විදේශ විනිමය ගෙවීම් සඳහා විද්යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතය ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිතා කරමින් ශ්රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් සීමා කිරීමක්/ තහනම් කිරීමක් සිදු කර ඇති බවට පණිවුඩ පැතිරයාම පිළිබඳව ශ්රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. විද්යුත්…
2020 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 2021 වසරේ ජූනි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්රේෂණ පහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2021 වසරේ ජූනි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්රේෂණ වාර්ෂික ලක්ෂ්යමය පදනම මත ඒක්සත් ජනපද ඩොලර් මිලියන 478 ක් දක්වා සියයට 16.4කින් පහළ ගොස් ඇත. කෙසේවෙතත් වසරේ මුල් භාගයේ දී…
රු. 202 ඩොලරයට ක්රෙඩිට් කාඩ් පතින් රු. 220 ක් ගෙවන්න වෙන හේතුව මෙන්න. ශ්රී ලංකාව මේ වන විට දැඩි විදේශ විනිමය අර්බුදයක සිටින බව රහසක් නොවේ. මේ හේතුවෙන් ඒක්සත් ජනපද ඩොලරයට පමණක් නොව අනෙකුත් විදේශ විනිමය හමුවේ පවා ශ්රී ලංකා රුපියල සීඝ්රයෙන් අවප්රමාණය වෙමින් පවතින බව අප සියලු දෙනා දන්නා කරුණකි. පවතින තත්ත්වය මත ඇමරිකානු…
ගෝලීය වශයෙන් පිළිගත් විවේක ගමනාන්තයක් ලෙස ශ්රී ලංකාව, වැඩි දියුණු කළ කලාපීය සහයෝගීතාව තුළින් කලාපීය හා දේශීය සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා පෙරමුණ ගනී සංචාරක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ශ්රී ලංකා විදේශ අමාත්යාංශය, ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය සමඟ එක්ව, 2021 අගෝස්තු 17 වෙනිදා ආසියාවේ අන්තර් ක්රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර (CICA) පිළිබඳ සමුළුවේ සාමාජික රටවල්…
නෝර්වේ, තුර්කිය සහ ඉතාලිය යන රටවල තානාපතිවරියෝ ඊයේ (19) මුදල් අමාත්යාංශයේ දී මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූහ. අන්යෝන්ය සුහදතාව තහවුරු කර ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගනිමින් ඉදිරියේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මෙහි දී වැඩි අවධානයක් යොමු විය. මෙරට ක්රියාත්මක පුනර්ජනනීය බලශක්ති වැඩසටහන සඳහා පූර්ණ සහය පළ කරන බව නෝවේජියානු තානාපතිනී Trine Jøranli…
වාණිජ බැංකු විසින් පුද්ගලික පරිහරණය සඳහා නිකුත් කර තිබෙන ක්රෙඩිට් කාඩ්පත් ව්යාපාරික අරමුණ සඳහා භාවිත කිරීමට නොහැකි බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි. අද (19) පැවති මාධ්ය හමුවක දී මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ශ්රී ලංකා මහ බැංකුවේ නියෝජ්ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප්රනාන්දු මහත්මිය මේ බව සඳහන් කළාය. “මේක මේ දවස් කිහිපයේම…
2020 වසර තුළ දී පසුබෑමකට ලක් වූ ශ්රී ලංකා ආර්ථිකය රාජ්ය මූල්ය සහ මුදල් උත්තේජක ක්රියාමාර්ගවල සහායෙන් ක්රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ සමබන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්රකාශයට පත් කරන ලද දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු අනුව,…
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අගෝස්තු මස 18 වැනි දින පැවති රැස්වීමේදී ශ්රී ලංකා මහ බැංකුවේ නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 දක්වා ඉහළ නැංවීමට තීරණය කළේය. මීට අමතරව, බලපත්රලාභී වාණිජ බැංකු වෙතැති සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා…
දශක ගණනාවක කාල පරාසය තුළ කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) ගනුදෙනු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ අර්ථාන්විත වෙනසක් ලෙස “ගෙවීමට එරෙහිව පැවරීමේ පදනම” (DVP) දියත් කිරීම දැක්විය හැකිය. 2021 අගෝස්තු 16 වන දින නියමිත පරිදි කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් ගෙවීමට එරෙහිව පැවරීමේ (DVP) සමථ කිරීමේ යාන්ත්රණය ක්රියාත්මක කරන ලදී. තැරැව්කරුවන්ගේ ගනුදෙනු පද්ධති සම්බන්ධව මාස 7…
2015 වර්ෂයේ අයවැය යෝජනාවක් අනුව ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලියාපදිංචි කර ඇති ශ්රී ලාංකිකයින්ට අයත් සිංහ ලාංඡනය සහිත සුපිරිසිදු සිලෝන් තේ සන්නාම ප්රවර්ධනය කිරීම සඳහා ප්රවර්ධන වියදමින් 50%ක ගැලපුම් ප්රදානයක් ලබා දීමේ ප්රවර්ධන වැඩසටහනක් ක්රියාත්මක කර ඇත. එම වැඩසටහන යටතේ 2015/2016 කාලසීමාව තුළ සමාගම් 20ක් සහ 2018/2019 කාලසීමාව තුළ සමාගම් 18ක් ප්රතිලාභ ලබා ඇත. වඩාත්…
Video Story