Top News

සියැට් වෙතින් මිලියන 600 ක ආයෝජනයක්

ශ‍්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩක්ම නිපදවන සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම රේඩියල් ටයර් නිෂ්පාදනය කිරීමට නව කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට රුපියල් මිලියන 600 ක ආයෝජනයක් සිදුකරයි. මෙම නව කර්මාන්ත ශාලාව කැළණියේ පිහිටි සියැට් කැළණි නිෂ්පාදන සංකීර්ණය සමග ඒකාබද්ධ වන ලෙස පිහිටුවා තිබේ. සමාගම සඳහන් කරන්නේ මේ තුළින් දේශීය හා අපනයන වෙළෙඳ පොළ සඳහා අවශ්‍ය සියැට් සන්නාමය…

(0)Comments | April 1, 2014 6:44 am

CIC කැළණි වැලි ව්‍යාපාරය C.W. Mackie අතට

CIC Agri Business සමාගමට අයත් Kelani Valley Canneries Ltd හි, සියයට 88.23 ක කොටස් රුපියල් මිලියන 130 කට C.W. Mackie සමාගම විසින් මිලදීගෙන තිබේ. මෙහිදී, කොටස් මිලියන 30.5 ක් මිලදීගෙන තිබෙන අතර Kelani Valley Canneries සමාගම KVC සන්නාමය යටතේ ජෑම්, කොඩියල්, සෝස්, ඇතුළු ආහාර නිෂ්පාදනය කළේය.

(0)Comments | April 1, 2014 1:25 am

ඡන්ද ප්‍රතිඵල මැද්දේ කොටස් ප්‍රතිඵල මෙන්න

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල ලැබීමෙන් පසුව කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු සිදුවූ පළමු දිනය වූ අද දකින්නට ලැබුණේ මිශ්‍ර ප්‍රතිඵල වන අතර විදේශීය ආයෝජකයින් විසින් රුපියල් මිලියන 56 ක ශුද්ධ මිලදී ගැනීම් කර තිබේ. මේ අනුව, අද විදේශීය ආයෝජකයින් විසින් රුපියල් මිලියන 114 ක් වටිනා කොටස් මිලදීගත් අතර රුපියල් මිලියන 58 ක්…

(0)Comments | March 31, 2014 11:58 am

බඩුමිල වැඩිවීමේ වේගය එහෙමමයි

2014 මාර්තු මාසයේදී මෙරට උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේදී තිබූ සියයට 4.2 ක ප්‍රමාණයේම නොවෙනස්ව තිබෙන බව නවතම දත්ත මගින් හෙළිවේ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන දත්ත වලට අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට සාමාන්‍ය මිල මට්ටම් වැඩිවීමේ වේගය හෙවත් උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේදී 2012 පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 4.2 ක්…

(0)Comments | March 31, 2014 10:14 am

අපේ සමහර ඡන්ද අපේක්ෂකයින්ගේ වියදම මිලියන 100 යි

බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේදී අපේක්ෂකයින් සැලකිය යුතු ප්‍රමාණයක් මැතිවරණය සඳහා එක් අපේක්ෂකයෙකු විසින් රුපියල් මිලියන 50 කට වැඩි මුදලක් වියදම් කර ඇතැයි අනාවරණය වේ. මැතිවරණය සඳහා ඉදිරිපත් වී ජයගත් ප්‍රබල අපේක්ෂකයින් කිහිප දෙනෙකු සමග අප පැවැත්වූ විශ්ලේෂණාත්මක සාකච්ඡා වලදී මේ බව හෙළිවූ අතර සමහර අපේක්ෂකයින් රුපියල් මිලියන 100 කට ආසන්න මුදල් වියදම් කර…

