ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) හා සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා ආයතනය අද දින (26) ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදි. පුද්ගලික ආරක්ෂක කර්මාන්තයේ සේවය කරන පුද්ගලික ආරක්ෂක නිලධාරීන් සහ එම ක්ෂේත්‍රයට යොමු වීමට නියමිත අය සඳහා රැකියා ගත වීමට පෙර විධිමත් පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාවක් නොමැත. එම…
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ‘Business Today Top 30’ සම්මාන උළෙලේදී මෙරට ඉහළ ම සමාගම් අතර 14 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. වසර 20 ක අත්දැකීම් සමගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව එම සංධිස්ථානය සනිටුහන් කළ ලාබාලත ම සමාගම බවට ද පත් වූයේ මින් පෙර වසරට වඩා ස්ථාන නවයක් ඉදිරියට පැමිණෙමිනි. Business Today Top 30 සම්මාන, කොළඹ ව්‍යාපාර…
දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ වීමත් සමඟම, 2020 පෙබරවාරි මස 20 වැනි දින අංක 2163/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද, කොට්ටාව – මත්තල, ගාස්තු ගෙවිය යුතු දක්ෂිණ ජාතික මහා මාර්ගයේ ගාස්තු සටහන මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. මෙම ගාස්තු අයකිරීම් රු. 50 සිට…
රුපියල් බිලියන 18.7 රක්ෂණ වාරික ආදායමක් ලබාගනිමින් අඛණ්ඩව 16 වන වසරටත් මෙරට ජීවිත රක්ෂණ අංශයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා වෙයි 2019 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මූල්‍ය වර්ෂය තුළදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ ඒකාබද්ධ ආදායම රුපියල් බිලියන 32.1 ක් දක්වා ශක්තිමත් ලෙස වර්ධනය වී තිබෙන අතර සමාගමේ ආදායම් වර්ධනය පෙර වසරට සාපේක්ෂව 9.9%ක්වී තිබේ. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ…
ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ ආර්ථික තොරතුරු ඒකකය විසිනි නවල් කොරෝනා වෛරසයෙහි (COVID-19) පැතිරයාම ලෝක ආර්ථිකය වෙත බලපෑම් කරමින් පවතින අතර විශේෂඥයින් අපේක්ෂා කරන්නේ එය 2002-03 කාලයේ ඇතිවූ සාර්ස් වෛරසයේ බලපෑම අභිබවනු ඇති බව ය. චීනයේ දළ දේශීය නිෂ්පාදිත වර්ධන වේගය 2019 අවසන් කාර්තුවේදී 6% ක් වුවද වෛරසයේ පැතිර යාම හේතුවෙන් 2020 පළමු කාර්තුවේ වර්ධන වේගය 4.5%…
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 දෙසැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2020 ජනවාරි මාසයේ දී සියයට 7.6 දක්වා ඉහළ ගියේ ය. ආහාර සහ ආහාර නො වන කාණ්ඩ දෙකෙහි ම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය…
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික (SLIBOR) ගණනය කිරීම සහ ප්‍රකාශයට පත් නො කිරීමට තීරණය කරන ලදී. මෙම තීරණයට එළඹීම සඳහා ප්‍රධාන වශයෙන් සැලකිල්ලට භාජනය වූ කරුණු වනුයේ දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ ණය උපකරණ සඳහා වන පදනම් මිල තීරණය…
නවතම Mahindra eKUV100 ඉලෙක්ට්‍රික් SUV මෝටර් රථය නුදුරේ දීම ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව අයිඩියල් මෝටර්ස් සමාගමේ සභාපති නලීන් වෙල්ගම මහතා පවසයි. පසුගිය දා වැලිපැන්න MILPL කර්මාන්ත ශාලා පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය. “ඉලෙක්ට්‍රික් කාරයක ප්‍රධානතම අංග දෙක වන්නේ මෝටරය සහ බැටරිය. බැටරියේ ධාරිතාව වැඩිවීමත් සමග ධාවනය කළ හැකි…
අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර ලබා දී ඇති අනුමැතිය පරිදි, කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ චීනයේ යුනාන් ග්‍රාමීය විද්‍යා හා තාක්ෂණ සේවා මධ්‍යස්ථානය අතර සහයෝගිතාවයෙන් කාර්මික තාක්ෂණ ආයතනයේ මාලබේ පිහිටි නවීන පර්යේෂණ හා සංවර්ධන සංකීර්ණයෙහි ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹ ඇත. එකී තාක්ෂණ විද්‍යාගාරය ස්ථාපිත කිරීම සඳහා මාලබේ පිහිටි නවීන පර්යේෂණ…
රථවාහන තදබදය, රිය අනතුරු, සහ ඉහළ වාහන මෙහෙයුම් පිරිවැය අවම කිරීම අරමුණු කර ගනිමින් ප්‍රමුඛතා පාලම් 23ක් තෝරාගත් ප්‍රදේශවලට සපයා සවි කිරීම සුදුසු බවට හඳුනාගෙන ඇත. මේ සඳහා ප්‍රංශයේ M/s Ellipse Projects SAS ආයතනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එකී යෝජනාව මත පදනම්ව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, යෝජනාව ඇගයීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන…
Video Story