• 06 months
  • Ada Derana BIZ Sinhala
  • capital
  • dollars
  • sri lanka
  • suspended

ප්‍රාග්ධන ගනුදෙනුවලට අදාළව රටින් පිටට ඩොලර් ගෙන යාම තවත් මාස 06කට අත්හිටුවයි

November, 30, 2022

2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නිකුත් කළ නියමයෙහි වලංගු කාලය දීර්ඝ කිරීම

විදේශ විනිමය වෙළඳපොළ මත ඇති විය හැකි සෘණාත්මක බලපෑම සැලකිල්ලට ගනිමින් ඇතැම් ප්‍රාග්ධන ගනුදෙනු වලට අදාළව විදේශ විනිමය මෙරටින් පිටතට ප්‍රේෂණය කිරීම අත්හිටුවීමට / සීමා පැනවීමට විදේශ විනිමය පනතේ විධිවිධාන අනුව වරින්වර නියමයන් නිකුත් කරනු ලැබ ඇත.

දැනට නිකුත් කර ඇති නියමයෙහි වලංගු කාලසීමාව 2022-12-29 දිනෙන් අවසන් වේ.

එබැවින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නිකුත් කරනු ලැබ ඇති නියමයෙහි වලංගු කාලසීමාව 2022-12-30 දින සිට තවත් මාස 06ක කාලසීමාවකට දීර්ඝ කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

 

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • Shop with Joy
  • sri lanka

එළැඹෙන උත්සව සමයේදී HNB කාඩ්පත් හිමියන්ට ‘Shop with Joy’ හරහා සුවිශේෂී දීමනා

November, 30, 2022

දිවයින පුරා පිහිටි වෙළෙඳසැල් රැසක් වෙතින් 70%ක් දක්වා ආකර්ෂණීය වට්ටම් සහ දීමනා

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමයේදී ‘Shop with Joy’ හරහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කර ඇත.

HNB ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික වෙළෙඳ සැල්, ස්වර්ණාභරණ සහ ඊ-වාණිජ්‍ය සන්නාමයන් මෙන්ම ඉතා ජනප‍්‍රිය අවන්හල්, සුපිරි වෙළඳසැල් සහ හෝටල් සමඟ අත්වැල් බැදගනිමින් ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට 2022 නොවැම්බර් 13 සිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලය පුරාවට 70% දක්වා වට්ටම් සහ මාස 60ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් ඇතුළුව ආකර්ෂණීය ප‍්‍රතිලාභ රැසක් තම කාඩ්පත් හිමියන්ට පිරිනමයි.

”හැමදාමත් වගේ නත්තල් කාලය HNB අපට ඉතාමත් උද්යෝගිමත් කාලයක්. සෑම වසරකම අපි අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සමඟ නත්තල් සමය උත්සවශ‍්‍රීයෙන් සමරනවා. මෙම සමයේදී පාරිභෝගික අවශ්‍යතා සපුරාලමින් ප්‍රීතිමත් උත්සව සමයක් සහතික කිරීම වෙනුවෙන් දිවයින පුරා සිටින අපගේ පුළුල් වෙළෙඳ හවුල්කාර ජාලය තුළින් විවිධ දීමනා රැසක් අප පිරිනමනවා.” යනුවෙන් HNB කාඩ්පත් අංශ ප‍්‍රධානී ගෞතමී නිරංජන් මහත්මිය පැවසුවාය.

සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් පිරිනැමීමට දිවයිනේ සුපිරි වෙළඳසැල් රැසක් HNB සමඟ අත්වැල් බැදගෙන සිටී. දැනට පවතින වාතාවරණය තුළ එය පාරිභෝගිකයින්ට හිමිවන අනගි අවස්ථාවකි. මෙරට ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාල වෙතින් HNB ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සිල්ලර භාණ්ඩ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ගෙදර-දොර උපකරණ සතිය පුරාවට මිලදී ගත හැකිය.

උදාහරණයක් ලෙස Cargills විසින් රුපියල් 2,500 කට වැඩි බිල්පත් වලට මාංශ ආහාර සහ කිරි නිෂ්පාදන සඳහා 20% ක වට්ටමක් ලබා දෙන අතර Keells Super විසින් නැවුම් එළවළු, පළතුරු සහ seafood මිලදී ගැනීමේදී රුපියල් 4,000 කට වැඩි භාණ්ඩ ඇණවුම් සඳහා 25% ක වට්ටමක් ලබා දෙයි. HNB ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට Laugfs Super වෙතින් නැවුම් පළතුරු සහ එළවළු මිලදී ගැනීමේදී රුපියල් 2,500 ට වැඩි භාණ්ඩ ඇණවුම් සඳහා 25% ක විශේෂ මිල අඩු කිරීමක් පිරිනමයි.

