කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (08) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 7,119.53 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 21.69 ක ඉහළ යාමකි. මේ අතර 2021 වසරේ පළමු ගනුදෙනු සතිය වූ මෙම සතිය තුළ දී 5.10% ක වර්ධනයක් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අනුව වාර්තා වී ඇත….
පසුගිය දින කිහිපය තුළ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි කොටස් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් ඇති වී තිබෙන අසාමාන්‍ය ගනුදෙනු ක්‍රියාකාරීත්වය පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු හා මෙහෙයුම් වෙළෙඳපොළ ආවේක්ෂණ සහ ආයතනික කටයුතු අංශයේ ප්‍රධානී විසින් විමසීමක් කර තිබේ. කෙසේ වෙතත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී වෙනුවෙන් එහි ලේකම් සමාගම වන LOLC කෝපරේට් සර්විසස් (පුද්) සමාගම කොළඹ කොටස්…
කොළඹ කොටස් වෙළෙඳපොළ මේ දිනවල ඉතා සාර්ථක කාර්යසාධනයක් වාර්තා කරමින් සිටී. මෙහි ඇති තවත් සුවිශේෂී තත්ත්වයක් වන්නේ ඉතා ඉහළ දෛනික පිරිවැටුමක් වාර්තා වීමයි. මෙම වසරේ ආරම්භක ගනුදෙනු දිනය වූ ජනවාරි 04 දින රු. බිලියන 4.96 ක පිරිවැටුමක් වාර්තා වූ අතර ජනවාරි 05 සහ 06 යන දෙදින තුළ පිළිවෙලින් රු. බිලියන 6.18 ක් හා රු. බිලියන…
හරිත සංවර්ධන චින්තනය පදනම් කරගත් ජාතික සංවර්ධන සැලසුමක් හඳුනා ගැනීමට හා ක්‍රියාවට නැංවීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය මිනිසුන් විසින් පෘථිවියට එල්ල කරනු ලබන අනතුරුදායක පීඩනය පූර්ණ වශයෙන් සැලකිල්ලට ගනිමින්, සංවර්ධනය කර යන මාවත නැවත සැලසුම් කිරීම සඳහා සෑම රටකටම කාලය එළඹී ඇති බව පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ගෝලීය මානව සංවර්ධන වාර්තාව ශ්‍රී…
ඖෂධ නිෂ්පාදන අංශයේ කර්මාන්තවල ගැටළු වලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් ඊයේ (07) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැත්විණි. කර්මාන්ත ක්ෂේත්‍ර වලට අදාළව කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබා දීමත්, එම කර්මාන්ත සදහා සහය ලබාදෙමින් කර්මාන්ත ක්ෂේත්‍ර නගා සිටුවීමත් අරමුණු…
ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ලොව පුරා COVID-19 වසංගතය ව්‍යාප්ත වී යාම ආරම්භ වූ අවස්ථාවේ සිට ලෝකයේ සෙසු රටවල් සමඟ අත්‍යවශ්‍ය වෙළඳ සම්බන්ධතා පවත්වා ගනිමින් ජාතික ආර්ථිකයට සහයෝගය ලබාදීමේ වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ. එසේම 2020 මාර්තු මාසයේ දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමූ අවස්ථාවේ සිට මේ දක්වාම විදෙස් රටවල අතරමං වූ ශ්‍රී ලාංකිකයින් දිවයිනට රැගෙන…
කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ස්වයංක්‍රීය වෙළෙද පද්ධතියෙහි සිට ගනුදෙනුවන කොටස් ප්‍රමාණය සදහා අදාළ වන ඇනවුම් දෙකක් අතර මිලෙහි අවම අගය (Tick size) වෙනස් කිරීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි අනුමැතිය ඇතිව මෙම වෙනසට පහසුකම් සැලසීම සඳහා කොළඹ කොටස් හුවමාරුව විසින් අවශ්‍ය නීති රීති වෙනස්කම් සිදුකර ඇත. මෙම වෙනස්වීම…
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (07) දින ගනුදෙනු අවසානයේ දී දෛනික පිරිවැටුම රු. බිලියන 9.14 ක් ලෙසින් වාර්තා විය. මේ අතර සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 64.08 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී එය ඒකක 7,097.84 ක් ලෙසින් සටහන් වූ අතර අඛණ්ඩව සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයක් සටහන් වූ 7 වෙනි දවස අදයි. කෙසේ වෙතත්…
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක සහ ජයෝදා ලොතරැයිපත්වලින් බිහි වූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙකු සඳහා අද (07) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අදාළ චෙක්පත් ප්‍රදානය කරන ලදී. කෝටිපති කප්රුක 652 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 87,991,625/-ක මුදල දිනාගත් අඹන්පොල කුමාර පතිරන්නැහැලාගේ සුනිල් මහතාට හා ජයෝදා 1717 වන වාරයේ සුපිරි ජයමල්ල රු….
රබර් ඉඩම් කැබලිකර විකිණිම නතර කිරීම සඳහා ඉදිරියේදී නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් නව ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට නුදුරේදීම කටයුතු…
Video Story