රටේ ව්‍යාපාර කටයුතුවලට විශාල බරක් වී ඇති බැංකු, මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අයකිරීම් මාස 06කට නතර කිරීමට තමන් විසින් නියෝග කරනු ලබන ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහා පවසයි. මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ජාතිය අමතමින් මේ බව කියා සිටියේය. එසේම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය සියයට 4 ක පොළියකට ලබා දීමට කටයුතු කරනු ලබන…
කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහා හෙට (18) දිනය ද නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයෙකු අද දෙරණ වෙත කියා සිටියේ, දෛනික ගනුදෙනු සඳහා හෙට දිනයේ දීද කොටස් වෙළෙඳපොළ විවෘත නොවන බවයි. මේ අනුව හෙට දිනය කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා විවෘත නොවන්නේ පසුගිය සති අන්තය ද ඇතුළුව අඛණ්ඩව පස්වන දිනයටයි.
ලන්ඩනයේ සිට කොළඹ දක්වා පියාසර කරන ලද ශ්‍රීලංකන් ගුවන් යානයක් සම්බන්ධයෙන් දැනට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතින ඇතැම් වාර්තා ශ්‍රීලංකන් ගුවන් සේවය තරයේ ප්‍රතික්ෂේප කරයි. එම තොරතුරු වලට අනුව විදේශ රටවල සිටින ප්‍රභූවරුන්ගේ සහෝදර සහෝදරියන් ගෙන්වා ගැනීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය විශේෂ ගුවන් සේවා පහසුකම් සලසා ඇති බව සඳහන් වන අතර එම තොරතුරු සම්පූර්ණයෙන්ම…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (16) පැවති හදිසි රැස්වීමේ දී, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 25 කින් අඩු කිරීමට සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ප්‍රතිශතාංක 1.00 කින් අඩු කිරීමට තීරණය කරන ලදී. මුදල් මණ්ඩලයේ මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටී. “ගෝලීය…
මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම රුපියල් අගය අද දින වාර්තා විය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 182.57 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 186.66 ක් ලෙසින් සටහන් විය. ඩොලරයක ගැණුම් මිල රු. 182…
අද (17) දින සිට දින තුනක කාලයක් විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති තීරණය අනුව අද, එනම් 2020 මාර්තු 17 දින කොළඹ කොටස් වෙළෙඳපොළට ද නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශ කිරීමට තිරණය කර ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර ආයතන වෙත මේ බව දැනුම් දෙමින් කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ පළමු පියාසර නිලධාරියෙකු හට කොරෝනා වෛයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වන ප්‍රවෘත්තිවලට අමතරව, පහත සඳහන් කරුණු පැහැදිලි කිරීමට ගුවන් සමාගම බලාපොරොත්තු වේ. අදාළ පළමු පියාසර නිලධාරියා සිය අවසන් දිගු මෙහෙයුම් පියාසැරිය සිංගප්පූරුව වෙත ගොස් ඇත්තේ 2020 පෙබරවාරි මස 28, වන දින වන අතර ඉන්පසුව ඔහු ක්‍රියාත්මක කළ සියලුම ගුවන් ගමන් ආපසු…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 මාර්තු 16 වැනි දින පැවැති හදිසි රැස්වීමේදී, 2020 මාර්තු 17 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.25 සහ සියයට 7.25 දක්වා පදනම් අංක 25 කින් අඩු කිරීමට සහ බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියළු…
දැනට කොරෝනා වෛරසය හේතුවෙන් රටතුල අතිවී ඇති අවදානම් තත්වය සදහා දේශපාලන පක්ෂ භේදයකින් තොරව රටේ සියලු පාර්ශව පෙලගැස්වීම වෙනුවෙන් වහාම සර්වපාක්ෂික නායකයන්ගේ රැස්වීමක් කැඳවන්නැයි කොළඹ වාණිජ මණ්ඩලය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටී. කොළඹ වාණිජ මණ්ඩලය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතිින් දැක්වේ. රටේ ආර්ථිකයත්, සාමන්‍යය ජන ජීවිතයත් දැඩි අවදානම් හා ගැටලු සහගත තත්වයකට මුහුනදී…
ශ්‍රී ලංකා රජය විසින් හෙට (16) දිනය රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එබැවින් හෙට (16) දිනය කොළඹ කොටස් වෙළෙඳපොළට ද නිවාඩු දිනයක් ලෙසින් නම් කර ඇත. මේ වන විට ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා උත්සන්න වී ඇති කොරෝනා වෛරස වසංගතය හමුවේ ගෝලීය ආර්ථිකය දැඩි කඩා වැටීමකට ලක්ව ඇත. මේ හේතුවෙන්…
Video Story