධාරීන්ට ශරීරයේ පැළඳිය හැකි අධිතාක්ෂණික කැමරා මොබිටෙල් වෙතින්

මොබිටෙල් වෙතින් ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට විශිෂ්ට සහයෝගයක් කොවිඩ්-19 වසංගතය තුරන් කිරීමේ සටනට උරදී සිටින ති‍්‍රවිධ හමුදා සහ සෞඛ්‍ය අංශ සාමාජිකයින් වෙත ඉහළ තාක්ෂණික හැකියාවන් ලබා දෙමින් සවිබල ගැන්වීමේ සැලසුමක් කොවිඩ්-19 වෛරස් වසංගතය පැතිර යෑම වැළැක්වීමේ ජාතික මෙහෙවරට තවත් අමතර ශක්තියක් වෙමින් ශ‍්‍රී ලංකාවේ ජාතික ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන මොබිටෙල් සමාගම, ශ‍්‍රී ලංකා…

(0)Comments | April 30, 2020 5:53 pm

PCR පරීක්ෂණ සිදු කිරීමට පුද්ගලික රෝහල් හි රසායනාගාරයන් සූදානම් – රජයේ සෞඛ්‍ය අංශ මගින් එවනු ලබන සාම්පලයන්ගේ පර්යේෂණ කටයුතු පමණක් සිදු කෙරේ

පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් , ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් 19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කෙරෙන PCR පරීක්ෂණ වැඩි කිරීම සඳහා ගනු ලබන සියලු ක්‍රියාමාර්ග සඳහා රජයේ  ඉල්ලීම පරිදි තම සංගමයේ උපරිම සහයෝගය ලබා දෙන බව පවසා සිටී.  PCR පරීක්ෂණය පැවැත්වීම සඳහා අණුක රෝග නිර්ණය…

(0)Comments | April 30, 2020 3:31 pm

2019 දී ආර්ථික වර්ධනය 3.3% සිට 2.3% දක්වා පහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ ද.දේ.නි.යේ තාවකාලික ඇස්තමේන්තුවලට අනුව‍, ශ්‍රී ලංකා ආර්ථිකය 2018 වසරේ දී වාර්තා කළ සියයට 3.3ක වර්ධනයට සාපේක්ෂව 2019 වසරේදී සියයට 2.3ක අඩු වර්ධනයක් වාර්තා කළේය. ආර්ථිකයේ සියලුම ප්‍රධාන අංශ ධනාත්මක නමුත් අඩු වර්ධන වේගයක් වාර්තා කළේය. වියදම් ප්‍රවේශය මත පදනම් වූ ද.දේ.නි.යේ ඇස්තමේන්තුවලට අනුව‍, පරිභෝජන වියදම් ඉහළ යෑම සහ…

(0)Comments | April 29, 2020 3:36 pm

ණය සහන ඉල්ලුම් කාල සීමාව මැයි 15 දක්වා දීර්ඝ කෙරේ

කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා ණය සහන කාලයක් (ප්‍රාග්ධනය හා පොලී සඳහා) සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය පහසුකම් ඇතුළු පුළුල් සහන සැපයීමේ අරමුණින් කැබිනට්  මණ්ඩලය විසින් 2020.03.20 වැනි දින ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිමූල්‍ය පහසුකමක් ස්ථාපනය කිරීමට තීරණය කර ඇත. මේ යටතේ බලපත්‍රලාභී බැංකු…

(0)Comments | April 29, 2020 10:33 am

ශ්‍රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම

දෛනික වැටුප් උපයන්නන් මිලියන 1.9ක් දුෂ්කරතාවන්ට මුහුණ දීමට ඉඩ වැඩිහිටියන් සහ දරිද්‍රතා සීමාවට ඉහළින් ඊට ආසන්නයේ ජීවත් වන විශාල පිරිසකට බලපෑම් ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳාම 2020 දී සියයට 32කින් මන්දගාමී විය හැකියි සංචාරක කර්මාන්තයේ අකර්මන්‍ය ස්වභාවය බොහෝ කලක් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්වල පහළ යෑමක් භාණ්ඩ හා සේවා අපනයන ආදායම් පහළට 1930 ලෝක ආර්ථික අවපාතයෙන්…

(0)Comments | April 29, 2020 1:18 am

මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාව එළිදකී

1949 අංක 58 දරන මුදල් න‍ීති පනතේ 35 වන වගන්තියට අනුව‍, ‍ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ම‍ණ්ඩලයේ 70 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අ‍ධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්‍‍ෂ්මන් මහතා විසින් අග්‍රමාත්‍ය සහ මුදල්‍, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පි‍ළිගන්වන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා…

(0)Comments | April 29, 2020 12:15 am

රන් ණය උපරිම පොලිය මසකට 1% යි. මහ බැංකුවෙන් නියෝගයක්

බලපත්‍රලාභී බැංකු මගින් ලබා දෙන රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම පොලී අනුපාත නියම කරයි රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් දැනට අය කරනු ලබන වාර්ෂීක  පොලිය 12% – 17.5% දක්වා පරාසයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත. කොවිඩ්-19 ව්‍යසනය නිසා ඇති වූ අයහපත් ආර්ථික…

(0)Comments | April 27, 2020 8:32 pm

COVID-19 අදාළ තොරතුරු ප්‍රචාරය සඳහා covid19.gov.lk නමින් ජාතික වෙබ් අඩවියක්

ශ්‍රී  ලංකා  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත  ආයතනය (ICTA) රජයේ ප්‍රධාන ආයතන සමඟ එක්ව  COVID-19  අදාළ තොරතුරු මහජනතාවට ලබාදීම  සඳහා ජාතික වෙබ් අඩවියක් www.covid19.gov.lk නමින්  දියත් කරන ලදී. COVID-19 හේතුවෙන්  රට තුල  ඇතිවූ   නව  තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙය නිර්මාණය  කරන ලද අතර ශ්‍රී  ලංකා රජය විසින් ප්‍රකාශයට පත්කරන තොරතුරු  විශ්වාසදායක මුලාශ්‍රයන්  හරහා  මහජනතාවට ලබා දී…

(0)Comments | April 27, 2020 7:22 pm

ඩයලොග් ආසිආටා වෙතින් තෝරාගත් රෝහල්වල ICU සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2,000 ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා  කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000ක් ලබාදීමට එකඟ වී තිබේ. අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමට සහ සියලුම රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථා උදාකර දීම සඳහා මෙරට සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීම වෙනුවෙන් මෙම මුදල යෙදවෙනු…

(0)Comments | April 27, 2020 7:17 pm

අපනයන අංශයට දුන් අවධානය ප්‍රමාණවත් නැහැ – රොහාන් මාසකෝරාල

ශ්‍රී ලංකාවේ අපනයන කළඹෙන් 45%ක් පමණ සමන්විත වන්නේ ඇඟළුම්වලින් බවත්, මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ පාරිභෝගිකයින් ඇඟළුම්, ප්‍රමුඛතාවයක් දිය යුතු භාණ්ඩයක් බවට සලකන්නේ නැති බවත් කොළඹ නැව්ගතකරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාල මහතා පවසයි. පසුගියදා අද දෙරණ BIG FOCUS වැඩසටහන සමඟ ඒක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය….

(0)Comments | April 27, 2020 9:10 am