Top News

ශ්‍රී ලංකා ඉතිහාසයට නව පර්ච්ඡේදයක් එක්කරමින් Vega EVX සුපිරි මෝටර් රථය Geneva International Motor Show 2020 හිදී නිල වශයෙන් එළිදකී Video

ශ්‍රී ලංකා අභිමානය ජාත්‍යන්තරයේ රැව්පිළිරැව් දුන් අවස්ථාවක් මීට හෝරා කිහිපයකට පෙර වාර්තා විය. ඒ එතෙක් මෙතෙක් මෙරට ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්කරමින් Vega Innovations විසින් නිෂ්පාදනය කරන ලද Vega EVX සුපිරි මෝටර් රථය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවති Geneva International Motor Show 2020 හිදී ඊයේ (03) දිනයේ දී එළිදැක්වීමත් සමඟිනි. කෙසේවෙතත් වර්තමාන‍යේ දී ගෝලීය අධිවසංගත තත්ත්වයක් දක්වා…

(0)Comments | March 4, 2020 8:15 am

සුඛෝපභෝගී නෞකා මගීන්ට මෙරට ගොඩබිම තහනම්

සුඛෝපභෝගී මගී නෞකාවලින් පැමිණෙන මගීන් හට මෙරටට ඇතුල්වීම අද (03) සිට නවතා දැමූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය. “නිරෝධායන හා රෝග වැළැක්වීමේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට පනතින් ලැබී තිබෙන බලතල අනුව අද (03) සිට මගී…

(0)Comments | March 3, 2020 5:48 pm

‘අසීරු’ 2019 වසර අවසානයේ කොමර්ෂල් බැංකු සමූහයේ ආදායම රුපියල් බිලියන 150 සංධිස්ථානය පසුකරයි

රුපියල් බිලියන 819 ක් රජයට බදු ලෙස ගෙවයි හානි පූරණ ගාස්තු රුපියල් බිලියන 3 ක් සහ ණය නැවත ගෙවීමේ බදු රුපියල් බිලියන 2.5 ක්වීම සෘණාත්මකව බලපායි සමස්ත වත්කම් රුපියල් ටි‍්‍රලියන 4 ක් දක්වා ඉහළට බැංකු අංශයේ හොඳම තැන්පතු වර්ධනය වන 5% ක තැන්පතු වර්ධනයක් ලබාගනිමින් තැන්පතු ටි‍්‍රලියන 1.069 ක් දක්වා ඉහළට රටට සහ බැංකුවට අසීරු…

(0)Comments | March 3, 2020 1:06 pm

ආයතන ක්ෂේත්‍රෙයේ සෞඛ්‍යය හා යහපැවැත්ම නංවමින්, 2020 ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය හා ඵලදායිතා සම්මාන උළෙල පැවැත්වෙයි

ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලය (COYLE), ජපාන විදේශීය වෙළෙඳ සංගමය (JETRO) සමග එක්ව, මෙහෙය වූ, 2020 ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය හා ඵලදායිතා සම්මාන උළෙල පසුගියදා, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, අකිරා සුජියාමා මහතා එම උළෙලෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ සභාපති, අමින්ද…

(0)Comments | March 3, 2020 11:07 am

“මොරටු ලී” එළිදැක්වේ

තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලාංකීය දැව හා දැව ආශ්‍රිත කර්මාන්තය උසස් තාක්ෂණික ගෝලීය අපනයන වෙළෙඳපොළ දක්වා රැගෙන යාමත්, නවෝත්පාදනය හරහා දැව සහ දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා විශිෂ්ඨත්ව මධ්‍යස්ථානයක් බවට මොරටු ප්‍රදේශය පත් කිරීමේ පළමු පියවර ලෙස මෙරටුව දැව කර්මාන්තයේ අනන්‍යතාව ප්‍රචලිත කිරීමේ අරමුණෙන්   “මොරටු ලී” සන්නාමය එළිදැක්වීම තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය ගරු තිලංග සුමතිපාල…

