Top News

හෙට විවෘත වන ශ්‍රී ලංකාවේ අලුත්ම සුපිරි සාප්පු සංකීර්ණය මෙන්න

ශ්‍රී ලාංකේය ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ සුපිරි සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් Havelock City Mall සුපිරි සාප්පු සංකීර්ණය හෙට (19) දිනයේ දී විවෘත වීමට නියමිතය. හෙට පෙරවරු 10.00 සිට මෙම සාප්පු සංකීර්ණය මහජනතාව වෙනුවෙන් විවෘත වේ. මහල් 6කින් යුතු මෙම සුපිරි සාප්පු සංකීර්ණය ජාත්‍යන්තර සන්නාම රැසකින් සමන්විත සාප්පු, අවහන්හල් සහ සිනමා ශාලා 6කින් යුතු සුපිරි…

(0)Comments | October 18, 2023 1:27 pm

ලංකා හොස්පිටල්ස් රජයේ කොටස් අයිතිය ගැන නිවේදනයක්

ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි රජය සතු කොටස් හිමිකාරීත්වය විකිණීම සඳහා අභිලාශ ප්‍රකාශ කිරීමට ආරාධනා කරමින් අද (18) දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික සහ ජාත්‍යන්තර පුවත්පත් හා සඟරාවල දැන්වීම් පළ කිරීමට පියවර ගෙන ඇති බව එම සමාගම නිවේදනය කර සිටී. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ කමිටුව විසින් මෙම දැන්වීම් පළ කිරීමට නියමිතය. ශ්‍රී ලංකා රජය නියෝජනය…

(0)Comments | October 18, 2023 12:40 pm

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සඳහා තිරසර කෘෂිකර්මාන්ත ක්‍රම වෙත වහා  සංක්‍රමණය විය යුතු බව  FAO, IFAD, සහ WFP පවසයි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) සමඟ එක්ව ලෝක ආහාර දිනය සනිටුහන් කළේ ශ්‍රී ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන, තිරසාර කෘෂිකර්ම ක්ෂේත්‍රයක් වෙනුවෙන් හදිසි ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය අවධාරණය කරමිනි. FAO සහ UN Water විසින් 2021 දී නිකුත් කරන ලද වාර්තාවක, ශ්‍රී ලංකාව…

(0)Comments | October 18, 2023 12:11 pm

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය අද දිවයිනට

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ නව සභාපතිනි වන මාරියා ෆර්නැන්ඩා ගාර්සා (Maria Fernanda Garza) මහත්මිය, පස් දින නිල සංචාරයක් සඳහා , අද පස්වරුවේ (18) කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණීමට නියමිතය. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙම සංචාරය අතරතුර ඇය මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ පෙලේ නිලධාරීන් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමටද…

(0)Comments | October 18, 2023 9:42 am

ජනපති චීනයේ Huawei සමාගමේ නිරීක්ෂණ චාරිකාවක

ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය සඳහා හුවාවි සමාගමේ සහාය ලබාදීම පිළිබඳ ගිවිසුමකට ද අත්සන් තැබේ. ශ්‍රි ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව චීනයේ හුවාවි (Huawei) තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හුවාවි ආසියා පැසිෆික් කලාපීය සභාපති සයිමන් ලින් (Simon Lin) මහතා පැවසීය. තම සමාගම දැනටමත්…

(0)Comments | October 17, 2023 5:41 pm

ජනපති චීනයේ ආයෝජන, වෙළෙඳ සහ සංචාරක සැසියකට එක් වෙයි

තරගකාරි හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රි ලංකාව ක්‍රමිකව ඉදිරියට යමින් සිටින බැවින් අනාගත ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ව්‍යාපාරිකයන්ට ආරාධනා කර සිටියේය. චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පස්වරුවේ බීජිං නුවර ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ පැවති ආයෝජන, වෙළෙඳ සහ…

(0)Comments | October 17, 2023 5:10 pm

කෝටි 70කට අද උදේ සමාගමක් විකුණයි

Dutch Lanka Trailer Manufacturers Limited හි 100% ක පූර්ණ කොටස් හිමිකාරීත්වය යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී විසින් අද (17) දින මිල දී ගෙන තිබේ. ලැයිස්තුගත සමාගමක් වන යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී, මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත. අදාළ නිවේදනයේ සඳහන් වන පරිදි TRF Singapore Pte සමඟ ‌මෙම කොටස් හුවමාරු ගිවිසුමට එළඹ ඇති අතර,…

(0)Comments | October 17, 2023 4:09 pm

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව බැහැ කියයි. ‘බුහුමන්’ නවතියි

ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම මගින් පවත්වාගෙන යනු ලැබූ, බුහුමන් රක්ෂණ ක්‍රමය අවලංගු කිරීමට තීරණය කර තිබේ. මාසිකව රක්ෂණ වාරික මුදල් ගෙවීම මත පවත්වාගෙන යන ලද සාමාන්‍ය රක්ෂණාවරණ ක්‍රමයක් වූ මෙය ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඇති කරගෙන තිබූ ගිවිසුමක් අනුව ක්‍රියාත්මක වූවකි. එම ගිවිසුම 2023 අගෝස්තු 31 දිනෙන් අවසන් වී ඇති අතර, ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස්…

(0)Comments | October 17, 2023 1:40 pm

මහ බැංකුව ඩොලර් පරිස්සම් කරගනී

2023 සැප්තැම්බර් මාසය තුළ දී දේශීය විනිමය වෙළෙඳපොළ තුළ කිසිදු ආකාරයක ඩොලර් අලෙවියක් සිදුනොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව වගබලා ගෙන ඇත. මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. 2023 අගෝස්තු මාසයේ දී ඩොලර් මිලියන 467 ක ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කර තිබූ පසුබිමක මෙලෙස සැප්තැම්බර් මාසයේ දී මහ බැංකුව…

(0)Comments | October 16, 2023 4:31 pm

ජනපති රනිල් චීනයට පැමිණෙයි

සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ (15) දින මෙරටින් පිටත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දින චීනයට සම්ප්‍රාප්ත වී තිබේ. චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 03 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස චීනය වෙත පැමිණියේය. ජනාධිපතිවරයාගේ මෙම සිව් දින නිල සංචාරය අද (16)…

(0)Comments | October 16, 2023 2:24 pm