Top News

තවත් මහජන කොටස් නිකුතුවක් එයි

කොළඹ කොටස් වෙළඳ පොළ විසින් ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ එකක් රුපියල් 3.00 ක් වන සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 133.3 ක් ලයිස්තුගත කිරීම සඳහා අවසර ලබාදී තිබේ. මේ අනුව, මෙම නිකුතුව දිරිසවි පුවරුවේ ලයිස්තුගත කරන අතර නිකුතුව ලබන මැයි 19 වනදා මහජනතාවට විවෘත වේ. නිකුතුවේ කළමනාකරුවන් සහ මූල්‍ය උපදේශකයින් ලෙස කටයුතු කරන්නේ කැපිටල් ට්‍රස්ට් ෆයිනෑන්ෂල් සමාගමයි.

(0)Comments | April 22, 2014 6:17 am

ජපන් සමාගමෙන් ඊ-චැනලින් මුහුණු වෙනස් කරයි

වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර සඳහා කාලය වෙන්කිරීමේ සේවා සපයන ඊ-චැනලින් සමාගමේ අධ්‍යක්ෂ ධූරයක් සඳහා ජපානයේ සීනියර් මාර්කටිං සිස්ටම්ස් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් නව නම් කිරීමක් කර තිබේ. මේ අනුව, සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ නට්සුකි ගොටෝ මහතා වෙනුවට 2014 අප්‍රේල් 14 වනදා සිට බලපැවැත්වෙන පරිදි ටට්සුයා කොයිකේ මහතාව නම්කර ඇත.

(0)Comments | April 21, 2014 6:18 am

මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමයේ පෙරළියක් ඇරඹේ

මෙරට යල්පැන ගොස් තිබෙන විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමය නව ලොවට ගැලපෙන පරිදි නවීකරණය කිරීමේ කටයුතු සඳහා මුල පිරූ බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා කියයි. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා අප සමග පැවසුවේ විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමේ මුල් පියවර ලෙස සෑම පීඨයකම සිසුන්ට අඩුම ගණනේ එක අත්පොතක් හෝ ලබාදීමට මේ…

(0)Comments | April 19, 2014 4:02 am

මේ දවස්වල ගොඩ යන්නේ නොරොච්චෝලේ නිසා -විදුලි බල මණ්ඩල සභාපති

දිවයිනේ සෙසු ප්‍රදේශ වලට වැස්ස ලැබුණත් බලාගාර ආශ්‍රිත ප්‍රදේශ වලට වැස්ස ලැබී නොමැති බවත් මේ වනවිට ජල විදුලිය උත්පාදනය සියයට 10 ක් දක්වා පහත වැටී තිබෙන බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කියයි. ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල මහතා අප සමග පැවසුවේ ඉන්ධන හා ගල් අඟුරු මගින් විදුලිය අවශ්‍යතාවයෙන් සියයට 90 ක්ම නිපදවීමට…

(0)Comments | April 18, 2014 3:41 am

රිචඩ් පීරිස් ණයකර නිකුතුවට කොළ එළිය

රිචඩ් පීරිස් සමාගම විසින් නිකුත් කිරීමට යන ණයකර කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කිරීම සඳහා අනුමැතිය හිමිවේ. මේ අනුව, සමාගම විසින් එකක් රුපියල් 100 ක් වන ශ්‍රේණිගත කළ ඇප රහිත නිදහස් කල හැකි ණයකර (Rated Unsecured Redeemable Debentures) මිලියන 30 ක් නිකුත් කරන අතර නිකුතුවට අධි ඉල්ලුමක් ඇති වුවහොත් නිකුත් කරන ණයකර ප්‍රමාණය තවත් මිලියන…

