Top News

අමානා බැංකුව විදෙස් සහාය පතයි

බැංකු පනතේ 19 වැනි වගන්තියට අනුව නියම කර ඇති අවම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් විදේශීය ආයෝජකයන් සමඟ මේ වන සාකච්ඡා පවත්වමින් සිටින බව අමානා බැංකුව කියා සිටී. 2017 අයවැය යෝජනාවලට අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවල මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවය රුපියල් බිලියන 10 සිට රුපියල් බිලියන 20 දක්වා ඉහළ දමන ලදී.තවද බලපත්‍රලාභී විශේෂිත බැංකුවල අවම ප්‍රාග්ධනය රුපයිල් බිලියන…

(0)Comments | January 2, 2017 12:02 am

ගුවන් ටිකට් මිල රු. 3,000 කින් ඉහළට

ශ්‍රී ලංකාවේ තොටුපළකින් ගුවන්ගත වීමේ හෝ නැව් නැගීම වෙනුවෙන් ගෙවිය යුතු බද්ද (Airport tax) 2017 ජනවාරි 01 වන දින සිට ඇමරිකානු ඩොලර් 50 දක්වා ඉහළ දමා තිබේ. මෙය 2017 අයවැය යෝජනාවන්ට අනුව සිදුකරනු ලැබූ බදු සංශෝධනයකි. මේ අනුව මෙතෙක් ඇමරිකානු ඩොලර් 30 ක්ව පැවති මෙම ගුවන් තොටුපළ බද්ද, 2017 ජනවාරි 01 දින සිට ඩොලර් 50…

(0)Comments | January 1, 2017 6:40 pm

හම්බන්තොට ලංකා ලුණු සමාගම කෝටි 99ක ලාභයක් ලබයි

හම්බන්තොට ලංකා ලුණු සමාගම පසුගිය වසර දෙක තුළ රුපියල් කෝටි 99ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව එහි සභාපති අයුබ් ඛාන් මහතා පැවසීය. රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පෙන්වා දුන් අතර රුපියල් මිලියන 330 අලාභයක් ලබමින් තිබුණු මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකි වූ බව…

(0)Comments | January 1, 2017 7:21 am

මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීම 03 දා

කුලියාපිටිය මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන ජනවාරි 03 වැනිදා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කරමින් කුලියාපිටියේ ලබුයාය, මහනුගලන්ද වත්තේදී මෙම මෝටර් රථ නිෂ්පාදනය කර්මාන්ත ශාලාව ඉදි කරනු ලබයි. අධ්‍යාපන අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිසක් මෙම…

(0)Comments | December 31, 2016 4:21 am

ලොතරැයි මිල ඉහළට – ජනවාරියේ සිට රුපියල් 5 ක බද්දක්

ලොතරැයි සඳහා නිෂ්පාදන බද්දක් හඳුන්වා දීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පියවර ගෙන තිබේ. මේ අනුව අහඹු ලෙස දිනුම් අදිනු ලබන අයිතිකරුවන් සඳහා අංක කරන ලද ප්‍රවේශ පත්‍ර විකිණීමෙන් සහ ත්‍යාග ප්‍රදානයෙන් මුදල් උපයනු ලබන සෑම ලොතරැයියක් සඳහා ම 15% ක් හෝ ප්‍රවේශ පත්‍රයකට රු. 5/- ක් යන දෙකෙන් වැඩි අගය මත නිෂ්පාදන බද්දක්…

(0)Comments | December 30, 2016 6:49 am

අද දවසේ කොටස් වෙළෙඳපොළට ආ දැවැන්තයා – මෙල්ස්ටාකෝප්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන මෙල්ස්ටාකෝප් ලිමිටඩ් අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වන ලදී. මේ අනුව එහි ද්විතීයික කොටස් වෙළෙඳ ගනුදෙනු අද (30) ආරම්භ විය. මෙල්ස්ටාකෝප් සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 1,165,397,072 ක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පුවරුවේ, විවිධාංගීකරණය කරන ලද සමාගම් කාණ්ඩය යටතේ මේ අනුව ලැයිස්තුගත වේ. මෙල්ස්ටාකෝප් ලිමිටඩ්…

(0)Comments | December 30, 2016 4:26 am

CHC ඉන්වෙස්ට්මන්ට්, පෑන්ඒෂියා බැංකුවට සමුදෙයි

පෑන්ඒෂියා බැංකු සමාගමේ තෙවැනියට විශාලතම කොටස්කරුවා වූ CHC ඉන්වෙස්ට්මන්ට් (පුද්) සමාගම, සිය සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය අද (29) දිනයේ දී විකුණා දැමීය. පෑන්ඒෂියා බැංකුවේ කොටස් මිලියන 29 කට CHC ඉන්වෙස්ට්මන්ට් විසින් හිමිකම් කියූ අතර, රු. 21.00 බැගින් අදාළ කොටස් ප්‍රමාණය මෙහිදී අලෙවි කරන ලදී. මේ අනුව පෑන්ඒෂියා බැංකුවේ කොටස් 29,073,325 ක් රු. 21.00 බැගින් වූ ගිවිසා…

(0)Comments | December 29, 2016 7:56 am

ලෝක බැංකු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය සමඟ රජය ගිවිසුමකට අත්සන් තැබේ

සමාජ ආරක්ෂණ ජාල වැඩසටහනක් දියත් කිරීම සඳහා වූ මූල්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනය අතර ණය ගිවිසුමක් අත්සන් තැබේ. මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ලෝක බැංකුව වෙනුවෙන් මෙරට නේවාසික අධ්‍යක්ෂිකා අයිඩා ස්වරායි රිඩ්ඩිහවු මහත්මිය අත්සන් කරන ලදී. අත්සන්…

(0)Comments | December 29, 2016 5:36 am

සන්ෂයින් හෝල්ඩිංග්ස් සහ කොමර්ෂල් බැංකුව කොටස් වෙළෙඳපොළට ජීවය දෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී ඒකක 25.68 ක වර්ධනයක් වාර්තා කරන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 6,228.51 ක් ලෙසිනි. අද දින දක්නට ලැබුණු සුවිශේෂී කරුණ වූයේ රුපියල් බිලියන 1.7 ක පිරිවැටුමක් වාර්තා වීමයි. මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක වූයේ සන්ෂයින් හෝල්ඩිංග්ස්…

(0)Comments | December 28, 2016 12:38 pm

හෙටට පෙර බදු ගෙවන්නැයි දේශීය ආදායමෙන් ඉල්ලීමක්

එකතු කළ අගය මත බදු, ජාතිය ගොඩනැගීමේ බදු, උපයන විට ගෙවීමේ බදු හා රඳවා ගැනීමේ බදු සම්බන්ධ ගෙවීම් 2016 දෙසැම්බර් 29 වැනි දිනට හෝ එදිනට පෙර සිදුකරන මෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන ජනතාවගෙන් ඉල්ලා සිටී. වසර අවසානයේ බැංකු කටයුතුවල පවතින කාර්ය බහුලත්වය නිසා ඇතිවන තදබදය වළක්වා ගැනීම පිණිස මෙසේ කටයුතු කරන ලෙස දේශීය ආදායම්…

(0)Comments | December 28, 2016 10:41 am