කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැලැක්වීම සදහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම පිළිබදව එම ක්ෂේත්‍රයේ විද්වතුන් ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු නියෝජිතයන් 60 ක් අන්තර්ජාලය ඔස්සේ එකම මොහොතක සහභාගිවු සාකච්ජාවක් ඉකුත් 19දා පවත්වන ලදී. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මෙම සාකඡාව සංවිධානය කරන ලද අතර සැලැස්කොම් සහ ෆිටීස් (SLASSCOM and FITIS) යන ආයතන ඊට එක්වුහ….
COVID-19 වෛරසය හේතුවෙන් රටට ඇතිවිය හැකි බලපෑම සහ එකී අහිතකර බලපෑම් අවම කිරීමට රජයට සහය වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන වාණිජ මණ්ඩල එක්ව යෝජනාවලියක් රජයට ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනා ඇතුලත් ලිපිය මාර්තු මස 18 වන දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමුකරන ලදී. ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) ,…
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි රජය විසින් අද (20) පස්වරු 6.00 සිට 2020 මාර්තු මස 23 පෙරවරු 6.00 දක්වා (ශ්‍රී ලංකා වේලාවෙන්) ඇඳිරි නීතිය පනවා තිබේ. මෙම කාල සීමාව තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය සමගින් පියාසර කිරීමට නියමිත ගුවන් මගීන්ට ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ගුවන් තොටුපළට ළඟා විය හැකිය. ඒ සඳහා ඔවුන්ගේ ගුවන් ටිකට්පත් සහ විදේශ ගමන්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.38 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 189.87 ක් ලෙසින් සටහන් විය. ඩොලරයක ගැණුම් මිල රු. 185 සීමාව සහ විකුණුම් මිල රු. 189 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ. මේ අතර අද (20) දින…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ විශාලතම පහළ යාම අද (20) දිනයේ දී වාර්තා විය. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 303.10 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 6.22% ක පහළ යාමකි. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 4,571.63 ක් වශයෙනි. මේ…
මින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය 5% බැගින් පහළ යන සෑම අවස්ථාවක දී කොටස් ගනුදෙනු මිනිත්තු 30කට අත්හිටුවීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අද (20) දින හදිසි තීරණයක් ගෙන තිබේ. අද දින S&P SL20 දර්ශකය 10% ක් ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ ගිය මිනිත්තු 30 ක් සඳහා ගනුදෙනු අත්හිටුවීම සිදුවූයේ මුල් 5% සඳහා පහණි. මෙවැනි අවස්ථාවක දී ආයෝජකයින්ගේ සුරක්ෂිතතාව තහවුරු…
අද (20) දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු මධ්‍යහ්න 12.00 ට අවසන් කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත. රජය විසින් අද පස්වරු 6.00 සිට සඳුදා (23) පෙරවරු 6.00 දක්වා රටපුරා බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමත් සමඟම කාර්ය මණ්ඩල සාමාජිකයන් ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව යාමේ හැකියාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගත් බව…
පසුගිය මාර්තු 13 වනදායින් පසු අද (20) දින මුල් වරට විවෘත වූ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, වෙළෙඳපොළ විවෘත වී මිනිත්තු 2කට පමණක් සීමා විය. මීට හේතු වූයේ S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහත වැටීමයි. පෙරවරු 10.00 ට දෛනික ගනුදෙනු ආරම්භ වූ අතර පෙරවරු 10.02ට ගනුදෙනු තාවකාලිව අත්හිටුවනු ලැබීය. යළිත්…
රටේ ආර්ථිකය අර්බුදයකට මුහුණ පා සිටින මොහොතක ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු සහ මුල්‍ය ආයතන විසින් ලබා දී ඇති ණය අය කිරීම මාස 06 කට නතර කිරීමට ජනාධිපතිවරයා විසින් කර ඇති නියෝගය, කර්මාන්තශාලා සඳහාද ලබාදෙන මෙන් කර්මාන්තශාලා රැක ගැනීමේ සංසදය රජයෙන් ඉල්ලා සිටී. තවද කාරක ප්‍රාග්ධනය අතිශය වැදගත් වන්නේ කර්මාන්තශාලා වලට බැවින්…
විනිමය අනුපාතයට හා මූල්‍ය වෙළෙඳපොළ අස්ථාවරත්වයය බලපා ඇති පීඩනය සමනය කිරීමට ගත් තීරණයක් COVID-19 වසංගතය හේතුවෙන් විනිමය අනුපාතය සහ මූල්‍ය වෙළඳපොළ සම්බන්ධයෙන් ඇති වී තිබෙන අස්ථාවර තත්ත්වයන් හි පීඩනය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර කිහිපයක් ගෙන තිබේ. 1949 අංක 58 දරණ මූල්‍ය නීති පනත, 1988 අංක 30 දරණ බැංකු පනත සහ…
Video Story