Top News

අර්ථසාධක අරමුදලට සම්පත් බැංකුවෙන් රු. මිලියන 447 ක ලාභාංශ ආදායමක්

මෙරට ලැයිස්තුගත බැංකු සමාගමක් වන සම්පත් බැංකුව, සිය නවතම මූල්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සිය කොටස් හිමියන් සඳහා, එක් කොටසකට රු. 11.75 ක මුදල් ලාභාංශයක් ලබා දෙන බව නිවේදනය කර සිටී. ඒ අනුව සම්පත් බැංකුවේ දෙවැනියට විශාලතම කොටස් හිමියා වන, සේවක අර්ථසාධක අරමුදල රු. මිලියන 446.98 ක ලාභාංශයකට හිමිකම් කියනු ඇත. සේවක අර්ථසාධක අරමුදල සම්පත් බැංකුවේ…

(0)Comments | February 14, 2020 11:13 am

ධම්මික පෙරේරා – JW Marriott සහ Ritz-Carlton සමඟ ගිවිසුම්ගත වෙයි. ජාත්‍යන්තර හෝටල් දෙකක් ශ්‍රී ලංකාවට

ලොව ප්‍රමුඛතම හෝටල් සන්නාම දෙකක් වන JW Marriott සහ Ritz-Carlton හෝටල් මෙරට ස්ථාපිත කිරීම සඳහා අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම පසුගිය දා සිදුවිය. වැලිබල් වන් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන ග්‍රීනර් වෝටර් ලිමිටඩ් හි සභාපතිවරයා වශයෙන් මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සහ සමර් සීසන් ලිමිටඩ් හි සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා මෙහිදී අවබෝධතා ගිවිසුම්වලට අත්සන්…

(0)Comments | February 13, 2020 1:09 pm

ඉන්දියානු ණය ආධාරයෙන් කුරුණෑගල – මහව ද්විත්ව දුම්රිය මාර්ගයක්

උතුරු දුම්රිය මාර්ගයේ කුරුණෑගල සහ මහව අතර කොටස තුළ පවතින තදබදය හේතුවෙන් උදෑසන සහ සවස කාර්යාල දුම්රිය පැයකට අධික කාලයක් ප්‍රමාද වීම ඉතා සුලභ තත්ත්වයකි. එබැවින්, උතුර බලා ධාවනය වන මගී දුම්රියවල ගමන් කාලය අඩුකර, උතුරු දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීමේ සමස්ත ප්‍රතිලාභ අත්කර ගැනීම සඳහා ඉන්දියානු ණය ආධාර යටතේ ඉතිරිව පවතින අරමුදල් භාවිතා කරමින් කුරුණෑගල…

(0)Comments | February 13, 2020 11:19 am

රටවල් 48ක සංචාරකයින්ට නොමිලේ වීසා තවත් මාස 03 කින් දීර්ඝ කෙරේ

රටවල් 48කින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්හට නිදහස් වීසා නිකුත් කිරීමේ වැඩසටහන 2019 අගෝස්තු 01 වැනිදා සිට මාස 06ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීම පිණිස 2019 ජූලි 30 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නිදහස් වීසා වැඩසටහන ක්‍රියාත්මක වූ කාලපරිච්ඡේදය තුළ දී මෙකී රටවල්වලින් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක් සිදුව ඇති බව නිරීක්ෂණය වී…

(0)Comments | February 13, 2020 11:15 am

EPF සාමාජිකයින්ට මාසික දායක මුදල් ගිණුම්ගත වූ සැණින් දැනුම් දෙන SMS සේවාවක්

මේ වන විට සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජිකත්වය දරන ස්ථිර සේවක සංඛ්‍යාව මිලියන 2.6ක් පමණ වේ. දැනට පවතින ක්‍රමවේදය අනුව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම දායක මුදල් ගිණුම්ගත වී ඇත්ද යන්න දැනගැනීම සඳහා මාස 06-12 අතර කාලයක් ගතවන අතර එම හේතුවෙන් දායක මුදල් ගිණුම්ගත වීම සම්බන්ධ ගැටලු රාශියකට සාමාජිකයින් නිරන්තරයෙන් මුහුණ පාන බවට හඳුනාගෙන ඇත….

