Top News

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු මෙම සතියේ මුල් වරට හෙට (20) උදෑසන ආරම්භ කෙරෙන බව එහි ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන, කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් වෙත දැනුම් දී සිටී. කෙසේ වෙතත් කොළඹ කොටස් වෙළෙඳපොළ, ගනුදෙනු සඳහා විවෘත වන සාමාන්‍ය කාලසීමාව හෙට දිනයේ දී විවෘත නොවනු ඇත. සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ, ගනුදෙනු සඳහා පෙරවරු 9.30 සිට පසුවරු…

(0)Comments | March 19, 2020 7:21 pm

රජයේ නිවාඩු දිනවල කොටස් වෙළෙඳපොළ වසා දැමීමට සුරැකුම්පත් කොමිසම තීරණය කරයි. ඉදිරි දින ගැන තීරණය අද සවස

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව අද (19) උදෑසන කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩලය හා කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සභාපතිවරයා සමඟ විශේෂ හමුවක් පවත්වා තිබේ. මෙහිදී රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ‘රජයේ නිවාඩු දිනවල‘ දී කොටස් වෙළෙඳපොළ විවෘත නොකිරීමට තීරණය කර ඇත. මේ අතර මහජන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීමක් වන බැවින් සහ…

(0)Comments | March 19, 2020 3:25 pm

ගෝලීය ආර්ථිකයට COVID-19 සමඟ එල්ල වූ අභියෝග හමුවේ මෙරට ආර්ථිකය පාලනය කිරීමට රජය ගෙන ඇති පියවර මෙන්න

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ලෝක ආර්ථිකය කඩා වැටීමකට ලක් වී ඇති අතර, ගමනාගමන, සංචාරක හා ගුවන්ගමන් ක්ෂේත්‍ර සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටී ඇත. එම රෝගය ආරම්භ වූ චීනය විසින් රෝගය පාලනය කිරීම හා වැළැක්වීම සඳහා අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගය පැතිරීමේ අවදානමෙන් මිදීමේ ලක්ෂණ එම ‍රට පෙන්නුම් කළ ද මේ වන විට නව කොරෝනා…

(0)Comments | March 19, 2020 2:14 pm

ජාතික වෘත්තීය සුදුසුකම්ලාභීන් සඳහා ‘නිපුණතා බලපත්‍රයක්’ නිකුත් කිරීමට පියවර

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව (NVQ) හඳුන්වා දී ජාතික වශයෙන් සුදුසුකම් ප්‍රදානය කිරීමේ ක්‍රමවේදයක් පවත්වාගෙන යනු ලබයි. මෙම ක්‍රමවේදය සඳහා පවතින පිළිගැනීම තවදුරටත් පුළුල් කිරීම පිණිස ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ලංකා සේව්‍ය සම්මේලනය සමඟ ඒකාබද්ධව ජාතික වෘත්තීය සුදුසුකම් සහිත නිපුණ ශිල්පීන් හා සංක්‍රමණික විදේශ සේවා නියුක්ත ශ්‍රමිකයින් සඳහා ‘නිපුණතා…

(0)Comments | March 19, 2020 2:07 pm

ශ්‍රී ලංකාව සහ චීනය ඇ.ඩො. මිලියන 500 ක මූල්‍ය පහසුකම් සහිත ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකා රජය සහ චීන සංවර්ධන බැංකුව අතර ඇ.ඩො. මිලියන 500 ක මූල්‍ය පහසුකමක් සඳහා වන ගිවිසුම (18) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී අරලිය ගහ මැදුරේදී අත්සන් තැබිණි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතා සහ චීන සංවර්ධන බැංකුව වෙනුවෙන් චීන සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැන්ග් වෙයි මහතා (Mr. Wang Wei)…

(0)Comments | March 19, 2020 10:37 am

විවෘත කිරීමට සූදානම් වූ කොටස් වෙළෙඳපොළ යළි වැසෙයි

හෙට (19) දිනයේ දී දෛනික ගනුදෙනු සඳහා විවෘත කිරීමට කටයුතු යොදා තිබූ කොළඹ කොටස් වෙළෙඳපොළ, පෙර කී පරිදි ගනුදෙනු සඳහා විවෘත නොකෙරෙන බව වාර්තා වේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ ඉල්ලීම පරිදි සහ රජය විසින් COVID-19 වෛරසය ව්‍යාප්ත වීම වළක්වාලීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහාය දැක්වීම පිණිස, හෙට (19) දින කොළඹ කොටස් වෙළෙඳපොළ…

(0)Comments | March 18, 2020 11:37 pm

UK ශ්‍රී ලාංකිකයන් රැගත් ශ්‍රීලංකන් යානයක් හෙට කොළඹට. ශ්‍රීලංකන් නව ගුවන්ගමන් කාලසටහන් මෙන්න

දැනට එක්සත් රාජධානියේ (UK) සිටින ශ්‍රී ලාංකිකයන් (මගීන්) කොළඹ වෙත රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් (CAASL) අවසර ලබාගෙන ඇති අතර, ඒ අනුව UL504 දරණ ශ්‍රීලංකන් ගුවන් යානය 2020 මාර්තු 19 වන දින පැය 1240 ට කොළඹට ලඟාවීමට නියමිතව ඇත. CAASL / AASL හි නියෝගයට අනුව මාර්තු 19 වන දින පැය 04.00…

(0)Comments | March 18, 2020 9:02 pm

සමාජ ශාලා, කැසිනෝ, ස්පා වසාදමන්න තීරණයක්

රාත්‍රී සමාජ ශාලා, සූදු පොළවල් හා සම්බාහන මධ්‍යස්ථාන වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට රජය විසින් පියවර ගෙන ඇත. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (18) සවස පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී මේ බව අනාවරණය විය. මෙවන් ස්ථානවල විශාල පිරිසක් නිරන්තරයෙන් ගැවසෙන අතර එය කොරෝනා වෛරසය පැතිර යාම සඳහා හේතුවක් වන බැවින් රජය…

(0)Comments | March 18, 2020 7:19 pm

රජය විසින් ප‍්‍ර‍්‍රකාශයට පත් කර ඇති විශේෂ නිවාඩු දින කිහිපය තුළ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු බාධාවකින් තොර ව පවත්වාගෙන යෑම සඳහා ගනු ලැබ ඇති ක‍්‍ර‍්‍රියාමාර්ග

රජය විසින් ප‍්‍ර‍්‍රකාශයට පත් කර ඇති විශේෂ නිවාඩු දින කිහිපය තුළ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු බාධාවකින් තොර ව පවත්වාගෙන යෑම සඳහා පහත සඳහන් ක‍්‍ර‍්‍රියාමාර්ග ගෙන ඇති බව දන්වා සිටී තත්කාලීන දළ පියවුම් පද්ධති මෙහෙයුම් කටයුතු තත්කාලීන දළ පියවුම් පද්ධතියේ (RTGS) මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරේ. බැංකු අංශයේ මෙහෙයුම් කටයුතු Covid-19 වෛරසය පැතිර යෑම…

(0)Comments | March 18, 2020 11:25 am

ඩොලරයේ විකුණුම් මිල රු. 187 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරක ගැණුම් මිල රු. 183.14 ක් ලෙසත් විකුණුම් මිල රු. 187.23 ක් ලෙසත් සටහන් විය. මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක ගැණුම් මිල රු. 183 සීමාව හා විකුණුම් මිල රු. 187 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය හැඳින්විය හැකිය. මේ අතර…

(0)Comments | March 18, 2020 11:05 am