Top News

ආනයනය කරනු ලබන කිරිපිටි පරිභෝජනයට සුදුසුයි; වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ චෝදනා පදනම් විරහිතයි – කිරිපිටි ආනයනකරුවෝ කියති

• ආනයනය කරනු ලබන කිරිපිටි සම්බන්ධයෙන් මෑතක සිට නැගෙන චෝදනා පදනම් විරහිත වන අතර ඒවා පෝෂ්‍යදායී නිෂ්පාදනයක් සම්බන්ධයෙන් ජනතාව අතර අනවශ්‍ය බියක් ඇතිකරවනසුලූ ය. • කිරිපිටි පරිභෝජනයෙන් පිළිකා හෝ වෙනත් රෝග ඇති නොවේ. ලොව කිසිදු සෞඛ්‍ය ආයතනයක් කිරිපිටි සහ පිළිකා අතර සම්බන්ධයන් ඇති බවට විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කර නැත. • පාරිභෝගික සේවා අධිකාරිය මගින් 2019…

(0)Comments | January 23, 2020 10:20 am

වෝහාරික විගණන 5ක වියදම රු. මිලියන 275 ක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලද වෝහාරික විගණන හයෙන් වෝහාරික විගණන පහක් දැනට අවසන් කර ඇති බවත් එසේ සම්පූර්ණ කරන ලද වෝහාරික විගණන 5 සඳහා වැය කළ පිරිවැය රුපියල් මිලියන 275 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ පවසයි….

(0)Comments | January 23, 2020 6:00 am

2019 දෙසැම්බරයේ දී උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)   ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 නොවැම්බර් මාසයේ පැවති සියයට 4.1 හි සිට 2019 දෙසැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ යන ලදී. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් සහ 2018 දෙසැම්බර් මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා…

(0)Comments | January 22, 2020 8:22 am

සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා පත් කර තිබේ. මීට පෙර පසුගිය දෙසැම්බර් 03 දින සුරැකුම්පත් හා විනිමය කොමිසමේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා පත්කර තිබුණි. ඒ එතෙක් සභාපතිවරයා ලෙසින් කටයුතු කළ රනෙල් ටී. විජේසිංහ මහතාගේ ඉල්ලා…

(0)Comments | January 21, 2020 6:22 pm

කබ්රාල් ට අලුත් තනතුරක්

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති “අපි වෙනුවෙන් අපි” අරමුදලේ ආරක්ෂක විෂයභාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයෙකු වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කොට ඇත. කබ්රාල් මහතා වර්තමානයේ අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස සේවය කරන අතර, 2006 සිට 2014 දක්වා මහ බැංකු අධිපති වශයෙන්ද, ඊට පෙර සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද සේවය කොට ඇත.

(0)Comments | January 21, 2020 2:56 pm

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව සියලු මන්ත්‍රීන් අතට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධව වූ “වෝහාරික විගණන වාර්තාව” අද (21) දින සභාගත කිරීම යෝග්‍ය බවට කථානායක කරු ජයසූරිය මහතා පවසයි. මේ පිළිබඳව කථානායකවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටී. පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාව‍ වෙත මේ වන විට ලැබී ඇති, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 වර්ෂයේදී සිදු කරන…

(0)Comments | January 21, 2020 2:31 pm

බදු සහන ඇතුළත් දේශීය ආදායම් පනත් සංශෝධනයට කැබිනට් අනුමැතිය

සරල, විනිවිද පෙනෙන හා කාර්යක්ෂම බදු ක්‍රමයක් යළි නිර්මාණය කරන බවට රජය විසින් ලබාදුන් පොරොන්දු ඉටුකරමින් දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. නව රජය බලයට පත්වීමෙන් පසුව පැවැති මුල්ම අමාත්‍ය මණ්ඩල රැස්වීමට ආර්ථික පුනර්ජීවනය ආරම්භ කිරීම…

(0)Comments | January 21, 2020 2:21 pm

තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනයේ දී සහ රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයේ දී එක්සත් ජාතීන්ගේ සහාය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය ප්‍රසාදය පළ කරයි. පසුගිය දා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමු වූ හැනා සිංගර් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය. දිළිදුබව පිටුදැකීම, කාලගුණික විපර්යාස, රජයේ ආයතන ඩිජිටල්කරණය, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලුව කළමනාකරණය කිරීම ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡාවට ලක් කෙරිණි. දිළිඳුකම පිටුදැකීම රජයේ ප්‍රධාන අරමුණකි….

(0)Comments | January 21, 2020 11:38 am

ණය සහන පැකේජයේ ප්‍රතිලාභ ලබන්න, ජනවාරි 31ට පෙර බැංකුවට කියන්න

පසුගිය වසර කිහිපයෙහි පවත්වාගෙන යනු ලැබූ සංකීර්ණ බදු ප්‍රතිපත්තිය හා බැංකු නීති රීති හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටීමකට ලක් වූ අතර රජයේ නව ප්‍රතිපත්ති රාමුව වන ‘සෞභාග්‍යයේ දැක්ම‘ අනුව  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය නංවාලීමට විශේෂ යෝජනා මාලාවක් ක්‍රියාවට නංවා ඇත. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ක්‍රියාවට නංවමින් හඳුන්වා දී ඇති මෙම ණය…

(0)Comments | January 20, 2020 6:09 pm

කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති

කඩා වැටී ඇති කොළඹ කොටස් වෙළෙඳපොළ  නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින්  රජය මැදිහත් වන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද (20) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙදපොල තැරැව්කාර සමාගම් නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී අග‍්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කලේය. පසුගිය වසර හතර හමාරක කාලය තුළ දී කොළඹ කොටස් වෙළඳපොළ බරපතළ ලෙස කඩා වැටීමට ලක්වී ඇති…

(0)Comments | January 20, 2020 4:50 pm