Analysis

රජයේ දේශීය ණය තොගය දැවැන්ත ලෙස ඉහළට

රජය විසින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරමින් දේශීය වෙළඳ පොළින් ලබාගන්නා ණය ප්‍රමාණය විශාල වශයෙන් වැඩිවී තිබෙන අතර පසුගිය බදාදා වනවිට පසුගිය වසරේ අදාළ කාලයේ ලබාගත් දේශීය ණය සීමාව ඉක්මවා ගොස් තිබෙන බව නවතම දත්ත හෙළිකරයි. පසුගිය බදාදා දක්වා මේ වසර තුළදී රජය විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කරමින් දේශීය වෙළඳ පොළින්…

(0)Comments | June 8, 2015 5:25 am

Exclusive- මත්තල ගුවන් තොටුපොළ වෙනුවෙන් ව්‍යාපාරික සැලසුමක්

පසුගිය රජය විසින් ගොඩනැගූ සුදු අලියෙකු යැයි වත්මන් රජය විසින් චෝදනා කරන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ව්‍යාපාරික සැලසුමක් ගොඩ නැගීමට රජය කටයුතු කරමින් සිටින බව අප වෙත අනාවරණය වේ. මේ අනුව, මෙම ව්‍යාපාරික සැලසුම සකස් කිරීම සඳහා රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන අතර මෙම කමිටුව පළමු වරට හෙට පස්වරු 3.30 ට…

(0)Comments | June 3, 2015 8:21 am

ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම පමා කළේ ඇයි? අර්ජුන මහේන්ද්‍රන්ගෙන් උත්තර

ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම රජය පමාකළේ රජයේ ණය ලබාගැනීමේ වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයින්ට සම්පූර්ණ ප්‍රතිලාභය ලබාදීමට අවශ්‍ය වූ නිසා බවත් ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් කිරීමට සුදුසුම වේලාව පැමිණ තිබෙන නිසා රජය පසුගියදා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකළ බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි. පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ…

(0)Comments | June 1, 2015 8:15 am

රුපියල අවප්‍රමාණය වීම ගැන මහ බැංකු අධිපතිගෙන් පිළිතුරු

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙන්නේ ඩොලරය ශක්තිමත් වීම නිසා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි. මේ දිනවල රුපියල අවප්‍රමාණය වන්නේ මන්දැයි අප විමසූ විට මහ බැංකු අධිපතිවරයා පැවසුවේ එය මෙරට ප්‍රශ්නයක් නොවන බවත් ඩොලරය ශක්තිමත්වීම නිසා මෙය සිදුවන බවයි. මේ වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 2.0 කින්…

(0)Comments | May 29, 2015 11:25 am

ඡන්ද ගන්න තවත් ජනප්‍රිය පොරොන්දු එපා. ආර්ථිකය අර්බුදයේ -පාත්ෆයින්ඩර් පදනම අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ මැතිවරණ “නොපවතින සම්පත් වෙන්දේසි කිරීමකි“ යනුවෙන් ලී ක්වාන් යූ විසින් කර ඇති ප්‍රකාශයට පසුගිය හය මසක පමණ කාලය තුළ විශේෂ වැදගත් කමක් ලැබුණු බවත් නව රජයේ අතුරු අයවැය මගින් ඉදිරිපත්කළ ජනප්‍රිය පොරොන්දු තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය බරපතල අර්බුදයක් කරා යොමුකර තිබෙන බවත් පාත්ෆයින්ඩර් පදනම අවධාරණය කරයි. ඉදිරි මහ මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ සිය…

(0)Comments | May 27, 2015 8:07 am

වටරවුම් මාර්ගයේ පිරිවැය චෝදනා ගැන චීනය අවදිවෙයි. මෙන්න! උත්තර

පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර ඉදිකිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්කාර සමාගම වන Metallurgical Corporation of China Ltd.(MCC) හි, ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ ගොස් ඇතැයි එල්ලවන චෝදනා අසත්‍ය බවයි. මෙම සමාගම ලෝකයේ ප්‍රමුඛතම කොන්ත්‍රාත්කාර සමාගම් දහයෙන් එකක් බවත් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්කාර සමාගම ලෙස කටයුතු කළ බවත් සඳහන්ය. පිටත වටරවුම්…

(0)Comments | May 25, 2015 7:53 am

රුපියල අවප්‍රමාණය වෙද්දී මහ බැංකුවේ අළුත්ම පොලී තීරණය මෙන්න!

වාණිජ බැංකුවල පොලිය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය පසුගිය අප්‍රේල් මාසයේදී අනපේක්ෂිත ලෙස අඩුකළ ශ්‍රී ලංකා මහ බැංකුව මේ මැයි මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතවල කිසිදු වෙනසක් සිදු නොකිරීමට තීරණය කර තිබේ. මේ වනවිට, උද්ධමනය අඩු මට්ටමක තිබුණත් රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය වැඩිවීම හමුවේ විනිමය අනුපාතය මත පීඩනයක් ඇතිවී…

(0)Comments | May 22, 2015 5:11 am

අයවැය හිඟයේ ඉලක්කය සපුරා ගැනීම අසීරුයි. බදු ආදායමත් පහළ යන ලකුණු -මූල්‍ය අරමුදල අපට අනතුරු හඟවයි

ආදායම් රැස්කර ගැනීම පිළිබඳව නව රජය ධනාත්මක ආකල්පයක සිටියත් 2015 වසර වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අයවැය හිඟය පවත්වා ගැනීමට ලංකාවට ඉතාමත් අසීරු වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු හඟවයි. මූල්‍ය අරමුදල පවසා තිබෙන්නේ නව රජය විසින් 2015 අයවැය මගින් හඳුන්වාදී තිබෙන එක් වරක් (one-off) පමණක් අයකරන බදු අවසන් වීමෙන් පසුව 2016 වසරේදී මෙරට රාජ්‍ය ආදායම…

(0)Comments | May 6, 2015 7:07 am

කොළඹ නංවන සිංගප්පූරු Western Region Megapolis සැලැස්ම යනු කුමක්ද ?

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බටහිර කළාපීය පුරවරයක් (Western Region Megapolis) පිහිටුවීම සඳහා නව රජය විසින් සිය ස්ථාවරය ඉදිරිපත් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන 2014 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. මේ අතර, පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යෝජනාවකින් කියවුණේ මහ කොළඹ ප්‍රදේශය හා බස්නාහිර කළාපය සංවර්ධනය…

(0)Comments | May 5, 2015 7:56 am

ශ්‍රී ලංකන්, මදය නැති හිස් ටින් එකක්

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් විසින් 2014 වසරේදී රුපියල් බිලියන 29 ක අති දැවැන්ත අලාභයක් වාර්තා කර තිබෙන බවත් එමිරේට්ස් සමග තිබූ කළමනාකරණ ගිවිසුම 2008 වසරේදී අවලංගු කිරීමෙන් පසුව මේ දක්වා රුපියල් බිලියන 122 ක අලාභයක් ලබා තිබෙන බවත් අනාවරණය වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වාර්තාවේ දැක්වෙන්නේ ගුවන් සමාගමේ ආදායම් පසුගිය වසරේදී…

(0)Comments | May 2, 2015 10:06 am