October, 13, 2022
වර්ෂ 1323 වැනි ඈත අතීතයේ දී, ලියවිල්ලක සඳහන් වූ මුල් ම වතු යාය ලෙස ඉතිහාසගත වන ඔස්ට්රියාවේ පිහිටා ඇති සියවස් ගණනාවක් පැරණි වතුයායක් වන Nussböckgut මිදි වත්තේ දී, එහි මෙහෙයුම් සමාගම් දෙක පසුගිය වසරේ දී ආරම්භ කළ පුරෝගාමී ව්යාපෘතිය පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබා දුන් අතර, එහි දී එම වතුයාය 5G හා IoT තාක්ෂණයන් තිරසාරත්වය කරා ගෙන යා හැකි ආකාරය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. මෙම මෙහෙයුම් සමාගම් දෙක විසින් තාක්ෂණික නවෝත්පාදනයන් හා 5G තාක්ෂණය ඔස්සේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගෝලීය ප්රමිතීන්ට අනුකූලව තිරසාර කෘෂිකර්මාන්තයක් ප්රවර්ධනය කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඩිජිටල්කරණය හා කෘෂිකර්මාන්තය පිළිබඳ විශේෂඥයින්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් සඳහා සිය සත්කාරකත්වය ලබා දීමට කටයුතු කෙරිණි.
මෙම සමාගම් දෙක නිවේදනය කළේ ඔවුන්ගේ සහයෝගීතාව 'Digital Sky' තේමාව යටතේ එහි දෙවන අදියරට පිවිසීමට නියමිත බවයි. Huawei සමාගම විසින් 5G තාක්ෂණය මත Cloud සේවාවන් සපයනු ලබන අතර, එය තත්ය කාලීන කෘත්රිම බුද්ධිය විශ්ලේෂණය සඳහා පදනම ලෙස සැලකිය හැකිය. එහි දී අධි-විභේදන කැමරා සහ සංවේදකවලින් සමන්විත ඩ්රෝන්ටෙක් හි ඩ්රෝන යානා, ගොඩබිම හා ඒ ආශ්රිත වස්තූන් සමීක්ෂණය කර, කෘත්රිම බුද්ධිය මගින් සකසන ලද ඡායාරූප හා දත්ත ග්රහණය කර ගැනීමට එහි පරිශීලකයින් සඳහා කාර්යක්ෂම සේවාවක් ලබා දෙයි.
මෙම තාක්ෂණය ගොවියන්ට කුඩා කෘමීන් හඳුනා ගැනීම, බෝග තත්ත්වය නිරීක්ෂණය කිරීම, අස්වැන්න සම්බන්ධව අනාවැකි පළ කිරීම සහ ජලය, රසායනික ද්රව්ය හා පළිබෝධනාශක භාවිතය ක්රමවත්ව සිදු කිරීම යන ක්ෂේත්ර සඳහා ඉතා හොඳ සහයක් ලබා දෙයි.
දෙවන අදියරේ දී ඩ්රෝන් සේවා සඳහා හවුල් ආර්ථික ප්රවේශයක් සංවර්ධනය කිරීමට ද ව්යාපෘතිය සැලසුම් කරන අතර, ආයතනික හා පෞද්ගලික මට්ටමේ ඇතුළු විවිධ අංශවල පරිශීලකයින්ට සූර්ය පැනල පරීක්ෂා කිරීම, රථවාහන කළමනාකරණය, විදුලි රැහැන් දිරාපත් වීම් හඳුනාගැනීම වැනි පුළුල් පරාසයක අවශ්යතා සඳහා ඩ්රෝන යානා හා ඒ ආශ්රිත කෘත්රිම බුද්ධිය කුලී පදනම මත ලබා ගත හැකිය.
කෘෂිකර්මාන්තයට 5G සක්රීය ඩ්රෝන තාක්ෂණය හඳුන්වා දීමේ දී මුහුණ දීමට සිදුවන විශාලතම අභියෝගය වන්නේ ජාල ආවරණයයි. දැනට, 5G ජාල මූලික වශයෙන් නිර්මාණය කර ඇත්තේ බොහෝ දුරට බිම් මට්ටමේ හෝ ගෘහස්ථ පරිශීලකයින් සඳහා වන අතර, සාමාන්යයෙන් පොළොවේ සිට මීටර් 50ක් පමණ ඉහළින් පියාසර කරන ඩ්රෝන යානා සඳහා උසස් තත්ත්වයෙන් යුත් ආවරණයක් ලබා දීම අත්යවශ්ය කරුණකි.
මේ පිළිබඳව තව දුරටත් දැන ගැනීමට අවශ්යනම් https://www.huawei.com/en/sustainability/the-latest/events/5g-smart-farming-tour වෙත පිවිසෙන්න.

