කොළඹ 10 ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය, 2016 අගෝස්තු 29 වනදා සිට බත්තරමුල්ලේ ‘සුහුරුපාය‘ ගොඩවැගිල්ලට ගෙන යන බව නිවේදනය කර සිටී. මෙහිදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටින්නේ අගෝ: 29 වන දින විදේශ ගමන් බලපත්‍ර සාමාන්‍ය සේවය, වීසා නිකුත් කිරීම, විදේශ ගමන් බලපත්‍ර සංශෝධනය, පුරවැසිභාවයට අදාළ කටයුතු වැනි සේවාවන් සීමාසහිතව…
දෙරට අතර පවතින මිත්‍රත්වය තහවුරු කරනු වස් කොරියානු තානාපති කාර්යාලය හා හුන්ඩායි ලංකා එක්ව අංග සම්පූර්ණ ගිලන් රථයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබේ. ශ්රී ලංකාවේ කොරියානු තානාපති වොන්-සැම්, ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් ලිමිටඩ් සභාපති හේන්ස් රොයිටර්, හුන්ඩායි ලංකා විකුණුම් හා අලෙවි ප්‍රධානී තරංගා විතානගේ, ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් අධ්‍යක්ෂ ජූලියන් රොයිටර් හා විශේෂඥ වෛද්‍ය ලෝහිත සමරවික්‍රම මේ අවස්ථාවට…
පුවක් ආශ්‍රිත වෙළෙඳ නිෂ්පාදන ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. “බෝනොවන රෝග පාලනය කිරීම සඳහා දුම්කොළ සහ පුවක් භාවිතය නතර කළ යුතුයි. ශ්‍රී ලංකාවට ආනයනය කරන පුවක් කන්ටේනරයක් මේ වනවිට වරායේ නතර කර තිඛෙනවා. එම පුවක්…
මෙරට ප්‍රමුඛතම ටයිල් හා සනීපාරක්ෂක උපාංග නිෂ්පාදකයෙකු වන රොසෙල්, සිය ජාත්‍යන්තර ප්‍රවේශය තවදුරටත් සනිටුහන් කරමින් ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්හනාගාරයක් විවෘත කරන ලදී. පසුගිය අගෝස්තු 11 වන දින ඕස්ට්‍රේලියාවේ Mitcham හි Whitehorse පාරේ දී වර්ග මීටර 1,000 ක වපසරියකින් යුතු මෙම දැවැන්ත ප්‍රදර්ශනාගාරය විවෘත කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රෝයල් සෙරමික් ලංකා පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ නිමල්…
ශ්‍රී ලංකාවේ කෘෂි කාර්මික, තොරතුරු තාක්ෂණ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රවල ආයෝජන කටයුතු සඳහා ඉදිරිපත් වීමට පාකිස්තානය කැමැත්ත පළ කරයි. ශ්‍රී ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් ෂකිල් හුසේන් මැතිතුමා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා සමග පසුගියා දා (18) මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවක් අතරතුරදී ය. මහකොමසාරිස්වරයා එහි දී කියා සිටියේ ආයෝජනය සඳහා ශ්‍රී ලංකාව මේ වන…
ආර්ථික දරිද්‍රතාවය නැති කිරීම සඳහා නව රැකියා අවස්ථා බිහිකිරීම, ආදායම් උත්පාදනය හා ජීවනෝපාය සංවර්ධනය තුළින් උතුරේ ජනජිවිතය නඟාසිටුවීමේ අරමුණින් පැවැත්වෙන උතුරු පළාත් ආයෝජන සමුළුව අද (22) පෙරවරු 10.00ට යාපනය දිසාපති කාර්යාලයේ දී පැවැත්වේ. මෙම සමුළුව සඳහා දේශීය විදේශීය ආයෝජකයන්ට ආරාධනා කර ඇත. මෙම සමුළුව හරහා යාපනයේ ඇතිවී තිබෙන රැකියා ප්‍රශ්න, විනාශයට පත්වු කර්මාන්ත ශාලා ප්‍රතිස්ථාපනය…
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා කියයි කොළඹ වරාය නගරය ජාත්‍යන්තර මුල්‍ය නගරයක් ලෙස ගොඩනැංවීමේ කටයුතු රජය විසින් මේ වන විට ආරම්භ කර තිබෙන බවත්, ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති සහ ආරථික කටයුතු කැබිනට් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඓතිහාසික සංකල්පයක් මත ඉදිවන මෙම මුල්‍ය නගරයේ මුලික මෙහෙය වීම් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික…
යතුරුපැදි හෙල්මට්වල ප්‍රමිතිය තහවුරු කිරීමට SLS 517 ප්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්යය කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. දෛනික ගමන් බිමන්වල දී හෙල්මට් භාවිතා කරන යතුරුපැදිකරුවන් සහ රේසිං ධාවන තරඟ සඳහා එක්වන යතුරුපැදිකරුවන් මෙමඟින් නිවැරදි හෙල්මට් තෝරාගත යුතු ආකාරය පිළිබඳ දැනුවත් කෙරෙනු ඇත. හෙල්මට් නිෂ්පාදනය කරන, ආනයනය කරන, බෙදාහරින හෝ තොග හෝ සිල්ලර වශයෙන්…
මෙරට වාහන ලියාපදිංචිය පසුගිය ජූලි මාසයේ දී සෑම කාණ්ඩයකින්ම පාහේ පහළ ගොස් තිබෙන බව වාර්තා වේ. JB Securities විසින් කරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත. මේ අනුව 2016 ජූලි මාසය තුළ ලියාපදිංචි කර ඇති නව මෝටර් රථ වාහන ඒකක ගණන 2,489 ක් වන අතර ඊට පෙර මාසයේ දී එය ඒකක 3,026 ක් ලෙසින්…
අරමුදල්වල පිරිවැය වැඩිවීම සහ ආන්තිකයින් පටුවීම හමුවේ වුවද 2016 ජුනි 30 අවසන් වන මාස හයක කාලය තුළදී ශක්තිමත් වර්ධනයක් ලබාගැනීමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ. ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් මෙම මාස හයක කාලය තුළදී අගය එකතු කිරීමේ බද්දට VAT සහ ජාතිය ගොඩනැගීමේ බද්දට NBT පෙර රුපියල් බිලියන 10.391 ක ලාභයක් වාර්තා කර…
Video Story