Analysis

කොළඹ කොටස් එකතැන. චිලව් ෆිනෑනස් 34% කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 1.84 ක සුළු ඉහළ යාමක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,404.64 ක් ලෙසින් වාර්තා විය. මෙය 0.03% ක වැඩිවීමකි. S&P SL20 දර්ශකය දිනය අවසානයේ දී ඒකක 3,338.97 ක් ලෙසින් දැක්වුණු අතර එය පෙර දිනයට වඩා ඒකක 2.93 ක…

(0)Comments | February 5, 2016 11:13 am

ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට

2016 ජනවාරි මාසය තුළ දී 8.04% කින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය පහළ බැස තිබේ. වසර ආරම්භයේ දී ඒකක 6894.50 ක් ලෙසින් දැක්වුණු සියලු කොටස් මිල දර්ශක අගය, ජනවාරි මාසයේ අවසාන ගනුදෙනු දිනය වූ ජනවාරි 29 වන දින වන විට දැක්වුණේ ඒකක 6,340.08 ක් ලෙසිනි. මෙය ඒකක 554 ක පසුබැසීමකි. මේ අතර…

(0)Comments | February 1, 2016 7:50 am

මරුටි ලියාපදිංචිය 31% කින් අඩුවෙලා

2015 දෙසැම්බර් මාසයේ දී මෙරට තුළ මරුටි වර්ගයේ මෝටර් රථ ලියාපදිංචිය 31% කින් පහළ බැස ඇතැයි වාර්තා වේ. පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරට තුළ මරුටි රථ 5,631 ක් ලියාපදිංචි කර ඇති අතර දෙසැම්බර් මාසයේ දී එය 3,882 දක්වා මේ අනුව අඩු වී තිබේ. 2015 සැප්තැම්බර් මාසය තුළ දී මෙතෙක් වාර්තා වී තිබෙන වැඩිම මරුටි රථ…

(0)Comments | January 25, 2016 7:12 am

2016 පළමු සතියේ දී 2.44% කින් කොළඹ කොටස් බසී

ගෝලීය වශයෙන් මේ වන විට උද්ගත වී ඇති ආර්ථික අර්බුදයේ තවත් ගොදුරක් බවට ශ්‍රී ලංකා ආර්ථිකය ද පත්වෙමින් පවතින බව පසුගිය සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ පිළිබඳ විමිසිලිමත් වීමේ දී අංශ කිහිපයක් ඔස්සේ නිරීක්ෂණය කළ හැකිවිය. මේ වන විට චීන ආර්ථිකය පවතින්නේ සම්පූර්ණයෙන්ම කඩා වැටෙමින් පවතින අවධියකය. ලොව දෙවැනියට විශාලතම ආර්ථිකයේ සිදුවන මෙම අහිතරක…

(0)Comments | January 10, 2016 5:32 pm

2015 දී කොටස් වෙළෙපොළ 5.54% කින් පහළට. ශුද්ධ විදේශ ගලායාම් රු. බිලියන 4.14 යි.

2015 වසරේ දී කොළඹ කොටස් වෙළෙපොළේ ගනුදෙනු පසුගිය දෙසැම්බර් 31 වන දින අවසන් වූ අතර නව වර්ෂයේ, එනම් 2016 වර්ෂයේ ගනුදෙනු, එළඹෙන ජනවාරි 04 වැනි සඳු දින ආරම්භවීමට නියමිතය. සම්ප්‍රදායිකව වසරේ පළමු දිනය හෙවත් ජනවාරි 01 වැනි දින කොළඹ කොටස් වෙළෙඳපොළට නිවාඩු දිනයකි. 2015 වසර ආරම්භයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස්…

(0)Comments | January 2, 2016 8:17 am

රුපියලේ බාල්දුවෙන් තෙල් මිල අඩුවීමේ වාසිය නැතිවෙයි?

ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සීඝ්‍රයෙන් පහළ යමින් තිබේ. ඊයේ දිනය වනවිට WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 35.62 දක්වා ද, Brent බොරතෙල් බැරලයක මිල ඩොලර් 37.93 දක්වා ද පහළ බැස තිබුණි. මේ අනුව 2003 වසරෙන් පසුව දක්නට ලැබුණු අඩුම බොරතෙල් මිල මට්ටම ලෙස මෙය වාර්තා වේ. 2003 නොවැම්බර් මාසයෙන් පසුව බොරතෙල් බැරලයක මිල ඩොලර්…

(0)Comments | December 14, 2015 5:45 am

ජපනුන් අභිබවා යාමට චීනුන් සමත්වෙයි

ආසියානු සංවර්ධන බැංකුවේ නවතම දත්ත වාර්තා අනුව ආසියාවේ උසස් තාක්ෂණික උපාංග අපනයනයේ පෙරමුණ ගැනීමට චීනය සමත් වී තිබේ. ඒ මෙතෙක් කලක් එම ස්ථානයේ වැජඹුණු ජපානය අභිබවමිනි. වෛද්‍ය උපකරණ, ගුවන් යානා හා විදුලිසංදේශ උපකරණ වැනි දෑ මෙහිදී උසස් තාක්ෂණික උපාංග ගණයෙහිලා සැලකෙන අතර ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ 2000 වසරේ දී 9.4% ක්ව පැවති එම කාණ්ඩයේ චීන…

(0)Comments | December 8, 2015 5:05 am

වාහන වෙළෙඳපොළ මන්දගාමී විය හැකියි – ෆිච් රේටිංග්ස් ලංකා

ඉදිරි 2016 වසර තුළ මෙරට රථවාහන වෙළෙඳපොළ වර්ධනය මන්දගාමී විය හැකි බව ෆිච් රේටිංග්ස් ලංකා ආයතනය සඳහන් කර සිටී. ඉහළ බදු පැනවීම, රුපියල අවප්‍රමාණය වීම යනාදී කරුණු මත මෙම තත්ත්වය ඇතිවිය හැකි බව පවසන ෆිච් රේටිංග්ස් ලංකා ආයතනය පහත කරුණු තවදුරටත් අනාවරණය කර සිටී. විශේෂයෙන් කුඩා මෝටර් රථවල මිල විශාල වශයෙන් ඉහළ යාම නිසා ඉදිරියේ…

(0)Comments | November 27, 2015 7:37 am

සිගරට් මිල වැඩි වෙද්දී, සමාගමේ ලාභයි – ආණ්ඩුවේ බදු ආදායමයි දෙකම වැඩි වෙලා

ලංකා දුම්කොළ සමාගමේ 2015 වසරේ පළමු මාස 09 සඳහා වන මූල්‍ය වාර්තාව නොබෝදා එළිදක්වනු ලැබීය. එහි සඳහන් වන පරිදි 2015 පළමු මාස 09 තුළ දී සමාගම විසින් රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 68.6 ක් ලෙසින් වාර්තා වේ. මෙය පසුගිය වසරේ පළමු මාස 09 තුළ දී සමාගම විසින් රජයට ගෙවා ඇති බදු ප්‍රමාණයට වඩා…

(0)Comments | November 9, 2015 6:37 am

Carmudi.lk වෙතින් මෙරට රථවාහන ලීසිං ඉතිහාසය ගැන වාර්තාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රථවාහන අලෙවිකරුවකු වන Carmudi.lk වෙබ් අඩවිය මෙරට රථවාහන වෙළඳපොළේ මෑතකාලීන ක්‍රියාකාරීත්වය සහ රථවාහන මූල්‍ය සේවාවන්හි ප්‍රවණතා සම්බන්ධ සුවිශේෂී පර්යේෂණ වාර්තාවක් එළිදැක්වීමට කටයුතු කළේය. ‘ශ්‍රී ලංකාවේ මෝටර් රථ මූල්‍ය සම්පාදනය‘ (Car Financing in Sri Lanka) යන මාතෘකාව යටතේ එළිදක්වා ඇති මෙම වාර්තාව පුළුල් ඓතිහාසික දත්ත මත පදනම් වී ඇත. මෙහිදී රථවාහන වෙළඳපොළේ සමස්ත…

(0)Comments | November 6, 2015 4:53 am