June, 8, 2022
කොමර්ෂල් බැංකුව විසින් සිය ‘උදාර’ ජ්යෙෂ්ඨ පුරවැසි ගිණුම අළුත් අංග සහ විශේෂ පොලී අනුපාත ලබා දී තිබෙන අතර මේ තුළින් මෙම ගිණුම් ප්රමාණය වැඩිකිරීමට සහ මෙම අංශය සඳහා වැඩිපුර ප්රතිලාභ ලබාදීමට සැලසුම් කර තිබේ.
‘උදාර’ ජ්යෙෂ්ඨ පුරවැසි තැන්පතු ගිණුමක් ආරම්භ කිරීම සඳහා මූලික තැන්පතුව රුපියල් 5000 ක සිට රුපියල් 1000 ක් දක්වා අඩුකර තිබෙන අතර ‘උදාර’ ස්ථාවර තැන්පතුවක් රුපියල් 10,000 ක් සිට ආරම්භ කිරීමට අවස්ථාව ලබාදී ඇත. මීට අමතරව, මෙම ගිණුම සඳහා නවාංග ලෙස නොමිලේ ඊ-පාස්පොත සහ ඊ-බැංකු වාර්තා ලබාදීමට බැංකුව කටයුතු කර තිබේ.
මීට අමතරව, ‘උදාර’ ඉතිරි කිරීමේ ගිණුම් සහ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාත ලබාදීමට කටයුතු කර තිබෙන බවත් මෙම පොලී අනුපාතයන් සාමාන්ය ඉතිරිකිරීමේ ගිණුමක සහ ස්ථාවර තැන්පතුවල පොලී අනුපාත වලට වඩා වැඩි බව බැංකුව සඳහන් කරයි. ඕනෑම කොමර්ෂල් බැංකු ශාඛාවකදී බැංකු පාස්පොත, ඩෙබිට් කාඞ්පත හෝ විශේෂ හැඳුනුම්පත ඉදිරිපත් කළ විට ‘උදාර’ ගනුදෙනු කරුවන්ට විශේෂ ප්රමුඛතාවයක් ලබාදෙන බවද බැංකුව පවසයිි.
කොමර්ෂල් බැංකුවේ කොළඹ රීඞ් මාවත ශාඛාවේ තිබෙන ඔසුසැලෙන් බෙහෙත් ලබාගන්නා විට ‘උදාර’ ගිණුම් හිමියන්ට බැංකුව විසින් වට්ටම් ලබාදෙන අතර බැංකුව ඒකාබද්ධ වී සිටින රෝහල් වලින් මෙම ගිණුම් හිමියන්ට විශේෂ වට්ටම් ලබාදීමටද බැංකුව කටයුතු කරයි.
‘උදාර’ ජ්යෙෂ්ඨ පුරවැසි ඉතිරිකිරීමේ ගිණුම් හිමියන්ට බැංකු විසින් සන්නාමකරණය කළ ඩෙබිට් කාඞ් පතක් නොමිලේ ලබාදෙන අතර එමගින් වසර පුරා වට්ටම් ලබාදීම සිදුකරයි. එසේම, මෙම අංශයට ලියාපදිංචි ගාස්තුවකින් සහ පළමු වසරේ ගාස්තුවෙන් තොරව කොම්බෑන්ක් ඩිජිටල්, ජංගම බැංකුකරණ සහ කෙටිපණිවුඩ සේවා පහසුකම් ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
June, 8, 2022
සෙලින්කෝ ලයිෆ් විසින් පාසැල් සඳහා පන්ති කාමර පරිත්යාග කරන දිගුකාලීන ප්රජා සත්කාරක වැඩසටහන යටතේ පසුගියදා මොණරාගල දිස්ත්රික්කයේ ප්රාථමික පාසැලක ස්ථීර ගොඩනැගිල්ලක් නොමැතිව අධ්යාපනය ලැබූ සිසු දරුවන් පිරිසකට නව පන්ති කාමරයක් ලැබුනු අතර මෙම ව්යාපෘතියෙන් මේ වනවිට පාසැල් 80 කට වැඩි සංඛ්යාවක් ප්රතිලාභ ලබා තිබේ.
මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්රමුඛයා විසින් මේ වසරේ ලබාදුන් පළමු පන්ති කාමරය සෙවනගල, ඉඳිකොළ පැලැස්ස ප්රාථමික විදුහලේ සිසු දරුවන්ට පරිත්යාග කරනු ලැබීය. මෙම නව පන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර පාසැලේ ගොඩනැගිලි තුනක් පමණක් තිබූ අතර සෙලින්කෝ ලයිෆ් විසින් ඉදිකළ ගොඩනැගිල්ල වර්ග අඩි 395 ක් වේ. මෙම ප්රාථමික පාසැලේ සිසු දරුවන් 144 දෙනෙකු සහ ගුරුවරුන් 06 දෙනෙකු සිටිති.
මෙම ව්යාපෘතිය සෙලින්කෝ ලයිෆ් සමාගමේ ඇඹිලිපිටිය ශාඛාව මගින් සම්බන්ධීකරණය කළ අතර 2021 නොවැම්බර් මාසයේ සහ 2022 අපේ්රල් මාසය අතර මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදී. මෙම පන්තිකාමර ගොඩනැගිල්ල මගින් ප්රතිලාභ ලබන දරුවන්ගේ දෙමව්පියන්ද මෙහි ඉදිකිරීමේ කටයුතු සඳහා ස්වේච්ඡුාවෙන්ම සහභාගීවීම කැපී පෙනේ.
ඉඳිකොළ පැලැස්ස කණිටු විදුහලට අධ්යාපනය සඳහා ගොවි ප්රජාවෙන් දරුවන් පැමිණෙන අතර ඔවුන් වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ දැවැන්ත අභියෝගයකට මුහුණ දී සිටී. මෙම අභියෝගයන් හමුවේ වුවද 05 වසර ශිෂ්යත්ව විභාගවල මෙම දරුවන් හොඳ ප්රතිඵල පෙන්වා තිබෙන අතර ඔවුන්ට අනාගතය සාර්ථක කර ගැනීමට අතහිත ලබාදීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ඉදිරිපත් වී සිටී.
සෙලින්කෝ ලයිෆ් සමාගම වසර ගණනාවක් පුරා මේ ආකාරයෙන් ගොඩනැගූ පන්ති කාමර ගොඩනැගිලි සමාගම විසින්ම නඩත්තු කරන අතර ඒ තුළින් බලාපොරොත්තු වන්නේ පරම්පරා ගණනාවකට මෙම ගොඩනැගිලි වලින් ප්රයෝජන ලබාගැනීම සඳහා අවස්ථාව ලබාදීමටයි. මේ ආකාරයෙන් අවශ්යතා සහිත පාසැල් හඳුනා ගනිමින් ඉදිරියටත් පන්ති කාමර ගොඩනැගිලි ඉදිකිරීමට සමාගම කටයුතු කරන බව සමාගම සඳහන් කරයි.
සමාගම විසින් 2004 වසරේදී ලූණුගම්වෙහෙර තිස්ස ප්රාථමික විද්යාලයෙන් මෙම පන්ති කාමර ගොඩනැගිලි ඉදිකිරීමේ වැඩසටහන ආරම්භ කළ අතර මේ වනවිට යාපනය, වව්නියාව, ත්රිකුණාමලය, මූතූර්, මඩකළපුව, සිත්තන්ඩි, මොල්ලිපතාන, අයිත්යමලෙයි, ඇඹිලිපිටිය, නිවිතිගල, බෙලිගල, අවිස්සාවේල්ල, දෙණියාය, කඹුරුපිටිය, බණ්ඩාරවෙල, හපුතලේ, රඹුක්කන, මහනුවර, පිළිමතලාව, මඩුල්කැලේ, රිකිල්ලගස්කඩ, රජවේල්ල, මාතලේ, ගල්ගමුව, පදවිය, බොරළුවැව, අනුරාධපුරය, මොණරාගල, ආනමඩුව, මතුගම, කිලිනොච්චිය, මන්නාරම, වැල්ලවාය, තලාව, හලාවත, ගලගෙදර, රත්කැරැව්ව, හැටන්, බදුල්ල, නුවරඑළිය, වැලිමඩ, පුත්තලම, පොලොන්නරුව, මතුගම, ඇල්පිටිය, කෑගල්ල සහ සෙවනගල යන ප්රදේශවල පාසැල් සඳහා සමාගම විසින් පන්ති කාමර ගොඩනැගිලි ඉදිකර භාරදී තිබේ.
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ්රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසින් සහ 2021 වසරේ LMD විසින් ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ‘වඩාත් ජනප්රිය සේවා සපයන්නා’ ලෙස නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්රමුඛයා බවට පත්වීමට සමත්වී ඇත. 2021 වසරේ දී ශ්රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ද නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් එම වසර සඳහා ජාත්යන්තර වාණිජ මණ්ඩලයේ ශ්රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්රේණිගත කළ ‘ශ්රී ලංකාව තුළ වඩාත්ම ප්රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් වූ අතර පිට පිටම 08 වන වසර සඳහාත් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් ශ්රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා ලෙස ද තෝරා ගන්නා ලදී. 2022 වසරේ Great Place to Work® විසින් ශ්රී ලංකාවේ බැංකු, මූල්ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත්රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්රේණිගත කර ඇති අතර SLIM Kantar ජනතා සම්මාන ප්රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත 16 වන වසරටත් ශ්රී ලංකාවේ වඩාත්ම ජනප්රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස ද සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදී.