HNB ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් පාරිභෝගිකයින් සඳහා Softlogic Glomark විසින් පිළිවෙලින් 20%ක වට්ටමක් සහ 10%ක වට්ටමක් ලබා දෙයි. SPAR වෙතින් නැවුම් පළතුරු, එළවළු සහ මාළු මිලදී ගැනීමේදී රු. 2,000 ට වැඩි බිල්පත් සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් වලට 20% ක වට්ටමක් හිමි වෙයි. එමෙන්ම Arpico Supercentres විසින් පළතුරු, එළවළු සහ seafood මිලදී ගැනීමේදී රු. 3000 කට වැඩි බිල්පත් වලට 25% ක වට්ටමක් ලබා ගත හැකිය.

ශ‍්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සඳහා සීඝ‍්‍රයෙන් ඉහළ යන ඉල්ලූම සැලකිල්ලට ගනිමින් HNB, Abans සහ Buyabans, Singer ප‍්‍රදර්ශනාගාර සහ Singer.lk, Softlogic ප‍්‍රදර්ශනාගාර, Softlogic MAX සහ Furniture, Seetha Holdings, Dinapala Group, Hunters, Singhagiri සහ CameraLK වැනි දිවයිනේ කීර්තිමත් සන්නාම රැසක් සමඟ අත්වැල් බැඳගෙන ඇති අතර මෙම අලෙවිසැල් වෙතින් තෝරාගත් භාණ්ඩ සඳහා මාස 24ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් සමඟින් 40% දක්වා වට්ටම් හිමි කර ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වේ.

තවද, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ නිවෙස්වල සිටම ආරක්ෂිතව සාප්පු සවාරි යාමට හැකියාව ලබා දීම සඳහා HNB, online පාරිභෝගික වෙළඳසැල් රැසක් සමඟින් ද අත්වැල් බැඳගෙන ඇත. ඒ අනුව Daraz.lk, Takas.lk, Wasi.lk, Promateworld.com, Glomark.lk සහ PickMe Food and Market යන online වෙළෙඳ වෙබ් අඩවිවලින් මිලදී ගන්නා  ඕනෑම භාණ්ඩයකට 30% දක්වා වට්ටම් හිමිකර ගත හැකිය.

මෙරට සුප‍්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළඳසැල්වලින් සිදු කරන මිලදී ගැනීම් සඳහා වට්ටම් සහ අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් හිමි කරගැනීමට ද HNB ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් අවස්ථාව ඇත. ඒ අනුව Premadasa Jewellers, Raja Jewellers, Swarnamahal Jewellers, Vogue Jewellers, Colombo Jewellery Stores සහ Mallika Hemachandra Jewellers යන ස්වර්ණාභරණ අලෙවිසැල් වෙතින් තෝරා ගත් ස්වර්ණාභරණ සඳහා 40%ක් දක්වා වට්ටම් සහ මාස 12ක් දක්වා අමතර ගාස්තු රහිත පහසු ගෙවීමේ සැලසුම් ද හිමි කරගැනීමට අවස්ථාව ඇත.

තවද, HNB ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන්ට මෙම ප‍්‍රවර්ධන කාලය තුළ දිවයින පුරා පිහිටි බොහෝ ප‍්‍රසිද්ධ අවන්හල්වලින් මෙන්ම හෝටල්වලින් විශේෂ මිල ගණන් යටතේ ආහාරපාන භුක්ති විඳිය හැකිය.

HNB කාඩ්පත් හිමියන්ට Cinnamon Hotels, Browns Hotels සහ Oak Ray යන හෝටල් වෙතින් විශේෂ වට්ටම් ලබා ගැනීමට අවස්ථාව ඇත. මීට අමතරව HNB ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට Pizza Hut වෙතින් ඕනෑම Large Pan Pizza එකක් මිලදී ගැනීමේදී අමතර Classic Large Pan Pizza ක් ලබා ගැනීමට හෝ Taco Bell හි à la carte මෙනුවෙන් එක් අයිතමයක් මිල දී ගෙන දෙවන අයිතමයක් නොමිලේ ලබා ගැනීමට ද අවස්ථාව ඇත. එමෙන්ම HNB ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට Kingsbury Hotel හි Indulgence වෙතින් ආහාර මිලදී ගෙන යාමේදී 20% ක වට්ටමක් ද Cinnamon Red, Flavoured හි රාත‍්‍රී භෝජන සංග‍්‍රහ භුක්ති විදීමේදී ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 20% ක වට්ටමක් ද හිමි කරගත හැකිය.