October, 13, 2022
රටේ ආර්ථික තත්ත්වයන් සහ ඔබේ පෞද්ගලික අවශ්යතා සැලකිල්ලට ගෙන දැරිය හැකි මිලකට සම ආරක්ෂණ විසඳුම් මිලදී ගැනීම කාලීන අවශ්යතාවයක් වේ. මෙහිදී පාරිභෝගිකයන් විසින් නිෂ්පාදනයේ මිල මෙන්ම නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පිළිබඳව ද සලකා බලයි. සුඛෝපබෝගී සම ආරක්ෂණ නිෂ්පාදනවල මිල ඉහළ යමින් පවතින වකවානුවක, තමන් සතු මුදලට ගැලපෙන, උසස් තත්ත්වයේ නිවැරදි නිෂ්පාදනයක් තෝරා ගැනීම ඉතා වැදගත් වේ.
Black orchid , Hibiscus සහ Wild Rose යන ප්රභේද තුනකින් වෙල්වට් බොඩි වොෂ් වෙළෙඳ පලට පැමිණ තිබේ. එමෙන්ම Hydraboost තාක්ෂණයෙන් නිෂ්පාදනය කර ඇති Cherry Blossom සහ Vanilla සහ Shea Butter 140ml සහ 250ml බොඩි වොෂ් නිෂ්පාදන මඟින් මෘදු සමක් සහ දිගු කල් පවතින මොයිස්චරයිසින් ගුණයෙන් අනූන සමක් ලබා දීමට උපකාරී වේ.සෑම වෙල්වට් බොඩි වොෂ් නිෂ්පාදනයක් සඳහාම ද්විත්ව අමුද්රව්ය භාවිත කරන අතර බොඩි වොෂ් පරාසයේ භාවිතා වන සියලුම අමුද්රව්ය, දිගු කල් පවතින සුවඳ විලවුන් සඳහා ප්රසිද්ධය.
වෙල්වට් බොඩි වොෂ් එක් නිෂ්පාදනයකින් දිගු කාලීන තෙතමනයක් සහ වැඩි සේදුම් වාර ගණනක් පොරොන්දු වන බැවින් මුදලට සරිලන වටිනාකමක් සොයන ඕනෑම කෙනෙකුට වෙල්වට් බොඩි වොෂ් විශිෂ්ට සම ආරක්ෂණ විසඳුමක් ලෙස හඳුනා ගත හැක.
ISO , GMP සහ IFRA යන ආරක්ෂිත ප්රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති වෙල්වට් බොඩි වොෂ් සම මත ඉහල තෙතමනයක් රඳවා තබන බවට චර්ම විද්යාත්මක සායනික පරීක්ෂණ මගින් ඔප්පු කර ඇත.
ශ්රී ලාංකේය සමට ගැළපෙන පරිදි නිෂ්පාදන කරන ලද Velvet බොඩි වොෂ් ඉහළ මොයිස්චරයිසින් ගුණයකින් යුතු වන අතර එමගින් සෑම පුද්ගලයෙකුම බලාපොරොත්තු වන ආකාරයේ සුසිනිදු සමක් ලබා ගැනීමට උපකාරී වේ.Velvet වෙළෙඳ නාමය soap, body wash, hand wash සහ body lotion ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත වන අතර එම නිෂ්පාදනයන් අවශ්ය ආරක්ෂිත ක්රියාවලින්ට අනුකූලව ඉහළම ප්රමිතියකට අනුව නිෂ්පාදනය කෙරේ.
October, 13, 2022
AIA ඉන්ෂුවරන්ස් සමාගම, නොබෝදා පවත්වන ලද හොඳම සේවා ස්ථාන සඳහා වන සම්මාන උළෙලේ දී අඛණ්ඩව 10 වන වසරටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස පිදුම් ලබමින් 'LEGEND' තත්ත්වය අත්කර ගත් එකම රක්ෂණ සමාගම බවට පත් වේ. AIA හි මෙම දැවැන්ත ගමන් මග තුල, කාර්යමණ්ඩල සාමාජිකයින් සියලු දෙනා ඇතුළත් කරගත් අපක්ෂපාති සහ සාධාරණ සේවා පරිසරයක් නිර්මාණය කිරීමට සහ සියළුම සේවකයින්ගේ වෘත්තීය වර්ධනයට සහ සුභසිද්ධිය සඳහා වූ අඛණ්ඩ කැපවීම මෙසේ සම්මානනීය වීම මගින් මනාව පිළිබිඹු වේ.
