ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය නැගෙනහිර පළාතට පිවිසෙමින් එහි නවතම ශාඛාවක් අම්පාර ප්‍රදේශයේ පසුගියදා විවෘත කරන ලදී. අම්පාර, නිව් සිටි මහල්, ඩී.එස් සේනානායක වීදියේ අංක 3 දරන ස්ථානයේ පිහිටි අම්පාර නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි සභාපති දසන්ත ෆොන්සේකා මහතා, කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා…
සුවහසක් බැතිමතුන් හට සත්කාර සහ පහසුකම් ලබාදීමේ අරමුණින් මැලිබන් බිස්කට් සමාගම මඟින් අඛණ්ව පවත්වනු ලබන ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පොසොන් පෝය නිමිති කර ගනිමින් අනුරාධපුර පූජාභූමිය කේන්ද්‍රකර ගනිමින් දියත් කරනු ලැබී ය. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, රැවන්වැලි මහා සෑ භූමිය කේන්ද්‍ර කරගනිම් මෙම සුවිශේෂ ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසටහන්…
වසර 120කට අධික ඉතිහාසයකට උරුම කම් කියන, ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් කීර්තිමත් ක්ෂණික සේවා ආපනශාලා ජාලය වන Perera & Sons Bakers (Private) Limited (P&S), සිය ආයතනික සමාජ වගකීම් ඉටු කිරීම වෙනුවෙන් තවත් එක් සුවිශේෂී ව්‍යාපෘතියක් දියත් කිරීම පසු ගිය දා සිදු කෙරුණි. ඒ අනුව ‘P&S මනු මෙහෙවර’ වැඩසටහන ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ අත්වැල්…
දරුවන්ට සතුටින් හා නිදහසින් සපිරි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන මැලිබන් ගෝල්ඩ් මාරි පසුගියදා ශ්‍රී ලංකා කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එක්ව නෙළුව, ගා/මණ්ඩලපුර කණිෂ්ට විද්‍යාලයේදී 2023 ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනය සමරන ලදී. 2025 වසරේදී ළමා ශ්‍රමය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ වැඩසටහනට සමගාමීව පවත්වනු ලැබූ මෙම ළමා ශ්‍රම විරෝධී දින සැමරුම සඳහා කම්කරු හා විදේශ…
මෙරට රාජ්‍ය පාලනය තුළ තිරසර ඩිජිටල් සංවර්තනයක් (Sustainable Digital Transformation) ඇති කිරීමේ හා ශක්තිමත් කිරීමේ අරමුණින්, ධාරිතා ප්‍රවර්ධන මූලෝපායක් (Capacity Building Strategy) ක්‍රියාත්මක කෙරේ. දෙස් විදෙස් පාර්ශවකරුවන්ගේ ද සහයෝගය සමඟ, දැනට දියත් කර ඇති ධාරිතා ප්‍රවර්ධන මුලපිරීම් ඒකාබද්ධ කරමින්, තෝරා ගත් සංවිධාන (Critical Information Infrastructure Organizations) 37ක එලෙස මෙම මූලෝපාය ක්‍රියාත්මක කිරීම අරඹා තිබේ. පසුගිය…
පාරිභෝගික බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය නැවතත් සනාථ කරමින් 2023 ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී (Asian Banker Global Excellence in Retail Financial Services Awards) අඛණ්ඩව 13 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව පසුගියදා පිළිගැනීමට ලක් විය. තායිලන්තයේ බැංකොක් නුවර ෂැංග‍්‍රි-ලා හෝටලයේ පැවති උත්සවයකදී HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකුකරණ සමූහ, සන්ජේ…
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් පවත්වන උපදේශන සම්මන්ත්‍රණ මාලාවේ තුන්වැනි සහ හතරවැනි උපදේශන සම්මන්ත්‍රණ පසුගියදා වැලිගම සහ මීගමුව යන ප්‍රදේශවලදී පැවැත්විණි. මෙහි මූලික අරමුණ වූයේ වත්මන් ආර්ථික වාතාවරණය තුළ තම ව්‍යාපාර කළමනාකරණය කිරීමට ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා පුළුල් ව්‍යාපාරික මාර්ගෝපදේශ සහ මූල්‍ය උපදේශන පිරිනැමීමයි. වැලිගම සහ මීගමුව යන ප්‍රදේශවල පැවති උපදේශන සම්මන්ත්‍රණවලට ව්‍යාපාර ක්ෂේත්‍රයේ…
ශ්රී ලංකාවේ පුරෝගාමී ජීවිත රක්ෂණ පහසුකම් සේවා සැපයීමේ ආයතනයක් වන ජනශක්ති ලයිෆ් ආයතනය, සිය අලෙවි නිලධාරීන් වෙනුවෙන් පවත්වන ලද ‘Road to MDRT’ සමාරම්භක උළෙළ පසුගියදා කොළඹ මරීනෝ බීච් හෝටලයේ දී පැවැත්වීය. මෙය ජනශක්ති ලයිෆ් ආයතනයේ පුහුණු සහ සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සියලු අංශයන් ආවරණයවන පරිදි සකස් කළ පරිපූර්ණ පුහුණු වැඩසටහනකට සමගාමීව වෘත්තීය විශිෂ්ටයන් ඇගයීම වෙනුවෙන් නිර්මාණය කළ…
මෙය MAS ආයතනයට මෙන්ම රටට ද සුවිශේෂී සන්ධිස්ථානයකි MAS KREEDA විසින් පසුගියදා ඩුබායි හි පැවති 2023 2023 RoSPA (Royal Society for the Prevention of Accidents) හි දී “Achievement” කාණ්ඩයේ රන් සම්මාන දෙකක් ලබා ගන්නා ලදී. මෙහිදී වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙන්වන විශිෂ්ටත්වය සහ කැපවීම වෙනුවෙන් ආයතන ඇගයීමට ලක් කෙරෙන අතර, MAS KREEDA Synergy සහ…
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙළෙඳපොළට හඳුන්වා දුන් ‘ළබැඳි රන්වාසි’ රක්ෂණාවරණය යටතේ සිදු කළ දෙවන මාසික දිනුම් ඇදීමේ දෙවන ජයග්‍රාහිකාව කටානෙන් බිහි විය. කාන්තාවන් වෙනුවෙන්ම සැකසුණු මෙම රක්ෂණාවරණය යටතේ සෑම මසකම දිනුම් ඇදීමක් සිදු කර ජයග්‍රාහිකාවක තෝරා ගෙන ඇයට රන් පෙන්ඩනයක් තිළිණ කෙරේ. ඒ අනුව පළමු ජයග්‍රහණය මාර්තු මාසයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයට හිමි වූ…
Video Story