2022 වසරේ දී වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඩොලර් බිලියන 20 ක ආදායමක් බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (28) දින පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම් ඉලක්කය ඩොලර් බිලියන 15 ක් බවයි. 2021 වසරේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඩොලර් බිලියන 15.1ක ආදායමක් වාර්තා කිරීමට සමත් වූ බව වෙළෙඳ අමාත්‍යවරයා සඳහන්…
2021 වසරේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයා ගෙන ඇති අතර එය 2020 වසරේ උපයන ලද ඇමරිකානු ඩොලර් බිලියන 12.34 හා සසඳන විට 23% ක වර්ධනයකි. ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේ දී භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 12ක සීමාව පසු කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 12.5 උපයන ලදි. එය 2021…
එළඹෙන සතියේ දී රජය විසින් ‘වැඩ ලක්ෂයක‘ ව්‍යාපෘතීන් ආරම්භ කරනු ලබන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (28) දිනයේ දී මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය. “පැහැදිලිවම අපිට සෞභාග්‍ය දැක්මේ අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල යථාර්ථයක් කරන්න අපි කටයුතු කරනවා. ලබන සතිය වෙන කොට ‘වැඩ ලක්ෂයක්‘, පෙබරවාරි 03 වෙනිදා ‘වැඩ ලක්ෂයක්‘ අයවැය ලේඛනයෙන්…
කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසින් ශ්‍රී ලංකා සහ යුක්රේන වාණිජ මණ්ඩල දෙකෙහි සාමාජිකයින් අතර ව්‍යාපාර ජාලකරණ සහ ව්‍යාපාරාන්තර ගැළපුම් සැසියක් 2022 ජනවාරි මස 20 වන දින ආරම්භ කරන ලදී. මෙය පසුගිය වසරේ රාජ්‍ය අමාත්‍යවරයාගේ යුක්රේන සංචාරයෙන් අනතුරුව පවත්වන පසු විපරම් වැඩසටහනකි. වැඩසටහනට සම්බන්ධ වූ පිරිස අමතමින් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සංචාරක,…
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි දැවැන්ත කඩා වැටීමක් අද (27) දිනයේ දී වාර්තා විය. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,885.70 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 180.05 ක පහළ යාමකි. සියලු කොටස් මිල දර්ශක අගය 2021 ජනවාරි 04 දිනෙන් පසු පළමු වරට ඒකක 13,000 සීමාවෙන් මෙපිටට පැමිණි අවස්ථාව…
2021 වසරේ නොවැම්බර් මාසයේ දී පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම 2020 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව සියයට 19.7කින් ඉහළ ගිය අතර, පෞද්ගලික භාවිතය සඳහා වන මෝටර් රථ ආනයනය කිරීම සැලකිය යුතු ලෙස අඩු වීම මධ්‍යයේ වුව ද, ආහාර හා ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම ඉහළ යෑම ඒ සඳහා හේතු විය. බෙහෙත් සහ ඖෂධීය නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන්…
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගම් කිහිපයක් විසින් මේ වන විට 2021 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශන නිකුත් කර තිබේ. එම ප්‍රතිඵලවලට අනුව ඉතා සාර්ථක කාර්යසාධනයක් වාර්තා කිරීමට එම සමාගම් සමත්ව ඇත. සිංගර් ෆිනෑන්ස් සමාගම රු. මිලියන 187.54 ක බදු පසු ලාභයක් වාර්තා කර තිබේ. එය 2020 වසරේ අදාළ කාර්තුවෙහි අගය…
2021 වසරේ නොවැම්බර් මාසයේ දී මෙරටට ආනයනය කර ඇති සීනි හා රසකැවිලි සඳහා දරා ඇති වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 30.6 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2020 වසරේ නොවැම්බර් මාසයේ සීනි හා රසකැවිලි ආනයනික වියදම වූ ඩොලර් මිලියන 14 හා සැසඳීමේ දී 118.4% ක ඉහළ යාමකි. මේ අතර 2021 ජනවාරි – නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ මෙරටට…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගමක් වන Dipped Products PLC සිය නිෂ්පාදන ධාරිතාව තවදුරටත් පුළුල් කරමින් නවතම නිෂ්පාදන කර්මාන්ත ශාලා 2ක් පසුගිය දා විවෘත කරන ලදී. හේලීස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ සහ සම සභාපති ධම්මික පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කර්මාන්තශාලා නිල වශයෙන් විවෘත කෙරුණි. Electrician glove plant E2 සහ supported glove plant J2 මෙලෙස විවෘත…
2021 වසරේ ඔක්තෝබර් මාසයේ වාර්තා වූ 22,771 ක සංචාරක පැමිණීම් ප්‍රමාණයට සාපේක්ෂ, 2021 වසරේ නොවැම්බර් මාසයේ දී පැමිණි සංචාරකයින් ප්‍රමාණය 44,294 ක් ලෙස වාර්තා විය. 2020 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ පැමිණි මුළු සංචාරක පැමිණීම් 507,311ක ප්‍රමාණයට සාපේක්ෂව 2021 වසරේ නොවැම්බර් මාසය දක්වා වූ මාස 11 තුළ පැමිණි මුළු සංචාරක පැමිණීම් ප්‍රමාණය 104,989ක් ලෙස වාර්තා විය….
Video Story