Top News

අලාභ වසාගන්න ලංකා IOC ඉන්ධන මිල ඉහළ දමයි

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. මෙහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 9 කින් වැඩි කර ඇති අතර ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රු. 126 ක් වේ. මේ අතර රු. 95 ක්ව පැවති ඩීසල් ලීටරයක් රු. 5…

(0)Comments | March 24, 2018 11:33 am

සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත සම්මතයි

සක්‍රීය බැරකම් කළමණාකරණය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (23) සංශෝධන සහිතව සම්මත විය. සක්‍රීය බැරකම් කළමණාකරණය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීම වෙනුවෙන් විද්‍යුත් ඡන්ද ක්‍රමය යටතේ සිදුකළ ඡන්ද විමසීමේදී සිදුවූ තාක්ෂණික දෝෂයක් ‍හේතුවෙන් එම ඡන්ද විමසීම අවලංගු කර නැවත ඡන්ද විමසීම සිදුකිරීමට කතානායක කරූ ජයසූරිය මහතා පියවර ගත්තේය. විද්‍යුත් ක්‍රමය යටතේ සිදුකළ ඡන්ද…

(0)Comments | March 23, 2018 11:32 pm

මඩකළපුව ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා සඳහා 25 දින සිට විවෘතයි

රජය විසින් රට තුළ අභ්‍යන්තර ගුවන් සේවා ප්‍රචලිත කිරීම හා නැගෙනහිර පළාතේ දේශිය හා විදේශීය සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමේ අරමුණ ඇතුව මඩකළපුව අභ්‍යන්තර ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා අධිකාරියට පැවරීමෙන් අනතුරුව, ගුවන් යානා මෙහෙයුම් හා සේවා කටයුතු ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් මාර්තු 25 වෙනි ඉරුදින ආරම්භ කිරීමට නියමිතය. 1958 වසරේ නොවැම්බර් මස 17 වන දින සිවිල් ගුවන්…

(0)Comments | March 23, 2018 10:49 am

ශ්‍රී ලංකාවට පොහොර දෙන ජාත්‍යන්තර සැපයුම්කරුවන් මෙන්න

2018 යල කන්නයේ වී වගාව සඳහා, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම (කොමර්ෂල් පොහොර) මඟින් බෙදා හැරීමට අවශ්‍ය රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන් වෙතින් මිල ගණන් කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත්…

(0)Comments | March 22, 2018 1:36 pm

ඖෂධ වෙළඳ නාමය වෙනුවට ඖෂධ නාමයෙන් හඳුන්වන ක්‍රමයක්

සියලු පෞද්ගලික රෝහල්වල මිල පාලනයක් ඇති කිරීමට කටයුතු කරන බවත් ඉදිරියේ දී රෝගීන්ට ලබාදෙන ඖෂධ වෙළඳ නාමය වෙනුවට ඖෂධ නාමයෙන් සඳහන් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසී ය. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග පිළිබඳව…

(0)Comments | March 22, 2018 1:12 pm

ලංකා, මහජන බැංකුවලින් ඩොලර් මිලියන 300 ක් සම්පාදනයට කැබිනට් අනුමැතිය

2018 අයවැය මඟින් යෝජනා කරන ලද පරිදි, 2018 වර්ෂය සඳහා රජයේ උපරිම ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 1,895 කි. විදේශ ණය ආපසු ගෙවීම සහ ණය සේවාකරණය සඳහා වසරේ මුල් කාර්තුව තුළ ඇමරිකානු ඩොලර් මිලියන 732ක් පමණ අවශ්‍ය වන බව ඇස්තමේන්තුගත කර තිබේ. දැනට පවතින ගෝලීය තත්ත්වයන් අනුව ඉදිරියේදී අඩු පිරිවැයක් සහිත අරමුදල් සම්පාදනය කිරීමේදී ඇති…

(0)Comments | March 22, 2018 1:08 pm

කාන්තාවන් දිරිගන්වන්න ‘සෙංකඩගල‘ ට ඩොලර් මිලියන 15 ක්

ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවයෙන් (IFC) එක්සත් ජනපද ඩොලර් මිලියන 15 ක ණය මුදලක් ලබා ගැනීම සඳහා වූ ගිවිසුමකට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී එළඹ තිබේ. මෙරට කාන්තා ව්‍යවසායිකාවන් වෙනුවෙන් මෙම ණය මුදල සඳහා වූ ගිවිසුමට එළඹි බව සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.

(0)Comments | March 22, 2018 11:33 am

ආහාර මිල පහළට – උද්ධමනය පසුබසී

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික  මිල දර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය,  ලක්ෂ්‍යමය පදනම මත 2018 ජනවාරි මාසයේ පැවති සියයට 5.4 ට සාපේක්ෂව 2018 පෙබරවාරි මාසයේ දී සියයට 3.2 ක් දක්වා පහළ ගියේය. මේ සඳහා 2017 පෙබරවාරි මාසයේ දී පැවති ඉහළ පදනම් අගය මෙන්ම 2018 පෙබරවාරි මාසයේ දී පැවති…

(0)Comments | March 22, 2018 11:15 am

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපති රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපති ලුසිල් විජයවර්ධන මහතා වැඩ භාර ගැනීම ඊයේ (21) ශ්‍රී ලංකා තේ මණ්ඩලයේදී සිදු විය. එම අවස්ථාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා , වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ.රංජිත් මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.

(0)Comments | March 22, 2018 10:48 am

විදෙස් සමාගමක් මෙරට දේපළ සංවර්ධන සමාගමක අයිතිය මිල දී ගනී

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉඩම් හා දේපළ කාණ්ඩය යටතේ ලැයිස්තුගත සමාගමක් වන Serendib Engineering Group PLC සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය අද (21) දින විකුණා දමා තිබේ. එහි 76% ක කොටස් අයිතිය පැවතියේ Navara Capital Limited සතුවය. අද දිනයේ දී Navara Capital Limited සතුව තිබූ Serendib Engineering Group PLC හි කොටස් 24,288,000 ක් රු. 8.20 බැගින් අලෙවි…

(0)Comments | March 21, 2018 5:41 pm