භාණ්ඩ ප්‍රවාහන සේවාව කාර්යක්‍ෂම කිරීමේ අරමුණින් ස්ථාපිත කෙරෙන භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථාන ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්කරමින් බස්නාහිර පළාතේ ගම්පහ, වේයන්ගොඩ බහුවිධ භාණ්ඩ ප්‍රවාහන හා ගබඩාකරණ මධ්‍යස්ථානය පිහිටුවීමට යොදාගැනීමට නියමිත භූමි ප්‍රදේශය නිරීක්‍ෂණය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (28) සහභාගි විය. ආහාර දෙපාර්තමේන්තුව සතු වේයන්ගොඩ පිහිටි අක්කර පනහක පමණ වන…
2025 ජනවාරි – සැප්තැම්බර් කාලපරිච්ඡේදය සඳහා වන රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාව නිකුත් කර තිබේ. මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ෆිස්කල් ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙම නවතම වාර්තාවට අනුව 2025 ජනවාරි – සැප්තැම්බර් කාලපරිච්ඡේදය අවසානයේ දී අයවැය හිඟය රු. බිලියන 441.4ක් ලෙසින් සටහන්ව ඇත. මෙහි ඇති විශේෂත්වය නම් එය 2024 මුල් මාස 09හි…
අද (29) පෙරවරුව වන විට කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 294,200ක් දක්වාත් කැරට් 24 රන් පවුමක මිල රු. 318,00ක් දක්වාත් පහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අනුව රුපියල් 2,000කින් මේ වන විට අද දිනය තුළ මෙරට රන් මිල අඩු වී ඇත. පසුගිය කාල සීමාව තුළ පාලනයකින් තොරව ඉහළ…
එක්සත් ජනපද ඩොලරයක රුපියල් අගය අද (29) දිනයේ ද සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 304.23 ක් ලෙසින් සටහන්ව ඇත. 2024 වසරේ සැප්තැම්බර් 24 දිනෙන් පසු පළමු වරට ඩොලරයේ අගය රු. 304…
අද (28) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 99.57ක පහළ යාමක් වාර්තා විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,689.22ක් ලෙසින් සටහන් වූ අතර මෙලෙස කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූ අඛණ්ඩව තෙවැනි දිනය අදයි. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක…
“අස්වැසුම” සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කළහ. ඒ සඳහා වූ තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට සුදානම් බවද ඔවුහු ප්‍රකාශ කළහ. මේ පිළිබඳ අදහස් පළවුයේ “අස්වැසුම වැඩසටහන” පිළිබඳව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්, ආර්ථික…
ඉන්දියානු බහු ආංශික ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් 2025‑04‑05 දින අත්සන් කරනු ලැබ ඇති අතර, ඒ යටතේ නැගෙනහිර පළාතේ සංවර්ධන අවශ්‍යතා සපුරාලන ව්‍යාපෘති 33ක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,371.83ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇත….
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2025‑11-15 දින සිට 2026‑06-14 දින දක්වා කාලය තුළ ඩීසල් (0.05% M.S.) බැරල් 1,400,000+/-5% (නැව් තොග 05ක්) ප්‍රසම්පාදනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීම පිණිස එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසුකරුවන් 07 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයට අනුව අද (28) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 304.02 ක් ලෙසින් සටහන්ව තිබේ. මෙලෙස ඩොලරයේ මිල රු. 304 සීමාව ඉක්වා ගොස් ඇත්තේ පසුගිය 2024 වසරේ සැප්තැම්බර් 24 දිනෙන් පසුව වීම විශේෂත්වයකි. එදින ඩොලරයේ මිල රු. 304.42ක් ලෙසින් වාර්තා වී තිබුණි….
අඛණ්ඩව ලක්ෂ 3 සිමාවට ඉහළින් පැවති කැරට් 22 රන් පවුමක මිල අද (28) උදෑසන විට ලක්ෂ 3 සීමාවෙන් පහළට පැමිණ ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව අද කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල වාර්තා වුනේ රු. 298,000ක් ලෙසයි. මේ අතර කැරට් 24 රන් පවුමක මිල රු. 322,000ක් ලෙසින් වාර්තා වී තිබුණි.
Video Story