හොඳම සේවා ස්ථාන සංස්කෘතීන් ඉතා ශක්තිමත් පදනමක් ඇතිව ගොඩනැගී ඇත. සමාගම ඇතුළත AIA ඉන්ෂුවරන්ස් වඩාත් සෞඛ්ය සම්පන්න, නවතාවයෙන් පිරිපුන් සංස්කෘතියක් ප්රවර්ධනය කරන අතර සිය සේවා ස්ථානයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් කාර්යමණ්ඩල සාමාජිකයින් සවිබලගන්වනු ලබයි. අත්දැකීම් බෙදාහදා ගනිමින්, එතුලින් සහයෝගීතාවයෙන් යුක්තව අභියෝග ජය ගනිමින්, එකිනෙකාට සහාය වෙමින් ඔවුන් සමගින් අර්ථවත් සහසම්බන්දතා ඇතිකර ගනිමින්, එක පවුලක් තුළ පවතින වාතාවරණය හා සමාන සංස්කෘතියක් AIA කාර්යමණ්ඩල සාමාජිකයින් සමාගම තුළ ගොඩනගාගෙන ඇත.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය සිය අදහස් දක්වමින් කියා සිටියේ, "සේවය කිරීම සඳහා හොඳම සේවා ස්ථානයක් ආරම්භ වන්නේ අපගේ හැකියාවන් ඉහලම තලයට ගෙන යාමට අවස්ථාව ලබා දෙන සේවා පරිසරයක් තුලින්. අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින් විසින් අඛණ්ඩව වසර 10ක් පුරාවට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස සිය සමාගම ඇගයුමට ලක්කර කරගනිමින් Great Place to Work හි LEGEND තත්ත්වය අත්පත්කර ගැනීමට සමත් වීම අපට මහත් අභිමානයක් මෙන්ම එය අප සමාගම සතු සංස්කෘතිය සහ ස්ථාවරත්වය පිළිබඳව මනා සාක්ෂියක්. එසේ AIA ශ්රී ලංකා සමාගම LEGEND තත්ත්වයට පත්වන්නේ අප විසින් විශාල පිරිසකගේ ජීවිත වලට ධනාත්මක අයුරින් බලපෑම් ඇතිකර ඇති නිසයි. සමාගමක් ලෙස මෙවන් වෙනසක් ඇතිකිරීම ආරම්භ වන්නේ AIA කාර්යමණ්ඩලයේ සෑම සාමාජිකයෙකුගේම සහභාගීත්වයෙන්. ඔවුනගේ කාර්යසාධනය උසස් මට්ටමකට ගෙන යමින් අසමසම වෙනසක් ඇති කිරීමට ඔවුන්ව සවිබල ගැන්වීම වෙනුවෙන් මා AIA ශ්රී ලංකා සමාගම තුල සියලු තලයන් හි සිටින නායකත්වයට මගේ හදපිරි කෘතඥතාව පළකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. විශිෂ්ට පුහුණු සහ සංවර්ධන වැඩසටහන් ඔස්සේ කාර්යමණ්ඩලයට ලබා දෙන්නා වූ අත්දැකීම් සහ වර්ධන අවස්ථා මෙම ක්රියාවලිය සඳහා මූලික වන අතර අවසානයේ දී මේ සියල්ල අපගේ සේවාලාභීන් වෙත ඉහළ අගයන් එකතු කිරීමට දායක වනු ඇති."
AIA ඉන්ෂුවරන්ස් හි මානව සම්පත් අධ්යක්ෂිකා තුෂාරි පෙරේරා කියා සිටියේ "රට වසා තිබු අවස්ථාවන් වලදී සහ හයිබ්රිඩ් ක්රමයට සේවයට වාර්තා කිරීමට උපදෙස් දී තිබූ අවස්ථාවන් වලදීත් අපගේ ප්රධාන ප්රමුඛත්වයක් වූයේ කාර්යමණ්ඩල සාමාජිකයින්හට අඛණ්ඩව සහාය වීම තහවුරු කිරීම වන අතර ඒ ඔස්සේ ඔවුන් අඛණ්ඩව ඔවුනගේ කාර්යභාරය ද විශිෂ්ට අයුරින් ඉටු කරනු ලැබුවා. ඔවුන්ගේ රැකියාව කුමන ආකාරයක වුවද සිය කාර්යභාරය එකෙනකා හා එක්ව හරියාකාරව සන්නිවේදන කටයුතු සිදුකරමින් ඉටු කිරීමට අවශ්ය සියලුම තාක්ෂණය සහ උපාංග ඔවුනට ලබා දෙනු ලැබුවා. AIA හි අප සැමවිට විශ්වාස කරන්නේ ‘විශිෂ්ටත්වයෙන්’ ඔබ්බට ගොස් වඩාත් හොදින් යමක් කිරීමයි මන්ද අපි වඩා හොඳ යැයි විශ්වාස කරන්නේ අපව වඩා හොඳින් ගෙන යා හැකි දුරෙහි සීමාවක් නොමැති නිසයි. සැමට සුරක්ෂිත, එකිනෙකා හා එක්ව සුහදත්වයෙන්, සතුටු සිතෙන් සහ ධෛර්යසම්පන්නව ක්රියා කළහැකි සේවා පරිසරයක් ගොඩනැගීමට අප සැමවිටම උත්සාහ කරනවා. මේ සියල්ල ඔස්සේ අප එකිනෙකාට සලකන ආකාරය, අපි අපගේ සේවාලාභීන්හට සේවය සලසන ආකාරය පමණක් නොව අප ජීවත් වන සහ වැඩ කරන ප්රජාවන්ට අපි සහාය දෙන ආකාරය පිළිබඳවත් අපට මඟ පෙන්වනු ලබනවා."
