ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙරට ප්‍රධානතම ඩිජිටල් අලෙවිකරණ සම්මාන උළෙල වන ‘SLIM DIGIS 2.6’, මෙවර ‘The Mission to Extraordinary’ (අසාමාන්‍ය ජයග්‍රහණ කරා යන මෙහෙයුම) යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙවර තේමාව නිර්මාණය කර ඇත්තේ නව අදහස් සොයා යාම, සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කර ගැනීම සහ බලාපොරොත්තු වන සීමාවන්ගෙන් ඔබ්බට යාමේ අරමුණ…
කෘෂිකර්මාන්ත, සංචාරක සහ අපනයන ක්ෂේත්‍රවල නියුතු AHC සමූහ ව්‍යාපාරය තම ක්ෂේත්‍රය පුළුල් කරමින් කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති මානව හිමිකම් නායකත්ව සමුළුවේදී ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ටර්නැෂනල් ඩිප්ලොමැසි අධ්‍යාපන ආයතනය නිල වශයෙන් ආරම්හ කළේය. AHC සමූහ ව්‍යාපාරයේ සභාපති සාම තානාපති ආචාර්ය නාලක සිල්වා මහතා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ටර්නැෂනල් ඩිප්ලොමැසි අධ්‍යාපන ආයතනයේ ආරම්භක සභාපති වේ. මෙම අධ්‍යාපන…
සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය පිළිබඳ ජාතික මට්ටමේ නව ප්‍රමිතියක් සනිටුහන් කරමින්, ‘2026 ජාතික තත්ත්ව සහ ඵලදායිතා සම්මේලනයේ දී’ (NCQP) සම්මාන 30ක් දිනා ගැනීමට හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලය සමත්ව ඇත. මෙරට තනි රෝහල් සමූහයක් විසින් දිනා ගන්නා ලද ඉහළම සම්මාන සංඛ්‍යාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ. රන් සම්මාන 22ක්, රිදී සම්මාන 7ක් සහ එක් ලෝකඩ සම්මානයකින් සමන්විත…
ශ්‍රී ලංකාව තුළ වාහන හිමිකාරිත්වය ලබා ගැනීම නවමු මාවතකට යොමු කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව, යුරෝ මෝටර්ස් (Euro Motors) සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මේ හරහා හඳුන්වා දෙන නවීන මූල්‍ය විසඳුම් නිසා පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ වාහන ඉතා පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සැලසේ. මෙරට පාරිභෝගිකයන්ට ඉහළ පෙළේ වාහන වඩාත් පහසුවෙන් සහ සහනදායී මිලකට මිලදී ගැනීමට හැකිවන අයුරින්…
මීරිගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට මෙතෙක් අත්‍යවශ්‍යව තිබූ ECG යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට පසුගියදා බ්‍රැන්ඩික්ස් සමාගම කටයුතු කළේය. එම රෝහලේ මෙතෙක් කලක් විද්‍යුත් හෘද රෝග යන්ත්‍රයක් නොමැතිකම හේතුවෙන් (ECG) පරීක්‍ෂණ මන්දගාමී වීම නිසා බොහෝ රෝගීන්ට ගැටලුවලට මුහුණ පාන්නට හේතු වූ අතර, එම පරීක්ෂණය කරගැනීම සඳහා බොහෝ දුර ගෙවා වෙනත් ස්ථාන වෙත ගමන් කිරීමටද ඒ සඳහා…
ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය ළදරු සත්කාරක සන්නාමය වන Baby Cheramy, සිය සන්නාම අනන්‍යතාව සහ බුද්ධිමය දේපළ සඳහා වන සුවිශේෂී හිමිකාරිත්වය සහ අයිතිවාසිකම් තහවුරු කරගනිමින් සිය අනන්‍යතාව රැක ගැනීමට සමත්ව ඇත. මෙම අධිකරණ තීන්දුව ලබා දී ඇත්තේ පාරිභෝගිකයන් සහ වෙළඳ හවුල්කරුවන් අතර ව්‍යාකූලත්වයක් ඇති කරමින්, ‘Baby Sherami’ යන නාමය යටතේ ක්‍රියාත්මක වූ, සැබෑ නිෂ්පාදනයට බෙහෙවින් සමාන…
2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය පසුගියදා ආරම්භ වූයේ ලෝකය පුරා ක්‍රීඩා ලෝලීන්ගේ ආකර්ෂණය දිනා ගනිමිනි. ඇමෙරිකා එක්සත් ජනපදය. කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් 3හිදී පැවැත්වෙන මෙවර තරඟාවලියේ නිල සිසිල් බීම සහකරු ලෙස කොකා-කෝලා කටයුතු කරන්නේ වසර 50කට ආසන්න කාලයක් පාපන්දු ලෝක කුසලාන තරඟාවලි 12ක් සමඟ එක් වීමේ අභිමානයද තමන් සතු කර ගනිමිනි. මෙවර තරඟාවලිය,…
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) සඳහා බලයලත් බෙදාහරින්නා වන Evolution Auto සමාගම විසින් වාහන මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීමේ (trade-in) සේවාවන් එකම ස්ථානයකින් සපුරාගත හැකි ‘Auto Direct’ සුවිශේෂී වේදිකාව (platform) නිල වශයෙන් හදුන්වා දී ඇත. අභියෝගාත්මක මෝටර් රථ වෙළඳපොළක් පවතින වර්තමාන වටපිටාව තුළ, ශ්‍රී ලාංකික වාහන හිමියන් වෙත විධිමත් සහ විනිවිදභාවයකින් යුත් විකල්ප විසඳුමක්…
ශ්‍රී ලංකාවේ වාර්තාගත හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ, ඔහුගේ නිල අනුග්‍රාහකයා ලෙස උස්වත්ත බිස්කට් පෞද්ගලික සමාගම විසින් 2026 ජූනි 22 වන දින කැනන්තුඩාව වින්රෝ රිසෙප්ෂන් හෝල්හිදී පැවති විශේෂ උපහාර උත්සවයකදී ගෞරවයට පාත්‍ර කරන ලදී. රුමේෂ්ගේ උපන් ගම් ප්‍රදේශයේ පැවති මෙම උත්සවයට ඔහුගේ පවුලේ සාමාජිකයින්, ඥාතීන්, මිතුරන්, අසල්වැසියන් සහ ඔහුගේ ගමන පුරාවටම ඔහුට සහයෝගය…
ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) හි මෝටර් රථ රක්ෂණ සන්නාමය වන ‘Motor Plus’ විසින්, පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණි බැතිමතුන් සඳහා නොමිලේ ආපදා රථ සේවාවක් ජූනි මස 28, 29 සහ 30 යන තෙදින පැය 24 පුරා ක්‍රියාත්මක කළේය. සිය…
Video Story