2022 වර්ෂයේ වියදම් පාලනය සම්බන්ධයෙන් වූ අයවැය යෝජනා 5.4 වියදම් කළමනාකරණ යෝජනා යටතේ රාජ්‍ය ආයතනවල දුරකතන වියදම් සියයට 25කින් කපාහැරීමට තීරණය කර ඇත. ඒ අනුව රජයේ නිලධාරීන්ට සන්නිවේදන පහසුකම් සැපයීමහ හා බිල්පත් පියවීම සඳහා දෙනු ලබන දීමනාවන් සම්බන්ධයෙන් චක්‍රලේඛයක් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. ඊට අනුව උපරිම වියදම් සීමා දැක්වෙන චක්‍රලේඛය පහතින් දැක්වේ.
මැලේසියාව සඳහා අභිනවයෙන් පත්කරන ලද ශ්‍රී ලංකා මහ කොමසාරිස්, එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මහතා 2022 ජනවාරි මස 27 වන දින ක්වාලාලම්පූර් හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු භාරගත්තේය. මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද චාම් වූත් අලංකාර වූත් උත්සවයකින් මෙම රාජකාරී ඇරඹීම සනිටුහන් විය….
“ශ්‍රී ලංකා කුරුඳු” ශ්‍රී ලංකාවේ GI සහතිකයක් ලබාගත් පළමු වෙළඳ භාණ්ඩයයි ඓතිහාසික මොහොතක් සනිටුහන් කරමින්, 2022 පෙබරවාරි 2 වන දින යුරෝපීය කොමිසම විසින් “ශ්‍රී ලංකා කුරුඳු” සඳහා ප්‍රථම වරට භූගෝලීය දර්ශක (GI) සහතිකය ප්‍රදානය කර ඇත. මෙය දශකයකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශ්වකරුවන් රැසකගේ සහය සහ…
ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් ලබා ගැනීම සඳහා පකිස්තානය සමඟ සාකච්ඡා කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසමින් පවතින බව භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා උපුටා දක්වමින් මෙරට ප්‍රධාන ධාරාවේ දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් අනාවරණය කර සිටී. මෙම ණය පහසුකම තුළින් පකිස්තානයෙන් සහල් සහ සිමෙන්ති ආනයනයට කටයුතු කෙරෙන අතර රාජ්‍ය වාණිජ (විවිධ)…
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම සමීක්ෂණ වාර්තාවක් එළිදක්වා තිබේ. 2020 කොවිඩ් පළමු රැල්ල විසින් මෙරට වැඩ කරන ජනතාවට සිදුකරන ලද බලපෑම එමගින් නිරීක්ෂණය කර ඇත. එම වාර්තාවට අනුව වැටුප් ලබන සේවකයින්ගෙන් සියයට 7කට සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ රැකියා අහිමිව ගිය බව කියැවේ. මේ අතර කෘෂි අංශයේ ස්වයං රැකියාවන් හි නිරතවන්නන්ගෙන් 64.3% ක් සාමාන්‍ය පරිදි ඔවුන්ගේ ආර්ථික…
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන පිළිබඳ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අමාත්‍යවරයා රුසියාවේ පවත්නා අවස්ථා ගවේෂණය කරයි රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදන පිළිබඳ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් සමඟ 2022 ජනවාරි 24 වැනි දින රුසියානු ජාත්‍යන්තර සහයෝගිතා සංගමය…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වර්ෂය අවසානයේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්වෙමින් රක්ෂණයේ දැවැන්තයා ලෙස සිය ආධිපත්‍ය තවදුරටත් තහවුරු කරගැනීමට සමත්ව තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ වෙළඳපලේ ප්‍රමුඛතම සන්නාමය වන “ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්” මෙවරද මෝටර් රථ රක්‍ෂණ වෙළෙඳපොළේ ප්‍රමුඛයා බවට පත්ව තිබේ. සාමාන්‍ය රක්ෂණ වෙළඳපල තුල ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 21.73%…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (02) දිනයේ දී දැවැන්ත කඩා වැටීමකට ලක්විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 338.10 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 151.39 කින් පහළ යන ලදී. එය පිළිවෙලින් 2.62% ක හා 3.48% ක පරිහානියකි. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,584.02 ක් හා…
රටේ සංවර්ධන ක්‍රියාවලිය අධික්ෂණය සඳහා විද්වත් වෘත්තිකයින්ගේ සහය අත්‍යවශ්‍ය බවත්, ඉදිරියටත් විද්වත් වෘත්තිකයින්ගේ සහයෝගය රටේ සංවර්ධනය සඳහා රජය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධානයේ (OPA) නව නිලධාරී මණ්ඩලය අරලියගහ මන්දිරයේ දී අද (02) පස්වරුවේ හමුවූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා විද්වත්…
Expolanka Holdings සිය භාණ්ඩ ප‍්‍රවාහන අංශයේ විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කරමින් 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස තුන තුළ සමාගම මෙතෙක් වාර්තා කරන ලද ශක්තිමත්ම තුන්වන කාර්තුමය ප‍්‍රතිඵල වාර්තා කිරීමට සමත් විය. 2020 මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුව හා සසඳන විට Expolanka සමූහය රුපියල් බිලියන 204.9ක ආදායමක් වාර්තා කළ අතර එය 2020 වසරට සාපේක්ෂව 254%ක කැපී…
Video Story