සමෘද්ධිමත් උරුමයක් සහ නව්ය අදහස් වලින් සපිරි AIA ඉන්ෂුවරන්ස්, නැවුම් ඉදිරි දර්ශනයකින් යුත්, කණ්ඩායම් හැගීමෙන් යුතුව ක්රියා කිරීමට කැමැත්තක් දක්වන රැකියා සොයන්නන්හට අපගේ ගමන්මග හා එක්වෙන මෙන් දිරිමත් කර සිටිනවා.
October, 13, 2022
බ්රැන්ඩික්ස් ශ්රවණ අපහසුතා සහිත නර්තන කණ්ඩායම, සැප්තැම්බර් 23 දිනට යෙදී තිබුණු ජාත්යන්තර සංඥා භාෂා දිනය සැමරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ උත්සවයකට සහභාගී විය. සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්යාංශය එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණි. රඹුක්කන බ්රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කරන 12 දෙනෙකු මෙම නර්තන කණ්ඩායමට ඇතුළත් වූහ. සෙත්සිරිපාය ප්රධාන ශ්රවණාගාරයේදී පැවති මෙම උත්සවයට සමාජ සවිබලගැන්වීම් රාජ්ය අමාත්ය අනුප පැස්කුවල් මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ පිරිසක්ද එක් වී සිටියහ.
විවිධත්වයට කවදත් මුල්තැන දෙන බ්රැන්ඩික්ස් සමූහ ව්යාපාරය තුළ විවිධ ආබාධ සහිත පුද්ගලයන් 154 දෙනෙකු සේවය කරන අතර, ඉන් 103 දෙනෙකු ශ්රවණ අපහසුතා සහිත පුද්ගලයෝ වෙති. මීට පෙර 2019 වසරේදී බ්රැන්ඩික්ස් වාර්ෂික කුසලතා දැක්ම සහ සම්මාන උළෙල වන ‘රසදිය මංගල්යය’ තුළදී නරඹන්නන් අමන්දානන්දයට පත්කළ නර්තනාංගයක් ඉදිරිපත් කිරීමට මෙම නර්තන කණ්ඩායම සමත් විය. 2018 වසරේදී කොග්ගල බ්රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන, ශ්රවණ අපහසුතා සහිත සාමාජිකයන් තිදෙනෙකු ලෝක දෘශ්යාබාධිත විස්සයි විස්සයි ලෝක කුසලාන තරගාවලියටද සහභාගී වූ අතර, එම කණ්ඩායම එම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය.
විවිධත්වය අගයමින්, සෑම පුද්ගලයෙකුට තම හැකියාවන් ප්රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දීමට බ්රැන්ඩික්ස් සෑම විටම කටයුතු කරයි. ‘පිබිදුණු මිනිසුන් තුළින් පිබිදුණු විසඳුම් ලබාදීම’ යන පරමාර්ථය ඔස්සේ බ්රැන්ඩික්ස් සමූහ ව්යාපාරය තම ව්යාපාර කටයුතු වල සෑම අංශයකදීම විවිධත්වයට නිසි තැන ලබා දී තිබේ.

October, 12, 2022
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (12) කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91 බිල්පත් සඳහා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම බර තබන ලද සාමාන්ය ඵලදා අනුපාතිකය වාර්තා වී තිබේ.
මේ අනුව කල්පිරීමේ කාලය අනුව දින 91 බිල්පත් පොලිය 32.34% සිට 33.05% දක්වා ද, දින 182 බිල්පත් පොලිය 30.61% සිට 32.53% දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේවෙතත් දින 364 බිල්පත් පොලිය 29.75% සිට 29.60% ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබුණි.
දින 91 ක හා 182 බිල්පත් සඳහා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වුණු ඉහළම ඵලදා අනුපාතිකයන් අද දින වාර්තා වී තිබීම විශේෂත්වයකි.