තවද නව පාසල් වාරය වෙනුවෙන් අලූතින් පාසල් උපකරණ ගැනීමට ඇගිලි ගනිමින් සිටින සිසුන්ට ඔවුන්ගේ සියලූම පාසල් උපකරණ හා ලිපි ද්‍රව්‍ය Promateworld.com වෙතින් මිලදී ගැනීමේ දී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 30% දක්වා සහ ඩෙබිට් කාඩ්පත් සඳහා 25% දක්වා වට්ටම් ලබා ගත හැකිය.

https://www.hnb.net/personal/promotions/card-promotions#secoffers වෙත පිවිසීමෙන් මෙම ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකිය.

  • 269th branch
  • Ada Derana BIZ Sinhala
  • Commercial Bank
  • Kirilla
  • sri lanka

කොමර්ෂල් බැංකුව තම 269 වැනි ශාඛාව කිරිල්ලවලදී විවෘත කරයි

November, 30, 2022

කොමර්ෂල් බැංකුව තම 269 වැනි ශාඛාව පසුගියදා කිරිල්ලවල නගරයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. සීග‍්‍රයෙන් සංවර්ධනය වන, එමෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදන බහුලව ඇති සශ‍්‍රීක ප‍්‍රදේශයක් වන කිරිල්ලවලට එම නම ලැබී ඇත්තේ, කිරිල්ල ගස් බහුලව තිබුණු ප‍්‍රදේශයක් යන අර්ථයෙනි.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ, 122/B පහළ ඉඹුල්ගොඩ, කිරිල්ලවල යන ස්ථානයෙහි අලූතින් විවෘත කරන ලද මෙම ශාඛාව අංගසම්පූර්ණ බැංකු මෙහෙයුම් ක‍්‍රියාවලියකින් යුක්ත වෙයි. ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයක් (ATM). මුදල් ප‍්‍රතිචක‍්‍රීකරණ යන්ත‍්‍රයක් (CRM), සහ චෙක්පත් තැන්පත් යන්ත‍්‍රයකින්ද (CDM) සමන්විත මෙම බැංකු ශාඛාව පාරිභෝගිකයන්ට පැය 24 පුරාවටම ඩිජිටල් සේවාවන් සපයයි. මෙම නවතම ශාඛාවේ විවෘත කිරීමත් සමග කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර පර්යන්ත ජාලය 943ක් දක්වා වර්ධනය වෙයි.

ආර්ථික ක‍්‍රියාකාරකම් මධ්‍යස්ථානයක පිහිටා ඇති ශාඛාවක් ලෙස මෙම කිරිල්ලවල ශාඛාව ප‍්‍රදේශවාසීන්ට මෙන්ම ව්‍යවසායකයින්ටද, බහුකාර්ය අංගසම්පූර්ණ සේවාවක් ලබාදෙයි. පුද්ගල ණය, නිවාස ණය, ලීසිං පහසුකම් සහ උකස් පහසුකම් වැනි සේවාවන් රාශියක් ලබා දීමට මෙම ශාඛාව ප‍්‍රවේශයක් ලබාදෙන අතර, SME බැංකු සේවා සහ විශාල පරාසයක ඇති ගිණුම් සේවාවන් රැසක්ද මෙහිදී ලබාගත හැකිය.

 

සේයාරු සටහන : කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන (දකුණේ සිට දෙවැන්නා), කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග (වමේ සිට දෙවැන්නා) සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප‍්‍රබාගර් (වම් කෙළවරහි) යන මහත්වරුන් සමග ආයතනික හා ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වයේ සාමාජිකයින්ද කිරිල්ලවල කොමර්ෂල් බැංකුව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ අයුරු දැක්වෙයි.

  • Ada Derana BIZ Sinhala
  • Arundika
  • Parliament
  • sri lanka
  • X-press pearl

ඩොලර් බිලියන 2-3ක් ගන්න පුළුවන් ක්‍රමයක් අරුන්දික කියයි

November, 30, 2022

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා ශ්‍රී ලංකා මුහුදු තීරයට සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි අය කර ගැනීම සඳහා කඩිනමින් නඩු පැවරිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ IMF සමග සාකච්ඡා කරමින් ණය ලබා ගැනීමට වෙහෙස වන කාලය තුළ මේ අවස්ථාවේ මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය අවශ්‍යතා මෙම වන්දි මුදල මගින් සපුරා ගත හැකි බවයි.

මන්ත්‍රීවරයා අද (30) පාර්ලිමේන්තුව අමතමින් මේ බව පවසා සිටියේය.

"අපි ගිහිල්ලා ඩොලර් බිලියන 1ක් 2ක් ඉල්ල ගන්න අපි මේ සාකච්ඡා කරනවා, IMF එකත් එක්ක. හැබැයි මේ ඩොලර් බිලියන, මේකේ මුල් අවස්ථාවෙදි ඩොලර් බිලියන 7ක විතර වන්දියක් මුල කතා වුනේ. දැන් මේක 3ට බැහැලා තියනවා. මේක ඩොලර් බිලියන 2ක් 3ක් ගන්න පුළුවන්. මේක හරියට, මම මුල ඉඳලම දරන ස්ථාවරය තමයි කතානායකතුමනි මෙකේ නඩුව දාන්න ඕන."