සක්රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
June, 7, 2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, දැනට පවතින අසීරු කාලවකවානුව තුලත් ශ්රී ලාංකික ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහය වීමේ සිය සමාජමය මෙහෙවර තවදුරටත් ක්රියාත්මක කරමින් ශ්රී ලංකා පිළිකා සංගමය සමගින් 2022 සඳහා සහයෝගීතාවයකට එලෙඹි බව ප්රකාශ කර සිටියි. මෙය AIA ඉන්ෂුවරන්ස් විසින් අඛණ්ඩව, ශ්රී ලංකා පිළිකා සංගමය වෙත වසර තුළ අලෙවි කරන සෑම ජීවිත රක්ෂණයක් වෙනුවෙන්ම රු.100/- ක මුදලක් පරිත්යාග කරන 4වන වසරයි. . මේ පිලිබඳ අවබෝදතා ගිවිසුම නොබෝදා AIA ඉන්ෂුවරන්ස් හි නියෝජ්ය ප්රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ මහතා සහ ශ්රී ලංකා පිළිකා සංගමයේ සභාපතිනී අනෝජා කරුණාරත්න මහත්මිය සමගින් අත්සන් කරන ලදී.
AIA ඉන්ෂුවරන්ස්, පසුගිය වසර කිහිපය පුරාවට ශ්රී ලංකා පිළිකා සංගමය වෙත පරිත්යාග කරන ලද අරමුදල් විශේෂයෙන් භාවිතා කරන ලද්දේ ගිලන්ව, අසරණව සිටින පිළිකා රෝගීන්හට ප්රතිකාර සේවා සැපයීමට සහ ශ්රී ලංකාව තුළ ප්රධානතම ගැටළුවක්ව පවතින පිළිකා රෝගය වැළැක්වීම මෙන්ම ඒ සඳහා ඇති ප්රතිකාර පිළිබඳව ජනතාව ජනතාව දැනුවත් කිරීම සඳහායි. බෝ නොවන රෝග අතුරින් පිළිකා රෝගය ප්රධානතම ගැටළුවක්ව පවතින අතර මෙරට සිදුවන මරණ වලින් 80% ක්ම පිළිකා ආශ්රිත මරණ බවට වාර්තා වෙන අතර මෙය ලෝක මට්ටමින් වෙන මරණ ප්රතිශතය වන 74%ටත් වඩා වැඩි අගයක්.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය සිය අදහස් ප්රකාශ කරමින් කියා සිටියේ "පිළිකා රෝගය මෙරට සෞඛ්ය ක්ෂේත්රයට ඇති මූලික ගැටලු වලින් එකක්ව පවතින අතර ආධාර උපකාර අවශ්ය අයට මෙම අසීරු කාලවකවානුව තුලදී වුවද අපගේ සහයෝගය නොපැකිලව ලබා දීමට අප කැපවී කටයුතු කරනවා. දැනට පවතින ආර්ථික අර්බුදයක් සහිත වාතාවරණය ඔස්සේ වුවද ශ්රී ලංකා පිළිකා සංගමය වෙත අඛණ්ඩව අපගේ සහය ලබා දීමට ලැබීම අපට නිහතමානී සතුටක් ගෙනදෙනවා. ගිලන්ව අසරණ තත්ත්වයේ සිටින මෙම පිළිකා රෝගීන් සහ ඔවුන්ගේ පවුල් සඳහා කැපවූ සත්කාර සහ ශක්තිමත් ආධාරක පද්ධතියක් ලබා දීම වෙනුවෙන් අපගේ දායකත්වය අඛණ්ඩව ලැබෙනු ඇති අතර ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන ශ්රී ලංකා පිළිකා සංගමයේ මෙහෙවර අපි අතිශයින් අගය කරනවා."
ශ්රී ලංකා පිළිකා සංගමයේ සභාපතිනී අනෝජා කරුණාරත්න මහත්මිය කථා කරමින් කියා සිටියේ "AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නැවත වතාවක් මෙම අවබෝධතා ගිවිසුම අලුත් කරමින් පිළිකා සංගමය වෙත ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය ලබාදීමට ගිවිසුම්ගත වීම පිළිබඳව අප මහත් සතුටට පත් වෙනවා. පවතින වාතාවරණ සහ අභියෝග හමුවේ වුවද පසුගිය වසර පුරාවටත් අපට ලබා දුන් මූල්යමය දායකත්වය, ප්රතිකාර අවශ්ය අසරණ පිළිකා රෝගීන්හට පිහිට වීමටත් විශාල වශයෙන් පිටුවහලක් වුනා."
ඇය තවදුරටත් කියා සිටියේ "AIA ඉන්ෂුවරන්ස් අපට ලබාදෙන දායකත්වය ඔස්සේ, ජාතික පිළිකා ආයතනය සහ අපේක්ෂා රෝහලට ප්රතිකාර සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණෙන රෝගීන්හට සහන සේවා සපයන නැවතුම්පලක් ලෙස කටයුතු කරන අපගේ ගිලාන සේවා නිවාස වන "බණ්ඩාරනායක අනුස්මරණ නිවාසයන්" හි එදිනෙදා මෙහෙයුම් සහ නඩත්තු කටයුතු සිදුවෙනවා. එමෙන්ම පිළිකා වැළැක්වීම,කලින් හදුනා ගැනීම, සහ ප්රතිකාර පිලිබඳ ජනතාව දැනුවත් කිරීමද අප සිදුකරන්නා වූ වැදගත් කාර්යයක්. ගිලන් වූ රෝගීන්ව හැකිතාක් හොදින් රැකබලා ගැනීම සඳහා, ඔවුනට අවශ්ය ප්රතිකාර මෙන්ම මානසිකව පීඩනයට පත්වී සිටින ඔවුනට සහන සැලසීමට අපට සැමවිටම පිටස්තර සහාය අවශ්ය වෙනවා. එමනිසා AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව අප සංගමයේ මෙම ප්රයත්නයේ සහයට මෙලෙස ඉදිරිපත් වීම අප මහත් සේ අගය කරනවා."
June, 7, 2022
ශ්රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් හි ප්රාදේශීය රක්ෂණ කළමනාකරුවෙකු වන සජීව පුෂ්පිත මහතා හත්වන Asia Trusted Life Agents and Advisers සම්මාන උළෙලේ ‘වසරේ රක්ෂණ නියෝජිතයා’ සම්මානය සඳහා අවසන් තරගකරුවන් පස්දෙනා අතරට අඛණ්ඩව දෙවන වරටත් නිර්දේශ වී ඇත. එක් එක් රක්ෂණ නියෝජිතයෙකු රක්ෂණ නියෝජිතයකු විසින් ජීවිත රක්ෂණ ක්ෂේත්රයට දක්වන දායකත්වය සැළකිල්ලට ගනිමින්, ආසියාවේ වෙළෙඳපොළ 12ක් සහ විවිධ සමාගම් 33කින් ඉතා විමසිලිමත්ව තෝරා ගනු ලැබූ සුපිරි අවසන් තරගකරුවන් 65 දෙනකුගෙන් යුත් ලැයිස්තුවකට සජීව අයත් වන අතර මෙම කාණ්ඩය සඳහා ශ්රී ලංකාව වෙනුවෙන් එකම නියෝජනය සජීව වීම විශේෂ කරුණකි.
Asia Trusted Life Agents and Advisers සම්මාන උළෙල යනු ස්වාධීන විගණන විනිශ්චය ක්රියාවලියක් තුළින් මූල්ය උපදේශනයේ විශිෂ්ටතම දේවල් ඇගයීමට ලක් කරන කලාපයේ කීර්තිමත්ම සම්මාන උළෙලයි. මෙම වැඩසටහන Asian Insurance Review සහ Asia Advisors Network සම සංවිධායකයකු ලෙස LIMRA සමග සංවිධානය කරනු ලබන අතර එයට ක්ෂේත්රයේ සිටින ප්රමුඛ ජීවිත රක්ෂණ සමාගම්වල හා සංවිධානවල ශක්තිමත් සහයෝගය ලැබේ. මෙම වසරේ විනිසුරු මඩුල්ල නිලධාරීන් 26 දෙනෙකුගෙන් යුතු වන අතර ප්රධාන විධායක නිලධාරීන්, ජ්යෙෂ්ඨ විධායකයින්, රක්ෂණ ක්ෂේත්රයේ නායකයින් සහ ප්රවීණයන් ආදී ගෞරවනීය පුද්ගලයින්ගෙන් එය සමන්විත වේ. මෙම සම්මාන ඉතා ඉහළ වටිනාකමක් ඇති ජයග්රහණ වන අතර එය ඉතාමත්ම තරඟකාරී ආසියානු රක්ෂණ ක්ෂේත්රයේ තම හැකියාවන්, සුදුසුකම් පෙන්විය හැකි ඉහළ අනන්යතාවයන් ලෙස සැළකේ. මෙම සම්මාන උළෙල 2022 ජූලි 26 වන දින online මාධ්යයන් ඔස්සේ පැවැත්වීමට නියමිතය.
