ලොව අතිසුඛෝපභෝගී දැවැන්ත මගී නෞකාවක් වන MSC Magnifica නෞකාව අද (06) දින කොළඹ වරායට සේන්දු වීමට නියමිතය. නෞකාවට අවශ්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා මෙම මගී නෞකාව කොළඹ වරායට පැමිණෙනු ඇත. කෙසේවෙතත් කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මේ වන විට කොළඹ වරායට පැමිණෙන මගී නෞකාවල මගීන්ට, මෙරටට ගොඩ බැසීමට අවසර හිමිවන්නේ නැත. මෙවැනි තත්ත්වයක් තුළ නෞකාවේ සිටින…
පවත්නා තත්ත්වයේ විශේෂත්වය සලකා එයින් දුෂ්කරතාවලට මුහුණ දී සිටින පහළ ස්ථරවල ව්‍යාපාර හා මහජනයා වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත්, දිගින් දිගට මේ යුතුකම් පැහැර හරින බැංකුවලට එරෙහිව අදාළ නීති රීති යටතේ කටයුතු කිරීමට මහ බැංකුවට සිදු නොවන පරිදි ක්‍රියා කරන සේ තමා එම බැංකු ආයතනවලින්…
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (2020 අප්‍රේල් 03) දින, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 6.00 සහ සියයට 7.00 දක්වා පදනම් අංක 25කින් 2020 අප්‍රේල් මස 03 වැනි දින ව්‍යාපාර කටයුතු අවසාන වන වේලාවේ සිට බලපැවැත්වෙන පරිදි අඩු කිරීමට තීරණය කළේය. මෙම…
ශ්රී ලංකා රුපියල මත ඇති කෙරෙන විනිමය පීඩනය තවදුරටත් තීව්‍ර කරමින්, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (03) දින රු. 193.75 ක් දක්ව ඉහළ යන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 188.55 ක් ලෙසින් වාර්තා විය. මේ අතර මෙරට මූල්‍ය ඉතිහාසයේ මුල් වතාවට…
ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ජාතික ගුවන් සේවයේ පැවැත්ම සහ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම උදෙසා පිරිවැය ඉතිරි කිරීම් අරඹයි. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපතිතුමන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය රටේ ආර්ථික අවශ්‍යතා සලකා බලමින්, ශ්‍රීලංකන් පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා වන තම යුතුකම පිළිබඳව සැමවිටම සැලකිලිමත් වන අතර ජාතික ගුවන් සේවයේ ව්‍යාපාරික අඛණ්ඩතාව සහතික කිරීම සඳහා ද…
දේශීය කිරි ගොවීන්ගේ යහපත උදෙසා කිරි මිලදීගැනීම් අඛණ්ඩව සිදු කරයි ඇන්කර් සන්නාමය හිමි ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා සමාගම මෙරට COVID-19 පැරදවීමේ උත්සාහයන් ශක්තිමත් කිරීමටත්, පවතින තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණපා සිටින ජනතාවට සහන සැලසීමටත් පියවර රාශියක් ගෙන තිබේ. මෙහි එක් පියවරක් ලෙස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට…
ශ්රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 50ක සය-මාසික ප්‍රතිමූල්‍ය පහසුකමක් ස්ථාපනය කිරීමට තීරණය කර, කොරෝනා ව්‍යසනය මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා සහය වීමට මූල්‍ය ආයතන වෙත උපදෙස් නිකුත් කරයි. කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා ණය සහන කාලයක් (ප්‍රාග්ධනය හා පොලී සඳහා) සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය පහසුකම් ඇතුළු…
ලැයිස්තුගත සමාගම් කොටස්වල මිල ගණන් පහත වැටීම හේතුවෙන් 2020 මාර්තු 11 වන දින හෝ ඊට ආසන්න කාලයකදී ආයෝජකයින්ට ඇති වූ බලපෑම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් සියලුම බලපත්‍රලාභී කොටස් තැරැව්කරුවන්ගේ සහ ලියාපදිංචි ආන්තික ණය පහසුකම් සැපයුම්කරුවන්ගේ සේවාදායකයින්ට ණය සහනයක් ලබා දීමට තීරණය කර තිබේ. මේ අනුව ආයෝජකයින්ගේ ණය සඳහා පොළී…
ශ්‍රීලංකන් ගුවන්සේවා සමාගම විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයක් පහතින් දැක්වේ. දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් සීමාවන් සැලකිල්ලට ගනිමින් 2020 අප්‍රේල් මස 8 වන දින සිට අප්‍රේල් මස 21 වන දින දක්වා සියළුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුව ඇති බව අපගේ වටිනා මගීන්ට ඉතා කණගාටුවෙන් වුවද දැනුම් දෙමු. ගුවන් සමාගම නිරන්තරයෙන් වෙළඳපොල තත්ත්වයන්…
COVID-19 ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු විය. මහබැංකු අධිපති, නියෝජ්‍ය අධිපතිවරු තිදෙනා, බැංකු අධීක්ෂණය භාර සහකාර අධිපති සහ සංනිවේදන තාක්ෂණ අධ්‍යක්ෂ සාකච්ඡාවට එක්ව සිටියහ. COVID-19 ව්‍යාප්තිය හමුවේ මුදල් සැපයුම පවත්වා ගැනීම සහ මූල්‍ය පහසුකම් සම්පාදනය පිළිබඳ මෙහෙයුම්…
Video Story