Top News

හේලීස් අලුමෙක්ස් මහජනයාට විකිණේ

හේලීස් සමූහයට අනුබද්ධ අලුමෙක්ස් සමාගම මූලික මහජන කොටස් නිකුතුවකින් රුපියල් මිලියන 838 ක මුදලක් රැස්කර ගැනීමට සූදානම් වන අතර එම මුදල් කර්මාන්ත ශාලාවක් ගොඩ නැගීම සඳහා යෙදවීමට සැලසුම් කර ඇත. මේ යටතේ සමාගම විසින් එකක් රුපියල් 14 ක් වන සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 59.9 ක් මහජනතාවට නිකුත් කරන අතර මේවා කොළඹ කොටස් වෙළඳ පොළේ…

(0)Comments | February 20, 2014 10:47 am

ආගමික ස්ථාන ඉලෙක්ට්‍රොනික මුදල් පිළිගත යුතුයි- මහ බැංකු අධිපති

මෙරට කාසි ටොන් 30 ක් පමණ ඉන්දියාවේ හිරවෙලා පන්සල්, දේවාල ඇතුළු පූජනීය ස්ථාන සඳහා බොහෝ විට කාසි වලින් ආධාර කිරීමට බැති මතුන් පුරුදුව සිටී. මේ නිසාම, මුදල් සංසරණයේදී කාසි හිඟයක් ඇතිවීමට මෙය හේතුවේ. මේ සඳහා කදිම විසඳුමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යෝජනා කරයි. මාධ්‍යවේදීන් අමතමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ කාසි…

(0)Comments | February 20, 2014 6:15 am

P.C. House කොටස් සති 42 ක් තුළ පහළම අගයේ

අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු අවසානයේදී පී.සී. හවුස් සමාගමේ කොටස් මිලියන 19.4 ක් ගනුදෙනු වූ අතර එම කොටසක මිල ශත 30 ක් දක්වා පහත වැටුණි. මේ අනුව, සති 42 ක් තුළ මෙම කොටස වාර්තා කළ පහළම අගය වන්නේ මෙයයි. අද දිනයේදී කොටස් මිලියන 49 ක් ගනුදෙනු වූ අතර ජෝන් කීල්ස්, සම්පත් බැංකුව යන සමාගම්වල…

(0)Comments | February 19, 2014 10:07 am

ජේම්ස් පැකර්, ජෝන් කීල්ස් හා ක්වීන්ස්බරි ලෙෂර් ව්‍යාපෘති පිම්මක් පනී

පසුගියදා ඉමහත්  ආන්දෝලනයට හේතුවූ ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ මැදිහත්වීමෙන් කොළඹ සිදුකරන මිශ්‍ර සංවර්ධන හෝටල් ව්‍යාපෘතිය ඇතුළු තවත් මහා පරිමාණ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් පිරිනමන බදු සහන සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව අනාවරණය වේ. මේ බව හෙළිවන්නේ ජේම්ස් පැකර් සම්බන්ධ වන ලේක් ලෙෂර් හෝල්ඩින්ග්ස් සමාගම සිදුකරන ව්‍යාපෘතිය, ජෝන් කීල්ස් සමූහය සම්බන්ධ වෝටර් ෆ්‍රන්ට්…

(0)Comments | February 19, 2014 4:52 am

ඩයලොග් අළුත්ම ගිණුම් අනාවරණය මෙන්න

ප්‍රමුඛතම ජංගම දුරකතන සමාගමක් වන ඩයලොග් ආසිආටා සමාගම නවතම ගිණුම් වාර්තා හෙළිදරව් කර තිබෙන අතර අනාවරණය වන්නේ සමාගමේ 2012 දෙසැම්බර් කාර්තුවට සාපේක්ෂව ගිය දෙසැම්බර් කාර්තුවේදී සමාගමේ ශුද්ධ ලාභය සියයට 20 කින් වර්ධනය වී තිබෙන බවයි. මේ අනුව, 2013 දෙසැම්බර් කාර්තුවේදී සමාගම සියළු බදු ගෙවීමෙන් පසුව ලබා තිබෙන ශුද්ධ ලාභය රුපියල් බිලියන 1.1 කි. මෙම කාර්තුවේදී…

