Top News

බැඳුම්කර මංකොල්ලයට වසර 5 යි

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ මෙතෙක් සිදුවූ දැවැන්තම මූල්‍ය අක්‍රමිකතාවය සිදුවී අදට වසර 5කි. නමුත් සැකකරුවන් සිටිය ද කිසිවකුත් මේ වනතෙක් ඊට වැරදිකරුවන් වී නැත. “රැවටිලිකාරයකුට, රැවටිලිවලට හසු වන්නකු ද හැම විටම මුණ ගැසෙන තරමට මිනිසුන්ගේ මනස සරලය. ඔවුහූ ඔවුන්ගේ වර්තමාන අවශ්‍යතා විසින් මෙහෙයැවෙන්නෝය.“ නිකොලොයි මකියාවෙලී (කුමාරයා – 18 වැනි පරිච්ඡේදය) බැඳුම්කරයේ ප්‍රශ්නය තවත් වසර 25කින් අවසන්…

(0)Comments | February 27, 2020 12:54 am

කොළඹ ඉඩම් මිල 2019 දෙවන භාගයේ දී 10.4%කින් ඉහළට

2019 වසරේ දෙවන භාගය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් ගණනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 138.9ක අගයක් වාර්තා කරන ලද අතර, එය 2018 වසරේ දෙවන භාගයේ වාර්තා වූ අගයට සාපේක්ෂ ව සියයට 10.4ක වර්ධනයකි. මෙම වර්ධනය සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහි ම ඉහළ යාම හේතු විය….

(0)Comments | February 26, 2020 5:14 pm

සිගරට් අලෙවිය 19% කින් පහළට. රජයේ බදු ආදායමත් අඩුවෙලා

2019 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව තුළ දී සිය සමාගමේ අලෙවි පරිමාව පෙර වසරේ අනුරූප කාලපර්ච්ඡේදයට සාපේක්ෂව 19% කින් පහළ ගොස් ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසයි. 2019 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත්කරමින් සමාගම මේ බව කියා සිටී. ලංකා දුම්කොළ සමාගම මෙහිදී වැඩිදුරටත් පවසන්නේ 2019 තුළ දී සිදුකරන ලද…

(0)Comments | February 26, 2020 4:27 pm

පෞද්ගලික රථ වාහන ආනයන වියදම පර්මිට් නිසා වැඩිවෙලා

ශ්‍රී ලංකාවට 2019 වසරේ දී පෞද්ගලික රථවාහන ආනයන සඳහා කරන ලද වියදම 2018 වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 757.9 කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. 2018 වසරේ දී පෞද්ගලික රථ වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 1,573.5 ක වියදමක් ශ්‍රී ලංකාව විසින් දරා ඇති අතර එම ප්‍රමාණය 2019 වසරේ දී…

(0)Comments | February 26, 2020 1:42 pm

වෘත්තීය පුහුණු අධිකාරිය හා රක්නා ආරක්ෂක ලංකා අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) හා සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා ආයතනය අද දින (26) ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදි. පුද්ගලික ආරක්ෂක කර්මාන්තයේ සේවය කරන පුද්ගලික ආරක්ෂක නිලධාරීන් සහ එම ක්ෂේත්‍රයට යොමු වීමට නියමිත අය සඳහා රැකියා ගත වීමට පෙර විධිමත් පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාවක් නොමැත. එම…

(0)Comments | February 26, 2020 12:34 pm

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ‘Business Today Top 30’ ලැයිස්තුවේ 14 වන ස්ථානය දක්වා ඉදිරියට

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ‘Business Today Top 30’ සම්මාන උළෙලේදී මෙරට ඉහළ ම සමාගම් අතර 14 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. වසර 20 ක අත්දැකීම් සමගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව එම සංධිස්ථානය සනිටුහන් කළ ලාබාලත ම සමාගම බවට ද පත් වූයේ මින් පෙර වසරට වඩා ස්ථාන නවයක් ඉදිරියට පැමිණෙමිනි. Business Today Top 30 සම්මාන, කොළඹ ව්‍යාපාර…

(0)Comments | February 26, 2020 11:12 am

කටුනායක සිට හම්බන්තොට ට අධිවේගයේ ගාස්තු අය කෙරෙන්නේ මෙහෙමයි

දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ වීමත් සමඟම, 2020 පෙබරවාරි මස 20 වැනි දින අංක 2163/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද, කොට්ටාව – මත්තල, ගාස්තු ගෙවිය යුතු දක්ෂිණ ජාතික මහා මාර්ගයේ ගාස්තු සටහන මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. මෙම ගාස්තු අයකිරීම් රු. 50 සිට…

(0)Comments | February 25, 2020 3:09 pm

සෙලින්කෝ ලයිෆ් 2019 සඳහා රුපියල් බිලියන 8.2 ක බදු වලට පෙර ලාභයක් සහ රුපියල් බිලියන 32.1 ක ආදායමක් වාර්තා කරයි

රුපියල් බිලියන 18.7 රක්ෂණ වාරික ආදායමක් ලබාගනිමින් අඛණ්ඩව 16 වන වසරටත් මෙරට ජීවිත රක්ෂණ අංශයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා වෙයි 2019 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මූල්‍ය වර්ෂය තුළදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ ඒකාබද්ධ ආදායම රුපියල් බිලියන 32.1 ක් දක්වා ශක්තිමත් ලෙස වර්ධනය වී තිබෙන අතර සමාගමේ ආදායම් වර්ධනය පෙර වසරට සාපේක්ෂව 9.9%ක්වී තිබේ. මෙරට ජීවිත රක්ෂණ  ක්ෂේත‍්‍රයේ…

(0)Comments | February 25, 2020 2:12 pm

COVID -19 වෛරසය ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර කෙරෙහි බලපෑම

ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ ආර්ථික තොරතුරු ඒකකය විසිනි නවල් කොරෝනා වෛරසයෙහි (COVID-19) පැතිරයාම ලෝක ආර්ථිකය වෙත බලපෑම් කරමින් පවතින අතර විශේෂඥයින් අපේක්ෂා කරන්නේ එය 2002-03 කාලයේ ඇතිවූ සාර්ස් වෛරසයේ බලපෑම අභිබවනු ඇති බව ය. චීනයේ දළ දේශීය නිෂ්පාදිත වර්ධන වේගය 2019 අවසන් කාර්තුවේදී 6% ක් වුවද වෛරසයේ පැතිර යාම හේතුවෙන් 2020 පළමු කාර්තුවේ වර්ධන වේගය 4.5%…

(0)Comments | February 25, 2020 1:46 pm

උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)   ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 දෙසැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2020 ජනවාරි මාසයේ දී සියයට 7.6 දක්වා ඉහළ ගියේ ය. ආහාර සහ ආහාර නො වන කාණ්ඩ දෙකෙහි ම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය…

(0)Comments | February 25, 2020 10:29 am