දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මහරගම දක්වා බස්රථ ධාවනය අද පළමු වරට ආරම්භ කෙරුණු අතර මෙහිදී ධාවනය සඳහා බස්රථ 20 ක් යොදවා තිබේ. ලංකා ගමනා ගමන මණ්ඩලය බස්රථ 10 ක්ද පුද්ගලික අංශය බස්රථ 10 ක්ද මාතර සිට මහරගම දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා යොදා ඇත. මාතර සිට මහරගම දක්වා බස් ගාස්තුව රුපියල් 500 කි.
ඩොලර් මිලියන 500 ක් රැස්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් නිකුත් කරන නවතම සෛවරීත්ව බැඳුම්කරයේ ජාත්‍යන්තර අලෙවි කටයුතු ආරම්භ කර ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවාව වාර්තා කරයි. වසර පහකින් කල් පිරෙන මෙම බැඳුම්කරයේ මිල මාර්ගෝපදේශනය සියයට 5.5 ක් පමණ වනබව සඳහන්ය. ලංකාව විසින් පසුගිය ජනවාරි මාසයේදීද ඩොලර් බිලියනයක ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකරන ලදී.
අබුඩාබියේ රොටානා ජෙට් ගුවන් සේවය මත්තල ගුවන් තොටුපොළට පියාසර කරනු ඇතැයි අපි මෙයට පෙර අනාවරණය කළ අතර එම ගුවන් ගමන් අප්‍රේල් 09 වනදා සිට ආරම්භ කිරීමට සූදානම් වේ. මේ අනුව, සතියකට ගුවන් ගමන් වාර තුනක් මත්තල සහ කටුනායක ගුවන් තොටුපොළවල් වලට රොටානා ජෙට් විසින් ක්‍රියාත්මක කරනු ඇත. මෙහිදී, එයාර්බස් 319 ගුවන් යානයක් භාවිතා කරන අතර…
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වාණිජ බැංකු සිය පොලී අනුපාත සතුටුදායක මට්ටමක් දක්වා පහළ දමා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි. මහ බැංකුව විසින් පොලිය අඩුකළත් වාණිජ බැංකු විසින් එයට සාපේක්ෂව පොලිය අඩු නොකිරීම ප්‍රශ්නයක් වන්නේදැයි අප කළ විමසීමට පිළිතුරු ලබාදෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවසීය. කෙසේවෙතත්, ඇතැම් ආර්ථික විශ්ලේෂකයින් තර්ක…
2013 වසරේ ලෝකය පුරා බොටුලිසම් බැක්ටීරියා භීතිකාවක් පැතිර ගිය සමයේ ආහාර ආරක්ෂණ නීති හතරක් උල්ලංඝනය කළායැයි පිළිගෙන තිබෙන ලෝකයේ විශාලතම කිරිපිටි නිෂ්පාදන සමාගම වන ෆොන්ටෙරා සමාගමට නවසීලන්ත ඩොලර් 300,000 ක දඩ මුදලක් පනවා තිබෙන බව වාර්තා වේ. මේ පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන අතර මෙම බොටුලිසම් බැක්ටීරියා භීතිකාව නිසා එකළ නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කිරීම…
කටුනායක අධිවේගී මාර්ගයේ ලංගම බස් ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකර තිබේ. නව සංශෝධනය අනුව කොළඹ සිට මීගමුව දක්වා තිබූ රුපියල් 150 ක ගාස්තුව රුපියල් 120 ක් දක්වා අඩුවන අතර කොළඹ සිට කටුනායක දක්වා තිබූ රුපියල් 130 ක ගාස්තුව රුපියල් 120 ක් දක්වා අඩුකර ඇත.
විශේෂයෙන්ම අන්ධ පුද්ගලයින්ගේ ආරක්ෂාව සඳහා ඉලෙක්ට්‍රික් හා හයිබ්‍රීඩ් මෝටර් රථ විසින් අනිවාර්යෙන්ම ශබ්දය පිට කළ යුතුව ඇතැයි යුරෝපීය පාර්ලිමේන්තුව පවසයි. මේ පිළිබඳව වාර්තා කරමින් විදෙස් මාධ්‍ය පවසන්නේ මේ අනුව, මෙම මෝටර් රථ වලට ශබ්දය පිට කරන උපකරණ සවි කිරීමට මෙහිදී එකඟ වී තිබෙන බවයි. මෙය නව නීතියක් ලෙස නීතිගත කිරීමට යුරෝපීය කවුන්සලය විසින් බලාපොරොත්තු වේ.
අයි.සී.සී. ලෝක කුසලාන විස්සයි-විස්ස තරගාවලියේ අද පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් ලබන ඉරිදා ශ්‍රී ලංකාව තරග වදින අවසන් මහා තරගය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්ට බංග්ලාදේශයට යාම ඇතුළු පහසුකම් සැපයීමට ජෝර්ජ් ස්ටුවර්ට් ට්‍රැවල්ස් සමාගම සහ මිහින් ලංකා අත්වැල් බැඳගනී. මේ අනුව, ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට පැමිණය හොත් ලබන ඉරිදා (06) උදෑසන මිහින්…
බත්තරමුල්ල ප්‍රදේශයේ පවතින අධික රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් මංතීරු හතරක නව මාර්ගයක් ඉදිකිරීමට සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ- සැලසුම්, ප්‍රියානි නවරත්න මහත්මිය පැවසුවේ මෙම මාර්ගයේ මුල් අදියර බත්තරමුල්ල දියත උද්‍යානය ආරම්භ වන පොල්දූව හන්දියේ සිට සෙත්සිරිපාය පිටුපසින් සුභූතිපුර දක්වා ඉදිකිරීමට කටයුතු…
අද කොටස් වෙළඳ පොළ ගනුදෙනු පහළ ගියද විශේෂයෙන්ම කැපී පෙනුනේ විදේශීය ආයෝජකයින් විසින් රුපියල් මිලියන 853 ක් වටිනා ශුද්ධ කොටස් මිලදීගැනීමක් කිරීමයි. මේ අනුව, අද විදේශීය ආයෝජකයින් විසින් රුපියල් මිලියන 1033 ක් වටිනා කොටස් මිලදීගත් අතර රුපියල් මිලියන 180 ක් වටිනා කොටස් විකිණීම කළේය. දිනයේ වෙළඳ පොළ ක්‍රියාකාරීත්වයට විදේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය සියයට 31 කි. අද…
Video Story