Featured News

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විසින් BAIC X55 රථ 1,000කට අධික සංඛ්‍යාවක් අලෙවි කර සංධිස්ථානයක් සනිටුහන් කරයි

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සහ ශ්‍රී ලංකාවේ BAIC වාහන සඳහා එකම බෙදාහරින්නා වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සිය 1,000 වැනි BAIC X55 රථය වෙ‌ළෙද පොළට මුදාහරිමින් පසුගියදා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. උසස් තත්ත්වයේ රථවාහන පාරිභෝගිකයා වෙත සමීප කරවීමට හා එම ක්‍රියාවලිය තුළ දේශීය අගය අඛණ්ඩව ඉහළ නැංවීමට සමාගම දක්වන කැපවීම මෙම ජයග්‍රහණය හරහා මනාව…

(0)Comments | April 3, 2026 1:44 pm

IIHS හා NSB ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට එක් වේ

International Institute of Health Sciences (IIHS) ශ්‍රී ලංකාවේ සිසුන්ට ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් ජාතික ඉතිරිම් බැංකුව (NSB) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළැඹ ඇත. මෙම හවුල්කාරිත්වය අවබෝධතා ගිවිසුමක් (MoU) මඟින් නිල වශයෙන් ස්ථාපිත කර ඇති අතර ඒ අනුව IIHS වැඩසටහන් සඳහා ලියාපදිංචි වන සිසුන්ට ශිෂ්‍ය ණය පහසුකම් NSB විසින් සපයනු ලබනු ඇත….

(0)Comments | April 3, 2026 1:34 pm

“මන්චි” ජනතාවගේ බිස්කට් සන්නාමය ලෙස මෙවරත් පිදුම් ලබයි

වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවට සතුට සහ රසය රැගෙන ආ මන්චි (Munchee) සන්නාමය, මෙරට පාරිභෝගිකයන්ගේ නොමඳ ආදරය දිනාගත් සන්නාමය බව යළිත් වරක් තහවුරු කර තිබෙනවා. ඒ, පසුගියදා උත්කර්ෂවත් අන්දමින් කොළඹදී පැවැත්වුණු 2026 SLIM-Kantar People’s Awards සම්මාන උළෙලේදී සම්මාන හතරක් දිනා ගනිමින්. ඒ අනුව, වසරේ ජනතාවගේ FMCG සන්නාමය (People’s FMCG Brand of the Year 2026), වසරේ…

(0)Comments | April 3, 2026 1:31 pm

ෆෝකස් රිලයන්ස් හෝල්ඩිංග්ස් Global Business Excellence හා  Peoples Excellency සම්මාන දිනයි

Focus Reliance Holdings පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයට කළ දායකත්වය වෙනුවෙන් Global Business Excellence සම්මාන උළෙලේදී Best Microfinance Provider සම්මානයත්, People’s Excellency සම්මාන උළෙලේදී  Microfinance Leader සම්මානයත් දිනා ගත්තේය. මෙම සම්මාන දෙකම ෆෝකස් රිලයන්ස් හෝල්ඩිංග්ස් සමාගම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සහ කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට හා වර්ධනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීමට දැක්වූ…

(0)Comments | April 3, 2026 12:25 pm

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සෞඛ්‍ය හා විද්‍යාගාර ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරලූ ත්‍රී සිංහ Clean Room දොරට SLIA සම්මාන

ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම 2026 ශ්‍රී ලංකා වාස්තු නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ (SLIA) වාර්ෂික සැසියේදී පිරිනමන නිෂ්පාදන කුසලතා සම්මානය දිනා ගැනීමට සමත් විය. මෙම සම්මානය ‘දේශීය හා ආනයනික ද්‍රව්‍ය සහ උපකරණ භාවිත කරමින් දේශීයව නිපදවූ  නිෂ්පාදන හා ද්‍රව්‍ය’ කාණ්ඩය යටතේ ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් නිපදවූ ක්ලීන් රූම් දොර සඳහා පිරිනැමිණි. මෙම සම්මානය ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනවල…