October, 12, 2022
අද (12) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 108.66 (1.24%) කින් ඉහළ ගොස් ඒකක 8,853.27 ලෙසින් වාර්තා විය.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 34.82 කින් හෙවත් 1.31% කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 2,687.81 ක් ලෙසින් දැක්වුණි.
අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.30 ක් ලෙසින් සටහන් විය.
එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.25 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 2.28 ක් ලෙසින් සටහන්ව තිබුණි.
දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා සමාගම් 126 ක් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර එක්ස්පෝ ලංකා හෝල්ඩින්ස්, සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, රෝයල් සෙරමික් ලංකා, LOLC හෝල්ඩිංග්ස් හා හේලීස් යන සමාගම් මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් අතර කැපී පෙනුනි.
October, 12, 2022
මෙවර පැවැත්වුණු ආසියා පැසිෆික් ISP සමුළුව අතරතුර දී Huawei සමාගම සිය නවතම වැඩසටහන වන “ආසියා පැසිෆික් කලාපය කේන්ද්රකරගනිමින් සාර්ව දෘශ්ය හා බුද්ධිමය අන්තර්ජාල පහසුකම් ගොඩනැංවීම” පිළිබඳව හඳුන්වා දුන් අතර, එම වැඩසටහන 2030 වසර වන විට අන්තර්ජාල සේවා සැපයුම් ක්ෂේත්රය බුද්ධිමය ලෝකයේ වැදගත් ම පදනම ලෙස ශක්තිමත් කිරීමට අරමුණු කරයි. එහි දී Huawei සමාගම විසින් ව්යාපාරික නායකයින් හා හවුල්කරුවන්, ආසියා-පැසිෆික් කලාපයේ සියලු ම දෘශ්ය ප්රවණතාවන් හා ගෘහස්ථ බ්රෝඩ්බෑන්ඩ් සේවාවන්, ඒකාබද්ධ සේවාවන් හා Cloud සේවාවන් කළමනාකරණය කරන ලද විශ්වවිද්යාල ආදී ක්ෂේත්රවල ප්රගතිය පිළිබඳව සාකච්ඡා කරමින් මෙම ක්ෂේත්රයේ වර්ධනය වෙනුවෙන් නව අදහස් හා යෝජනා ඉදිරිපත් කෙරිණි.
Huawei සමාගම අන්තර්ජාල සේවා සැපයුම් ක්ෂේත්රය ආශ්රිත ප්රධාන ප්රවණතා සියල්ලක් ම හරිතමය, දෘශ්යමය හා බුද්ධිමය සබඳතා බව විශ්වාස කරයි. මෙම ව්යාපෘතිය මගින් 2030 වසර වන විට සැපිරිය යුතු ඉලක්ක වෙත අවධානය යොමු කරන විට, 'Huawei Asia Pacific Enterprise Business' සමාගමේ ප්රධාන තාක්ෂණික නිලධාරී බ්රැන්ඩන් වූ මහතා පැවසුවේ එය AI-ස්වදේශික, ඝන බ්රෝඩ්බෑන්ඩ් ජාලයක් හා අධිෂ්ඨානශීලී ක්රියාවලියක් විය යුතු බව සහ ආරක්ෂාව හා හරිත සංකල්පය ආශ්රිත අවශ්යතා සපුරාලිය යුතු බවයි.
ආසියා පැසිෆික් කලාපයේ අන්තර්ජාල සේවා සැපයුම් ක්ෂේත්රය ආශ්රිතව සේවා ලබා දෙන ප්රධානතම සමාගමක් වන Huawei සමාගම එය සිය නිෂ්පාදන කළඹ වර්ධනය සඳහා ප්රයෝජනයට ගනිමින්, යටිතල පහසුකම් හා නවෝත්පාදනයන් ගොඩනැංවීමට නායකත්ව ගන්නා අතර, Datacom, optical Network, Data Center, සහ cloud යන සේවාවන් වර්ධනය කිරීම සඳහා ද සහයෝගය ලබා දෙයි.
සාර්ව දෘශ්ය ජාල, අන්තර්ජාල සේවා සැපයුම් ක්ෂේත්රයට මෙන් ම සමස්ත ඩිජිටල් ආර්ථිකයට ද අත්යවශ්ය බව Huawei සමාගම හඳුනාගෙන ඇත. එමෙන් ම Huawei සමාගම හඳුන්වා දී ඇති තාක්ෂණය හා විසඳුම් ආසියා-පැසිෆික් කලාපය තුළ ව්යවසායන් ආශ්රිත නවෝත්පාදනයන් සඳහා බලශක්තිය ඉතිරිකිරීම හා කාබන් විමෝචනය අවම කිරීම යන හැකියාවන් ද ලබා දෙයි.