(0)Comments | March 2, 2020 5:28 pm

ලාල් වීරසිංහ හිල්ටන් හෝටල් අධ්‍යක්ෂ මණ්ඩලයට

ජනප්‍රිය සිනමා නළුවකු හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන ලාල් වීරසිංහ මහතා හොටේල් ඩිවලොපර්ස් (ලංකා) පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් පත් කර තිබේ. හොටේල් ඩිවලොපර්ස් පීඑල්සී, කොළඹ හිල්ටන් හෝටලයේ හිමිකරු සහ මෙහෙයුම්කරුවා වේ. 2010 වසරේ දී මාර්ග සංවර්ධන අධිකාරියේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ලාල් වීරසිංහ මහතා 2010 සිට 2013 දක්වා “Social Security Board” හි අධ්‍යක්ෂවරයෙකු…

(0)Comments | March 2, 2020 5:05 pm

විදෙස් සිසුන්ට වූහාන් විශ්වවිද්‍යාලයේ පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහනක්. මාර්තු 31ට පෙර අයදුම් කරන්නැයි කියයි

ලොව පුරා රටවල්වල කැපී පෙනෙන දක්ෂතාවයන් දක්වා ඇති විදෙස් සිසුන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් චීන රජය විසින් පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහනක් දියත් කරනු ලබයි. ඒ අනුව චීනයේ වූහාන් විශ්වවිද්‍යාලයේ Master හා Doctoral අධ්‍යයන වැඩසටහන් සඳහා උපාධිධාරී සිසුන් ඇතුළත් කර ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ. මෙහිදී සිසුන්ගෙන් පාඨමාලා ගාස්තු අයකිරීමක් සිදු නොවන අතර එම වියදම…

(0)Comments | March 2, 2020 2:46 pm

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සිය නවතම සන්නාම වීඩියෝව වන ‘Ode to Paradise’ එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ කීර්තිමත් වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සිය සන්නාමය ගොඩනැගීමේ ප්‍රයත්නයන්හි විප්ලවීය වෙනසක් සිදු කරමින් නවතම සන්නාම වීඩියෝව වන ‘Ode to Paradise’ වීඩියෝව One Galle Face හි PVR සිනමා ශාලාවේ දී පසුගියදා එළිදැක්වීය. ‘Ode to Paradise’ නම් වූ මෙම නව නිෂ්පාදනය ‘බ්ලූ වෝටර්ස්’ තනු නිර්මාණය හරහා පැරණි මතකයන් ආවර්ජනය…

(0)Comments | March 2, 2020 1:48 pm

ධීවරයන් සඳහා නොමිලේ හඳුන්වාදෙන ස්ථානයට අනුකූල කාලගුණික නිවේදන සහ අනතුරු ඇඟවීම් සේවාව ‘සයුරු’ – ඩයලොග් විසින් බලගන්වයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව වෙරළබඩ කලාපයේ වෙසෙන ධීවර ප‍්‍රජාවට නොමිලේ, භාෂා ත‍්‍රිත්වයෙන්ම ක‍්‍රියාත්මක වන SMS සහ හඬ පණිවිඩ පදනම් කරගත් කාලගුණික සහ අනතුරු ඇඟවීමේ සේවාව වන ‘සයුරු’ හඳුන්වාදෙයි. වෙරළබඩ වෙසෙන ප‍්‍රජාවගෙන් සැලකිය යුතු පිරිසකගේ ජීවනෝපාය මාර්ගය පදනම් වී ඇත්තේ…

(0)Comments | March 2, 2020 1:20 pm

රජයේ සුරැකුම්පත් – සතියක් තුළ දී රු. බිලියන 11.42 ක විදෙස් ආයෝජන ඉවතට

2020 පෙබරවාරි 26 දින වන විට රජයේ සුරැකුම්පත්වල විදේශීය ආයෝජන හිමිකාරීත්වය රුපියල් මිලියන 91,240 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී. කෙසේ වෙතත් 2020 පෙබරවාරි 19 දිනට මෙම අගය රුපියල් මිලියන 102,664 ක් ලෙසින් වාර්තා වී තිබේ. මේ අනුව 2020 පෙබරවාරි මාසයේ දී අවසාන සතිය තුළ දී, රජයේ සුරැකුම්පත්වලින් රුපියල් මිලියන 11,424 ක…

(0)Comments | March 2, 2020 12:57 pm