  • Ada Derana BIZ Sinhala
  • Deutsche Bank
  • John Keells
  • sri lanka

ජෝන් කීල්ස් පදනම Deutsche Bank සමග එක් වී ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති ඩිජිටල් ඉගෙනුම් වැඩසටහනේ දෙවැනි අදියර දියත් කරයි

November, 30, 2022

“එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 4 වන ඉලක්කය වන ‘ගුණාත්මක අධ්‍යාපනය’ සාක්ෂාත් කර ගැනීමේ උත්සාහය තුළ, විවිධාකාර වූ දැනුම් අප වෙත සමීප කරන ප්‍රධානතම මාධ්‍යය බවට පත්වී තිබෙන්නේ ඩිජිටල් සන්නිවේදනයයි. එහෙත් තවමත් බොහෝ දෙනෙකුට ඉලෙක්ට්‍රොනික උපාංග නොමැති කම නිසා මේ ආකාරයට දැනුම ලබා ගැනීම දුෂ්කර වී තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ, මේ ආකාරයට අප වෙත ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙමින්, මටත් මගේ මිතුරු මිතුරියන්ටත් නව ලොව දැනුම ලබාගැනීමට උපකාරී වීමට ඉදිරිපත් වූ සියලුම දෙනාට ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” - ජාඇල ශාන්ත ජෝසෆ් කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යාවක්

ජෝන් කීල්ස් පදනම Deutsche Bank සමග එක් වී ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති ඩිජිටල් ඉගෙනුම් වැඩසටහනේ දෙවැනි අදියර ආරම්භ කර තිබේ. මේ වෙනුවෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ Atrium හිදී පැවති උත්සවයට, ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන මගින් ආවරණය වන කොළඹ 02, ජාඇල සහ රණාල යන ප්‍රදේශ වල පාසල් 11 ක් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 80 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී ඔවුන්ට ටැබ්ලට් උපාංග සහ ඩේටා පැකේජ ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාවට ජාඇල ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂ ලීලානන්ද කුලතිලක, ජෝන් කීල්ස් සමූහයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, ජෝන් කීල්ස් ව්‍යාපාර අංශ ප්‍රධානීන් වන චරිත සුබසිංහ, නයන මාවිල්මඩ සහ නදීජා තම්බයියා, ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලීන් ජයසූරිය, Deutsche Bank හි අධ්‍යක්ෂවරුන් හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් වන නිරංජන් ෆිගරාඩෝ, ජනත් ඉලංගන්තිලක, ප්‍රභාත් සමීන්ද්‍ර, රේසා මන්සූර් සහ චරිත දුම්බරගේ, Dialog Axiata PLC හි නියෝජිතයන් වන හර්ෂ ද සොයිසා සහ නිශාල් හේරත් යන මහත්ම මහත්මීන්, අදාළ පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්, ප්‍රදානයන් සඳහා තෝරා ගනු ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COVID-19 රෝග ව්‍යාප්තිය පැවති සමයේ රජයේ විභාගවලට සූදානම් වෙමින් සිටි, අඩු පහසුකම්ලාභී දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමේ අරමුණින් ජෝන් කීල්ස් පදනම, Deutsche Bank සමග එක් වී 2021 වසරේදී ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන ආරම්භ කළේ ය.

මෙහි නියමු ව්‍යාපෘතිය (පළමු අදියර) යටතේ, ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන මගින් ආවරණය වන කොළඹ 02 සහ රණාල යන ප්‍රදේශවල තෝරාගත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසු සිසුවියන් 100 දෙනෙකුට, ඔවුන් විභාගය සූදානම් වන කාල සීමාව තුළ භාවිතය සඳහා Samsung A7 ටැබ් උපාංග 100 ක් සහ ඩේටා පැකේජ පිරිනමන ලදි. මෙහි දෙවැනි අදියර යටතේ, ජාඇල ඇතුළු තෝරා ගත් ප්‍රදේශවල සිසු සිසුවියන් 80 දෙනෙකුට Samsung A8 ටැබ් උපාංග ලබා දීම සිදු විය. Deutsche Bank මෙම වැඩසටහනේ සම-නිර්මාතෘ පාර්ශ්වයක් වන අතර, Keells Office Automation (JKOA) සහ Dialog Axiata PLC පිළිවෙළින් ටැබ්ලට් උපාංග සහ ඩේටා පැකේජ සහන ගාස්තු යටතේ පිරිනමයි.