මෙම විසඳුම් ආසියා පැසිෆික් කලාපයේ සාර්ව දෘෂ්ය හා බුද්ධිමය අන්තර්ජාල පරිවර්තන සේවාවන් වේගවත් කිරීම සඳහා සහයෝගය ලබා දෙයි.
ආසියා-පැසිෆික් කලාපය තුළ ඩිජිටල් ආර්ථිකයේ තිරසාර සංවර්ධනය ඉහළ නැංවීම සඳහා Huawei සමාගම හරිත සංකල්පයට අනුකූල, සාර්ව දෘශ්ය හා බුද්ධිමය අන්තර්ජාල යටිතල පහසුකම් ආශ්රිත නව්යකරණයන් අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණු කරයි. එහි දී දත්ත මධ්යස්ථාන ආශ්රිත ජාල, දත්ත මධ්යස්ථාන අන්තර් සබඳතා, බුද්ධිමය පරිගණකකරණය හා පොදු Cloud සේවාවන් ආදී ක්ෂේත්ර පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත Huawei සමාගම අන්තර්ජාල ක්ෂේත්රයේ ගනුදෙනුකරුවන් සමඟ එක්ව නව අගයන් නිර්මාණය කිරීමට වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙයි.
අන්තර්ජාල සේවා සැපයුම් ක්ෂේත්රය ආශ්රිතව Huawei සමාගම හඳුන්වා දෙන නවතම තාක්ෂණය හා විසඳුම් පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්ය නම් කරුණාකර https://e.huawei.com/en/huawei/industries/isp වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

October, 12, 2022
Lanka Rating Agency විසින් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් (SDF) සමාගම වෙත මූලික ශ්රේණිගත කිරීම පිරිනමා තිබේ. පසුගිය වසර 5 ක කාලය තුළ එම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම අත්කරගත් ස්ථාවර වර්ධනය මෙන්ම, සර්වෝදය ව්යාපාරය හරහා ග්රාමීය ප්රදේශ වල ජනතාවට අවශ්ය මූල්යමය අත්වැල පිරිනැමීමට සමාගම සමත් වී ඇති ආකාරය මෙම ශ්රේණි ගත කිරීම මගින් මනාව පැහැදිලි වේ. සර්වෝදය ව්යාපාරය සතු කීර්තිනාමය සහ සමාගමේ විශ්වාසනීයත්වය මේ හරහා වඩාත් ඉහළ යනු ඇත.
SDF සමාගම 2021 දෙසැම්බර් මාසයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වූ අතර ප්රාග්ධන සප්රමාණතා අනුපාතය (CAR) සහ මූලික ප්රාග්ධනය සම්බන්ධ ව්යවස්ථාපිත අවශ්යතා සපුරා ඇත. සමාගම සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර සහ ග්රාමීය ආර්ථිකය සමග විශේෂයෙන් ගනුදෙනු කරන අතරම, තම ගනුදෙනුකරුවන් විශාල පිරිසකට බලපා ඇති ආර්ථික අර්බුදය හා ඒ සම්බන්ධ තත්ත්වයන් කළමනාකරණය කිරීමට ද සමාගමට සිදුවී තිබේ. 2021 මූල්ය වර්ෂයේ සිටම තම දළ අක්රීය ණය අනුපාතය ක්ෂේත්රයේ සාමාන්ය අගයට වඩා පහළ මට්ටමක රඳවා ගැනීමට සමාගම සමත් වී ඇත. කෙසේ වුවද පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ, 2022 මූල්ය වර්ෂයේ පැවති 8.9% ක ශුද්ධ අක්රීය ණය අනුපාතය 2023 මූල්ය වර්ෂයේ පළමු කාර්තුව වන විට 10.8% දක්වා ඉහළ ගොස් තිබේ.
SDF හි 2022 මූල්ය වර්ෂයේ පොලී ආදායම රු. බිලියන 1.8 ක් සහ බදු-පසු ලාභය රු. මිලියන 215 ක් වන අතර මෙය පිළිවෙළින් 15% ක සහ 18% ක වර්ධනයකි. කල්බදු ක්ෂේත්රය තුළ සමාගම සතු වෙළඳපොළ කොටස 0.9% ක් වන අතර එය මෙම ශ්රේණිගත කිරීම මගින් පිළිබිඹු වේ. මෑතකදී සමාගම සිය ලීසිං සේවාවන් පුළුල් කිරීම හේතුවෙන් ණය දීම් ප්රමාණය 150% කට වැඩි ප්රතිශතයකින් වර්ධනය වී ඇති අතර, එම නිසා අවදානම් මට්ටම ඉහළ ගොස් තිබේ. ඉදිරියේදී, අභියෝගාත්මක ආර්ථික වාතාවරණයක් මධ්යයේ සමාගමේ සේවා එකතුව තුළ සාර්ථක ලෙස ණය අවදානම් කළමනාකරණය සිදුකිරීම සහ අරමුදල් හා ණය අතර අනුපාතය අඩුකර ගැනීම, ඉදිරි ශ්රේණිගත කිරීම් සඳහා වැදගත් වනු ඇත.