මේ පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් කළමනාකාර අධ්යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා පැවසුවේ ”මෙම ගෞරවනීය සම්මාන උළෙලේදී සජීව ඇගයීමට ලක් වීම සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම තුළ මුල් බැසගත් සුවිශේෂී සේවා සංස්කෘතිය පිළිබිඹු කරන්නක්. මෙවැනි සුවිශේෂී අභියෝගාත්මක වසරවලදී පවා සජීව ඔහුගේ සේවාදායකයින් වෙනුවෙන් ඔහුගේ වටිනා කාලය හා ශ්රමය වැය කරමින් ඒ ගැන ඉතා සැලකිලිමත් වෙමින් වසර ගණනාවක් තිස්සේ සිදු කළ දැඩි කැපවීම සහ ධෛර්යය ද එයින් නිසැකව ම පිළිඹිබු කරනවා. අපගේ සාමාජිකයින්ගේ ජයග්රහණවලට ඔවුන්ව ඇගයීම අතිශයින් වැදගත් වන අතරම ඔවුන්ගේ වෘත්තීයමය සංවර්ධනය සහ පරිපූර්ණ සුබසාධනය සඳහා ආයෝජනය කිරීම ද වැදගත් බව මෙයින් පෙන්නුම් කරනවා. ජූලි මාසයේදී පැවැත්වීමට නියමිත සම්මාන උළෙලේදී වසරේ හොඳම රක්ෂණ නියෝජිතයා ලෙස කිරුළු පලදමින්, සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමට මෙන්ම සමස්ථ ශ්රී ලංකාවටම කීර්තියක් ගෙන ඒමට සජීවට හැකි වේ යැයි අපට සුවිශාල විශ්වාසයක් තිබෙනවා” යනුවෙනි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් නියෝජ්ය ප්රධාන විධායක නිළධාරී ඉන්දු ආටිගල මහතා පැවසුවේ ‘‘මේ සුවිශේෂී සන්ධිස්ථානය කරා පැමිණීම ගැන මා සජීවට සුබ පතනවා. මෙය ඔහුගේ රක්ෂණ සේවාදායකයින්ට අඛණ්ඩ සේවාවක් ලබා දීම සහ වෘත්තීයමය කුසලතා උදෙසා ඉහළම ප්රමිතීන් අනුගමනය කිරීම සඳහා ඔහුගේ කැපවීමේ ප්රතිඵලයක් ලෙස පෙන්වා දිය හැකියි. මෙම කැපී පෙනෙන ජයග්රහණය සොෆ්ට්ලොජික් ලයිෆ් හි ගුණාත්මකභාවයෙන් සපිරි සේවා සංස්කෘතිය පිළිබඳව පැහැදිලි සාක්ෂියක් ලබා දෙන අතර සෑම සේවකයෙකුගේම යහපැවැත්ම සහ දියුණුව සහතික කිරීම සඳහා එහි ඇති වැදගත්කම මනාව පෙන්නුම් කරනවා. විශිෂ්ට පාරිභෝගික සේවාවක් සහතික කිරීම සඳහා අපගේ උපදේශකයින් සෑම විටම රාජකාරියෙන් ඔබ්බට තම සේවාදායකයින්ට උපරිම සේවාවක් ලබාදෙන්නේ ඒ නිසයි.’’ යනුවෙනි.
තම වෘත්තියේ වසර 19කට වැඩි කාලයක් අපමණ කැපවීමකින්, දැඩි ආශාවකින් හා උනන්දුවකින් කටයුතු කර ඇති සජීව මහතා මෙම සම්මාන උළෙලේ ප්රධානතම සම්මානය වන ”වසරේ රක්ෂණ නියෝජිතයා” කාණ්ඩය සඳහා නිර්දේශ වූ එකම ශ්රී ලාංකිකයා වේ. සජීව මහතා ක්රියාකාරී MDRT සාමාජිකයෙකු වන අතර අඛණ්ඩව වසර පහක් TOT (Top of The Table) MDRT සාමාජිකත්වය හිමි කරගෙන තිබෙන මෙම සම්මානය සඳහා අවසන් වටයට නිර්දේශ වූ එකම තරඟකරුවා ද ඔහු වෙයි. තවද ගෞරවනීය MDRT COT සාමාජිකත්වය තුන් වරක් සහ IQA ප්ලැටිනම් සම්මාන අටක් සමඟින් MDRT Life සාමාජිකත්වය ද ඔහු ලබා ඇත. සජීවගේ ජයග්රහණ ගොන්නට සොෆ්ට්ලොජික් ලයිෆ් හි වාර්ෂික සම්මාන උළෙලේදී ලබා ගත් ඉහළම පිළිගැනීම් රාශිය මෙන්ම අඛණ්ඩව වසර අටක් LIMRA වෙතින් International Quality සම්මානය ලබා ගැනීම ද ඇතුළත් වේ.
නවෝත්පාදනය්, සමාන අවස්ථා, කාර්ය සාධනය පදනම් කරගත් අධිෂ්ඨානය හා වඩාත් වැදගත්ම කරුණක් වන පාරිභෝගික අවශ්යතාවන්ට මුල් තැන දීම යන සංකල්ප සහ සමාගමක වටිනාම වත්කම කාර්ය මණ්ඩලය වන අතර ඔවුන් සමාගමේ දිගුකාලීන ව්යාපාර සාර්ථකත්වයේ කේන්ද්රය වේ යන විශ්වාසය ආදී ගුණාංග මත සොෆ්ට්ලොජික් ලයිෆ් හි ශක්තිමත් සමාගම් සංස්කෘතිය නිර්මාණය වී ඇත. කුසලතා කළමනාකරණය, බඳවා ගැනීම, තෝරා ගැනීම, වැටුප් ගෙවීම පුහුණුව හා කුසලතා සංවර්ධනය යන ක්රියාවලීන් සඳහා ශක්තිමත් ප්රතිපත්ති සහ මාර්ගෝපදේශ තුළින් සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ ක්ෂේත්රයේ කුසලතා ආකර්ෂණය කර ගැනීමට, සංවර්ධනය කිරීම සහ රඳවා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරයි.
June, 7, 2022
බ්රැන්ඩික්ස් සමාගම ලෝක පරිසර දිනය වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සමග එක්වී රඹුක්කන ප්රදේශයේ අක්කර 10 ක භූමි භාගයක හානි වූ වන ගහනය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ප්රතිවනරෝපණය කිරීමට කටයුතු කළේ ය. බ්රැන්ඩික්ස් සමාගම දශක එකහමාරකට අධික කාලයක් තිස්සේ තම ව්යාපාරික කටයුතු හා එක්වූ වියමනක් ලෙස පරිසරය සුරැකීම සඳහා විශාල අවධානයක් යොමුකර තිබේ. මෙහි තවත් පියවරක් වශයෙන්, රඹුක්කන බ්රැන්ඩික්ස් එසෙන්ෂල්ස් කර්මාන්තශාලාව ආසන්නයේ පිහිටි භූමියක පැළ 3,000 ක් සිටුවන ලදි. මෙම අවස්ථාවට නිශාන්ත එදිරිසිංහ - වන සංරක්ෂක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සම්පත් රණසිංහ, UNDP හි වැඩසටහන් සම්බන්ධීකාරක (බලශක්ති සහ අපද්රව්ය) සහ බ්රැන්ඩික්ස් සමූහයේ ඉංජිනේරු ප්රධානී අහමඩ් ඉල්තිමාස් යන මහත්වරුන්ද එක් වුහ.
තම ව්යාපාර කටයුතුවල මෙන්ම තමන් සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම පාර්ශ්වයන්ගේ දීර්ඝකාලීන යහපත සඳහා බ්රැන්ඩික්ස් සමූහය, වාතය, ජලය සහ මහපොළොව යන ප්රධාන සාධක තුන මත පදනම් වූ තිරසර රාමුවකට අනුව කටයුතු කරයි. සෑම අවස්ථාවකදී ම තම සාමාජික සාමාජිකාවන්ට හා ප්රජාවන්ට යහපත සලසමින්, උපරිම තිරසාරත්වය ළඟාකර ගැනීම බ්රැන්ඩික්ස් සමාගමේ පරමාර්ථයයි.
“මිහිතලයේ භෞමික ජෛව විවිධත්වය බොහෝ දුරට ආරක්ෂා වී පවතින්නේ වනාන්තර තුළයි. ඒවා තුළ වැවෙන ශාක, දේශගුණ විපර්යාස අවම කිරීමට සුවිශාල දායකත්වයක් ලබාදෙන අතර, උසස් තත්ත්වයේ ජලය සපයමින්, ආහාර නිෂ්පාදනය සඳහා අත්යවශ්ය බොහෝ පරාග කාරක සඳහා වාසස්ථාන ලෙස ක්රියාකරනවා. ඒ අනුව, මානව වර්ගයාට අවශ්ය ආහාර සැපයීම සහ පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම යනු එකිනෙක මත රඳා පවතින ඉලක්ක ලෙස පෙන්වා දීමට පුළුවන්.” බ්රැන්ඩික්ස් හි තිරසාරත්ව පාරිසරික ඉංජිනේරු විනුර ජයවර්ධන මහතා පැවසී ය.
මෙම ව්යාපෘතිය සඳහා Gaaya පැළ භාවිතා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විනුර ජයවර්ධන මහතා පැවසුවේ මෙම ගස් වලින් වැටෙන අතු දර ලෙස බහුලව භාවිතා වන නිසා, එය අවට ජනතාවටද බෙහෙවින් ප්රයෝජනවත් වනු ඇති බවයි. “ශ්රී ලංකාවේ දැනට පවතින බලශක්ති ගැටලුව සහ ඉදිරියේදී ඇතිවනු ඇතැයි අනුමාන කෙරෙන ආහාර අර්බුදය වැනි ගැටලු නිසා, මෙය අතිශය කාලෝචිත පියවරක් වනු ඇතැයි කියා අප සිතනවා. එය අප කාගේත් පැවැත්මට අතිශයින් වැදගත් වේවි.” ජයවර්ධන මහතා පැවසී ය.
මීට පෙරද බ්රැන්ඩික්ස් සමූහය තිරසාරත්වය වෙනුවෙන් තමන් තුළ ඇති කැපවීම මැනැවින් ප්රදර්ශනය කර තිබේ. උදාහරණයක් ලෙස 2019 වසරේදී එහි මඩකලපුව කර්මාන්තශාලාව ලොව ප්රථම ‘Net Zero Carbon’ පිළිගැනීම හිමි වූ ඇඟලුම් කර්මාන්තශාලාව බවට පත්වූ අතර, 2008 වසරේදී එහි සීදූව කර්මාන්තශාලාව ‘LEED Platinum’ ශ්රේණිය හිමිකරගත් ලොව ප්රථම ඇඟලුම් කර්මාන්තශාලාව බවට පත් විය. මෙවැනි හරිත ගොඩනැගිලි, දේශගුණ විපර්යාස අවම කිරීමට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටද කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරයි. හුදෙක් අහිතකර බලපෑම් අවම කිරීමෙන් නොනැවතී, විවිධ මානයන් රැසක් ඔස්සේ ඵලදායී වෙනස්කම් ඇතිකරමින් පරිසරයට සැබෑ පරිවර්තනයක් සිදුකිරීම සඳහා, රඹුක්කන ප්රදේශයේ ක්රියාවට නැංවූ වන වගා ව්යාපෘතිය වැනි වැඩසටහන් ක්රියාවට නැංවීමටද බ්රැන්ඩික්ස් සමූහය දිගින් දිගටම කටයුතු කරමින් සිටී.