“අප මේ සඳහා තෝරා ගත්තේ හුදෙක් අධ්‍යාපන කටයුතුවලින් ඉහළම දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් පමණක්ම නොවෙයි. අධ්‍යාපන කටයුතුවල දී දැනට වඩා දක්ෂතා දැක්වීමේ හැකියාව සහිත, මෙවැනි පරිත්‍යාගයන් ලැබීමට සුදුසු සිසු සිසුවියන් මේ සඳහා තෝරා ගැනීමට අප පියවර ගත්තා. පසුගිය වසරේ දී මෙම උපාංග හිමි වූ, ළඟදීම විභාගයට පෙනී සිටින සිසුන්ට එම උපාංග විශාල වශයෙන් ප්‍රයෝජනවත් වූ අයුරු මෙන්ම, ඒවා මගින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු වූ අයුරු අප හොඳින් දුටුවා. අපගේ දරුවන් වෙත ලබාදුන් මෙම සුවිශාල සහයෝගය වෙනුවෙන් ජෝන් කීල්ස් පදනමට ස්තූතිවන්ත වන අතරම, ඉදිරි වසරේදී මීටත් වඩා පුළුල් මට්ටමකින් මෙය ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට හැකි වනු දැකීම අපගේ ප්‍රාර්ථනාවයි.” රණාල මුනිදාස කුමාරතුංග විද්‍යාලයේ විදුහල්පතිතුමා පැවසී ය.

ජෝන් කීල්ස් පදනම විසින් කළමනාකරණය කරනු ලබන ජෝන් කීල්ස් සමූහයේ ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති’ මගින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි. විවිධ පාර්ශ්වකරුවන් සමග අත්වැල් බැඳගෙන, හඳුනාගත් ප්‍රජා සංවර්ධන ගැටලුවලට පිළියම් සෙවීම ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහනේ අරමුණ වේ.

අධ්‍යාපනය යනු ජෝන් කීල්ස් පදනමේ (ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ වගකීම් අංශය) මූලික අවධානය යොමු වී ඇති අංශ හය අතරින් එක් අංශයකි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) හි පරිපාලිත සමාගමක් වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි  ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 17 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

අඛණ්ඩ තෙවෙනි දිනයටත් කොටස් වෙළෙඳපොළ ඉහළට

November, 30, 2022

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ (29) දිනයේ දී ඒකක 65.27 ක වර්ධනයක් වාර්තා කරන ලදී. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,375.21 ක් ලෙසින් සටහන් විය.

S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 27.55 කින් ඉහළ ගොස් ඒකක 2,640.31 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 1.05% ක වර්ධනයක් වේ.

මේ අතර ඊයේ දිනයේ දී රු. බිලියන 2.88 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් හා දේශීය විකිණුම් රු. බිලියන 2.79 බැගින් වාර්තා වී තිබුණි.

විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 85.25 ක් ලෙසත් විදේශීය විකිණුම් රු. මිලියන 84.14 ක් ලෙසත් සටහන් වුණි.

දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, මෙල්ස්ටාකෝප්, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි සහ සිලොන් ටුබැකෝ යන සමාගම්වලින් ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි.

 

  • Ada Derana BIZ Sinhala
  • Bandula Gunawardena
  • economic recession
  • free trade agreements
  • sri lanka

ආර්ථික අවපාතය පරදවා නැගී සිටීමට නම් නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම වත්මන් ප්‍රතිපත්තිය විය යුතුයි – බන්දුල

November, 29, 2022

රටේ පවත්නා ආර්ථික අවපාතය පරදවා නැගී සිටීමට නම් නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකරගැනීම වත්මන් ප්‍රතිපත්තිය විය යුතු බවත්, මෙරටට අවාසි සහගත තත්වයන් වළක්වාගෙන වාසි සහගත තත්වයන් ඇතිකරන නිදහස් වෙළඳ ගිවිසුම්වලට වැඩි වශයෙන් යා යුතු බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

විදේශ විනිමය අර්බුදය ජයගැනීමට නම් නිදහස් වෙළඳ ගිවිසුම් අනිවාර්යයෙන්ම ඇතිවිය යුතු තත්වයක් බවත්, ගෝලීයකරණය යටතේ ලොව කිසිදු රටකට තනිව දියුණු වීමට නොහැකි බවත්, සෑම රටක්ම තවත් රටවල් සමඟ ගිවිසුම්ගතවීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු තත්වයක් බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එසේ ගිවිසුම්ගතවීමේදී අත්‍යාවශ්‍ය පූර්ව කොන්දේසි සහිතව මෙම ගිවිසුම් අත්සන් කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

  • Ada Derana BIZ Sinhala
  • Digital Banking
  • Nations Trust Bank
  • sri lanka

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික ප්‍රතිචාර අනුව තම ඩිජිටල් බැංකුකරණ සේවාවන් වැඩිදියුණු කරයි

