Top News

ශ්‍රීලංකන් විශේෂ ගුවන් ගමන පිළිබඳ හුවමාරු වන සමාජ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය කරුණු පැහැදිලි කරයි

ඉන්දියාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සිසුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා වි‍ශේෂයෙන් ක්‍රියාත්මක කරන ලද ගුවන්  ගමන සඳහා, මගීන්ගෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් අධික ලෙස මුදල් අය කර ඇති බව අඟවමින් මේ වන විට සංසරණය වෙමින් පවතින සමාජ මාධ්‍ය වාර්තා පිළිබඳ ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙසේ කරුණු පැහැදිලි කිරීමට අපේක්ෂා කරයි. ශ්‍රීලංකන් ගුවන් සේවය අදාළ…

(0)Comments | April 26, 2020 11:31 pm

යුනියන් බැංකුව ප්‍රාථමික වෙළෙඳ මෙහෙයුම් කටයුතු නවතයි

යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී (යුනියන් බෑංකුව) විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 මැයි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි යුනියන් බැංකුවට සිය ප්‍රාථමික වෙළෙඳ මෙහෙයුම් කටයුතු නැවැත්වීමට අවසර ලබා දුන් බව මහජනතාවට දන්වා සිටී. යුනියන් බැංකුව විසින් LankaSettle පද්ධතියේ සෘජු අලෙවිකරු සහභාගීකරුවෙකු ලෙස ඉදිරියටත්…

(0)Comments | April 25, 2020 3:23 pm

ආනයනය කළ වාහන 5,000 ක් තවමත් වරායේ. කඩිනමින් ඉවත් කරගන්නැයි හම්බන්තොට වරාය ආනයනකරුවගෙන් ඉල්ලයි

අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වරාය පැහැදිලිව පැවතිය යුතු බවට රජයේ නියෝගය අනුව ඉදිරි දින කිහිපය තුළ වාහන පන්දහසක් පමණ වරායෙන් පිටතට ගෙන යාමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) තීරණය කර තිබේ. “අනයනය කරන ලද වාහන 6,500 කින් මේ වන විට නිදහස් කර ගෙන ඇත්තේ දහසක පමණ ප්‍රමාණයක් විතරයි. නිෂ්කාශනය කඩිනම් කිරීම සඳහා අපට ආනයනකරුවන්ගේ පූර්ණ සහයෝගය අවශ්‍ය…

(0)Comments | April 25, 2020 2:32 pm

COVID-19 වසංගතය ව්‍යාප්ත වී යාම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය නියමිත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම 2020 මැයි මස 15 දක්වා දීර්ඝ කරයි

COVID 19 වසංගතය ව්‍යාප්ත වී යාම හේතුවෙන් විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින්, නියමිත මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම 2020 මැයි මස 15 දක්වා දීර්ඝ කිරීමට සිදුව ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් මෙසේ කියා සිටී. කෙසේ වෙතත්,…

(0)Comments | April 25, 2020 1:03 pm

ඇඟළුම් අංශයේ ලක්ෂයකගේ රැකියා අවිනිශ්චිතයි

මේ වන විට මෙරට ඇඟළුම් කර්මාන්තයේ ඇස්තමේන්තුගත දත්ත අනුව ලක්ෂයක පමණ සේවක සංඛ්‍යාවකගේ රැකියා පිළිබඳ අවිනිශ්චිතතාවයක් පැන නැගී ඇති බව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ මහලේකම් ටියුලි කුරේ මහතා පවසයි. අද දෙරණ Big Focus වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, මේ සම්බන්ධයෙන් මේ වන විට රජය සමඟ සාකච්ඡා කරමින් පවතින බවයි. “මාර්තු මාසයේ තත්ත්වය දිහා…

(0)Comments | April 24, 2020 4:03 pm

කොටස් වෙළෙඳපොළ නැවත විවෘත කිරීම ගැන සුරැකුම්පත් කොමිසම මෙසේ කියයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු සඳහා විවෘත කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවෙන් විමසීමක් කර ඇත. මේ පිළිබඳව විමසා බැලීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිසම ඊයේ (23) දින රැස් වී ඇති අතර එහිදී සුරැකුම්පත් කොමිසමේ අදහස වී ඇත්තේ කොටස් වෙළෙඳපොළ නැවත විවෘත…

(0)Comments | April 24, 2020 11:49 am

ආනයනකරුවන්ගේ දුක මුදල් ලේකම්ට කියන්න අවස්ථාවක් – බන්දුල

සුළු හා මධ්‍ය පරිමාණ දේශීය ආනයනකරුවන්ට පෞද්ගලිකව තම ආනයන සඳහා ඇති බාධාවන් සම්බන්ධ අභියාචනා මුදල් අමාත්‍යාංශය වෙත  ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් සම කැබිනට් ප්‍රකාශය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙසේ පැවසීය. “යම්කිසි ආනයනකරුවකුට තමන්ට සාධාරණ හා යුක්ති සහගත නිසා සමහර කර්මාන්තයක් පවත්වා ගෙන යන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්න බැරි වෙනවා…

(0)Comments | April 24, 2020 9:43 am

ඩොලරය රු. 200ට අඩුවෙන් තබා ගැනීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක්

කෙටිකාලීන ද්‍රවශීලතා මූල්‍ය අවශ්‍යතා සඳහා වන සාර්ක් කලාපීය එකඟතාව මත ඇමරිකානු ඩොලර් මිලියන 400ක් ලංකාවට ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධනය මහතා මෙසේ කියා සිටියේය. “ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක කෙටිකාලීන මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා වෙන ගිවිසුමට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය…

(0)Comments | April 24, 2020 8:44 am

ශ්‍රී ලංකාව තුළ Covid-19 වෛරසය නිසා විපතට පත් ජනතාවට කැනඩාවේ සහයෝගය

කැනේඩියානු රජය විසින් කැනේඩියානු ඩොලර් 56,000 ක මුදලක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 7.5 ක මුදලක්), හඳුනාගත් සහන වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරසයෙන් බෙහෙවින්ම විපතට පත් වූ කණ්ඩායම් වලට සහන සැපයීම සඳහා ලබාදී තිබෙනවා. මෙම අරමුදල් ස්වදේශීය මූලාරම්භයන් සඳහා කැනේඩියානු අරමුදල (CFLI) විසින් ලංකාවේ ජාතික සාම මණ්ඩලය (NPC) හරහා ලබාදෙනු ලැබේ. ශ්‍රී ලංකාවේ…

(0)Comments | April 23, 2020 8:59 pm

කොරෝනා වසංගතයේ සෘජු බලපෑම – මාර්තු මාසයේ දී සංචාරක පැමිණීම සියයට 70කින් පහළට

පසුගිය මාර්තු (මාර්තු 18 වන දින දක්වා) තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 71,370 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක සඳහන් වේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් 2020 මාර්තු 18 දින සිට ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් පැමිණීම අත්හිටුවනු ලැබීය. 2019 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි 244,328 ක්වූ සංචාරකයින්…

(0)Comments | April 23, 2020 1:33 pm