(0)Comments | March 31, 2014 6:26 am

සැවොම පුදුම කරමින් ජපනාගේ නිමැවුම් වැටේ

බොහෝ ආර්ථික විශ්ලේෂකයින්ගේ අනාවැකි සුනු විසුණු කර දමමින් ජපානයේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය බලාපොරොත්තු නොවූ ආකාරයට පසුබා තිබෙන බව වාර්තාවේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ අනුව ලෝකයේ තෙවන විශාලතම ආර්ථිකය ලෙසින් වැජඹෙන ජපානයේ ආර්ථිකය ඉදිරියේදී පසුබානු ඇති බවයි. නිකුත් වී තිබෙන නවතම දත්ත වලට අනුව පසුගිය ජනවාරි මාසයේදී ජපානයේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය සියයට 2.3 කින් පහළ…

(0)Comments | March 31, 2014 5:28 am

දෙල්කඳ ඉඩම් කාර්යාලය පිම්මක් පනී

ඉඩම්වල ඔප්පු පත්ඉරු ලබාදීමට මීට පෙර දින දෙකක පමණ කාලයක් ගත වුවත් ඒවා පැය භාගයක් පමණ වේලාවකින් ලබාදීමට දෙල්කඳ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට මේ වනවිට හැකිබව අනාවරණය වේ. ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA- ඉක්ටා ) ඔප්පු පත්ඉරු ස්කෑන් කර පරිගණකගත කිරීම සඳහා මූල්‍ය සහ තාක්ෂණ සහයෝගය ලබාදීම නිසා මෙම හැකියාව ලැබී ඇත….

(0)Comments | March 29, 2014 11:04 am

නියඟය නිසා මෙරට විදුලිය ඉල්ලුම වැඩිවේ

පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට දෛනික විදුලිය පරිභෝජනය ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කියයි. ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති, ඩබ්ලිව්.බී. ගනේගල මහතා අප සමග පැවසුවේ වියලි කාලගුණ තත්ත්වය නිසා වායු සමීකරණ, විදුලි පංකා භාවිතය සමස්තයක් ලෙස වැඩිවී තිබීම මේ ආකාරයෙන් විදුලිය ඉල්ලුම වැඩිවීමට හේතුවී තිබෙන බවයි. “නියඟයට පෙර කාර්ය බහුල වේලාවලදී…

(0)Comments | March 29, 2014 10:11 am

බිලියන 2.8 ක JKH කොටස් විදේශිකයින් විකුණයි

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ රුපියල් බිලියන 2.8 ක් වටිනා කොටස් අද විදේශීය ආයෝජකයින් විසින් විකුණා දැමීය. අද වෙළඳ පොළ ගනුදෙනු වලින් සියයට 45 ක් විදේශීය ආයෝජකයින් සිදුකළ අතර සමස්තයක් ලෙස ශුද්ධ විදේශීය විකුණුමක් වාර්තා විය. මෙහිදී, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමෙන් රුපියල් බිලියන 2.8 ක ශුද්ධ විදේශීය විකුණුමක්ද, ඉන්දීය තෙල් සමාගමෙන් රුපියල් මිලියනයක ශුද්ධ විදේශීය විකුණුමක්ද…

(0)Comments | March 28, 2014 1:17 pm

අධිවේගී මාර්ග වලට සමගාමී K3 නගර සැලසුම මෙන්න

මෙරට අධිවේගී මාර්ග පද්ධතියට සම්බන්ධ වන ලෙස සිදුකරන “කේ ත්‍රී“ (K3) නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අළුතින්ම නගරයක් ඉදිකරන්නේ කොට්ටාව අධිවේගී පිවිසුම ආසන්නයේ පමණක් බව අනාවරණය වේ. මෙම ව්‍යාපෘතියට ඉංග්‍රීසි “කේ“ අකුරින් පටන් ගන්නා නගර තුනක් වන කොට්ටාව, කඩුවෙල සහ කඩවත අයත් වන නිසා එය “කේ ත්‍රී“ (K3) නගර සංවර්ධන ව්‍යාපෘතිය ලෙසින් නම්කර තිබේ. මේ පිළිබඳව…

(0)Comments | March 28, 2014 9:29 am