November, 29, 2022

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිචාර සැලකිල්ලට ගෙන තම ඩිජිටල් බැංකුකරණ සේවාවන් වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ. මේ ලෙස වැඩිදියුණු කරන ලද නවීනතම ඩිජිටල් බැංකු සේවාවන් එකතුව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මොබයිල් app එක හා අන්තර්ජාල බැංකුකරණ සේවාව හරහා හඳුන්වා දීම පසුගියදා සිදුවිය.  මේ අනුව දැන් සරල, සුරක්ෂිත හා කාර්යක්ෂම සේවාවන් එකතුවක් එකම තැනකින් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට හැකියාව ලැබී ඇත. නවීනතම තාක්ෂණයන් භාවිතයෙන් වැඩිදියුණු කළ, නව අතුරු මුහුණත් (Interface) සහ ක්‍රමවේදයන් සහිත මෙම සේවාවන්හි ආරක්ෂාව සඳහා දැඩි ආරක්ෂක ක්‍රමවේදයන්ද යොදා තිබේ.

“නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සෑම විටම උත්සාහ කරන්නේ, ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා ජීවිත වලට බැංකු සේවාවන් වඩාත් ඵලදායී ලෙස සම්බන්ධ කළ හැක්කේ කෙසේද යන්න වටහා ගැනීමටයි. ඒ සඳහා අප සෘජුවම ඔවුන්ගෙන් අදහස් විමසුවා. ඒ ඔස්සේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් තුළ ඔවුන්ට මතුවන ගැටලු අප පැහැදිලිව හඳුනා ගත්තා. මෙම ප්‍රතිචාර අනුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු නවීන තාක්ෂණයද ප්‍රයෝජනයට ගනිමින්, ගනුදෙනුකරුවන්ගේ විවිධාකාර වූ ඩිජිටල් බැංකුකරණ අවශ්‍යතාවන් එකම තැනකින් සපුරාගත හැකිවන ප්‍රයෝගික විසඳුම් පෙළක් හඳුන්වා දීමට අපට හැකි වුණා. ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ අප බැංකුවේ කණ්ඩායමට මා ස්තූතිවන්ත වනවා.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති - ඩිජිටල් බැංකුකරණ, රන්දිල් බොතේජු මහතා පැවසී ය.

අලුතින් හඳුන්වා දී ඇති ‘Single Sign On’ ක්‍රමය නිසා, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ සේවාවන් සඳහා එකිනෙකට වෙනස් පරිශීලක නාම සහ මුරපද භාවිතා කිරීම තවදුරටත් අවශ්‍ය නොවේ. එමෙන්ම ‘Multiple Login’ හැකියාව නිසා ගනුදෙනුකරුවන්ට එකවර උපාංග දෙකක් තුළින් වුවද නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඩිජිටල් සේවාවන්ට පිවිසිය හැක. ජංගම යෙදුමේ අතුරු මුහුණතද (Interface)  වැඩිදියුණු කර ඇති අතර, ගනුදෙනු සිදුකිරීමේදී අනුගමනය කළ යුතු පියවර සංඛ්‍යාව අඩු වීම ගනුදෙනුකරුවන්ට විශාල පහසුවකි. මීට අමතරව, ගිණුම් සැලසුම් කිරීමේ ක්‍රමවේදයක්ද දැන් මෙම සේවාවන්ට ඇතුළත් කර ඇති නිසා, ගිණුමකින් ගිණුමකට මුදල් මරු කිරීම්, බිල්පත් ගෙවීම් සහ කාඩ්පත් සඳහා සඳහා සිදුකරන ගෙවීම් වැනි නිතිපතා ගෙවීම් කල්තබා සැලසුම් කළ හැකි වේ.

“මේ නව ඩිජිටල් බැංකුකරණ සේවාව, ඩිජිටල්කරණය කරා අප යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක්. මෙවැනි ඩිජිටල් බැංකුකරණ පහසුකම් තිබීම මගින් ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම හා සුරක්ෂිත ලෙස ගනුදෙනු කිරීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම අප ගනුදෙනුකරුවන්ගේ අදහස් වලට සවන් දී, ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට සේවාවන් සැලසුම් කරන නිසා, එය ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සහ ප්‍රතිලාභ රැසක්ද ගෙනෙනවා.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ගුණතිලක මහතා පැවසී ය.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නව මොබයිල් app එක සහ අන්තර්ජාල බැංකුකරණ සේවාව ඔස්සේ ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය ඉලක්ක තමන්ට කැමති ආකාරයට කළමනාකරණය කරගත හැකි වන අතර, ‘Chat Bot’ සේවාව හරහාද ඔවුන්ට ඉතාමත් පහසුවෙන් ඩිජිටල් බැංකුකරණ සේවාවන් ලබාගත හැකි වේ.