(0)Comments | February 18, 2014 4:16 am

බැංකු පොලිය තවත් පහළ යන ලකුණු

මහ බැංකු පොලිය මෙවර වෙනස් නොවේ වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත මේ පෙබරවාරි මාසයේදීත් වෙනස් නොකිරීමට මුදල් මණ්ඩලය තිරණය කර තිබේ. මේ අනුව, ඉදිරියේදී වාණිජ බැංකුවල පොලී අනුපාත තවදුරටත් පහළ යාමේ අවස්ථාවක් තිබෙන අතර මේ වසරේදී පුද්ගලික අංශය බැංකු ක්‍රමයෙන් ලබාගන්නා ණය ප්‍රමාණය ගිය වසරේදී වූ සියයට 08…

(0)Comments | February 17, 2014 7:26 am

නවීකරණය හමුවේ ටාජ් හෝටල් ලාභ පහළට

මෙරටට සංචාරකයින් පැමිණීම වර්ධනය වෙමින් තිබීම හමුවේ ඉන්දියාවේ ටාජ් හෝටල් සමූහයට අයත් ටාජ් ලංකා හෝටල් සමාගම විසින් කොළඹ ගාලු මුවදොර පිහිටි ටාජ් සමුද්‍රා හෝටලය පසුගිය කාලයේදී නවීකරණය කළේය. මේ සඳහා ගිය වියදම් හේතුවෙන් පසුගිය දෙසැම්බර් කාර්තුවේදී ටාජ් ලංකා හෝටල් සමාගම රුපියල් මිලියන 118 ක අලාභයක් වාර්තා කර තිබෙන බව නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වේ….

(0)Comments | February 13, 2014 10:20 am

Prius හයිබ්‍රීඩ් රථ, ලක්ෂ 19 ක් නැවත කැඳවයි

වාහනයේ වේගය හදිසියේම මන්දගාමී වීමට හේතුවන තාක්ෂණික දෝෂයක් නිසා ටොයොටා විසින් ලොව පුරා අලෙවිකළ Prius හයිබ්‍රීඩ් රථ ලක්ෂ 19 ක් නැවත සමාගම වෙත ගෙන්වාගෙන එම තාක්ෂණික දෝෂය නිරාකරණය කිරීමට තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ පවර් කන්වටරය පාලනය කිරීමට යොදා ගන්නා මෘදුකාංගයේ ප්‍රශ්නයක් නිසා මෙම තාක්ෂණික දෝෂය හටගන්නා බවත් මෙය රියදුරන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බවයි. මෙම…

(0)Comments | February 12, 2014 9:12 am

මෙරට විදේශ සංචිතයේ තත්ත්වය මෙන්න

ලෝක වෙළඳ පොළේ රත්‍රන් මිල ගණන් අඩුවීම හේතුවෙන් මෙරට විදේශ සංචිතයට යම් පාඩුවක් සිදුවුවත් නවතම දත්ත මගින් අනාවරණය වන්නේ පසුගිය දෙසැම්බර් මාසයේදී මෙරට විදේශ සංචිතය සියයට 4.6 කින් ඩොලර් මිලියන 7,200 ක් දක්වා වර්ධනය වී තිබෙන බවයි. මේ අනුව, 2013 වසරේදී මෙරට විදේශ සංචිතය ඩොලර් මිලියන 320 කින් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව…

(0)Comments | February 12, 2014 4:56 am

අපේ විදේශීය වෙළඳාමේ ප්‍රගතියක්

අපනයන ආදායම් අඩුවෙද්දී ආනයන වියදම් වැඩිවීම පසුගිය කාලයේදී ලංකාව මුහුණ දුන් ප්‍රධානතම අභියෝගයකි. මේ නිසා, අපගේ ගෙවුම් ශේෂය හා වෙළඳ හිඟය නිරන්තරයෙන් පීඩනයට පත්වුණි. කෙසේවෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත මගින් අනාවරණය වෙන්නේ  2013 වසරේදී මෙරට සමස්ත ගෙවුම් ශේෂයේ ඩොලර් මිලියන 991 ක අතිරික්තයක් වාර්තා වූ බවයි. මේ සඳහා එම වසරේදී මෙරට අපනයන සියයට…

(0)Comments | February 11, 2014 5:52 am