“මේ වනවිට ලෝකය දේශගුණ විපර්යාස අතින් අතිශය අවදානම් 'code red' තත්ත්වයකට පැමිණ තිබෙනවා. එමෙන්ම ලොව පුරා ස්වභාවධර්මය සහ ජෛව විවිධත්වය අහිමි වෙමින් යනවා. මෙම වසරේ 2022 ලෝක පරිසර දිනයේ තේමාව වන #OnlyOneEarth යන්නෙන් ගෝලීය මට්ටමෙන් සැබෑ පරිවර්තනයක් සිදුකිරීම සඳහා අප සතු එකම මිහිතලය සැමරීම, සුරකීම සහ යළි යථා තත්ත්වයට ගෙන ඒමේ සාමූහික දායකත්වය අවධාරණය වනවා. ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගෙ සංවර්ධන වැඩසටහන, පාරිසරික කළමනාකරණ පද්ධති ප්රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම සහ අපගේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා සහාය වන අතරම පුනර්ජනනීය බලශක්තියේ විභවයන් ගවේෂණය කරමින් දේශගුණික විපර්යාසවල බලපෑම් සහ ස්වභාවික මෙන්ම මිනිස් ක්රියාවන් වල විපාක නිසා සිදුවන විපත්වලට ප්රතිචාර දැක්වීම සඳහා දිගුකාලීන සහාය ලබා දී තිබෙනවා. බ්රැන්ඩික්ස් සමඟ පවතින මෙම හවුල්කාරිත්වය තුළින් හරිත සංවර්ධන මාවතක් මත ගොඩනැගුණු තිරසාර ශ්රී ලංකාවක් සඳහා කල්පවත්නා සුබවාදී බලපෑම් ඇති කිරීමට අපි බලාපොරොත්තු වනවා." යනුවෙන් ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ වැඩබලන නේවාසික නියෝජිත, මලින් හර්විග් මහතා ප්රකාශ කළේය.
මානව ක්රියාකාරකම් හෝ ස්වාභාවික උපද්රව නිසා හානි වූ වන ගහනයන් ප්රකෘති තත්ත්වයට පත්කිරීම සඳහා එම භූමි ප්රදේශවල නැවත වන වගා කිරීම සිදුකෙරේ. මෙය අදාළ පරිසරයේ සමබරතාව නැවත ඇතිකරන වැදගත් පියවරකි. මෙමගින් වනජීවී වාසස්ථානවල ජෛව විවිධත්වය සහ පසේ සාරවත් බව වැඩිදියුණු වීමට අමතරව, වාතයෙන් කාබන් වෙන් කිරීම හරහා වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් ප්රමාණය අඩු වීමෙන් අප ආශ්වාස කරන වාතය වඩාත් යහපත් වීමද සිදු වේ.
ලොව ප්රමුඛ පෙළේ සන්නාමවලට නිෂ්පාදන සපයන ඇඟලුම් නිෂ්පාදකයෙකු වශයෙන්, තම ව්යාපාර කටයුතුවලට, පාර්ශ්වකරුවන්ට, ප්රජාවන්ට සහ මිහිකතට යහපත සැලසෙන ආකාරයට දේශගුණ විපර්යාස අවම කිරීමට දායක වන දීර්ඝකාලීන වැඩසටහන් ක්රියාවට නැංවීම අතිශයින් වැදගත් බව බ්රැන්ඩික්ස් සමාගමේ විශ්වාසයයි. ඉදිරියටත් විවිධ පාර්ශ්ව සමග අත්වැල් බැඳගනිමින්, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කවලට සමගාමීව තම මෙහෙයුම් නිරන්තරයෙන් හැඩගස්වා ගනිමින්, දිගින් දිගටම තිරසර වර්ධනයක් උදෙසා කැපවීම බ්රැන්ඩික්ස් සමූහයේ අරමුණ වී තිබේ.

බ්රැන්ඩික්ස් හි තිරසාරත්ව පාරිසරික ඉංජිනේරු විනුර ජයවර්ධන මහතා උත්සවය අමතමින්

වමේ සිට - සම්පත් රණසිංහ, UNDP හි වැඩසටහන් සම්බන්ධීකාරක (බලශක්ති සහ අපද්රව්ය), බ්රැන්ඩික්ස් සමූහයේ ඉංජිනේරු ප්රධානී අහමඩ් ඉල්තිමාස් සහ නිශාන්ත එදිරිසිංහ - වන සංරක්ෂක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

පින්නවල ජාතික පාසලේ සිසුවියන් රුක් රෝපණයට දායක වන අවස්ථාව
ඡායාරූපය - බ්රැන්ඩික්ස් සමූහයේ ඉංජිනේරු ප්රධානී අහමඩ් ඉල්තිමාස් ගස් 3,000 න් පළමුවැන්න රෝපණය කරන අවස්ථාව
June, 7, 2022
ශ්රී ලංකාවේ අංක 1 smartphone සන්නාමය වන සැම්සුන් ඉවත දැමූ ධීවර මාළු දැල් ඔවුන්ගේ smartphones වලට එක්කරන ප්රයත්නය සමඟින් සමුද්ර ජීවීන් ආරක්ෂා කිරීම උදෙසා ඇති ඔවුන්ගේ කැපවීම යළිත් අවධාරණය කළේය.
පසුගිය දශකය පුරාවට සැම්සුන් ඉලෙක්ට්රොනික්ස් විසින් ස්වභාවික සම්පත් කෙරෙහි අවධානය යොමුකරමින් තම නිෂ්පාදන සැලසුම් කිරීමට සහ සංවර්ධනය කිරීමට කටයුතු කළේය. සැම්සුන් හි ඒ වෙනුවෙන් වූ නවතම පියවර වූයේ මෑතකදී Galaxy තාක්ෂණය සහිත නව අමුද්රව්යයක් නිර්මාණය කිරීමයි. සාගර ආශ්රිතව ඇති ඉවත දැමූ ධීවර මාළු දැල් නැවත වෙනත් අරමුණක් සඳහා භාවිත කිරීමේ අරමුණින් (repurposed) මෙම නව අමුද්රව්ය නිපදවනු ලබයි.
ඉවතලන ධීවර මාළු දැල් සාගර ජීවීන්ට සහ ස්වභාවික පරිසර පද්ධතිවලට බරපතල තර්ජන එල්ල කරයි. මුහුදු ජලයට සහ පාරජම්බුල කිරණවලට දිගු කාලීනව නිරාවරණය වීම හේතුවෙන් මාළු දැල් දිරාපත් වී කැබලි ලෙස ජලයට මුසුවන අතර එය නැවත වැඩිදියුණු කිරීම අපහසු වෙයි. මෙම ගැටළුවට පිළියමක් සොයා ගැනීම සඳහා සාගර සුරකින අතරතුර සැම්සුන් සිය smartphones වල ගුණාත්මකභාවය පවත්වා ගෙන යන අමුද්රව්යයක් ද නිර්මාණය කළේය.
බාධක බිඳ දමමින් කාර්යසාධනය සහ තිරසාරත්වය පවත්වාගත හැකි නවෝත්පාදනයන් නිර්මාණය කිරීමට සියලූදෙනාගේ සහයෝගීතාව ඉතා වැදගත් බව සැම්සුන් සැමවිටම විශ්වාස කරයි. එබැවින් නව හැකියාවන් තුළින් සාගර දුෂණය යන සංකීර්ණ අභියෝගයට මුහුණ දීම වෙනුවෙන් සැම්සුන් මේ හා සමාන අදහස් දරන තවත් සංවිධාන සමඟ අත්වැල් බැඳගත්තේය.
සැම්සුන් පළමු වරට විද්යාව පදනම් කරගත් ප්රමුඛ සමාගමක් වන Royal DSM සමඟ හවුල්කාරීත්වයෙන් ඉන්දියන් සාගරයේ වෙරළ තීරයේ ධීවරයින්ගෙන් ධීවර මාළු දැල් එකතු කිරීම සිදු කරයි. ධීවර මාළු දැල් එකතු කිරීමෙන් පසු අවම වශයෙන් ඉන් 80% ක් ප්රතිචක්රීයකරණය කරන ලද පොලිමයිඞ් හෝ නයිලෝන් වලින් සමන්විත පරිසර හිතකාමී ද්රව්යයක් නිෂ්පාදනය කිරීම සඳහා ඒවා වෙන් කිරීම, කැපීම, පිරිසිදු කිරීම සහ නිස්සාරණය කිරීම සිදු කරයි.
පසුව smartphone තාක්ෂණය සඳහා සමාගමේ උසස් තත්වයේ ප්රමිතීන්ටම ගැලපෙන පරිදි එහි ක්රියාකාරිත්වය ප්රශස්ත කිරීම සඳහා පොලිමර් සංයෝග සමාගමක් වන Hanwha Compound සමඟ සැම්සුන් සහයෝගයෙන් කටයුතු කරයි. මෙම නව අමුද්රව්ය ඉහළ කාර්යසාධනයක් සහිත පොලිමයිඞ් කැබලි බවට පරිවර්තනය කරන අතර ඒවා අවම වශයෙන් 20%ක් repurposed ධීවර මාළු දැල් වලින් නිපදවා ඇත.