(0)Comments | February 13, 2020 11:12 am

ශ්‍රී ලංකාව රු. මිලියන 163කින් සෝමාලියාවට පිහිටවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අපහසුතා බෙදා ගැනීමේ ක්‍රමවේදය (Burden Sharing Mechanism) එහි විධායක මණ්ඩලය මඟින් 1986 දී අනුමත කරන ලද ප්‍රතිපත්තියක් වන අතර, විවිධ හේතුන් මත සාමාජිකයින් විසින් ගාස්තු නොගෙවීම නිසා අරමුදලට අහිමි වන ආදායම ප්‍රතිපූරණය කිරීම පිණිස මෙම ක්‍රමවේදය සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, අරමුදලෙහි විධායක සභාව විසින් 2019 දෙසැම්බර් මාසයේදී අනුමත කරන ලද…

(0)Comments | February 13, 2020 11:06 am

ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් ආයතනයෙන් කොමර්ෂල් බැංකුවට සම්මාන දෙකක්

2019 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘හොඳම දේශීය බැංකුව’ යන සම්මානය සහ ‘හොඳම ආයතනික බැංකුව’ යන සම්මාන යුගලය එංගලන්තය පදනම් කරගත් ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් සඟරාව විසින් පසුගියදා ඩුබායි හි, ජුමේරාහ් එමිරේට්ස් ටවර් හෝටලයේ අති උත්කර්ශවත් අයුරින් පැවැති උත්සවයකදී කොමර්ෂල් බැංකුවට පිරිනමන ලදී. මෙම සම්මාන බැංකුව වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ආයතනික සහ වෙළඳ සේවා බී.ඒ.එච්.එස්. ප‍්‍රීනා මහතා…

(0)Comments | February 13, 2020 10:14 am

ආර්ථික වර්ධන වේගය – දකුණු ආසියාවේ රටවල් 8කින් ශ්‍රී ලංකාව 6 වැනි තැනට

බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින හා ඉන්දියාව ඉදිරියෙන් දකුණු ආසියාවේ අඩුම වේගයකින් වර්ධනය වන ආර්ථික අතර තෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ලෝක බැංකුවේ නවතම පුරෝකථනයන්ට අනුව 2020 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.3% ක් ලෙසින් දක්වා ඇති අතර 2019 වසරේ දී මෙම අගය වාර්තා වූයේ 2.7% ක් වශයෙනි. මෙම පුරෝකථනයන්ට අනුව බංග්ලාදේශය, නේපාලය,…

(0)Comments | February 12, 2020 1:12 pm

ණය සහන ගැන මහ බැංකුවෙන් චක්‍රලේඛයක්

රජය විසින් දැනටමත් නිවේදනය කර ඇති සහන සහ දිරිගැන්වීම් වලට අනුපූරක ලෙස, සුදුසුකම් ලත් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ගැණුම්කරුවන් සඳහා විශේෂ ණය සහන යෝජනා ක්‍රමයක් ලබාදීමට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) එකඟවී ඇත. ඒ අනුව, මෙම යෝජනා ක්‍රමය සියලුම බලපත්‍රලාභී බැංකු අතර ඒකාකාරී ලෙස ක්‍රියාවට…

(0)Comments | February 12, 2020 11:01 am

2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙසින් නම් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාව තුල 2020 වර්ෂය ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස නම් කර ඇත. මෙම මෙහෙවරෙහි ප්‍රධාන අරමුණ වන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකු, අනෙකුත් මූල්‍ය ආයතන සහ ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් දැනටමත් හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද ජනප්‍රිය කරවීමය. ජංගම දුරකතන මගින් ගෙවීම් කටයුතු සිදු කිරීමේ ප්‍රවනතාවයක් ඇති කිරීම මෙහි ඇති වැදගත්…

(0)Comments | February 12, 2020 10:55 am