Top News

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනයට ඉන්දියාවෙන් රු. මිලියන 300ක්

පලාලි හි පිහිටි යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එම ගුවන්තොටුපොළේ සිට කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයවීම ද ආරම්භ කර ඇත. ඒ සඳහා සහයෝගය පළ කරමින් ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි පර්යන්ත වෙනස් කිරීම්, විදුලිබල…

(0)Comments | February 20, 2020 4:29 pm

ජාතික කඩදාසි සමාගම ඈවර කිරීමේ තීරණය කැබිනට් මණ්ඩලය අවලංගු කරයි

නිෂ්පාදන කටයුතු සිදු නොකර වසා දමා ඇති රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වශයෙන් හඳුනාගෙන ඇති අතර, දැනට නිෂ්පාදන කටයුතු සිදු කරනු නොලබන, ප්‍රතිව්‍යුහගතකරණය සඳහා විභවතාවයක් සහිත සියලුම රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව, සීමාසහිත ජාතික කඩදාසි සමාගම යටතේ පවතින දැනට නිෂ්පාදන කටයුතු නවතා…

(0)Comments | February 20, 2020 4:24 pm

සිංගප්පූරුවේ සිට කොළඹට එන මිල අඩුම අලුත්ම ගුවන් සේවය මෙන්න

ජෙට්ස්ටාර් ඒෂියා ගුවන් සේවය 2020 ජුලි 1 වන දින සිංගප්පූරුවේ සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් වාර අරම්භ කරනු ලබන බව නිවේදනය කර සිටී. මේ අනුව සිංගප්පූරුවේ සිට ගමන් අරඹන ජෙට්ස්ටාර් ඒෂියා හි 25 වන ගමනාන්තයට බවට කොළඹ පත්වන අතර මෙරටට පැමිණෙන Qantas සමූහයේ පළමු ගුවන් සේවය බවට ද එය පත් වනු ඇත. එසේම සිංගප්පූරුව සහ…

(0)Comments | February 20, 2020 4:09 pm

එයාර්බස් ගනුදෙනුවට නිමල් පෙරේරා ගේ නමත් ඈඳෙයි – අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක්

මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ මහාපරිමාණ ආයෝජකයෙකු ද වන නිමල් පෙරේරා හට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියෝග කරන ලදී. තවද ඔහුට අයත් මෙරට බැංකු ගිණුම් 4 ක තොරතුරු ලබා ගැනීමට ද අධිකරණය විසින් නියෝග කර ඇත. ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල…

(0)Comments | February 20, 2020 1:46 pm

ඇළුමිනියම් පවුඩර් ආනයනය හා බෙදාහැරීමේ පූර්ණ බලය රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවට

2003 වසරේ දී පෞද්ගලික අංශය මඟින් ඇළුමිනියම් පවුඩර් දේශීයව නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමට පෙර මෙරටට අවශ්‍ය ඇළුමිනියම් පවුඩර්, ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කරන ලදී. නමුත්, ඇළුමිනියම් පවුඩර් ආනයනයට පැවති නීතිමය පසුබිම ලිහිල් වීමත් සමඟ පෞද්ගලික අංශය විසින් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමකින් තොරව ඇළුමිනියම් පවුඩර් දිගින් දිගටම…

(0)Comments | February 20, 2020 12:16 pm

යල කන්නයේ සිට ගොවීන්ට පරිසර හිතකාමී පොහොර නොමිලේ – නියමු ව්‍යාපෘතියක් ඇරඹේ

ඉහළ ගුණත්වයෙන් යුත් කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ගොවීන් උනන්දු කිරීම පිණිස ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට 2020 ජනවාරි 02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස සහ යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරනු ලැබ ඇත. දැනටමත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් කාබනික පොහොර…

(0)Comments | February 20, 2020 11:52 am

ශ්‍රීලංකන් එයාර් බස් ගනුදෙනුව නීතිපති උපදෙස්වලින් තොරව සිදුවූවක් – කෝප් කමිටුවේ දී අනාවරණය වෙයි

ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුව නීතිපතිවරයාගේ උපදේශනයෙන් තොරව සිදු කොට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (19) පැවැත්වූ කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය විය. ඒ අනුව ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් විධිමත් අනුමැතීන් ලබා නොගැනීම, විධිමත් අධ්‍යනයකින් හා විශ්ලේෂණයකින් තොරව මුල්‍ය ප්‍රසම්පාදන කටයුතු නොකිරීම,…

(0)Comments | February 20, 2020 10:32 am

අපනයන සංවර්ධන මණ්ඩලය පාරිභෝගිකයින් සඳහා උපකාරක කවුළුවක් පිහිටුවයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අපනයනකරුවන්ට, ව්‍යවසායකයින්ට සහ මහජනතාවට රජයේ වැඩකරන දිනවල කඩිනම් තොරතුරු ලබා ගැනීම සදහා පාරිභෝගික උපකාරක කවුළුවක් ස්ථාපිත කර ඇත. අපනයන සංවර්ධන මණ්ඩලය මෙම පියවර ගෙන ඇත්තේ අපනයන සේවාවන්හි කාර්යක්ෂමතාව සහ එලදායීතාවය උපරිම කිරීම සහ වෙනත් අදාළ ආයතන පිළිබඳ අවශ්‍ය මග පෙන්වීම් ලබා දීම සදහායි. මේ යටතේ අපනයන ක්ෂේත්‍ර‍යන්ට අදාල ඕනෑම පාරිභෝගික…

(0)Comments | February 19, 2020 1:48 pm

ආයෝජනයට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනපති පවසයි

ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. පරිසරය ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයකට නිතිමය පසුබිම සැකසිය යුතු බව ද පරිසර සහ වනජීවි අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා සඳහන් කළේය. නීති රීති, අණ පනත් සහ රෙගුලාසි වර්තමානයට…

(0)Comments | February 19, 2020 12:13 pm

2019 දී සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 334 ක ශුද්ධ ගෙවීමක්

2019 වසරේ දෙසැම්බර් මාසයේ දී රුපියල්වලින් නාමනය කරන ලද රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි වූ විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ශුද්ධ ගෙවීමක් වාර්තා කිරීම හේතුවෙන්, සමුච්ඡිත පදනම මත, 2019 වසර තුළ දී රාජ්‍ය සුරැක්ම්පත් වෙළෙඳපොළ වෙතින් එක්සත් ජනපද ලෙර් මිලියන 334ක ශුද්ධ ගෙවීමක් වාර්තා විය. 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු…

(0)Comments | February 19, 2020 12:05 pm