ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ඩීමෝ විසින් CMA Excellence in Integrated Reporting Awards – 2020 සම්මාන උළෙලේදී, අඛණ්ඩව හයවන වරටත් සමස්ත ජයග්‍රාහකයා සඳහා වූ සම්මානය දිනා ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනය (CMA) විසින් සංවිධානය කරයි. මෙම උළෙලේ ප්‍රධාන සම්මානයට අමතරව ඩීමෝ සමාගම වෙත “Best Concise Integrated Report” සඳහා…
කුසපත් ඇදීම්, වටිනා තෑගි සමග සුවිශේෂී වට්ටම් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස් නව වසර වෙනුවෙන් ‘Lifestyle Bonus 2021’ වැඩසටහන දියත් කර තිබේ. නවීන ජීවන රටාවන්ට ගැළපෙන අති-නවීන ස්මාර්ට් උපාංග දිනාගැනීමට මෙන්ම අලෙවිසැල් රාශියක් වෙතින් වට්ටම් හිමිකරගැනීමටද මෙමගින් යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ හිමියන්ට අවස්ථාව ලැබෙනු ඇත. ප්‍රධාන දිනුම් ඇදීමක් සමග සැනසිලි තෑගි රැසකින්ද…
දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් සහ සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය 15 වන වර්ෂ පූර්ණ සංවත්සරය සමරමින් 2020 වසර සඳහා විවෘත කරන ලද අවසන් ශාඛා දෙක ලෙස මාතලේ සහ දඹුල්ල ශාඛා 2 ස්ථාපිතකොට තිබේ. සියපත…
කොමර්ෂල් බැංකුවට සම්පූර්ණයෙන්ම අයත් ලියාපදිංචි බැංකු නොවන මූල්‍යායතනය (NBFI) ලෙසින් CBC ෆයිනෑන්ස් සමාගම බැංකුව විසින් එළිදැක්වූ අතර මෙම සමාගම මීට පෙර සෙරන්ඩිබ් ෆයිනෑන්ස් සහ ඉන්ද්‍රා ෆයිනෑන්ස් නමින් අවස්ථා දෙකකදී හඳුන්වන ලදී. මෙම සමාගම කොමර්ෂල් බැංකුව විසින් 2014 වසරේදී මිලදීගත් ගත් අතර අළුතෙන් ප‍්‍රතිව්‍යුහගතකරණය කළ මෙම සමාගම නව නාමය සහ නව ලාංඡනය සමග 2020 දෙසැම්බර් 30…
ශ්රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන ඕෂන් ලංකා පුද්ගලික සමාගම විසින් වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්‍ෂිතතා කළමනාකරණ පද්ධති සඳහා නවතම ISO 45001:2018 ප්‍රමිතිය හිමි කරගත් බව පසුගියදා දැනුම් දෙන ලදී. මෙම නවතම ප්‍රමිතිය මඟින් පෙර පැවති OHSAS 18001: 2007 ප්‍රමිතිය ප්‍රතිස්ථාපනය කරන අතර, නවතම ප්‍රමිතිය හරහා සිය සේවක මණ්ඩලය සඳහා වඩාත් ආරක්ෂිත හා…
පේරාදෙණිය, මොරටුව, රුහුණ සහ නාවල විවෘත විශ්වවිද්‍යාලවල ඉංජිනේරු ශිෂ්‍ය සංගම් එක්ව සංවිධානය කළ 11 වැනි තිරසාර පාරිසරික ඉදිකිරීම් අන්තර්ජාතික සම්මන්ත්‍රණයට ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදීමට, මෙරට ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම පසුගියදා පියවර ගත්තේය. ‘මහනුවර සමුළුව’ ලෙස නම් කර තිබූ මෙවර සම්මන්ත්‍රණය පුරා දින දෙකක් ඩිජිටල් මාධ්‍යය ඔස්සේ පැවැත්වුණි. නව අදහස්, දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමට එය…
කොමර්ෂල් බැංකුව හඳුන්වාදී තිබෙන නව්‍ය වූ ඇප් සේවාවක් මගින් ඉලෙක්ට්‍රොනික ලදුපතක් (e-slips) නිකුත් කරන නිසා බැංකුවේ ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුම් වලට ලියකියවිලි නොමැතිව මුදල් සහ චෙක්පත් තැන්පත් කිරීමට අවස්ථාව උදාවී තිබේ. චෙක්පත් තැන්පතු කරුවන් සඳහා මෙරට හඳුන්වා දුන් පළමු ඇප් සේවාව මෙය බවත් මේ තුළින් නව සාමාන්‍ය තත්ත්වය යටතේ ගනුදෙනු කිරීමේදී ගනුදෙනුකරුවන්ගේ පහසුව වඩාත්…
මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම සිය ගනුදෙනුකරුවන්ට මෙම නත්තල් සහ අලුත් අවුරුදු සමයේ සතුට සහ ප්‍රීතිය ලබා දෙමින් ෆේස්බුක් සමාජ මාධ්‍යජාලය හරහා සුවිශේෂී සුබපැතුම් ව්‍යාපාරයක් දියත් කළේය. 2020 දෙසැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සිය පවුලේ පිරිස් සමග නත්තල් උත්සවය පැවැත්වූ අකාරය නිරුපණය කරමින් සුබ පැතුම් පත් පැල්වත්ත ෆේස්බුක් පිටුව…
මෙරට ජනප්‍රියතම හා විශාලතම අධ්‍යාපන හා ලිපිද්‍රව්‍ය උපකරණ නිෂ්පාදන සැපයුම්කරු වන ඇට්ලස් සමාගම පසුගියදා තමන්ගේ ම මාර්ගගත අලෙවි පියසක් (online store) විවෘත කිරීමට පියවර ගන්නා ලදී. Atlas Myshop ලෙස නම් කර ඇති මෙම මාර්ගගත අලෙවි පියස, හේමාස් හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය අතින් නිල වශයෙන් විවෘත විය. Atlas Myshop (www.atlas.lk/myshop)…
මෙරට කීර්තිමත් විලාසිතාගාර ජාලයක් වන ෆැෂන් බග් විසින් චිත‍්‍ර නිර්මාණකරණය හරහා ශ්‍රී ලාංකීය දරුවන්ගේ නිර්මාණශීලී චින්තනය වැඩිදියුණු කරමින් සමබර පෞර්ෂයක් සහිතව වැඩෙන්නට අත්වැලක් වීමේ අරමුණෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “රූ සිත්තම්” ළමා චිත‍්‍ර තරගාවලිය අගයමින්, ශ්‍රී ලංකාවේ ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් විශේෂ ඇගයීම් සම්මානයක් පසුගියදා පාර්ලිමේන්තු පරීශ‍්‍රයේදී හිමිවිය. ශ්‍රී ලාංකීය දරු පරපුරේ සුබ…
Video Story