මෙම ශ්රේණිගත කිරීම්, රට තුළ ඇති වෙනස්වනසුලු සාර්ව ආර්ථික තත්ත්වයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින් තම ස්ථානය රඳවා ගැනීමට සමාගම සතු හැකියාව මත රඳා පවතී. එමෙන්ම වත්කම් වල ගුණාත්මකභාවය පවත්වා ගනිමින් වත්කම් පදනම පුළුල් කරගැනීමේ හැකියාවද ඊට තීරණාත්මක ලෙස බලපානු ඇත.
October, 12, 2022
පසුගිය දශක 4 තුළ, Solex සමූහ ව්යාපාරය මෙරට ප්රමුඛතම ජල පොම්ප නිෂ්පාදකයා ලෙස ශ්රී ලාංකිකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වී ඇති අතර, පසුගිය දශකය තුළ ජල පොම්ප මිලියනයකට වැඩි ප්රමාණයක් අලෙවි කරමින්, 40% කට වැඩි වෙළෙඳපොළ ප්රතිශතයක් අත්පත් කර ගැනීමට සමත් විය. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය මධ්යයේ පවා, මෑතකාලීනව නිර්මාණය වූ ආර්ථික අභියෝග ජයගැනීමේ අරමුණින් ක්රියාත්මක වන Solex සමාගම රාජ්ය ආයතන ප්රධාන, ඇඟලුම්, ඉදිකිරීම්, ආගන්තුක සත්කාර, අපනයන ආහාර නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ සේවා ආදී පුළුල් ක්ෂේත්රයක විහිදුණු දේශීය සහ බහුජාතික සමූහ ව්යාපාර රැසක් ආවරණය කරමින්, උසස් තාක්ෂණයෙන් යුත් නිෂ්පාදන පෙළක් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙයි. මේ වන විට ආනයනය නතර කර ඇති ඉන්ධන ටැංකි, ඩීසල් පොම්ප, ගිනි පොම්ප, ඩියුමිඩිෆයර් වියළන යන්ත්ර සහ මෝටර් රථ අමතර කොටස් වැනි විවිධ උපාංග දේශීයව නිෂ්පාදනය කිරීමෙන් Solex සමාගම මෙරට ආර්ථිකයට මෙන් ම පාරිභෝගික අවශ්යතා සපුරාලීම සඳහා ද මහත් ශක්තියක් වී ඇති බව පැවසිය යුතුය.
ඩීසල් ට්රාන්ස්ෆර් පොම්ප නිෂ්පාදනය කරමින් දිවයින පුරා බෙදාහැරීම සිදුකරන Solex සමාගම සිය නිෂ්පාදන සියල්ලක් ම ජාත්යන්තර ප්රමිතියට අනුකූලව නිපදවන බව ද පැවසිය යුතු ම කරුණකි. එම නිෂ්පාදනයේ ඇති විශේෂාංග නිසා ම බවුසර්වල සිට භූ ගත ටැංකිවලට මෙන් ම භූ ගත ටැංකිවල සිට උසින් පිහිටි ටැංකිවලට ද ඩීසල් වඩාත් ඵලදායී ලෙස මාරු කිරීමේ හැකියාව ලබා දෙන අතර, එමගින් අදාල ක්ෂේත්රය ආශ්රිත එදිනෙදා මෙහෙයුම් කටයුතු පහසු කරයි. එමෙන් ම සිය නිෂ්පාදන සඳහා ISO තත්ත්ව සහතිකය ලබා ඇති Solex සමාගම දේශීයව නිපදවන තත්ත්වයෙන් උසස් මෙන් ම ජාත්යන්තර ප්රමිතියෙන් යුත් ඉන්ධන ගබඩා කරන ටැංකි, මෑතකාලීනව මෙරටට භාණ්ඩ ආනයනය සීමා කිරීමෙන් සහ ඉන්ධන හිඟය නිසා ඇතිවන අපහසුතාවන්ට විසඳුම් ලබා දෙයි. එමඟින් විශාල විදේශ විනිමය ප්රමාණයක් පිට රටවලට ඇදී යාම වළක්වමින් මෙරට ආර්ථික සංවර්ධනයට ද සුවිශේෂී සහයෝගයක් ලබා දෙන අතර, මෙරට කර්මාන්ත ක්ෂේත්රයට කිසිඳු බාධාවකින් තොරව ක්රියාත්මක වීමේ හැකියාව ද ලබා දෙයි. එමෙන් ම ඇඟලුම් හා ඉදිකිරීම් ක්ෂේත්රය ආශ්රිතව ක්රියාත්මක වන ප්රමුඛ පෙළේ සමාගම් කිහිපයක් විසින් සිදු කරන ලද ව්යාපෘති සඳහා මෙම අයිතම දෙක මෑතකාලීනව යොදා ගැනුණු බව ද සඳහන් කළ යුතු ම කරුණකි.
