Top News

වසා දැමූ ඇඟළුම් කම්හල් දෙකක් නැවත බලගැන්වීමට එයිට්කන් ස්පෙන්ස් එක්වෙයි

ඇමරිකානු වෙළඳපොල වෙත පමණක් සිය නිෂ්පාදන අපනයන කළ ඇගැළුම් කම්හල් දෙකක් ඇමරිකා හා චීන අර්බුද හමුවේ වසා දැමීමට පසුගියදා සිදුවිය. මෙමගින් ජීවිකාව සරිකර ගත් 2,500කට පමණ රැකියා අහිමි වූහ.කොග්ගල ආයෝජන සැකසුම් කලාපයේ පිහිටා ඇති මෙම කම්හල් සතු යන්ත්‍ර සූත්‍රවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන සිය ගණනකි. ශ්‍රී ලංකා  ආයෝජන මණ්ඩලයේ මැදිහත් වීම මත මෙරට පුරෝගාමී සමාගමක්…

(0)Comments | August 7, 2023 2:02 pm

සංචිතය වැඩිවෙලා ලු – මහ බැංකුව කියයි

2023 ජූනි මාසය අවසාන වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 3,724 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය 2023  අගෝස්තු 04 දින නිකුත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තාවෙහි මේ බව සඳහන් වේ. ඊට අනුව 2023 මැයි මාසයට සාපේක්ෂව 2023 ජූනි මාසයේ දී නිල සංචිත…

(0)Comments | August 7, 2023 1:26 pm

අර්බුද හමුවේ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ක්ෂේත්‍රය රැක ගැනීමට නම් රට තුළට ආනයනය කරන ඇඟළුම් ප්‍රමාණය 80%කින් වත් අවම කර ගත යුතුයි

බන්දුල ප්‍රනාන්දු සභාපති ශ්‍රී ලංකා ඇඟළුම් අපනයන මණ්ඩලය ( SLCGE) ඇමරිකාව හා යුරෝපයේ පවතින ආර්ථික අර්බුද හමුවේ මෙරට ඇඟළුම් කර්මාන්තය හා එයින් උපයන විදේශ විනිමය සැලකියයුතු මට්ටමකින් අඩු වී ඇති පසුබිමක, විශාල ඇඟළුම් කර්මාන්තශාලාවන් හි අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා අමිල වූ දායකත්වයක් දක්වන මෙරට ඇඟළුම් ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තයන් යුරෝපා සහ ඇමරිකානු…

(0)Comments | August 7, 2023 12:43 pm

ඩයලොග් ආසිආටා, ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස අඛණ්ඩව 5 වැනි වරටත් Brand Finance ශ්‍රේණිගත කිරීම හිමිකර ගනී

ලොව ප්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයිමේ විශේෂඥ සමාගමක් වන Brand Finance හි 20 වැනි වාර්ෂික සමාලෝචනයේදී, රුපියල් බිලියන 52 ක සන්නාම වටිනාකමින් යුත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී. එල්. සී, අඛණ්ඩ 5 වැනි වසරටත් ‘ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය’ ලෙස ගෞරවයට පාත්‍ර විය. ශ්‍රී ලංකාවේ ප්‍රබලතම සන්නාමය ලෙසින් ඩයලොග් එහිදී‍ කැපී පෙනුණේ, අඛණ්ඩව…

(0)Comments | August 7, 2023 12:32 pm

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ජපාන අරමුදල්වලින් ලබාගත් පොහොර මෙට්‍රික් ටොන් 8,360 ක් කුඩා පරිමාණ වී ගොවීන් සඳහා ලබා දෙයි

ඉදිරි මහ කන්නයේ දී බෙදා හැරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8,360 ක් මේ සතියේ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත භාර දෙන ලදී. මේ සඳහා ජපන් රජයෙන් ලබාදුන් මුදල් ආධාර යොදාගන්නා ලදී. මෙම අත්‍යාවශ්‍ය පොහොර ශ්‍රී ලංකාවේ වියලි සහ අතරමැදි කලාප වල දිස්ත්‍රික්ක කිහිපයක කුඩා පරිමාණ වී ගොවීන් 228,000…

(0)Comments | August 7, 2023 12:02 pm

විශිෂ්ට නිර්මාණ ලොවට දායාද කළ මෙරට අතීත ගෘහ නිර්මාණ ශිල්පයේ ප්‍රමිතිය යළි ඇති කරගත යුතුයි

අනාගත දේශගුණික විපර්යාසවලට ගැළපෙන ගෘහ නිර්මාණකරණයක් අවශ්‍යයි – ජනපති ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමින් පවසයි. ශ්‍රි ලංකාව ලෝකයට ගෙන ගිය විශිෂ්ට නිර්මාණ වන රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි නිර්මාණ සමඟ එදා මෙරට ගෘහ නිර්මාණ ශිල්පය අත්කරගෙන සිටි විශිෂ්ටත්වය හා ප්‍රමිතිය යළි එහි ඇති කරගත යුතු බවත්, ඊට අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය සූදානම්…

(0)Comments | August 7, 2023 11:52 am

යාපනයේ තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ට ක්ෂේත්‍රය ජය ගැනීමේ මඟ කියාදෙයි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධාන කරන ලද  2023 පළාත් තොරතුරු තාක්ෂණ සමුළුව දෙදිනක් පුරා යාපනයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), උතුරු   පළාත් තොරතුරු තාක්ෂණ මණ්ඩලය (NCIT) සහ USAID සංවිධානයේ  “Catalyze” Private Sector Development (PSD) Activity වැඩසටහන  ඒකාබද්ධ ව මෙම සමුළුව සංවිධාන කරන ලදී. මෙහි දී උතුරු…

(0)Comments | August 7, 2023 10:45 am

රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට අයත් කටයුත්තක්

ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැහැ -ජනපති. රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පැරණි දේශපාලනයේ නිරතව යළි මේ රට අරාජික කිරීමට තමා ඉඩ නොදෙන…

(0)Comments | August 4, 2023 4:03 pm

සැම්සන් රජරට ටයිල්ස් සිය ටෙරාකොටා ෆ්ලෝ ටයිල්ස් ලෙබනනයට අපනයනය කරමින් ගෝලීය පා සටහන තවත් පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 ස්වාභාවික සෙවිලි සහ ෆ්ලෝ ටයිල් නිෂ්පාදකයා වන සැම්සන් රජරට ටයිල්ස් (පුද්ගලික) සමාගම පසුගියදා ලෙබනනය වෙත ෆ්ලෝ ටයිල් අපනයනය ආරම්භ කරමින් විදේශ වෙළෙඳපොල තුළ සිය නිෂ්පාදන අලෙවිය තව තවත් පුළුල් කිරීමට සමත් විය. එලෙස පසුගිය 15 වන දින ටෙරාකොටා ෆ්ලෝ ටයිල් බහාලුම් දෙකක් ලෙබනනය වෙත අපනයනය කරන ලදී. මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ…

(0)Comments | August 4, 2023 11:59 am

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුනර්ජීවනයක් ඇති කිරීමට රජයේ විශේෂ අවධානය

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි නඟාසිටුවමින් එය ජාතික ආර්ථිකයට පුළුල් ලෙස දායක කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ “ඉදිකිරීම් කර්මාන්තය පුනර්ජීවනය පිළිබඳ විධායක කමිටුව” ඊයේ (02) ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ…

(0)Comments | August 3, 2023 5:54 pm