Top News

2022 දී කොටස් වෙළෙඳපොළෙන් ආණ්ඩුවට රු. බිලියන 4 ක බදු ආදායමක්

කොටස් ගනුදෙනු සිදුකිරීමේ දී ආයෝජකයාගෙන් අදාළ ගනුදෙනුවේ වටිනාකම මෙන් 0.3%ක අය බද්දක් අයකරනු ලබයි. මෙය රජයේ බදු ආදායමකි. පසුගිය 2022 වසර තුළ දී මෙම කොටස් අය බද්ද හරහා රජය රු. බිලියන 4 ක බදු ආදායමක් ලබා ගෙන ඇති බව වාර්තා වේ. අද දෙරණ බිස්නස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව…

(0)Comments | January 13, 2023 7:18 am

ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහණපා ඇති ගැටලු පිළිබඳ ජාතික සභා අනුකාරක සභාවේ අවධානය

වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු පිළිබඳ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා විය. මේ පිළිබඳ සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී…

(0)Comments | January 13, 2023 7:17 am

පොලී තවත් බසී

ඊයේ (11) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී සියලුම පරිණත කාණ්ඩවල පොලී අනුපාතිකයන් සැලකිය යුතු පරිදි පහළ ගොස් තිබේ. දින 91 භාණ්ඩාගාර බිල්පත් පොලිය 32.01% සිට 31.15% ක් දක්වා පදනම් අංක 86 කින්, දින 182 බිල්පත් පොලිය 32.02% සිට 31.37% ක් දක්වා පදනම් අංක 65 කින් සහ දින 364 බිල්පත් පොලිය 29.16% සිට 29.04% ක් දක්වා…

(0)Comments | January 12, 2023 3:59 pm

ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව ජනපති පවසයි

මෙරට ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ පිළිබඳ ඉදිරි පියවර ගන්නා ලෙස තමා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කිංග්ස්බරි හෝටලයේ ඊයේ (11)…

(0)Comments | January 12, 2023 1:56 pm

ශ්‍රී ලංකාවේ ණය ගැන ජනපති සහ චීන එක්සිම් බැංකු සභාපතිවරයා අතර සාකච්ඡාවක්

චීනයේ අපනයන-ආනයන බැංකුවේ සභාපති Wu Fulin මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ශ්‍රී ලංකාවේ වත්මන් ණය අර්බුදය පිළිබඳ වීඩියෝ සාකච්ඡාවක් පසුගිය (10) දා පවත්වා තිබේ. ශ්‍රී ලංකාවේ ණය ගැටලු විසඳීමට අදාළව හුවමාරු සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ආර්ථික ප්‍රකෘතියට සහ තිරසාර සංවර්ධනයට උපකාර කිරීමටත් දෙපාර්ශවය එකඟ වී ඇති බව…

(0)Comments | January 12, 2023 1:37 pm

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙල තවත් පමා වන ලකුණු

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙල තවදුරටත් ප්‍රමාද විය හැකි ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව පවසයි. Standard Chartered Global Research විසින් සිදුකරන ලද නවතම ඇගයීම් වාර්තාවක මේ බව සඳහන් වේ. “IMF වැඩසටහනේ ප්‍රමාදයන් හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම 2023 අවසානය දක්වා කල් යනු ඇතැයි අපි සිතනවා“, යනුවෙන් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව සඳහන් කරයි. මෙහිදී ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව වැඩිදුරටත් මෙසේ කියා…

(0)Comments | January 12, 2023 12:20 pm

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ ජපාන ව්‍යාපාරිකයින්ගේ අවධානය

  • Ada Derana BIZ Sinhala
  • Japanese State Minister
  • President
  • sri lanka

ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය සටෝෂි ෆුජිමරු (Satoshi Fujimaru) මහතා ඇතුළු ජපාන ව්‍යාපාරිකයින් කණ්ඩායමක් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ. ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ආගන්තුක සත්කාරය සහ සංචාරක ව්‍යාපාරය, පතල් කැණීම, ශ්‍රම බලකාය පුහුණු කිරීම ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි. නව…

(0)Comments | January 12, 2023 8:26 am

කොළඹ නගර මධ්‍යයේ විවෘත වූ අලුත්ම සුපිරි හෝටලය – Courtyard by Marriott Colombo

Marriott Bonvoy හි සන්නාම 30 කින් යුත් අද්විතීය එකතුවෙහි කොටසක් වන Courtyard by Marriott, ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු හෝටලය බවට පත් කරමින්, Courtyard by Marriott Colombo විවෘත කරනු ලැබූ බව නිවේදනය කර සිටී. කොළඹ සිටි සෙන්ටර් (Colombo City Centre Mall) සාප්පු සංකීර්ණණයට යාබදව නගරයේ ව්‍යාපාරික කේන්ද්‍රික ප්‍රදේශයේ හදවත බඳු ස්ථානයක පිහිටා ඇති Courtyard…

(0)Comments | January 11, 2023 4:34 pm

ශ‍්‍රී ලංකාවේ පළමු වරට කාඩ් වෙතට මුදල් හුවමාරු කිරීම සඳහා කොමර්ෂල් බැංකු ‘Visa Direct’ සහ ‘Mastercard Send’ හඳුන්වා දෙයි

‘Visa Direct’ සහ ‘Mastercard Send’ යන කාඩ් පදනම් කරගත් කාඩ්පත් අතර මුදල් හුවමාරු කිරීමේ පහසුකම් ශ‍්‍රී ලංකාව තුළ පළමු වරට සක‍්‍රීය කරන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මෙම නවතම ඩිජිටල් පියවර මගින් කොමර්ෂල් බැංකුවේ Visa සහ Mastercard ඩෙබිට් සහ ප‍්‍රීපේඞ් කාඩ් හිමියන්ට කොමර්ෂල් බැංකුවේ ස්වයංකී‍්‍රය යන්ත‍්‍ර මගින් සහ Q+  ගෙවීමේ ඇප් පහසුකම මගින් දේශීයව…

(0)Comments | January 11, 2023 1:22 pm

ඇල්ල සංවර්ධනයට ඒකාබද්ධ පොදු සැලැස්මක්

  • Ada Derana BIZ Sinhala
  • Bandula Gunawardena
  • Ella Tourism Zone
  • Railway Department
  • Road Development Authority
  • sri lanka
  • Urban Development Authority

ඇල්ල සංචාරක කලාපයේ ඉදිරි සංවර්ධන කටයුතු උදෙසා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කටයුතු කරමින් පොදු සැලසුමක් යටතේ කටයුතු කළ යුතු බව රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ  ඇල්ල සංවර්ධන වැඩසටහන පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී තවදුරටත්…

(0)Comments | January 11, 2023 1:16 pm