කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් ඓතිහාසික මංසලකුණක් සනිටුහන් කරමින් ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාව අද (24) දිනයේ දී ඉක්මවා යන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,070.68 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 119.45 ක ඉහළ යාමකි. මේ අතර…
පසුගියදා කලාපීය වැවිලි සමාගම් (RPCs) විසින් පාලනය කරනු ලබන වතු බලහත්කාරයෙන් සහ නීතිවිරෝධී ලෙස අත්පත් කරගැනීමේ සිදුවීම ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) දැඩි ලෙස හෙළා දකින අතර මේ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසත් RPC වතුවල නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙසත් රජයෙන් සහ නීතිය ක‍්‍රියාත්මක කරන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී. 2021 දෙසැම්බර් 6 වන දින සිදු වූ මෙම…
DFCC බැංකුව, ජාතික අපනයන මණ්ඩලය සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේ ය. ඒ අනුව මින් ඉදිරියට ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ ක්‍රමෝපායික හවුල්කරුවෙකු ලෙස කටයුතු කරමින්, එම මණ්ඩලයේ සාමාජිකයන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා පුළුල් පරාසයක පැතිරුණු මූල්‍ය සැලසුම් හා සේවාවන් එකතුවක් පිරිනැමීමට DFCC බැංකුව කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය යනු…
ටෝකියෝ සිමෙන්ති සමූහයට අයත් කොළඹ වරාය පර්යන්තයේ පිහිටි ධාරිතාවය පුළුල් කරන ලද නවතම සිමෙන්ති තොග ගබඩා සහ බෙදාහැරීමේ මෙහෙයුම් සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය නොබෝදා පැවැත්විනි. ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා විසින් සිදුකල රුපියල් බිලියන 2.5 ක ආයෝජන ව්‍යාපෘතියක කූටප්‍රාප්තිය සටහන් කල මෙම උත්සවය, ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම් මහතා සහ විධායක අධ්‍යක්ෂ…
SLAEA හි 39 වන වාර්ෂික මහා සභා රැස්වීමේදී නව විධායක කමිටුව තෝරාපත් කරගනී ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය කොවිඞ් වසංගතය මගින් එල්ල කරන ලද අභියෝගවලට එරෙහිව නැගී සිටි අතර එම බාධාවන් ජය ගැනීමට ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලූ පාර්ශවකරුවන් සහයෝගයෙන් කටයුතු කරන්නේ නම් කර්මාන්තය තවදුරටත් රටේ ආර්ථිකයට දායක විය හැකි තත්වයට නගා සිටුවිය බව ඇඟළුම් අපනයනකරුවන් පෙන්වා දෙයි….
මූලික මහජන කොටස් නිකුතුවක දී රැස්කරන මුළු අරමුදල් ප්‍රමාණය රු. බිලියන 3 කට වඩා අඩු නම් කොටස් බෙදාහැරීමේ දී කොටස්වලින් 40% ක් සුළු පරිමාණ ආයෝජකයින්ටත් 10% ක ප්‍රමාණයක් ඒකක භාර වෙතත් ලබා දීම අනිවාර්ය කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව දැනුම් දී සිටී. ට්විටර් සටහනක්…
තේ වැවිලි කර්මාන්තයේ නිරත මෙරට ප්‍රමුඛතම වැවිලි සමාගම් දෙකක් වන උඩපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හා හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීඑල්සී යන සමාගම් දෙකෙහි 90% බැගින් වන කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීම සඳහා ගිවිසුමකට එළඹි බව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී නිවේදනය කර සිටී. අද (23) දින කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පවසන්නේ මේ සඳහා ආයෝජනය කරනු…
2021 වසර අවසානය වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 3කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දී සිටී. මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ,
ඩිජිටල් තාක්ෂණ හැකියාව වර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කෙරේ. Lighting Digital Capacity Building Drive ලෙස නම්කර ඇති මෙම වැඩපිළිවල ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් දියත්කෙරිණි. පුළුල් වැඩපිළිවලක් මගින් රටෙහි ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම මෙමගින් අපේක්ෂා කරයි. මෙයට සමගාමීව, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය, රාජ්‍ය අංශය සහ පුරවැසියන්ගේ ඩිජිටල් භාවිතාව පුළුල් ලෙස වර්ධනය කිරීම…
මෙරට ලැයිස්තුගත සමාගමක් වන ලංකා IOC සමාගමේ කොටසක මිල අද දිනයේ දී 32.59% ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කරන ලදී. මේ අනුව ඊයේ (21) දිනයේ දී රු. 49.10 ක් ලෙසින් සටහන් වූ ලංකා IOC කොටසක මිල අද (22) දිනයේ ගනුදෙනු අවසානයේ දී රු. 65.10 ක් ලෙසින් සටහන් වූ අතර මෙය රු. 16.00 ක වැඩි වීමකි….
Video Story