මෙම අමුද්රව්ය මේ වන විට ජංගම දුරකතන තාක්ෂණය හා සම්බන්ධ කිරීමට සූදානමින් සිටින අතර සැම්සුන් විසින් Galaxy S22 කාණ්ඩයේ key bracket සහ S Pen හි ඇතුළත ආවරණය ආදී ප්රධාන කොටස්වලට මෙම වැඩිදියුණු කළ පොලිමයිඞ් කැබලි යොදා ගෙන ඇත.
මෙය ආරම්භය පමණි. සැම්සුන් සිය නිෂ්පාදන හරහා සාගර ආශ්රිත ප්ලාස්ටික් භාවිතය වෙනසකට ලක් කිරීමට කැපවී සිටී. 2022 අවසානය වන විට සැම්සුන් හි ප්රතිචක්රීයකරණය කළ සාගර ආශ්රිත ද්රව්ය නැවත භාවිතයට ගැනීමෙන් ඉවත දැමූ ධීවර මාළු දැල් ටොන් 50කට වඩා වැඩි ප්රමාණයක් සාගරයට එක්වීම වළක්වා ගත හැකිය.
Galaxy S22 මාලාව පරිසරය උදෙසා වූ Galaxy for the Planet යන සැම්සුන් හි තිරසාර ගමන් මගේ තවත් පියවරක් සනිටුහන් කරයි. එය MX Business හරහා ස්ථාවර දේශගුණික රටාවක් සඳහා සමාගමේ ඇති කරන ලද වෙනස්කම්, නවෝත්පාදන සහ විවෘත සහයෝගීතාවයේ ශක්තිය මුදා හැරීමටත් Galaxy පාරිභෝගිකන් වෙත තිරසාර ජීවන රටාවක් උරුම කර දීමටත් අරමුණු කරයි. ප්රතිචක්රීයකරණය කළ ද්රව්ය භාවිතය වැඩි කිරීම, අපතේ යන බලය අවම කිරීම (reducing standby power), ඇසුරුම්කරණයේදී එක් වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් ඉවත් කිරීම සහ 2025 වන විට කසල ගොඩවල් ලොවින් තුරන් කිරීම ආදිය මෙයට ඇතුළත් වේ.
පරිසරයට පමණක් නොව සියලූම Galaxy පරිශීලකයින්ගේ ජීවිතවලටද ධනාත්මක බලපෑමක් ඇති කරන ආකාරයෙන් සාගර ප්ලාස්ටික් දුෂණ අර්බුදය විසඳීමට සැම්සුන් කැපවී සිටී. මෙම නව තාක්ෂණික ප්රගතිය පරිසරය සුරැකීමට සඳහා වන සමාගමේ ක්රියාකාරකම් සහ ඉදිරි පරම්පරාවන් සඳහා ස්වභාදහම ආරක්ෂා කිරීම සඳහා වන සමාගමේ ගමන් මගේ කැපී පෙනෙන ජයග්රහණයක් සනිටුහන් කරයි.
ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්ය සේවය ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප්රශස්තකරණය සඳහා ඇති අන්තර් ක්රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.
Samsung අඛණ්ඩව වසර තුනක් ශ්රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත්ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.
June, 7, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE සිය ප්රධාන මූල්ය නිර්ණායකයන් හි ප්රශස්ත මූල්ය කාර්යසාධනයක් සනිටුහන් කරමින් HNB FINANCE හි 2021-22 වසරේ සමූහ ශුද්ධ ලාභය රුපියල් මිලියන 515.6ක් දක්වා වර්ධනය කරගැනීමට සමත් විය. 2020 - 21 වසරේදී සිදු වූ පාඩු ලැබීමත්, 2022 මාර්තු 31වන දිනෙන් අවසන් වූ මූල්ය වර්ෂය තුළ මුහුණ දුන් දැඩි සමාජ ආර්ථික අභියෝග රැසත් මධ්යයේ මෙම කැපී පෙනෙන වර්ධනය හිමිකර ගැනීමට HNB FINANCE සමත් වූ අතර, උපායමාර්ගික ව්යාපාර තීරණයක් ලෙස ප්රයිම් ෆිනෑන්ස් සමාගමද අත්පත් කරගන්නා ලදී.
පසුගිය මූල්ය වර්ෂය තුළ සමූහ ශුද්ධ පොළී ආදායම සහ සමූහයේ මෙහෙයුම් ආදායම (Group Net Interest Income and Group Total Operating Income ) රුපියල් මිලියන 3,903.9ක් සහ රුපියල් මිලියන 4,929.9 ක් වූ අතර සමූහයේ බදු පෙර ලාභය (Profit Before Tax) රුපියල් මිලියන 615.9ක් විය.
සලකා බලනු ලැබූ කාලසීමාව තුළ HNB FINANCE හි සියලු ව්යාපාරික අංශයන් සැලකිය යුතු ලාභයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර පවතින ආර්ථික තත්වය තුළ ගැලපෙන පරිදි ණය සේවා පවත්වාගෙන යෑම සහ පිරිවැය උපරිම ඵලදායීතාවකින් යුතුව භාවිතා කිරීම යන ක්රියාමාර්ග මේ සඳහා හේතු විය. පසුගිය මූල්ය වර්ෂය තුළ HNB FINANCE සමූහයෙහි ණය සහ තැන්පතු අනුපාතය (Loan-to-Deposit ratio) 123.36%ක් වශයෙන් වාර්තා වූ අතර ඉන් සමූහයේ ශක්තිමත් ද්රවශීල තත්වය (liquidity position) තවදුරටත් තහවුරු විය..
HNB FINANCE PLC මේ වන විට විවිධාංගීකරණය වූ මූල්ය සේවා රැසකින් සමන්විත වන අතර ක්ෂුද්ර මූල්ය සේවා, ලීසිං, රන්ණය, දේපළ ණය හා ව්යාපාරික ණය මීට අයත් වෙයි.
“අභියෝග රාශියක් මධ්යයේ සෑම සේවා අංශයක්ම ආවරණය වන පරිද්දෙන්ම HNB FINANCE වාර්තා කළ මෙම මූල්ය කාර්යසාධනය සමාගමේ අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව, අරමුණු කරා ගමන් කිරීමේ කැපවීම මනාව පෙන්නුම් කරන බව මගේ අදහසයි. විවිධාංගීකරණය වූ අපගේ මූල්ය සේවා සහ ප්රයිම් ෆිනෑන්ස් අත්පත් කර ගැනීමෙන් ලද සහසම්බන්ධතාද සමග වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කිරීමට HNB FINANCE සමාගමට හැකි වනු ඇති බව මගේ විශ්වාසයයි. එමෙන්ම මෙරට විශාලතම පුද්ගලික බැංකුවක් වන HNB හි සවියත් , දේපළ වෙළෙඳාමේ ප්රමුඛයා වූ ප්රයිම් සමූහයේ අත්වැලත් HNB FINANCE හි වර්ධන ගමන් මගේ අරමුණු ජය ගැනීමට විශාල ජවයක් සපයන බවට කිසිදු සැකයක් නැහැ” යනුවෙන් HNB FINANCE PLC හි සභාපති දිල්ෂාන් රොද්රිගෝ මහතා පැවසීය.
“අපගේ විවිධාංගීකරණය වූ ණය කළඹ නිසාම වර්තමානයේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය තුළ ආයතනය ස්ථාවර තත්වයක පවත්වාගෙන යාමට අපට හැකියාව ලැබී තිබෙනවා. තවදුරටත් අපගේ ප්රමුඛතම සේවාවන් වන ක්ෂුද්ර මූල්ය ණය , කුඩා හා මධ්ය පරිමාණ ණය, ව්යාපාරික ක්ෂේත්ර සඳහා අවශ්ය මූල්ය සහය ලබා දීම අපි අඛණ්ඩව කරගෙන යනු ලබනවා. ක්ෂුද්ර, සුලු හා මධ්ය පරිමාණයේ ව්යාපාරික ක්ෂේත්රය මෙරට ආර්ථිකයේ එක් ප්රමුඛතම ගාමක බලයක් වන බැවින් කවර බාධක මධ්යයේ වූවද මෙම අංශයන්ට අවශ්ය මූල්යසේවා ලබා දීමට අපි අනිවාර්යයෙන්ම පියවර ගනු ලබනවා. එමෙන්ම මෙම ක්ෂේත්රයන්හි මූල්ය සාක්ෂරතාව වර්ධනය කිරිම, ව්යාපාරයන් යළි ගොඩ නැංවීම සහ ඔවුන්හට ඩිජිටල් සේවාවන් ඔස්සේ වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම ආදිය අපි මේ වනවිටත් සිදුකරගෙන යමින් සිටිනවා”යනුවෙන් HNB FINANCE PLC හි කළමනාකර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී චමින්ද ප්රභාත් මහතා පැවසීය.
බහුතර කොටස් හිමියන්ගේ එකඟතාව මත මෙම වසරේ මැයි මාසය අවසන් වන විට ප්රයිම් ෆිනෑන්ස් සමාගම අත්පත් කර ගැනීමට HNB FINANCE PLC සමත් වූ අතර ප්රයිම් ෆිනෑන්ස් සතුව තිබූ ශාඛා 7 වර්තමානය වන විට HNB FINANCE ශාඛා ජාලයට එක් වී ඇත. මෙම අත්පත් කර ගැනීම සමගින් HNB FINANCE හි මුළු වත්කම් පදනම 2022 මාර්තු 31වන දිනට රුපියල් බිලියන 46.56ක් විය. මේ සමග ප්රයිම් ෆිනෑන්ස් හි වත්කම් මත පදනම් වූ ණය සංචිතය HNB FINANCE හි ශේෂ පත්රයෙහි අවදානම් බෙදීම වඩාත් ප්රශස්ත මට්ටමකට රැගෙන ඒමට සමත් වී ඇත. එමෙන්ම ප්රයිම් ෆිනෑන්ස් සමාගමේ දේපළ වත්කම් මත ණය ලබාදීමේ වෘත්තීයමය හසල පළපුරුද්දක් සහිත සේවක මණ්ඩලය HNB FINANCE හි මානව සම්පත් ශක්තිය වර්ධනය කිරීමට ඉවහල් වන අතර HNB FINANCE හි මෙහෙයුම් කටයුතු තවදුරටත් ප්රශස්ත මට්ටකට රැගෙන ඒමට උපකාරී වනු ඇත.
