Top News

මහ බැංකුව SLIBOR ගණනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම නවත්වයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික (SLIBOR) ගණනය කිරීම සහ ප්‍රකාශයට පත් නො කිරීමට තීරණය කරන ලදී. මෙම තීරණයට එළඹීම සඳහා ප්‍රධාන වශයෙන් සැලකිල්ලට භාජනය වූ කරුණු වනුයේ දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ ණය උපකරණ සඳහා වන පදනම් මිල තීරණය…

(0)Comments | February 25, 2020 10:25 am

ශ්‍රී ලංකාවේ දී රු. ලක්ෂ 40කට අඩුවෙන් මිල දී ගත හැකි අලුත්ම ඉලෙක්ට්‍රික් SUV රථය මෙන්න

නවතම Mahindra eKUV100 ඉලෙක්ට්‍රික් SUV මෝටර් රථය නුදුරේ දීම ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව අයිඩියල් මෝටර්ස් සමාගමේ සභාපති නලීන් වෙල්ගම මහතා පවසයි. පසුගිය දා වැලිපැන්න MILPL කර්මාන්ත ශාලා පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය. “ඉලෙක්ට්‍රික් කාරයක ප්‍රධානතම අංග දෙක වන්නේ මෝටරය සහ බැටරිය. බැටරියේ ධාරිතාව වැඩිවීමත් සමග ධාවනය කළ හැකි…

(0)Comments | February 24, 2020 2:08 pm

චීන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් මාලබේ ට

අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර ලබා දී ඇති අනුමැතිය පරිදි, කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ චීනයේ යුනාන් ග්‍රාමීය විද්‍යා හා තාක්ෂණ සේවා මධ්‍යස්ථානය අතර සහයෝගිතාවයෙන් කාර්මික තාක්ෂණ ආයතනයේ මාලබේ පිහිටි නවීන පර්යේෂණ හා සංවර්ධන සංකීර්ණයෙහි ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹ ඇත. එකී තාක්ෂණ විද්‍යාගාරය ස්ථාපිත කිරීම සඳහා මාලබේ පිහිටි නවීන පර්යේෂණ…

(0)Comments | February 24, 2020 12:00 pm

ප්‍රමුඛතා පාලම් 23ක් සැපයීම හා සවි කිරීම ප්‍රංශ සමාගමකට

රථවාහන තදබදය, රිය අනතුරු, සහ ඉහළ වාහන මෙහෙයුම් පිරිවැය අවම කිරීම අරමුණු කර ගනිමින් ප්‍රමුඛතා පාලම් 23ක් තෝරාගත් ප්‍රදේශවලට සපයා සවි කිරීම සුදුසු බවට හඳුනාගෙන ඇත. මේ සඳහා ප්‍රංශයේ M/s Ellipse Projects SAS ආයතනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එකී යෝජනාව මත පදනම්ව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, යෝජනාව ඇගයීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන…

(0)Comments | February 24, 2020 11:48 am

තේ වැවිලි ක්ෂේත්‍රය විකිණීම මත ලැබූ ඉපැයුම් හේතුවෙන් සන්ෂයින් 2019/20 මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුවේ ලාභදායීත්වය ඉහළට

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් අතර ප‍්‍රමුඛතම සමාගමක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පී.එල්.සී . සමුහය තේ වැවිලි ක්ෂේත‍්‍රය විකිණීම මත අත්කර ගනු ලැබූ ඉපැයුම් මත සිය 2019/20 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9තුළ ලාභදායීත්වයෙහි කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට සමත් ව ඇත. මෙම මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 පසුගිය වසරේ තුන්වන කාර්තුව සමග සැසඳීමේදී සමූහයේ බදුපසු ලාභය…

(0)Comments | February 24, 2020 10:34 am

කිරුළපන කොළඹගේ මාවතේ නිවාස 624 ක ව්‍යාපෘතියේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව මාගා ඉංජිනියරින් සමාගමට

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන ජනතාවගේ නිවාස අවශ්‍යතාවන් සලසා දීම පිණිස නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. එම ව්‍යාපෘතිය සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබාගැනීමට කටයුතු කෙරෙමින් පවතී. එම අරමුදල්වලින් කොටසක් භාවිත කර කිරුළපන, කොළඹගේ මාවතේ පිහිටි නිවාස 624 ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කටයුතු සැලසුම්…

(0)Comments | February 21, 2020 4:58 pm

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්ත ධාරිතාව වැඩි කිරීමේ රු. බිලියන 35 ක කොන්ත්‍රාත්තුවක් ජපානයේ Taisei Corporation වෙත

වර්ෂ 2025 වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විසින් මෙහෙයවනු ලබන වාර්ෂික ගුවන් මගීන් සංඛ්‍යාව මිලියන 20 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, එම තත්ත්වයට මුහුණ දීමට ගුවන්තොටුපළ මගී පර්යන්ත ආශ්‍රිත ධාරිතාව වැඩි කිරීමේ කටයුතු නොපමාව සිදු කිරීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ II වන අදියර 2 වන පියවර ‘අ’ පැකේජයට අදාළ…

(0)Comments | February 21, 2020 3:33 pm

රාගම බ්‍රවුන්ස් රෝහල ඉෂාරගෙන් හැරීට. රු. බිලියන 1.6 ක ගනුදෙනුවක්

කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන Brown and Company PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Browns Health Care (Pvt) Ltd හි පූර්ණ කොටස් අයිතිය Melsta Healthcare Colombo (Pvt) Ltd සමාගම විසින් අත්පත් කර ගෙන තිබේ. Melsta Healthcare Colombo (Pvt) Ltd මේ වෙනුවෙන් ආයෝජිත මුදල රුපියල් බිලියන 1.6 කි. බදාදා දින…

(0)Comments | February 21, 2020 11:25 am

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ‘Serendipity Right Next Door’ සන්නාම වීඩියෝව සඳහා සමාජ මාධ්‍ය තුළ වාර්තාගත ඇගයුමක්

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ කීර්තිමත් වන්වර්ල්ඩ් ගුවන් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය සිය විශාලතම විදේශ වෙළෙඳපොළ වන ඉන්දියාව ඉලක්ක කර ගනිමින් සිදු කළ “Serendipity Next Door” සන්නාම වීඩියෝව එළිදක්වා පැය 19 ක කාලයක් තුළ ගෝලීය  සමාජ ජාල හරහා එය නැරඹූ ප්‍රමාණය මිලියන 5 ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රීලංකන් වෙළඳනාම වීඩියෝවක් මිලියන…

(0)Comments | February 21, 2020 10:30 am

මහින්ද සිරිවර්ධන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධූරයට

මුදල් මණ්ඩලය විසින් ගරු මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන කේ . එම් . මහින්ද සිරිවර්ධන මහතා 2020 පෙබරවාරි මස 12 වැනි දින සිට නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්කර ඇත. සිරිවර්ධන මහතා වසර විසි අටකට අධික කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කර ඇත. නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස…

(0)Comments | February 21, 2020 10:16 am