(0)Comments | April 3, 2026 12:18 pm

විශේෂ ලීසිං පහසුකම් මඟින් GWM වාහන මිලදී ගැනීම පහසු කිරීම සඳහා HNB සහ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් අත්වැල් බැඳගනී

සුවිශේෂී ලීසිං විසඳුම් සමඟින් ශ්‍රී ලංකාව තුළ GWM වාහන මිලදී ගැනීම පහසු කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (පුද්) සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට පසුගියදා එළඹුණේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා මෙසේ පැවසුවේය. “විශ්වාසදායක මූල්‍ය ආයතනයක් ලෙස, අපගේ ගනුදෙනුකරුවන් නඟා සිටුවීමට අපි සැමවිටම කැපවී සිටිනවා. ඩේවිඩ්…

(0)Comments | April 3, 2026 11:52 am

ජනශක්ති ෆිනෑන්ස් සමාගම ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් ක්‍රියාවට නැංවූ ප්‍රවර්ධන වැඩසටහනට Effie සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයක් හිමි වේ

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගමට පසුගියදා පැවති Effie Awards Sri Lanka 2025 හිදී ‘Finance’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමි විය. ඒ ත්‍රිරෝද රථ රියදුරන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාවට නවන ලද ‘Uplifting the Sri Lankan Three-Wheel Community’ ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙනි. ව්‍යාපාරික ඉලක්ක ළඟා කරගැනීම සඳහා නිර්මාණශීලීත්වය විශිෂ්ට ලෙස…

(0)Comments | April 3, 2026 11:48 am

T9 Hunters Rally වෙතින් JAC T9 හිමිකරුවන්ගේ ප්‍රජාවට නව ජවයක්

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් වන Euro Motors සමාගම විසින් සංවිධානය කරන ලද ‘T9 Hunters Rally’ රැලිය පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. මෙය මෙරට JAC T9 හිමිකරුවන්ගේ සංගමය (JAC T9 Owners Club) විසින් පවත්වනු ලැබූ සමාරම්භක වැඩසටහන වන අතර, එමඟින් මෙරට පිකප් රථ සංස්කෘතියට නව ජවයක් එක් කරමින් ප්‍රජා සහජීවනය සහ වික්‍රමාන්විත අත්දැකීම්…

(0)Comments | April 3, 2026 11:38 am

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයට වඩාත් හොඳින් සේවා සැලසීම සඳහා IASL සිය වෙබ් අඩවිය නව මුහුණුවරකින් එළිදක්වයි

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සිය නිල වෙබ් අඩවිය වන www.iasl.lk නව මුහුණුවරකින් එළිදක්වන බව පසුගියදා නිවේදනය කළේය. වර්තමානයේ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් අවකාශය තුළ වඩාත් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට, තොරතුරු ලබාගැනීම පහසු කිරීමට සහ ක්ෂේත්‍රයේ නායකත්වය තහවුරු කිරීමට ඇති එම සංගමයේ කැපවීම මෙමගින් තවත් ශක්තිමත් වේ. ඩිජිටල්කරණ ප්‍රමිතීන් ඉහළ නැංවීම සිය ප්‍රධාන වගකීමක්…

(0)Comments | April 3, 2026 11:29 am

බයිරහා ෆාම්ස්, ශ්‍රී ලාංකේය කුකුඵ මස් අපනයනයේ පුරෝගාමියා බව යළිත් තහවුරු කරමින් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ රන් සම්මානයෙන් පිදුම් ලබයි

අපනයනකරුවන්ගේ හඬ ලෙස හඳුන්වනු ලබන ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් පසුගියදා පවත්වනු ලැබූ 33 වන වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී කුකුඵ මස් හා සත්ව නිෂ්පාදන අංශයේ (මධ්‍යම පරිමාණ) රන් සම්මානය දිනා ගැනීමට බයිරහා ෆාම්ස් පී එල් සී සමත් විය. ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් බයිරහා ෆාම්ස් ලබාදුන් සුවිශේෂි දායකත්වය මෙම සම්මානය තුලින් ඇගයීමට…

(0)Comments | April 3, 2026 11:24 am