June, 7, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ට ව්යාපාරික කටයුතු පවත්වාගෙන යාමේදී ධාරිතා සංවර්ධනය සහ උපදේශනය ලබා දීම සඳහා ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ පුද්ගලයන් සහ ක්රියාවලි තක්සේරු උපදේශන සමාගමක් වන PPOD උපදේශන සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් කළේය.
මෙම සුවිශේෂී හවුල්කාරිත්වය හරහා HNB හි SME ගනුදෙනුකරුවන්ට ගිණුම්කරණය, මූල්ය, බදු, තොරතුරු තාක්ෂණ, වටිනාකම් දාම සංවර්ධනය, මානව සම්පත් සහ එක් එක් කර්මාන්තයට අදාළ වෙනත් විශේෂිත හැකියාවන් යන ක්ෂේත්රවල ඉතා වැදගත් කරුණු වෙත ප්රවේශ වීමට හැකියාව ලබා දෙයි. HNB ප්රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවයකදී HNB පාරිභෝගික සහ සුළු හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යධිකාරී, සන්ජේ විජේමාන්න සහ PPOD නිර්මාතෘ සහ සභාපති ස්ටීවන් ඒ. පෝල්රාජ් යන මහත්වරුන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB SME සේවා සහ හවුල්කාරීත්ව පිළිබඳ ප්රධානී නිලූක ටී අමරසිංහ මහතා පැවසුවේ ”සාර්ථක සුළු හා මධ්ය පරිමාණ ව්යාපාරයක් පවත්වාගෙන යාමට ව්යවසායකයෙකුට මූල්ය ආධාර සහ ආයෝජන ප්රාග්ධනයට වඩා බොහෝ දේ අවශ්ය බව HNB අප අවබෝධ කර ගත්තා. ව්යාපාරයක ප්රමාණය කුමක් වුවත් ව්යාපාරයේ ප්රධාන කාර්යයන් සරලව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම එම ව්යවසායකයාගේ හැකියාව මත රඳා පවතිනවා. HNB සිය සේවාදායකයාගේ දියුණුව පිළිබඳව සලකා බලන නිසා අපගේ SME ව්යවසායකයින් හට ඔවුන්ගේ SME ව්යවසායයන් සාර්ථකව ගොඩනැගීමට සහ වර්ධනය කිරීමට අවශ්ය මූලික ධාරිතා සංවර්ධන සැසි සහ උපදේශන සැපයීම සඳහා PPOD උපදේශන ආයතන සමඟ අත්වැල් බැඳගත් බව අපි ප්රකාශ කරන්නේ ඉතා සතුටින්.” යනුවෙනි.
මෙම සංවර්ධන වැඩසටහන හරහා පළමුවෙන්ම ව්යාපාර කළමනාකරණයේ මූලික අංශ ආවරණය කරන අතර පසුව විශේෂිත ව්යාපාරික කාර්යයන් පිළිබඳ සවිස්තරාත්මක සැසියක් පවත්වනු ඇත. මුදල් ගනුදෙනු කළමනාකරණය, ව්යාප්තිය සඳහා ආයෝජනය, දුර්වල බදු ගෙවීමේ ක්රමෝපායන්, දුර්වල ආයෝජන, තොරතුරු තාක්ෂණ භාවිතය යනාදී ගැටළු වලට අමතරව ගිණුම්කරණය, මූල්ය, බදු සහ තොරතුරු තාක්ෂණ වැනි ක්ෂේත්ර ද එහිදී සාකච්ඡා කරනු ඇත.
ආරම්භක අදියර අවසන් වූ පසු ව්යාපාර සංවර්ධන සැලසුම් ගොඩ නැගීම සඳහා ව්යාප්තිය සහ අපනයනය, පහසුකම් වැඩිදියුණු කිරීම, මානව සම්පත් සහ ඵලදායිතා කළමනාකරණ ආයෝජන සහ ඒකාබද්ධ කිරීම් පිළිබඳව පාරිභෝගිකයින්ට අවබෝධයක් ලැබෙනු ඇත. ව්යවසායකයින්ගේ මූල්ය සාක්ෂරතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා මුදල් ගනුදෙනු කළමනාකරණය සහ එහි වැදගත්කම, අනුපාත විශ්ලේෂණය, ගිණුම්තැබීම සහ බදු පිළිබඳ මූලික සිද්ධාන්ත වැනි ප්රධාන සංකල්ප ද මෙහිදී සාකච්ඡා කරයි.
”බොහෝ ආයතනවලට ඊට සම්බන්ධ පුද්ගලයන් සහ ක්රියාවලීන් පිළිබඳ ගැටළු සඳහා සාධනීය පිළිතුරු ලබාදෙන ප්රමුඛ උපදේශන සමාගමක් ලෙස HNB සමඟ හවුල්වීමට ලැබීම අපට ගෞරවයක්. මූල්ය ප්රාග්ධනය යම් සංවිධානයක සාර්ථකත්වය සඳහා දැඩි ලෙස බපෑවත් එය සාර්ථකත්වය තීරණය කරන එකම නිර්ණායකය නොවේ. තිරසාර ව්යාපාරයක් ගොඩනැංවීම සඳහා ව්යවසායකයින්ට තම ධාරිතාව සහ කුසලතා වර්ධනය කර ගැනීමට සහය වීම වඩාත් වාසිසහගත වන අතර බැංකු ක්ෂේත්රයේ ප්රමුඛයෙකු අප සමඟ අත්වැල් බැඳගැනීම සැබවින්ම රට තුළ අපගේ මෙහෙවර ශක්තිමත් කිරීමක් ලෙස අප සලකනවා.” යනුවෙන් PPOD නිර්මාතෘ සහ සභාපති ස්ටීවන් ඒ. පෝල්රාජ් මහතා පැවසුවේය.
මෙම හවුල්කාරිත්වය මඟින් HNB හි SME ගනුදෙනුකරුවන්ට තමන්ට කැමති ඕනෑම භාෂාවකින් (සිංහල, දෙමළ සහ ඉංග්රීසි) හෝ මිශ්ර මාදිලියකින් ඉහත සඳහන් සංවර්ධන වැඩසටහන් සඳහා ප්රවේශය විය හැකි අතර HNB සමඟ මීට පෙර සාර්ථකව සැසි පවත්වා ඇති ක්ෂේත්රයේ ප්රවීණයන් සහ පුරෝගාමීන් විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ඇත.
මෙම ධාරිතා සංවර්ධන වැඩසටහන සම්බන්ධ වැඩි විස්තර HNB හි නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
ඡායාරූපය:
HNB පාරිභෝගික සහ සුළු හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යධිකාරී, සන්ජේ විජේමාන්න සහ PPOD නිර්මාතෘ සහ සභාපති ස්ටීවන් ඒ. පෝල්රාජ් යන මහත්වරුන් අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්. HNB සහ PPOD නියෝජනය කරමින් පැමිණි ජ්යෙෂ්ඨ නිලධාරී පිරිසක් ද ඡායාරූපයේ වෙති.
June, 7, 2022
පවතින පීඩාකාරී ආර්ථික තත්වයන් හේතුවෙන් ඇති විය හැකි අලාභයන් අවශෝෂණය කර ගැනීමට ප්රමාණවත් මට්ටමේ ප්රාග්ධන ස්වාරක්ෂකයන් තිබීමත්, සුපරීක්ෂාකාරී අවදානම් කළමනාකරණ ක්රමෝපායන් සහ විවිධාංගීකරණය වූ ආයෝජන කලඹක් තිබීමත් තුලින් ඍණාත්මක ආර්ථික පසුබිමක් තුල වුවද සිය සම්බන්ධිත පාර්ශ්වකරුවන්ගේ අවශ්යතා වලට ප්රමුඛතාව දීමට සම්පත් බැංකුවට හැකි විය.
තියුණු අභියෝගකාරී ආර්ථික වාතාවරණයක් මධ්යයේ වුවද 2022 මාර්තු 31න් අවසන් වූ පළමු කාර්තුව සඳහා සම්පත් බැංකුව බදු පෙර ලාභය රුපියල් බිලියන 6.5 ක් හා බදු පසු ලාභය රුපියල් බිලියන 4.7ක් වාර්තා කිරීමට සමත් වූ අතර එය ණය අත්තිකාරම් සහ ආයෝජන සඳහා ප්රමාණවත් අපහායන ප්රතිපාදනයන් වෙන් කිරීමෙන් ද පසුව 2021 පළමු කාර්තුවට සාපේක්ෂව පිළිවෙලින් 5.3%ක හා 2.9%ක වර්ධනයකි.
සම්පත් බැංකුව හා සමූහය විසින් 2022 පළමු කාර්තුව සඳහා වාර්තා කරන ලද මූල්ය ප්රතිඵල
■ සාමාන්ය බර තබන ලද ප්රමුඛ ණය අනුපාතය (AWPLR) වර්ධනය වීමත් සමගම ශක්තිමත් ශුද්ධ පොලී ආන්තිකයක් වාර්තා කිරීමට සම්පත් බැංකුව සමත් විය.
■ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය 47%කින් අවප්රමාණය වීම නිසා විදේශ විනිමය ආදායම 248%කින් වර්ධනය විය.
■ කාඩ්පත් හා වෙළෙඳ ආශ්රිත මෙහෙයුම් මූලික කරගත් ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායමේ 74.6% ක සැලකිය යුතු වර්ධනයක් කාර්තුව තුල දී ළඟා කරගත හැකි විය.