නව ‘High Risk Verification’ ක්‍රියාවලියට පියවර දෙකක් මගින් අනන්‍යතාව තහවුරු කරගැනීම සහ ජෛවමිතික (Biometrics) තහවුරු කරගැනීමද ඇතුළත් වන අතර, මෙම සේවාවන් සඳහා ‘ISO/IEC 27001:2013 සහතිකකරණය හිමි නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ තොරතුරු ආරක්ෂණ කළමනාකරණ ක්‍රමවේදයන්ද භාවිතා වන නිසා ගනුදෙනුකරුවන්ගේ දත්ත වල ආරක්ෂාව සහ රහස්‍යභාවය ආරක්ෂා වේ.

‘Google Play Store’, ‘Huawei AppGallery’ හෝ ‘Apple App’ වෙතින් ‘Nations Direct Mobile App’ බාගත කරගැනීමෙන් ගනුදෙනුකරුවන්ට නේෂන්ස් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ සේවාවන්ගේ පහසුව, කාර්යක්ෂමතාව හා සුරක්ෂිතභාවය රිසි සේ අත්විඳීමට හැකියාව ලැබෙනු ඇත.

දිවයින පුරා ශාඛා 96 ක් ස්ථාපිත කර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික, වාණිජ හා ආයතනික ගනුදෙනුකරුවන් රාශියකට සේවාවන් සලසයි. එමෙන්ම නවීන ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi ද හඳුන්වා දෙන ලදි. මීට අමතරව ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලයද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ.

 

ඡායාරූප විස්තරය - නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නව ඩිජිටල් බැංකුකරණ සේවාව වැඩිදියුණු කළ කණ්ඩායම

  • Ada Derana BIZ Sinhala
  • Amana Takaful Insurance
  • Lifestyle Savings App
  • sri lanka

අමානා තකාෆුල් ඉනුෂුවරන්ස් ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩලය වෙත SLASH වෙතින් 20%ක ආකර්ෂණීය ඉතුරුමක්

November, 29, 2022

අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවන ඉතුරුම් විලාසිතා (Lifestyle Savings) යෙදවුම වන SLASH සමඟ අත්වැල් බැඳගනිමින් සිය SLASH සැළසුම් සේවා පාරිභෝගිකයන් වෙත වාර්ෂික සහ මාසිකව  20% ක සුවිශේෂී වට්ටමක් ලබා දීමට කයුතු යොදා ඇත. මේ සඳහා වන නිල ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම එම ආයතනික නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදු වූ අතර, එමඟින් අමානා තකාෆුල් පාරිභෝගිකයින්හට එකකට එකක් ඉතුරුම් සහ ජීවන රටා කාණ්ඩ 8ක් ඔස්සේ වට්ටම්, 120 ඉක්ම වූ සේවා ස්ථාන සහ 300කට අධික ගනුදෙනු සහ වට්ටම් ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇත.

මෙම හවුල්කාරිත්වය සම්බන්ධයෙන් අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් හි අලෙවිකරණ සහ සන්නිවේදන අංශයේ ප්‍රධානී ෂමිල් අක්බාර් මහතා පැවසුවේ, “SLASH හි සම-නිර්මාතෘවරුන් අප හමුවී මේ යෙදවුම අප වෙත ඉදිරිපත් කරනවිට, අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් එක විදිහට අපට එය වැඩි නව්‍යතාවයක් තිබෙන, සිත් ඇදගන්නා සුළු සහ පාරිභෝගික හිතැති නිෂ්පාදනයක් බව අපට අවබෝධ වුනා. එමනිසා අපේ පාරිභෝගිකයින්ට මෙම සේවාව ලබාදීමේ පළමු ආයතනය බවට පත්වීමට අපට අවශ්‍ය වුුනා. ඒ වගේම අද වෙනකොට එය සාර්ථකත්වයට පත්ව තිබෙනවා. මීට අමතරව අමානා ඉන්ෂුවරන්ස් හි සියලුම කාර්ය මණ්ඩලය සහ පාරිභෝගිකයින්ට SLASH සැලැස්ම සක්‍රීය කිරීමේ පිරිවැයෙන් 20% ක වට්ටමක් ලබාදී ඔවුන්ට මේ අත්දැකීම ලබාගැනීමට ඉහළ සහයෝගයක් දැක්වීම වෙනුවෙන් SLASH කණ්ඩායම කළ කැපවීම මම මෙහිදී සතුටින් සිහිපත් කරනවා.''

