ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට සහ විදේශිකයන්ට වාසිදායක වන අයුරින් දැඩි විනිමය පාලන රෙගුලාසි සහ බදු බලපෑම්වලින් තොරව ශ්‍රී ලංකාවේ විශේෂිත ගිණුමක මුදල් තැන්පත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙමින් විශේෂිත ගැසට් පත්‍රයක් අද (09) දින නිකුත් කිරීමට පියවර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද දින පැවති කැබිනට් තීරණ…
කොවිඩ්-19 නිසා ජනතාවට සහනයක් වශයෙන් විදුලි බිල්පත් ගෙවීම සඳහා අප්‍රේල් 30 දක්වා සහන කාල සීමාවක් කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ සිට ඇතැම් විදුලි පාරිභෝගිකයින් හට තම මාසික විදුලි බිල ගෙවීමට නොහැකිව සිටිය ද, කිසිදු අයුරකින් නිවාසවලට සපයා ඇති විදුලිය විසන්ධි කිරීමක් නොකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලිබල මණ්ඩලයට උපදෙස්…
ශ්‍රී ලාංකේය බැංකුකරණයේ ප්‍රමුඛයකු වන සම්පත් බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් ඊට අවශ්‍ය සේවාවන් ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටියි. සියලු ව්‍යාපාරයන් වෙත දැඩි බලපෑමක් එල්ල කර ඇති වත්මන් තත්වය තුළ සුලු හා මධ්‍ය පරිමාණ අංශයන්හි වැවිලි කර්මාන්ත, ධීවර, රෙදිපිළි, ප්‍රවාහන හා තොරතුරු තාක්ෂණ ඇතුලු ව්‍යාපාර රැසක් වෙනුවෙන් මාස 6ක ණය සහන කාලයක් සම්පත් බැංකුව…
හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර දුරස්ථව ලබා දීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින් හට සහයෝගය ලබා දීමට තවත් ස්වයංක්‍රිය නියමු රොබෝ යන්ත්‍රයක් (AGV) පරිත්‍යාග කිරීමට කටයුතු කළේය. COVID-19 රෝගීන් සඳහා ම වෙන් වූ ඉරණවිල රෝහල විවෘත කිරීමේ අවස්ථාවේදී, මුළුමනින් ම දේශීය නිමැවුමක්වන මෙම රොබෝ යන්ත්‍රය නිල…
වැටුප් කප්පාදු සිදුකෙරන ආකාරය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, බ්‍රැන්ඩික්ස් ලංකා, ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සිය සේවකයින්ට නිල වශයෙන් දැනුම් දෙති. මෙරට ප්‍රධාන පෙළේ මහා පරිමාණ සමාගම් කිහිපයක්ම මේ වන විට එළඹෙන මාස කිහිපය තුල සේවක වැටුප් කප්පාදු ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ ව්‍යාපාර කටයුතු අකර්මණ්‍ය වීම හේතුවෙන් තම සමාගම්වල පිරිවැය පාලනය කිරීමේ පියවරක් ලෙසින් මෙම…
ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) දිනයේ දී රුපියල් 200 සීමාව ඉක්මවා යනු ලැබීය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.95 ක් හා විකුණුම් මිල රු. 200.46 ක් ලෙසින් වාර්තා විය. මේ අතර අද දින…
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය විසින් රාජ්‍ය අංශය සඳහා හඳුන්වා දුන් වීඩියෝ සම්මන්ත්‍රණ විසඳුම (https://meet.gov.lk ) වෙත පිවිසීමටත්, එහිදී දත්ත සඳහා ගාස්තුවකින් තොරව නොමිලේ භාවිතා කිරීමටත් පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්, මොබිටෙල් සහ හච් සමාගම් ඒකාබද්ධ වී තිබේ. කොවිඩ් වෛරසය පැතිරීමේ අවදානම පාලනය කිරීමේ ප්‍රධාන උපක්‍රමයක් ලෙස නිවෙස් තුලම සිටින ලෙසත්…
ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තන් විසින් විදේශයන් හි ආයෝජනය කිරීම සඳහා ප්‍රතිමුඛ ආයෝජන ගිණුම් හරහා කරන ගෙවීම් අත්හිටුවමින් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මෙහිදී විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ ආයෝජකයා විසින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික තැනැත්තකුගෙන් ලබාගත් විදේශ වවහාර ණය මුදලක් මගින් මූල්‍යයනය…
කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට ආර්ථික වෛරසයෙන් පීඩා විඳින්නට ඉඩ දිය යුතු නැති බවත්, මේ අවස්ථාවේ දී බැංකු ක්‍රමය කඩා නොවැටී පවත්වාගෙන යාම හා ඒවාට සම්බන්ධ සේවක සේවිකාවන් ආරක්ෂා කිරීම අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍රයක් බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය. මේ අතර…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (06) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.35 ක් හා විකුණුම් මිල රු. 199.40 ක් ලෙසින් සටහන් විය. මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) රු. 194.80 ක් ලෙසින් සටහන් විය. 2020 ජනවාරි මාසයේ…
Video Story