■ ඇති විය හැකි ආර්ථික අවිනිශ්චිතතාවයන් අවම කර ගැනීමට ණය අත්තිකාරම් හා ආයෝජනයන් සඳහා ඉහල අපහායන ප්රතිපාදනයක් වෙන් කරන ලදී.
■ සමූහයේ බදු පසු ලාභය 4.9%ක ආන්තික පහල බැසීමක් වාර්තා කළ අතර බදු පෙර ලාභය 1.6%ක සුළු වර්ධනයක් වාර්තා කරන ලදී. සමූහයේ බදු පෙර ලාභය හා බදු පසු ලාභය 2022 පළමු කාර්තුව සඳහා පිළිවෙලින් රුපියල් බිලියන 6.8ක් හා රුපියල් බිලියන 4.9 ක් විය.
අරමුදල් මත පදනම් වූ ආදායම
සම්පත් බැංකුව 2022 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 24.9 ක පොලී ආදායමක් උපයාගත් අතර මෙය සංසන්දනාත්මක කාලච්ජේදයේ රුපියල් බිලියන 20.7 හා සැසඳීමේදී 20%ක වර්ධනයකි. මේ සඳහා ප්රධාන වශයෙන් ණය අත්තිකාරම් හා ආයෝජනයන්හි පොලී අනුපාතිකයන් ඉහළ යාම හේතු විය. සාමාන්යය බර තැබූ ප්රමුඛ ණය අනුපාතය (AWPLR) 2021 මාර්තු 31 දිනට පැවති 5.75% ට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුව අවසානය වන විට 9.71% දක්වා පදනම් ලකුණු 396 කින් ඉහළ ගොස් ඇත. තවද වසරකින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා වන පොලී අනුපාතය සංසන්දනාත්මක කාලච්ජේදයේ වාර්තා කල 5.11% සිට පදනම් ලකුණු 717 කින් ඉහළ යන ලදී.
මෑත කාලීනව සිදු වූ පොලී අනුපාත ඉහල යාම් මධ්යයේ වුවද තැන්පතු කලඹෙහි ජංගම හා ඉතුරුම් ගිණුම් සංයුතිය තුල ඇති වූ ඉහල වර්ධනය හේතුවෙන් පොලී වියදමේ පහල යාමක් වාර්තා කිරීමට සම්පත් බැංකුවට හැකි විය. ඒ අනුව 2021 පළමු කාර්තුවට සාපේක්ෂව පොලී වියදමෙහි 1.6%ක ආන්තික පහල යාමක් 2022 පළමු කාර්තුවේදී වාර්තා කරන ලදී. 2022 පළමු මාස තුන සඳහා බැංකුවේ පොලී වියදම රුපියල් බිලියන 11.3 ක් වූ අතර සංසන්දනාත්මක කාලච්ඡේදය සඳහා එය රුපියල් බිලියන 11.5 ක් විය. ඉහත කරුණු හේතුවෙන් ශුද්ධ පොලී ආදායම 2022 පළමු කාර්තුවේ 47%කින් ඉහළ ගිය අතර ශුද්ධ පොලී ආන්තිකය 4.54%ක් ලෙස වාර්තා විය. එය 2021 වසර අවසානයට වාර්තා කළ අගයට සාපේක්ෂව පදනම් ලකුණු 93ක වර්ධනයකි.
අරමුදල් මත පදනම් නොවූ ආදායම
සම්පත් බැංකුවේ 2022 පළමු කාර්තුවේදී ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම (NFCI) පෙර වසරේ සංසන්දනාත්මක කාලපරිච්ඡේදයේ වාර්තා කළ අගයට සාපේක්ෂව ඉතා ඉහල වර්ධනයක් පෙන්නුම් කරන ලදී. ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම ප්රධාන වශයෙන් ණය හා අත්තිකාරම්, ණය කාඩ්පත්, වෙළෙඳ හා විද්යුත් නාලිකා යන අංශවලින් උපයා ගන්නා ලදී. මෙම සැළකිය යුතු වර්ධනයට කාඩ්පත් ආශ්රිත මෙහෙයුම් පරිමාව ඉහළ යාමත්, වෙළෙඳ ආශ්රිත මෙහෙයුම්වලින් උපයාගත් කොමිස් ආදායම ඉහළ යාමත් ප්රධාන හේතූන් විය.
ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායමද පෙර වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 223%ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන ලදී. මෙය ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල 47%කින් තියුණු ලෙස අවප්රමාණය වීම හේතුවෙන් ජනනය වූ ඉහළ විනිමය ආදායමේ ප්රතිඵලයකි. 2022 පළමු මාස තුන සඳහා බැංකුව රුපියල් බිලියන 8.7 ක ශුද්ධ අනෙකූත් මෙහෙයුම් ආදායමක් වාර්තා කරන ලද අතර ඵයට සාපේක්ෂව 2021 පළමු කාර්තුව සඳහා ආදායම රුපියල් බිලියන 2.7 ක් විය. මීට අමතරව පෙර මූල්ය වර්ෂයේ සංසන්දනාත්මක කාලපරිච්ඡේදය තුළ වාර්තා කරන ලද රුපියල් මිලියන 398 හා සැසඳීමේදී මෙම වසරේ සමාලෝචිත කාල සීමාව තුළ බැංකුව රුපියල් මිලියන 381 ක ශුද්ධ වෙළෙඳ අලාභයක් වාර්තා කර ඇත. මෙම පදනම මත වර්තමාන කාලපරිච්ඡේදය සඳහා විදේශ විනිමය ගනුදෙනුවලින් බැංකුවේ ශුද්ධ විනිමය ආදායම රුපියල් බිලියන 8 ක් විය.
අපහායන අයකිරීම්
අපහායන අයකිරීම් 897%ක ඉහළ යාමක් පෙන්නුම් කරමින් පසුගිය වසරේ පළමු කාර්තුවේදී අය කළ රුපියල් බිලියන 1.2 ට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුව තුළදී රුපියල් බිලියන 11.8ක් විය. මෙම අපහායන අයකිරීම් තුළ රුපියල් බිලියන 4.9 ක් ණය හා අත්තිකාරම් සඳහාද රුපියල් බිලියන 6.7 ක් අනෙකුත් මූල්ය උපකරණ සඳහාද වෙන් කරන ලද අතර තවත් රුපියල් මිලියන 209 ක් බැඳීම් හා අසම්භාව්යයන්ට එරෙහිව වෙන් කර ඇත.
ණය අත්තිකාරම් මත අපහායන අය කිරීම්
නැගී එන ගෝලීය හා දේශීය ආර්ථික අභියෝග හමුවේ ඇතිවන බලපෑම් ආවරණය කර ගැනීම සඳහා බැංකුව විසින් ණය හා අත්තිකාරම් සඳහා වන අපහායන අය කිරීම් ඉහළ දමන ලදී. 2021 වසරේදී භාවිත කරන ලද අපහායන ආකෘති සමඟ අඛණ්ඩව අනුගත වෙමින් බැංකූව විස‘න් පවත‘න ආර්ථික තත්වයන් ද සැලකිල්ලට ගනිමින් අවශ්ය ගැලපුම් සිදු කරන ලදී. ප්රමාණවත් ණය අලාභ ප්රතිපාදන තීරණය කිරීම සඳහා ප්රධාන දේශීය හා ගෝලීය ආර්ථික තත්වයන් සලකා බැලීමට මෙම අපහායන ආකෘතීන් තුළ සම්භාවිතාමය බරතැබීම් භාවිතා කරනු ලැබේ. මේ අනුව මෑත කාලීනව ආර්ථිකයේ ඇති වූ ඉහළ අස්ථාවරභාවය සැලකිල්ලට ගනිමින් අහිතකර ආර්ථික තත්වයන් සඳහා ඉහළ බර තැබීමක් සිදු කරමින් හා නවතම ආර්ථික දත්ත භාවිත කරමින් 2022 පළමු කාර්තුවේ අපහායන අය කිරීම් ගණනය කිරීම සිදු කරන ලදි. ඉහත සඳහන් කරන ලද කරුණු හේතුවෙන් 2022 පළමු කාර්තුවේ අපහායන අයකිරීම් සාපේක්ෂව ඉහළ අගයක් පෙන්නුම් කරයි. පසුගිය වසරේ සංසන්දනාත්මක කාර්තුවේ අපහායන අයකිරීම් අගය සාපේක්ෂව පහළ අගයක් ගන්නා අතර මෙයට හේතු වන්නේ අදාල කාල සීමාව තුළ පැවති ව්යාපාරික විශ්වාසය හා ධනාත්මක ආර්ථික දැක්මයි.
තවද දැනට පවතින ආර්ථික තත්වයන් යටතේ ගණුදෙනුකරුවන්ගේ ණය අවදානම් නැවත වරක් තක්සේරු කරන ලද අතර ඊට අනුකූලව අපහායන ප්රතිපාදනයන් තව දුරටත් ඉහළ දමන ලදී. මෙයට අමතරව ඉහල අවදානම් සහිත කර්මාන්තවල නියැලෙන ගණුදෙනුකරුවන් ඇතුළුව වර්තමාන ආර්ථික අවිනිශ්චිතතාවයන්ට මුහුණ දීමට ඇති හැකියාව පදනම් කරගෙන බැංකුව විසින් ගණුදෙනුකරුවන් අදියර 1 සිට අදියර 2 වෙත මාරු කරන ලදී. මෙයට අමතරව 2021 දෙසැම්බර් මාසයේදී අවසන් වන ලද කොවිඩ් 19 සහනදායී ණය යෝජනා ක්රමයේ 4 වන අදියර යටතේ සිටි ගණුදෙනුකරුවන් වෙනුවෙන් කළමනාකරණ ආවරණයන් ලෙස හඳුනාගන්නා ලද අපහායන වෙන් කිරීම් තව දුරටත් පවත්වාගෙන යන ලදී.