SLASH හි සම-නිර්මාතෘන් වන Hussain සහ Tasneem Turabally මෙම සහයෝගිතාවය සම්බන්ධයෙන් මෙසේ සිය අදහස් දැක්වීය. “අපට අවශ්‍ය වන්නේ මිනිසුන්ට වැඩිපුර ඉතිරි කර ගැනීමට, වැඩිපුර අත්දැකීම් ලබා ගැනීමට සහ වැඩියෙන් ජීවිතය අත්විඳීමට අවස්ථාව ලබාදීමටයි. මෙතනදී ජනතාවගේ මුදල් පසුම්බියට ගැළපෙන ආකාරයෙන් ජීවිතය විඳීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අප අවබෝධ කර ගත්තා. විශේෂයෙන් වසංගත තත්වයෙන් පසුව භාණ්ඩ මිල විශාල ලෙස ඉහළයාම හේතුවෙන් ජනතාවට ජිවිතය විඳීමට අවස්ථාව අහිමිවී තිබෙනවා. අපි මූලිකව කයුතු කළේ මේ තත්වය වෙනස් කරන්නයි. එම අදහස තමයි අපිට SLASH ආරම්භ කිරීම සඳහා මූලික වුනේ. අද වෙනකොට මේ අවකාශය ජනප්‍රියත්වයට පත්වෙමින් බොහෝ දෙනෙකුට තමන්ගේ සිහින ජීවිත රටාව ළඟාකාර ගැනීමට උපකාර වෙල තිබෙනවා. අමානා SLASH සමග ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය සම්බන්ධයෙන් අප ඉතා සතුටු වෙනවා. මෙයින් අපගේ පාරිභෝගිකයින්ට සිය වාර්ෂික දායකත්වය ඉතිරි කර ගැනීමට අවස්ථාවක් හිමිවනවා. ඒ වගේම SLASH සඳහා වර්ෂයකට රුපියල් 5,000 ක් වැය කිරීමෙන් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ සියලුම ගනුදෙනු සහ දීමනා හරහා රුපියල් මිලියන 1.8 කට වඩා වටිනා ඉතිරි කිරීමේ අවස්ථාව ලැබීම අප ආඩම්බරයෙන් පවසන දෙයක්. ඇත්ටම මේක සමකල නොහැකි වටිනාකමක්.”

පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ ආචාරධාර්මික ක්‍රමවේදයන් මූලික කරගත් සුවිශේෂී රක්ෂණ ක්‍රමයක් වන තකාෆුල් රක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පුරෝගාමී වූයේ අමානා තකාෆුල් රක්ෂණ සමාගමයි. මේ වනවිට එම සමාගම අංග සම්පූර්ණ රක්ෂණ සමාගමක් බවට වර්ධනය වී තිබේ. 1999 වසරේදී පොදු සමාගමක් ලෙස සංස්ථාගත කරන ලද අමානා තකාෆුල් සමාගම, 2006 වසරේ සිට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී සිටී. මේ වනවිට දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ ශාඛා 35 කට වැඩි සංඛ්‍යාවක් පිහිටුවා ඇත. ISO 9001 සහතිකකරණය හිමි එම සමාගම, 2005 වසරේ මාලදිවයිනෙහිද ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර, පසුකාලීනව වෙනම සමාගමක් ලෙස සංස්ථාගත වී 2011 වසරේදී මාලදිවයිනේ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි විය. අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම සියලුම ආකාරයේ ජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ විසඳුම් මෙන්ම, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂයෙන් සැලසුම් කළ සෞඛ්‍ය රක්ෂණ එකතුවක්ද පිරිනමයි.

  • Ada Derana BIZ Sinhala
  • Export Performance
  • October
  • sri lanka

2022 මාස 10ක වෙළෙඳ භාණ්ඩ අපනයන ඉපැයීම් ඩොලර් බිලියන 11 ඉක්මවයි

November, 29, 2022

2022 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 ජනවාරි - ඔක්තෝබර් කාලපරිච්ඡේදය තුළ දී වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ලද සමස්ත ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් බිලියන 11 සීමාව ඉක්මවා ගොස් තිබේ. මේ අනුව 2022 මුල් මාස 10 තුළ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 11.07 ක් වේ.

කෙසේවෙතත් වාර්ෂික පදනම මත 2022 ඔක්තෝම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඉපැයීම් 8.18 % කින්, ඩොලර් මිලියන 1,094.8 දක්වා අඩු වී තිබේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසන පරිදි මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු සහ සුගන්ධ තෙල් සහ ධීවර අංශයේ අපනයන ආදායම අඩුවීමයි. තවද, ගෝලීය අර්බුදයන්හි බලපෑම ප්‍රධාන නිෂ්පාදනවල අපනයන ආදායම අඩුවීමට ද බලපා තිබේ.

සේවා අපනයනය

2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,619.66 ක් වූ අතර, එය 2021 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 2.64% කින් වැඩි විය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු ගත කර ඇති සේවා අපනයන තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT), ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය, සේවා, ප්‍රවාහන සහ සැපයුම් සේවා ආදියෙන් සමන්විත වේ.

 

 

 

 

Video Story

Stock Market

Exchange Rates