ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාවූ ඉහළම අල්ලස් මුදල ලෙස සැලකෙන රු. මිලියන 125 ක අල්ලසක් ලබාගත් බව කියන රේගු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක, සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී පෙරේරා යන අය බව සඳහන්ය. විදෙස් සමාගමකින්…
ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආනන්ද විමලසේන මහතා පත්කර තිබෙන අතර ඔහු මීටර පෙර ගුවන් තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ලෙසත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර තිබේ. හෙතෙම වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකි.
රේගු බදු වැඩිකිරීම නිසා සුසුකි, හොන්ඩා සහ නිසාන් මෝටර් රථවල මිල ගණන්ද විශාල ලෙස වැඩිවී තිබේ. මේ අනුව, HUSTLER HYBRID 650 CC රථයක මිල රුපියල් 273,000 කින් වැඩිවී තිබෙන අතර WAGON R HYBRID 650 CC රථයක මිල රුපියල් 210,000 කින්ද, EVERY PETROL VAN 650CC රථයක මිල රුපියල් 875,000 කින්ද, EVERY 2015 VAN 650CC රථයක මිල…
ජේ.බී. ස්ටොක්බ්‍රෝකර්ස් (JB Stockbrokers) සමාගම විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වන්නේ මෙතෙක් ලංකාව තුළ මාසයකදී ලියාපදිංචි වූ වැඩිම විද්‍යුත් වාහන ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි වූ බවයි. මේ අනුව, 2015 සැප්තැම්බර් මාසයේදී විද්‍යුත් වාහන 471 ක් මෙරට ලියාපදිංචි වී තිබෙන අතර ගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි වී තිබුණේ විද්‍යුත් වාහන 15 ක්…
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරියෙකු වන ටී.ජී. ජයසිංහ මහතා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් එස්.එම්.එස් හොල්ඩින්ග්ස් සමාගමේ සභාපතිවරයා වන ෂෙහාන් සෙනෙවිරත්න මහතා ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ (Ceylon Petroleum Storage Terminals LTD) සභාපතිවරයා ලෙසත් පත්කර තිබේ. ටී.ජී. ජයසිංහ මහතා මූල්‍ය කොමිසමේ (Finance Commission of Sri Lanka) හිටපු ලේකම්වරයෙකු වන අතර තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිසමේ…
ලාෆ්ස් ගෑස් පී.එල්.සී. සමාගම විසින් බංග්ලාදේශයේ ක්‍රියාත්මක PETREDEC ELPIJI LIMITED සමාගමේ සියයට 69 ක කොටස් ඩොලර් මිලියන 18.75 කට මිලදීගෙන ඇත. මේ අනුව, ලාෆ්ස් විසින් මෙම සමාගමේ මිලදීගෙන තිබෙන සාමාන්‍ය කොටස් ප්‍රමාණය මිලියන 1.8 කි. PETREDEC ELPIJI LIMITED සමාගම විසින් බංග්ලාදේශයේ එල්.පී. ගෑස් ව්‍යාපාරික කටයුතු සිදු කරයි.
මෝටර් රථවල මිල වැඩිවීම ක්‍රියාත්මක වීමට පෙර මෝටර් රථ මිලදී ගැනීමට තිබෙන දැඩි උනන්දුව පෙන්නුම් කරමින් එක් මාසයක් තුළ මෙරට වැඩිම මෝටර් රථ ගණනක් ලියාපදිංචි වූ මාසය බවට පසුගිය සැප්තැම්බර් මාසය පත්ව තිබේ. මේ අනුව, 2015 සැප්තැම්බර් මාසයේදී මෝටර් රථ 14,301 ක් මෙරට ලියාපදිංචි වී තිබෙන බව නවතම දත්ත මගින් අනාවරණය වන අතර මෙය මසක්…
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ උප සභාපතිවරයා ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ක්‍රිෂාන්ත කුරේ මහතා පත්කර තිබෙන බව අප වෙත ඉතාමත් විශ්වාසවන්ත මූලාශ්‍ර වලින් අනාවරණය වේ. මීට අමතරව, මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කළ රංජිත් රූබසිංහ මහතා වෙනුවට එම තනතුරේ වගකීම් ටෙලිකොම් ප්‍රධාන විධායක නිළධාරී, දිලීප විජේසුන්දර මහතාට පවරා ඇතැයිද හෙළිවේ.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් 2016 අයවැය සකස් කිරීම සඳහා යෝජනා මාලාවක් මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර තිබෙන අතර එයට ලොරි රථ සහ වෑන්රථවල රේගු බදු අඩුකිරීම වෙනුවෙන් යෝජනාවක්ද ඇතුළත් කර ඇත. මෙහි සඳහන් වන්නේ දැනට ලොරි රථවල හා වෑන් රථවල රේගු බදු ප්‍රතිශතයන් ඉතා ඉහළ අගයක් ගන්නා බවත් රටේ සංවර්ධනයට, භාණ්ඩ ප්‍රවාහනයට සහ සංචාරක ව්‍යාපාරයට…
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පැන නැගී තිබෙන ගැටලු පිළිබඳව පරීක්ෂා කර බලා ගත යුතු පියවරයන් පිළිබඳව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය කමිටුවට වාර්තා කිරීමට කමිටුවක් පත් කිරීමට රජය සූදානම් වේ. අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ සියළුම ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගෙන් සමන්විත මෙවැනි කමිටුවක් පත්කිරීම සඳහා වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් යෝජනා…
Video Story