ඉහත සඳහන් කරන ලද කරුණු හේතුවෙන් 2022 පළමු කාර්තුවේදී 2021 පළමු කාර්තුවට සාපේක්ෂව ණය හා අත්තිකාරම් සඳහා අපහායන අයකිරීම් 404%ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන ලද අතර එය පිළිවෙලින් 2022 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 4.9ක් හා 2021 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 1ක් විය.
අනෙකුත් මූල්ය උපකරණ මත වූ අපහායන අයකිරීම්
2022 පළමු කාර්තුව සඳහා විදේශ ව්යවහාර මුදලින් අගය කරනු ලබන රජයේ සුරැකුම්පත් සඳහා අපහායන වෙන් කිරීම් වශයෙන් රුපියල් බිලියන 6.3 ක් හඳුනා ගන්නා ලදී. මේ සඳහා ප්රධාන වශයෙන් 2022 අප්රේල් මස තුළ ශ්රී ලංකාවේ ස්වෛරීත්ව ශ්රේණිගත කිරීම් පහත හෙලීම හා ජාත්යන්තර මූල්ය අරමුදලේ සහය ඇත‘ව ආර්ථික ගැලපුම් වැඩසටහනක් හරහා රටේ විදේශ ණය සම්මුතිමය ප්රතිව්යුහගත කිරීමක් පිළිබඳව සළකා බලන බව ශ්රී ලංකා රජය විසින් නිවේදනය කිරීම යන කරුණු ද්විත්වය හේතු විය.
මෙහෙයුම් වියදම්
2022 පළමු කාර්තුව සඳහා මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 6.5 ක් වූ අතර එය 2021 පළමු කාර්තුව සඳහා වූ රුපියල් බිලියන 5.5ට සාපේක්ෂව 17.5%ක වර්ධනයකින් යුක්තවේ. අදාල කාල සීමාවේදී පැවති ඉහළ උද්ධමනය මේ සඳහා මූලික විය. තවද බැංකූවේ මුළු මෙහෙයුම් ආදායම 86.3% ක වර්ධනයක් පෙන්නුම් කරන ලදී. මෙහ‘ ප්රථිඵලයක් ලෙස බැංකූවේ ආදායම් පිරිවැය අනුපාතය කැපී පෙනෙන ලෙස පහත වැටෙන ලදි. එය 2021 පළමු කාර්තුවේ 38.9% හා සසඳන විට 2022 පළමු කාර්තුව සඳහා 24.5% ක් විය. කෙසේ වෙතත් විනිමය ආදායමෙහි ඇති වූ වර්ධනය සැලකීමට නොගත්තේ නම් 2022 පළමු කාර්තුව සඳහා ආදායම් පිරිවැය අනුපාතය 31.3%ක් වේ.
ප්රධාන අනුපාතයන්
සාමාන්ය ස්කන්ධය මත වූ ප්රතිලාභ අනුපාතය (බදු පසු) 2021 වසර අවසානයේ වාර්තා වූ 11.05%ට සාපේක්ෂව 2022 මාර්තු 31 දින වන විට 15.95%ක් දක්වා ඉහළ ගියේය. සාමාන්ය වත්කම් මත ඉපයුම් අනුපාතය (බදු පෙර) 2021 වාර්තා වූ 1.44%ට සාපේක්ෂව 2022 මාර්තු 31 වන දින විට 2.13%ක් විය.
ප්රාග්ධන අනුපාතයන්
සම්පත් බැංකුව 2022 පළමු වන කාර්තුව තුල සියලුම ප්රාග්ධන අනුපාතයන් අවම නියමිත නියාමන අවශ්යතාවන්ට වඩා ඉහළ මට්ටමක පවත්වාගෙන යන ලදී. බැංකුවේ පළමු පෙළ සාමාන්ය ස්කන්ධ ප්රාග්ධන අනුපාතය, පළමු පෙල ප්රාග්ධන අනුපාතය හා මුළු ප්රාග්ධන අනුපාතය පිළිවෙලින් 2021 වර්ෂයේ අවසානයේ වාර්තා කළ 13.95%, 13.95% හා 17.02%ට සාපේක්ෂව 2022 මාර්තු 31 වන දිනය වන විට පිළිවෙලින් 11.44%, 11.44% හා 14.20% විය. අදාල කාලපරිච්ඡේදය තුළ මුළු ප්රාග්ධන අනුපාත වෙනස්වීම කෙරෙහි අවදානම මත බර තබන ලද වත්කම්වල වැඩිවීම හා රුපියල් මිලියන 4,864ක වටිනාකමින් යුක්ත මුදල් ලාභාංශ ගෙවීම සඳහා රඳවා ගත් ඉපයීම් බෙදා හැරීම හේතු විය.
ආර්ථික අවිනිශ්චිතතාවයන් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් සහගත තත්වයන් අවශෝෂණය කර ගැනීමට ප්රමාණවත් ස්වාරක්ෂක සහිතව සිය ප්රාග්ධන අනුපාතයන් විචක්ෂණ මට්ටමින් පවත්වාගෙන යාමට ප්රමාණවත් මනා ස්ථාවරත්වයක් සම්පත් බැංකුව සතු වේ.
වත්කම් හා වගකීම්
2021 දෙසැම්බර් 31 දිනට රුපියල් ටි්රලියන 1.2ක්ව පැවති සම්පත් බැංකුවේ මුළු වත්කම් රුපියල් බිලියන 93.5ක වර්ධනයක් (වාර්ෂික වර්ධනය 31.6%) සහිතව 2022 මාර්තු 31 වන විට රුපියල් ටි්රලියන 1.29 දක්වා ළඟා වීමට සමත් විය.
මුළු අත්තිකාරම් ප්රමාණය 2021 දෙසැම්බර් මස අවසානයට වාර්තා වූ රුපියල් බිලියන 813ට සාපේක්ෂව වාර්තා කරනු ලබන කාල සීමාව තුළදී 34.6%ක (වාර්ෂික) වර්ධනයක් සහිතව රුපියල් බිලියන 883ක් දක්වා ඉහළ ගොස් ඇත. ශ්රී ලංකා රුපියල් වලින් ප්රදානය කරන ලද ණය කලඹේ වර්ධනය (වාර්ෂික) 15.5% කි.
කෙසේ වුවද, විදේශ ව්යවහාර මුදලින් දෙන ලද ණයවල දේශීය මුදලට පරිවර්තනය කරන ලද අගය, ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල මාර්තු මස තුල අවප්රමාණය වීම හේතුවෙන් කැපී පෙනෙන ලෙස වර්ධනය විය. විනිමය අනුපාත වෙනස්වීමේ බලපෑම ඉවත් කළේ නම් බැංකුවේ මුළු ණය හා අත්තිකාරම්වල වර්ධනය (වාර්ෂික) 12.3%ක් වේ.
බැංකුවේ මුළු තැන්පතු කළඹ 2021 දෙසැම්බර් 31 දිනට වාර්තා වූ රුපියල් බිලියන 978ට සාපේක්ෂව 2022 මාර්තු 31 දින වන විට 32%ක වාර්ෂික වර්ධනයක් සහිතව රුපියල් බිලියන 78 කින් වර්ධනය විය. කෙසේ වුවද කාල සීමාව තුළදී දේශීය මුදල් තැන්පතු කළඹෙහි වර්ධනය (වාර්ෂික) 6.9%ක් පමණී . මුළු ජංගම හා ඉතුරුම් තැන්පතු අනුපාතය 2021 අවසානයේ පැවති 45.7%ට සාපේක්ෂව 2022 පළමු කාර්තුව අවසානයේ 45.8% ක් ලෙස වාර්තා විය.
අධිභාර බදු
2022 අප්රේල් 08 වන දින සහතික කරන ලද 2022 අංක 14 දරණ අධිභාර බදු පනතට අනුකූලව 2020/21 තක්සේරු වර්ෂය සඳහා බදු අය කළ හැකි ආදායම රුපියල් මිලියන 10,682 මත පදනම්ව රුපියල් මිලියන 2,671ක් වූ අධිභාර බදු වගකීමකට බැංකුව යටත් වේ. තවද සම්පත් සමූහය සඳහා අධිභාර බදු වගකීම රුපියල් මිලියන 3,233 කි. එකී පනතට අනුකූලව 2020 ජනවාරි 01 දිනෙන් ආරම්භ වන මූල්ය වර්ෂයේ එම බදු මුදල වියදමක් ලෙස සැලකිය යුතුය. ශ්රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය මඟින් නිකුත් කළ අධිභාර ගිණුම්කරණය පිළිබඳ විකල්ප ක්රමවේද ප්රකාශයේ (SOAT) නියමයන්ට අනුකූලව 2022 දෙවන කාර්තුවෙහි අන්තර්කාලීන මූල්ය ප්රකාශනයන්හි, 2021 ජනවාරි 01 දිනට ආරම්භක රඳවාගත් ඉපයීම් ශේෂයට ඵරෙහිව අධිභාර බද්ද ගලපනු ලැබේ.
ලාභාංශ
2022 මාර්තු 30 වැනි දින පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී බැංකුවේ කොටස් හිමියන් විසින් 2021 මූල්ය වර්ෂය සඳහා කොටසකට රුපියල් 4.25ක පළමු හා අවසාන මුදල් ලාභාංශයක් අනුමත කරන ලදී. බැංකුව විසින් 2022 මාර්තු 31 දිනට එහි මූල්ය ප්රකාශනවල අනුමත වූ අවසන් ලාභාංශ සඳහා රුපියල් මිලියන 4,864ක ප්රතිපාදනයක් වෙන් කරන ලද අතර එම ලාභාංශ මුදල් 2022 අප්රේල් මාසයේදී ගෙවන ලදී.
ඡායාරූප - සම්පත් බැංකු පීඑල්සී හි සභාපති හර්ෂ අමරසේකර මහතා (වම), සම්පත් බැංකු පීඑල්සීහි කළමනාකාර අධ්යක්ෂ නන්ද ප්රනාන්දු මහතා (දකුණ)
Video Story