දේශීයව නිෂ්පාදනය කරනු ලබන 'Solex De-Humidifier Dryers' මගින් ආහාර සැකසුම් තාක්ෂණය ප්රමිතිගත කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන අතර, එමඟින් සැකසූ ආහාර අපනයන කර්මාන්තය වැඩිදියුණු කිරීමට ද සහයෝගය ලබා දෙයි. එළවළු, පළතුරු, පලා වර්ග, මිරිස්, ගම්මිරිස්, දුම්කොළ, කුරුඳු සහ මාළු ආදිය වියලීමට යොදා ගන්නා වෙළෙඳපොළ තුළ දක්නට ලැබෙන වෙනත් යන්ත්ර සමඟ සසඳන විට, සුවිශේෂී මෙම නිෂ්පාදනය මඟින් 40% කට වැඩි බලශක්ති ප්රමාණයක් ඉතිරි කරයි. තව ද එහි ඇති 'Optional Ozone Generator', ක්ෂුද්ර ජීවීන්ට එරෙහිව සටන් කරන නිසා ආහාර සමඟ මිශ්ර වන විෂබීජ හා දූවිලි අංශු පාලනය කරන අතර, ආහාරවල ඇති පෝෂණය ද රැක දෙයි. එමෙන් ම මෙම නිෂ්පාදනය මගින් විදේශ විනිමය විශාල ප්රමාණයක් ඉතිරි කර ගැනීමේ හැකියාව ලබා දීම ද විශේෂිතය.
Solex සන්නාමය යටතේ එන 'Fire Pumps' සහ 'Controllers' විදුලි හා ඩීසල් එන්ජින් මත ක්රියාත්මක වන අතර, එම නිෂ්පාදන සඳහා ශ්රී ලංකා ගිනි නිවන දෙපාර්තමේන්තුවේ සහ TUV අනුමැතිය හිමි වී ඇත. එමෙන් ම එය NFPA 20 අනුකූලතාවෙන් ද සමන්විත නිසා හෝටල් ක්ෂේත්රයේ සහ මහා පරිමාණ දේශීය හා ජාත්යන්තර සමාගම්වල ද භාවිත වේ.
Solex විසින් කසල කොම්පැක්ටර්, ගලී බවුසර් සහ ජල බවුසර් ඇතුළු පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන පෙළක් දේශීය කාර්මික ක්ෂේත්රය වෙත ද හඳුන්වා දෙයි. එමෙන් ම
2023 වසර වන විට මෙරට කර්මාන්ත ක්ෂේත්රය, ජනතාවගේ ජීවන තත්ත්වය මෙන් ම පාරිසරික සුරක්ෂිතතාව ද ඉහළ නංවන නව නිපැයුම් විශාල සංඛ්යාවක් වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට Solex සමාගම අරමුණු කරන අතර, ඒ සඳහා නව නිපැයුම් ගණනාවක් පර්යේෂණ මට්ටමේ හා මූලික නිෂ්පාදන අදියරයන් හි පවතින බව ද පැවසිය යුතුය. Solex සමාගම ගුණාත්මක නිෂ්පාදන මෙන් ම අසමසම අලෙවියෙන් පසු සේවාවක් ද ලබා දෙන නිසා විශ්වසනීය නිෂ්පාදන හා සේවා සපයන්නෙකු ලෙස පාරිභෝගික ආකර්ෂණය දිනාගත් සමාගමක් වන අතර, පාරිභෝගික කේන්ද්රීය, නවීන තාක්ෂණය මුල් කරගත් නිෂ්පාදන විසඳුම් රැසක් ප්රවර්ධනයට ද කටයුතු කරයි.
එමෙන් ම මෙරට වර්තමාන ආර්ථිකය ශක්තිමත් කරමින්, ප්රමිතිගත නිෂ්පාදන හා සේවාවන් රැසක් සපයන මෙන් ම තාක්ෂණික හා කාර්මික විසඳුම් සපයන ප්රධානතම ආයතනයක් ලෙස Solex සමාගම කිර්තියට පත්ව ඇත.



October, 12, 2022
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (12) දිනයේ දී භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.
රු. මිලියන 90,000 ක වටිනාකමකින් යුතු බිල්පත් ප්රමාණයක් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

Video Story