Analysis

බැඳුම්කර ගනුදෙනුවේ කෝප් වාර්තාවට එරෙහිව එ.ජා.ප.ය අවි අමෝරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව පිළිබඳව කෝප් අනුකමිටුවකට වාර්තාවක් නිකුත් කිරීමට නොහැකි බවත් ඩිව් ගුණසේකර මහතාගේ ප්‍රධානීත්වයෙන් අදාළ වාර්තාව නිකුත් කළේ හදිසියෙන් බවටත් එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයේ සුජීව සේනසිංහ මහතා, රෝසි සේනානායක මහත්මිය සහ ඉරාන් වික්‍රමරත්න මහතා මෙම කෝප් වාර්තාවට එරෙහිවත් එය…

(0)Comments | July 7, 2015 6:32 am

ජපානයේ ව්‍යාපාරිකයෙකු ලෙස නැගී සිටි අපේ දිරිය තරුණයා -Video Interview

ජපානයේ ව්‍යාපාරිකයෙකු ලෙස දිරියෙන් නැගී සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු සමග පිළිසඳරේ යෙදීමට අපිට අවස්ථාව හිමිවුණා. නමින් කපිල බණ්ඩාර නම් මෙම තරුණයා ජපානය තුළ ව්‍යාපාරිකයෙකු ලෙස ඉදිරියට පැමිණියේ කෙසේදැයි අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.

(0)Comments | July 6, 2015 10:27 am

මහ මැතිවරණයෙන් පසුව අළුත් අය-වැයක්

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටු වන්නේ නම් පක්ෂයේ ප්‍රතිපත්ති වලට අනුව නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන බව ප්‍රතිපත්ති සම්පාදක සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. ඔහු අප සමග සම්බන්ධ වෙමින් මේ බව පැවසූ අතර නව රජය විසින් පසුගියදා අතුරු අයවැය ලේඛනයක් ඉදිරිපත් කළේය.

(0)Comments | July 3, 2015 7:02 am

ග්‍රීසියේ ආර්ථීකය ඉවරෙටම ඉවරයි. ගෙවාගත නොහැකි ණය කන්දට රටම යටවේ

ග්‍රීසියේ මූල්‍ය පද්ධතිය බිඳ වැටීම වැලැක්වීම සඳහා එරට බළධාරීන් විසින් මේ වනවිට එරට බැංකු වසා දමා තිබෙන අතර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් ලබාගත හැකි මුදල් ප්‍රමාණයද දැඩි ලෙස සීමාකර ඇතැයි වාර්තා වේ. මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ග්‍රීසියේ කොටස් වෙළඳ පොළේ සහ බැඳුම්කර වෙළඳ පොළේ ගනුදෙනුද මේ වනවිට අත්හිටුවා තිබෙන බවයි. එරට විසින්…

(0)Comments | June 29, 2015 2:17 pm

මැතිවරණය අභිමුව මහ බැංකුවේ අළුත්ම පොලී තීරණය මෙන්න!

වාණිජ බැංකුවල පොලී තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ ජුනි මාසයේදී වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙන අතර මෙම පොලී අනුපාත සියයට 6.00 ක සහ සියයට 7.50 ක මට්ටමක තවදුරටත් පවතිනු ඇත. මේ අතර, මහ බැංකුවේ මුදල් මණ්ඩලය (monetary board) විසින් තීරණය කර තිබෙන්නේ බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (statutory…

(0)Comments | June 29, 2015 3:56 am

JKH සුපිරි හෝටලයට ණය තීන්දුයි

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට අනුබද්ධ වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපර්ටීස් සමාගම විසින් කොළඹ 02, ග්ලේනි වීදියේ ඉදිකරන සුපිරි හෝටලය සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙන් ඩොලර් මිලියන 395 ක ඒකාබද්ධ ණය මුදලක් ලබාගැනීම සඳහා අවසන් එකඟතාවයට පැමිණ ඇතැයි ජෝන් කීල්ස් සමාගම සඳහන් කරයි. මෙම ණය ලබාගැනීම සඳහා කොටස්කරුවන්ගේ අවසරය ලැබී තිබුණි. මෙම ව්‍යාපෘති භූමිය…

