2021 අගෝස්තු 16 වන දින සිට ක්රියාත්මක වන පරිදි ජතික අවම වේතනය සම්බන්ධයෙන් 2021 අගෝස්තු 20 වන දින ගැසට් පත්රයේ පළ කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතීඥ ප්රභාත් චන්ද්රකීර්ති පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ මෙම ජාතික අවම වේතනයට 2005 හා 2016 අයවැය සහන දීමනා ද ඇතුළත් කර වැටුප ගණනය…
චීනයේ ශ්රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා 2021 අගෝස්තු 23-25 දිනවල චොංකිං හිදී පැවති ස්මාර්ට් චයිනා එක්ස්පෝ ප්රදර්ශනයේ දී ඩිජිටල් ආර්ථික කර්මාන්තය පිළිබඳ චීන-ෂැංහයි සහයෝගිතා සංවිධාන සමුළුව සඳහා සහභාගී විය. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) රටවල් අතර නවෝත්පාදන සහයෝගීතාව සඳහා වේදිකාවක් සැපයීම පිණිස SCO ලේකම් කාර්යාලය සමඟ එක්ව චොංකිං හි නාගරික රජය විසින් මෙම සංසදය සංවිධානය…
ශ්රී ලාංකේය ඉතිහාසයේ ප්රථම වරට “ලක්සල” අළෙවි ප්රදර්ශනාගාරයක් ඇමරිකා එක්සත් ජනපදයේ විවෘත කිරීම සඳහා වූ ව්යාපාරික ගිවිසුම අත්සන් තබයි. මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද මාධ්ය නිවේදනය පහතින් දැක්වේ. අතිගරු ජනාධිපතිතුමාගේ “රට හදන සෞභාග්යයේ දැක්ම” ප්රතිපත්ති ප්රකාශයේ සඳහන් “ජනතා කේන්ද්රීය ආර්ථිකයක්” ගොඩනැගීමේ සංකල්පයට ශක්තිය සපයමින් දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ සාම්ප්රදායික නිෂ්පාදන සඳහා දේශීය මෙන්ම විදේශීය…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය අද (26) දින වාර්තා විය. ඒ අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,920.71 ක් ලෙසින් සටහන් වීමත් සමඟිනි. මීට පෙර 2021 ජනවාරි 27 දින සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය වාර්තා වූ අතර එදින එය දැක්වුණේ ඒකක 8,812.01 ක් ලෙසයි….
විදෙස් ගත වීමට අපේක්ෂා කරණ සාමාන්ය ජනතාව සඳහා කොවිඩ් -19 එන්නත් ලබාගත්බවට සහතිකයක් මාර්ගගතව online ලබාගැනීමට අගෝස්තු 25 දින සිට පහසුකම් සැලසෙනබව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්රකාශකරයි. සෞඛ්ය අමාත්යාංශය සහ ලෝක සෞඛ්ය සංවිධානය සමඟ සහයෝගයෙන් මෙය ක්රියාත්මක කෙරේ. මෙම එන්නත් සහතිකයේ විද්යුත් පිටපතක් ලබා ගැනීම සඳහා https://covid-19.health.gov.lk/certificate/ අන්තර්ජාල ද්වාරය වෙත පිවිසිය යුතුවේ. මාර්ගගත ද්වාරය…
2021 අගෝස්තු 24 දින සිට බලපැවැත්වෙන පරිදි සියලුම විදේශ මුදල් තැන්පතු සඳහා බැංකු විසින් ලබා දිය හැකි උපරිම පොළී අනුපාතිකය 5% ක් බව ශ්රී ලංකා මහ බැංකුව විසින් සියලු වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත නියෝග කර ඇත. මෙම නව නීතිය සියලුම නව විදේශ මුදල් තැන්පතු, දැනට පවතින විදේශ මුදල් ඉතුරුම් තැන්පතු සහ විදේශ…
නෙදර්ලන්ත තානාපතිවරිය හමුවූ විදේශ අමාත්යවරයා නෙදර්ලන්තය සමඟ ශ්රී ලංකාවේ පවතින දිගු කාලීන සබඳතා අවධාරණය කරයි ශ්රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොන්ග්රිජ්ප් මහත්මිය අගෝස්තු 25 වැනි බදාදා කොළඹ විදේශ අමාත්යාංශයේ දී විදේශ අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවූවාය. මෙම සුහද හමුව ආරම්භයේ දීම තානාපති ගොන්ග්රිජ්ප් මහත්මිය විදේශ අමාත්ය පීරිස් මහතා ට සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමුවාය….
John Keells Properties සමාගම ඉදිකර ඇති සුවිශේෂී ව්යාපෘතියක් වන Cinnamon Life ව්යාපෘතියේ නේවාසික කුලුන වන ‘The Suites’ සහ සහ කාර්යාලයීය කුලුන වන ‘The Offices’ හි ඉදිකිරීම් මේ වනවිට අවසන් වී ඇත. ඒ අනුව, සුඛෝපභෝගී නිවාස ඒකක 196 කින් සමන්විත එම නේවාසික කුලුන සහ මහල් 30 කින් යුත් කාර්යාලයීය කුලුන, ඉදිකිරීම් කටයුතු සිදුකරන HKN සමාගමේ (Hyundai,…
කොළඹ සිට මාලේ දක්වා ගුවන් ගමන් යළිත් සැප්තැම්බර් 01 වනදා සිට ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කර ඇත. මෙහිදී, ඩුබායි සිට මාලේ දක්වා දිනපතා ක්රියාත්මක වන EK652 ගුවන් සේවය කොළඹ දක්වා දීර්ග කරන බවත් ආපසු යන EK653 ගුවන් සේවය කොළඹ සිට මාලේ හරහා ඩුබායි දක්වා ක්රියාත්මක කරන බවත් සමාගම සඳහන් කරයි. මේ අනුව,…
ශ්රී ලංකාවේ බලපත්රලාභී විශේෂිත බැංකුවක් වන සණස සංවර්ධන බැංකුවේ කොටස් හිමිකාරීත්වයෙන් 15%ක ප්රමාණයත් අත්පත් කරගැනීමට මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී කටයුතු කර තිබේ. LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී මෙම කොටස් අත්පත් කරගැනීම සිදුකර ඇත්තේ පසුගිය දා සණස සංවර්ධන බැංකුව විසින් දියත් කරන ලද ද්විතීයික මහජන කොටස් නිකුතුවට දායකත්වය ලබාදීම හරහා යි. LOLC සමූහයේ…
Video Story