Top News

අඩුවට තෙල් දෙන බව ඉරාන තානාපති කියයි

මේ වන විට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවී තිබීමේ ප්‍රතිලාභය ශ්‍රී ලංකාවට ලබා දීමට තම උපරිමයෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ නව තානාපති මොහොමඩ් සෙයිරි අමිරාකි මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා මුණ ගැසුනු අවස්ථාවකදීය. ඉරානය වෙත පනවා තිබූ වෙළෙඳ හා ආර්ථික සම්බාධක මේ…

(0)Comments | February 1, 2016 9:39 am

ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට

2016 ජනවාරි මාසය තුළ දී 8.04% කින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය පහළ බැස තිබේ. වසර ආරම්භයේ දී ඒකක 6894.50 ක් ලෙසින් දැක්වුණු සියලු කොටස් මිල දර්ශක අගය, ජනවාරි මාසයේ අවසාන ගනුදෙනු දිනය වූ ජනවාරි 29 වන දින වන විට දැක්වුණේ ඒකක 6,340.08 ක් ලෙසිනි. මෙය ඒකක 554 ක පසුබැසීමකි. මේ අතර…

(0)Comments | February 1, 2016 7:50 am

බදු බර නිසා KIA Soul EV ට ලංකාව එපාවෙයි

ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිතව තිබූ නවතම ඉලෙක්ට්‍රික් මෝටර් රථය වන KIA Soul EV, මෙරටට හඳුන්වා දීම පමා කර ඇතැයි වාර්තා වේ. මීට මූලික වශයෙන් හේතු වී ඇත්තේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා පනවා තිබූ ආනයනික බද්ද වැඩි කිරීමට 2016 අයවැය යෝජනා තුළින් කටයුතු කර තිබීමයි. මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී KIA මෝටර්ස් ලංකා…

(0)Comments | February 1, 2016 4:28 am

ආචාර්ය හර්ෂ ද සිල්වා වියට්නාම ආයෝජකයින් හමුවෙයි

ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය තුළින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ අත්කර දීමට කැපවී සිටින විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වියට්නාමයේ සිදුකළ සංචාරය සාර්ථකව අවසන් කළ අතර එහිදී එරට රජයේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කරන ඉහළ පෙළේ නියෝජිතයින්ට සහ වියට්නාමයේ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ තිබෙන ආයෝජන අවස්ථාවන් පිළිබඳව පැහැදිලි කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කරන ලදී. වඩාත්…

(0)Comments | January 31, 2016 7:25 am

මහින්ද්‍රා ලංකාව වෙනුවෙන් KUV100 හදයි

මහින්ද්‍රා සමාගමේ නවතම මෝටර් රථයක් වන KUV100 ඒකක 80,000-90,000 ක් පමණ වාර්ෂිකව අපනයනය කිරීම සඳහා බලාපොරොත්තු වන බව සමාගම කියා සිටී. මෙම වසරේ අප්‍රේල් 01 වැනි දින සිට මෙම අපනයනය කිරීම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර පළමුව නේපාලය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව යන රටවල් ඔවුන්ගේ අපනයන ගමනාන්ත ලෙසින් මෙහිදී හඳුනාගෙන ඇත. මේ…

(0)Comments | January 31, 2016 6:42 am

ගාල්ලේ අමරි මේ අවුරුද්දේ දී විවෘත කෙරේ

මේ වන විට ඉදිකිරීමේ කටයුතු සිදුවෙමින් පවතින Amari Galle Sri Lanka සුබෝපභෝගී හෝටල් සංකීර්ණය 2016 වසරේ අවසාන භාගයේ දී විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. කාමර 172 කින් යුතු මෙම හෝටල් සංකීර්ණයේ ඇති විශේෂත්වය වනුයේ මෙහි ඇති කාමර සියල්ලක්ම පාහේ වෙරළට මුහුණ ලා ඉදිකිරීමයි. දකුණු වෙරළ තීරයේ ගාල්ලේ පිහිටි Amari Galle Sri Lanka, සුප්‍රකට…

(0)Comments | January 30, 2016 8:34 am

රේණුකාගේ දෙකක් එකක් වෙයි

රේණුකා සමූහයේ සමාගම් දෙකක් වන රේණුකා ඇග්‍රි ෆුඩ්ස් පීඑල්සී හා එහි පූර්ණ අනුබද්ධ සමාගමක් වන රේණුකා ඕගනික්ස් (පුද්) සමාගම, තනි සමාගමක් ලෙසින් ඒකාබද්ධ වන බව නිවේදනය කර සීටී. මේ අනුව 2016 මාර්තු 31 දින සිට ඒකාබද්ධ වූ මෙම සමාගම් ද්විත්වය තනි සමාගමක් වශයෙන් රේණුකා ඇග්‍රි ෆුඩ්ස් පීඑල්සී නමින් ක්‍රියාත්මක වනු ඇත.

(0)Comments | January 30, 2016 7:02 am

ගුවන්තොටුපළේ තීරු බදු රහිත වෙළෙඳ ඒකාධිකාරියට රජය එරෙහි වෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණීමේ හා පිටත්වීමේ පර්යන්ත දෙකෙහි තීරු බදු රහිත වෙළෙඳසැල් පවත්වා ගෙන යාම පිණිස වසර 05 ක ගිවිසුම් කාලයක් සඳහා ටෙන්ඩර් පටිපාටියට අනුකූල වඩාත් විනිවිදභාවයකින් යුතුව ලංසු කැඳවීම සඳහා අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණ ඇගයීම් කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමට වඩාත් වාසිදායක ප්‍රතිඵල…

(0)Comments | January 30, 2016 5:00 am

ලාෆ්ස් ශ්‍රී ලංකාවේ ලොකුම ඖෂධ නිෂ්පාදනාගාරයේ වැඩ අරඹයි

ලාෆ්ස් හෝල්ඩිංග්ස් හි අනුබද්ධිත සමාගමක් වන ලාෆ්ස් ෆාමසියුටිකල් (පුද්) සමාගම අද (29) දිනයේ දී මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදනාගාරයේ ඉදිකිරීම් සඳහා මුලපුරනු ලැබීය. කොග්ගල අපනයන සැකසුම් කලාපය තුළ ඉදිකෙරන මෙම කර්මාන්තශාලාව සඳහා මුල් පස්පිඩැල්ල කැපීමේ කටයුතු අද දින සිදුවූ ඒ සඳහා ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා ඇතුළු සමාගමේ ඉහළ නිලධාරීහූ පිරිසක් එක් වී සිටියහ….

(0)Comments | January 29, 2016 4:33 am

වොටර්ස් එජ් ඉදිකිරීම් යළි ඇරඹීමේ තීරණයක්

මහල් නිවාස සංකීර්ණයක් ඇතුළත් නේවාසික හෝටල් පහසුකම් ඉදි කර සංවර්ධනය කිරීම සඳහා වෝටර්ස් එජ් පරිශ්‍රය තුළ ආරම්භ කර ඇති ඉදි කිරීම් මේ වන විට අත්හිටුවා ඇති බැවින් එම කටයුතු යළි ආරම්භ කිරීම සඳහා පියවර ගෙන තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය සතු සමාගමක් ලෙසින් 2014 වසරේ දී ස්ථාපිත කෙරුණු ‘වෝටර්ස් එජ් හොටෙල් ඩිවලොපර්ස්‘ සමාගම විසින් පෞද්ගලික ආයතනයක්…

(0)Comments | January 28, 2016 10:30 am