(0)Comments | June 25, 2015 7:47 am

“ඕන නීතියක් ගේන්නම්. ඩොලර් ලංකාවට ගේන්න“ – මුදල් ඇමති, අපනයන කරුවන්ගෙන් ඉල්ලයි

පිටරට තිබෙන තම ඩොලර් ලංකාවට රැගෙනවිත් ලංකාවේ ආයෝජනය කරන ලෙස මෙරට අපනයනකරුවන්ගෙන් ඉතාමත් ඉවසීමෙන් ඉල්ලා සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඒ සඳහා අවශ්‍ය ඕනෑම නීතියක් ගෙන ඒමට රජය සූදානම් බවත් පිටරට වලදී සියයට 01 කටත් වඩා අඩු පොලී අනුපාතයක් ලබද්දී එම ඩොලර් ලංකාවට රැගෙන එන්නේ නම් සියයට 4.5 ත් 6.00 අතර පොලී…

(0)Comments | June 18, 2015 12:55 pm

සුපිරි වාසි බද්ද මේ පාර්ලිමේන්තුවෙන් සම්මත නොවුණොත් මොකද වෙන්නෙ?

නව රජයේ අතුරු අයවැය මගින් යෝජනා කර තිබෙන සුපිරි වාසි බද්ද (Super Gain Tax), මන්දිර බද්ද (Mansion Tax) ඇතුළු බදු සඳහා වත්මන් පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලබාගැනීමට නොහැකි වුවහොත් ඒවා සඳහා ලබන පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලබාගන්නා බවත් මේ නිසා මෙම බදුවල නෛතිකභාවයට කිසිදු ප්‍රශ්නයක් නොවන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි. මුදල් අමාත්‍යවරයා පැවසුවේ මෙම බදු පාර්ලිමේන්තුවේ…

(0)Comments | June 17, 2015 9:41 am

අර්ථ සාධකේ 30% ගන්නෙ කොහොමද ? කම්කරු අමාත්‍යංශයේ ලේකම් කතා කරයි

සේවක අර්ථ සාධක අරමුදලේ (EPF) සාමාජිකයින් සඳහා ඔවුන්ට හිමි සමස්ත ශේෂයෙන් සියයට 30 ක් ලබාගත හැක්කේ නිවසක් ඉදිකිරීම, නිවසක් ඉදිකිරීම සඳහා ඉඩමක් මිලදීගැනීම, නිවාස දේපොළක් මිලදී ගැනීම, නිවාස දේපොළක් මත ඇති උකස් බේරුම් කිරීම හෝ අනුමත බැංකුවකින් ලබාගත් ණයක ඉතිරි මුදල බේරුම් කිරීම සඳහා යැයි කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරයි. කම්කරු අමාත්‍යංශයේ ලේකම් හේරත් යාපා…

(0)Comments | June 10, 2015 8:11 am

කෙයාන් අත්හැර ගිය අපේ ගෑස් සම්පත මෙවර කාටද?

ඉන්දියානු කෙයාන් සමාගම ශ්‍රී ලංකාවේ ගෑස් ගවේෂණ කටයුතු වලින් පසුගියදා ඉවත් වීමෙන් පසුව මන්නාරම් ද්‍රෝණියේ ගෑස් ගවේෂණ කටයුතු සඳහා ලබන ඔක්තෝම්බර් මාසයේදී තවත් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කියයි. කොළඹ පැවති උත්සවයකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ බව සඳහන් කළේය. මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඇතැයි ඉන්දියානු කෙයාන් සමාගම (Cairn India) විසින්…

(0)Comments | June 9, 2015 1:09 am