පසුගිය ජනවාරි මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 82,327 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. එහිදී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එය 13,478 කි. එසේම ඉන්දියාවෙන් 11,751 ක්, යුක්‍රේනයෙන් 7,774 ක්, එක්සත් රාජධානියෙන් 7,442 ක් සහා ජර්මනියෙන් 5,339 ක් වශයෙන් ජනවාරි මාසය තුළ වැඩිම සංචාරකයින්…
කොමර්ෂල් බැංකුවේ විශාලතම විදේශීය බැංකු මෙහෙයුම වන බංග්ලාදේශ කොමර්ෂල් බැංකුව 2021 වසර අවසන් වනවිට ‘බංග්ලාදේශයේ වඩාත්ම තිරසාර බැංකුව’ ලෙස සම්මානයට ලක්වී තිබේ. මීට අමතරව, බංග්ලාදේශ කොමර්ෂල් බැංකුව 2021 වසරේදී ස්වාධීන ආයතන දෙකක් විසින් බංග්ලාදේශය තුළ ක‍්‍රියාත්මක ‘හොඳම විදේශීය බැංකුව’ ලෙස තෝරාගෙන තිබෙන අතරම තවදුරටත් ‘AAA’ ණය වර්ගීකරණය එලෙසම පවත්වාගැනීමට සමත්වී ඇත. කොමර්ෂල් බැංකුවට ‘බංග්ලාදේශයේ වඩාත්ම…
එයාර්ටෙල් ලංකා සමාගම මෙරට තුළ වාර්තා වූ ඉහළම අන්තර්ජාල වේගය වාර්තා කරමින් වාණිජ ජාලයක් හරහා සජීවී 5G අත්හදා බැලීම් සිදු කරන ලදී. 1.9 Gbps කට වඩා වැඩි වේගයක් තුළින් 5G වෙනුවෙන් වන සිය සූදානම ප‍්‍රදර්ශනය කිරීමට එයාර්ටෙල් ලංකා සමාගමට හැකි විය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී අශීෂ් චන්ද්‍රා මහතා සඳහන්…
අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක ජාතික අපනයන සන්නාම සංවර්ධනය, නව අපනයනකරුවන් සංවර්ධනය සහ වෙළඳපළ ප්‍රවේශ සහාය පිළිබඳ ආධාර වැඩසටහන් යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් වෙත චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය වෙළඳ අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගිය 28 වන දින JAIC හිල්ටන් හෝටලයේ පැවති උත්සවයකදී සිදුකරන ලදී. ජාතික අපනයන සන්නාම සංවර්ධන වැඩසටහන 2021-2024 ශ්‍රී ලංකා අපනයන සංවර්ධන…
2020/2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2,000ට වඩා බදු අය කළ හැකි ආදායමක් උපයන තැනැත්තන් හෝ සමාගම් මත එක් වරක් පමණක් අය කෙරෙන 25%ක අධිභාර බද්දක් පැනවීමට 2022 අයවැය මඟින් යෝජනා කරන ලදී. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද අධිභාර බදු පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ…
සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් 2022 ජූලි මාසය දක්වා සපයා ගැනීම පිණිස මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති අතර, ඉන් පසු එළඹෙන කාලසීමාව සඳහා අවශ්‍ය බොරතෙල් සපයා ගැනීමට අදාළ කටයුතු සිදු කළ යුතුව තිබේ. මෙම පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් සැපයීම පිණිස සයිප්‍රසයේ Terra Navis Group විසින් නොකැඳවූ යෝජනාවක් ඉදිරිපත් කර ඇත. දින 180ක…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 12.1හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 14.2 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 6.0හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 6.9 දක්වා…
ශ්රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබමින් පවතින බැංකු නොවන මූල්‍ය ආයතන ඒකබද්ධ කිරීම සඳහා වන වැඩපිළිවෙල යටතේ (ඒකාබද්ධකරණ වැඩපිළිවෙල), පහත සමාගම් 9 විසින් දැනටමත් රුපියල් බිලියන 12.56ක් වූ නව ප්‍රාග්ධනය නියාමන ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට හඳුන්වා දී ඇත: සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් පී එල් සී , ඩයලොග් ෆයිනෑන්ස් පී එල් සී, ඒෂියා ඇසෙට් ෆයිනෑන්ස් පී…
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා එක්වන මෙරට හමුදා සෙබලුන්ට ගෙවීම් කරනු ලබන්නේ ඇමරිකානු ඩොලර්වලින් බවත්, එය දැනට රටේ පවතින විදේශ විනිමය අර්බුදය මඟ හරවා ගැනීම සඳහා යම්කිසි ආකාරයකින් හෝ සහයෝගයක් ලබා දෙනු ඇති බවත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා පිටත්ව යන සාම සාධක කණ්ඩායම…
විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ ‘හමුවීම් වෙන්කරවා ගැනීමේ පද්ධතිය’ සඳහා 1919 ඇමතුම් මධ්‍යස්ථාන සේවා ස්ථාපිත කිරීම කොන්සියුලර් කටයුතු අංශයේ ක්‍රියාපටිපාටිය විධිමත් කිරීම සහ එම අංශයට දිනපතා පැමිණෙන මහජනතාවට සහය වීම යන අරමුණු කේන්ද්‍ර කරගනිමින්, දැනට යොදා ගන්නා පුද්ගලිකව පැමිණ සේවා ලබාගැනීමේ ක්‍රමයට අමතරව, විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතිය (eDAS) මගින් තම සහතික/ලේඛන සත්‍යාපනය කරගැනීමට කැමති…
Video Story