Top News

කැරට් 22ට වැඩි රන් ආභරණ පැළඳ ඒම සීමා කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්

රත්‍රං ජාවාරම වැළැක්වීම සඳහා කැරට් 22ට වැඩි රත්‍රං, ආභරණ ලෙස ගෙන ඒම සීමා කරමින් අංක 2312/77 දරණ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිංයඹලාපිටිය මහතා පවසයි. මීට පෙර අවස්ථාවක දී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ජාවාරම් කිරීමේ අරමුණෙන් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළැඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් මසකට අමෙරිකානු…

(0)Comments | January 5, 2023 2:02 pm
  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • Economy
  • sri lanka

ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම 2023 දෙවන භාගයේ සිට – මහ බැංකුව කියයි

ශ්‍රී ලංකා ආර්ථිකය 2022 වසරේ දී සියයට 8.0කින් පමණ මූර්ත වශයෙන් සංකෝචනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත්, 2023 වසරේ දෙවන භාගයේ සිට ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වී ඉන් ඉදිරියට වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2023 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති ප්‍රකාශයට…

(0)Comments | January 5, 2023 9:41 am

ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කිරීමට ඉන්දියාවේ සහාය

  • Ada Derana BIZ Sinhala
  • India
  • liquid milk
  • milk products
  • sri lanka

ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ඉන්දියානු රජයේ සහාය ලබාදීමට එකඟතාව පළ කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු නියෝජිත පිරිස අතර ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය. ඒ අනුව ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (NDDB) හා අමුල් (Amul)…

(0)Comments | January 5, 2023 9:41 am

මහ බැංකුවේ අපේක්ෂාව: IMF පහසුකම 2023 මුල් කාලයේ දී

  • අවප්‍රමාණය
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
  • මහ බැංකුව
  • ශ්‍රී ලංකා
  • සාර්ව ආර්ථික

ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ සිදු කළ සාකච්ඡා සම්බන්ධ දැනට ලබා ඇති සැලකිය යුතු ප්‍රගතියත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන පහසුකම 2023 වසරේ මුල් කාලයේ දී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2023 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේ පිළිබඳව…

(0)Comments | January 5, 2023 7:53 am

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂයට අඩු බැංකු පොලී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කෙරේ 

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • withholding tax

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂයට අඩු බැංකු පොලී ආදායම රඳවා ගැනීමේ බද්දට යටත් නොකර සිටිමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම රඳවා ගැනීම හේතුවෙන් ඔවුන් පත්වන අපහසුතා පිළිබඳ කරුණු අනාවරණය වීමෙන් පසු මෙම තීරණය ගත් බවයි. “බැංකු තැන්පතු මත ලැබෙන මාසික පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා වැඩි…

(0)Comments | January 4, 2023 5:02 pm

ඩේවිඩ් කැමරන් කොළඹ වරාය නගරයේ සංචාරයක

  • Ada Derana BIZ Sinhala
  • colombo
  • David Cameron
  • Port City
  • sri lanka
  • visits

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රී ලංකාවේ සිදු කළ පෞද්ගලික සංචාරයක් අතරතුර කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැරඹීමට පැමිණියේ ය. කැමරන් මහතා කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජික රෙයාස් මිහිලර්, නීති හා ආයතනික කටයුතු අධ්‍යක්ෂ වින්ධ්‍යා වීරසේකර සහ CHEC Port City Colombo (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ යන්ග් ලූ යන මහත්ම මහත්මීන් සමඟ මෙම ව්‍යාපෘතියේ…

(0)Comments | January 4, 2023 5:00 pm

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව තුළින් විදුලිය නිෂ්පාදනය දිරිමත් කිරීමට බදු සහන

  • Ada Derana BIZ Sinhala
  • Invertors
  • sri lanka

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව තුළින් විදුලිය නිෂ්පාදනය කිරීම දිරිමත් කෙරේ. ඒ අනුව එමගින් විදුලිය උත්පාදනය කිරීමට අවශ්‍ය Invertors වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්දෙන් නිදහස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් නිකුත් කරන ලද 2312/67 ගැසට් නිවේදනය මගින් මෙම බදු නිදහස් කිරීම සිදු කර තිබේ. ඒ අනුව HS…

(0)Comments | January 4, 2023 3:26 pm

2022 දී රුපියල බාල්දු වුණේ මෙහෙමයි

2022 වසරේ දෙසැම්බර් 30 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.8කින් අවප්‍රමාණය විය. අනෙකුත් විදෙස් ව්‍යවහාර මුදල් ඒකකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යූරෝවලට සාපේක්ෂව සියයට 41.4කින්, ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 38.6කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 38.1කින් සහ ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට…

(0)Comments | January 4, 2023 1:53 pm

වැඩිම සිගරැට්ටුවේ මිල රු. 120 ක්. සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

ලංකා දුම්කොළ සමාගම විසින් මෙරට අලෙවි කරනු ලබන එක් එක් දුම්වැටි වර්ගයන් හි නවතම මිල ගණන් නිවේදනය කර සිටී. ඒ අනුව අද සිට එක් එක් සන්නාමයන්ගෙන් වෙළෙඳපොළට නිකුත් කෙරෙන දුම්වැටිවල සිල්ලර මිල ගණන් පහත පරිදි අද සිට සංශෝධනය වනු ඇත. ඊට අනුව වැඩිම මිලට අනුව අලෙවි කෙරෙන දුම්වැටි 20 කින් යුතු පැකට්ටුවක මිල රු. 2,400…

(0)Comments | January 4, 2023 12:40 pm

විදුලි බිල වැඩි කිරීම IMF කොන්දේසියක් – ඇමති නිමල් සිරිපාල

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලක් මෙරට රජයෙන් ඉල්ලා ඇති බව වරාය නාවික හා සිවිල් ගුවන් සේවා ආමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ අද වනවිට විදුලි බිල වැඩි කිරීමට සිදුව ඇත්තේ ද මෙම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් විසින් පනවා ඇති මෙම කොන්දේසි නිසා බවයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ…

(0)Comments | January 4, 2023 11:48 am