(0)Comments | April 16, 2014 10:05 am

ඇමරිකා-ශ්‍රී ලංකා අපනයන බැම්ම ඉදිරියටම

ශ්‍රී ලංකාවට මානව හිමිකම් බලපෑම් එල්ල කරන ප්‍රධානතම රටවන ඇමරිකාව ශ්‍රී ලංකාවේ අපනයන වලින් බහුතර ප්‍රමාණය මිලදී ගනිමින් තවදුරටත් පෙරමුණේ සිටින බව අනාවරණය වේ. මේ අනුව, ගිය වසරේදී ඇමරිකාව විසින් මෙරට අපනයන වලින් සියයට 24 ක් මිලදීගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළඳපොළ වන ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් වැඩිපුරම මිලදී ගන්නේ ඇඟලුම් වන අතර ගිය…

(0)Comments | April 16, 2014 4:01 am

මෙන්න! ලංකාවට ව්‍යාපාරික සංචාරකයින් පැමිණෙන හැටි

මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය වෙද්දී ව්‍යාපාර සඳහා මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණයද වර්ධනය වෙමින් තිබෙන බව අනාවරණය වේ. මේ අනුව, 2013 වසරේදී මෙරටට පැමිණි ව්‍යාපාරික සංචාරකයින් ප්‍රමාණය 94,320 ක් දක්වා සියයට 4.8 කින් වර්ධනය වී ඇත. 2009 වසරේදී මෙරටට පැමිණ තිබෙන්නේ ව්‍යාපාරික සංචාරකයින් 38,473 ක ප්‍රමාණයකි. 2013 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 26.7 කින් වර්ධනය…

(0)Comments | April 15, 2014 4:28 am

අපේ විරැකියාව වැඩිවුණේ ඇයි ?

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ විරැකියාව වැඩිවී තිබේ. 2012 වාර්ෂික සේවා වියුක්ති අනුපාතය සියයට 4.0 ක්වූ අතර එය 2013 දී සියයට 4.4 ක් දක්වා වර්ධනය වී ඇත. මහ බැංකුව පවසන්නේ රැකියා අපේක්ෂාවෙන් ශ්‍රම වෙළඳපොළට නවකයින් විශාල ප්‍රමාණයක් පිවිසීම සේවා වියුක්ති අනුපාතය වැඩිවීමට හේතුවූ බවයි. මේ අනුව, 2012 දී මෙරට මිලියන 0.336 ක් සේවා වියුක්ත වූ අතර…

(0)Comments | April 13, 2014 3:31 am

බයිරහා දැවැන්ත ආයෝජනයට සූදානම්

කුකුළු මස් නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛතම සමාගමක් වන බයිරහා ෆාම්ස් පීඑල්සී සමාගම ඒකාබද්ධ ආයෝජන ව්‍යාපෘතියක් ලෙස මහා පරිමාණයේ සත්ත්ව ආහාර නිපදවීමේ නවීන කර්මාන්ත ශාලාවක් ගොඩනැගීම සඳහා සූදානම් වේ. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මූලික අනුමැතිය ලැබී තිබෙන අතර  වසර දෙකකින් ව්‍යාපෘතිය නිම කිරීමේ පදනමින් වසර 07 ක බදු සහනයක් ආයෝජන මණ්ඩලය විසින් ප්‍රදානය කර…

(0)Comments | April 11, 2014 10:48 am

EPF, සෙන්ට්‍රල් ෆිනෑන්ස් හි, ආයෝජනය ඉහළ දමයි

සේවක අර්ථ සාධක අරමුදල විසින් සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස්වල සිදුකර තිබෙන ආයෝජනය ඉහළ දමා තිබෙන බව අනාවරණය වේ. මේ අනුව, සේවක අර්ථ සාධක අරමුදල පවසා තිබෙන්නේ සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පනි පීඑල්සී විසින් නිකුත් කර තිබෙන කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 10 ක් සඳහා මේ වනවිට අරමුදල ආයෝජනය කර තිබෙන බවයි.

(0)Comments | April 11, 2014 10:03 am